Author: LANKA24X7

රට තුළ පවතින ඖෂධ හිඟය තවදුරටත් පැවතියහොත් වළක්වාගත හැකි මරණ සංඛ්‍යාව ඉහළ යාහැකි බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ ඇස්ප්‍රින් ඖෂධය පවා නොමැතිවීම හේතුවෙන් බෝ නොවන රෝගීන්ගේ ජීවිතවලට දැඩි අවදානමක් මතුවී ඇති බවය. “ඇස්ප්‍රින් ඖෂධය දැන් මාස 4ක සිට නැහැ. රුධිරය කැටිගැසීම අඩු කරන්න තමයි අපි මේ ඖෂධය භාවිත කරන්නේ. හෘද රෝගීන්ට, අංශභාගය සහිත රෝගීන්ට, දියවැඩියාව වැනි රෝගීන්ට මෙම ඖෂධය භාවිත කරනවා. ඇස්ප්‍රින් නැතිවුණාට පස්සේ මෙවැනි රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්වෙලා… විශේෂයෙන්ම බෝ නොවන රෝගීන්.” “ඒ වගේම වකුගඩු රෝගයට මාසිකව භාවිත කරන ඖෂධයකුත් මාස ගාණක් තිස්සේ සමහර තැන්වල නැහැ.” “අත්‍යවශ්‍ය…

Read More

උතුරු , උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනය වීමක් අද (17) දිනයේ සිට අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

Read More

හෝමාගම පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර තුළ රැඳීසිටින උපාධි අපේක්ෂකයින්ට අද (16) සවස 4ට පෙර ඉන් ඉවත් වන්නැයි විශ්වවිද්‍යාල පාලනාධිකාරිය දන්වයි. එසේම එම විශ්වවිද්‍යාලය දෙසැම්බර් 19 වනදා සිට නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට තීරණය කර ඇති බවද නිවේදනය කර තිබේ.

Read More

ඇල්ල සංචාරක කලාපය සුවිසල් සැලැස්මක් යටතේ සංවර්ධනය කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. සංචාරක අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ පරිසර අමාත්‍යාංශය එක්ව මාස 4ක් තුළ අදාළ සංවර්ධන සැලැස්ම සකස් කර තමා වෙත භාරදෙන ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම්දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇල්ල ව්‍යාපාරිකයින්ගේ සංගමය සමග අද (16) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී මෙම උපදෙස් දී තිබේ. සංචාරක ආකර්ෂණය ලක්වී ඇති ඇල්ල සංචාරක කලාපය විධිමත්ව හා නිසි සැලැස්මකට අනුව සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව පෙන්වාදුන් ජනාධිපතිවරයා, සංචාරක ආකර්ෂණයට බාධා නොවන ලෙස සෞන්දර්යාත්මක පරිසරය ආරක්ෂා කරගනිමින් එහි ඉදිකිරීම් කටයුතු සිදුකිරිමේ වැදගත්කම ද පැහැදිලි…

Read More

විස මත්ද්‍රව්‍ය අඥා පනත සංශෝධනය කිරීමත් සමග අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක් ළඟ තබාගත් කෙනෙකුට මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම නියම කිරීමට හැකි වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි. විස මත්ද්‍රව්‍ය අඥා පනත සංශෝධනය කිරීමට පෙර තහනමට ලක් කර තිබුණේ මත්ද්‍රව්‍ය වර්ග 4ක් බවත් මේ වන විට මත්ද්‍රව්‍ය වර්ග 178ක් ඒ යටතේ උපලේඛන ගත කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන් සඳහා අද (16) පැවති වැඩසටහනක දීය. මේ වන විට පාසල් පද්ධතියට මත්ද්‍රව්‍ය දැඩිව බලපැම් ඇති කරන බැවින් එය වළක්වාගැනීම සඳහා ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට විශේෂ පුහුණු වැඩසටහනක්…

Read More

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට පොදු සමාව දී නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 03 ක් පෙබරවාරි මස 07 වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (16) දින නියම කළේය. මෙම පෙත්සම් ප්‍රීති පද්මන් සූරසේන, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී සියලු පාර්ශව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය මෙම පෙත්සම් පෙබරවාරි මස 07 වනදා විභාගයට ගැනීමට දින නියම කළේය. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ වන සුමනා…

Read More

යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත වැලිකඩ පොලිස් දූෂණ මර්ධන ඒකකය සමඟ අද දින අළුයම (16) අංගොඩ ප්‍රදේශයේදි සිදු කළ වැටලීමකදි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 800ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බවට වාර්තාවේ. ඉදිරි පරීක්ෂණ කටයුතු වැලිකඩ පොලිස් දූෂණ මර්ධන ඒකකය විසින් සිදු කරනු ලබයි.

Read More

පළාත් පාලන ඡන්ද විමසීම පවත්වන ලෙස මැතිවරණ කොමිසම වෙත රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් විසින් ගොනුකර තිබෙන පෙත්සම් දෙකක් සලකා බැලීම සඳහා ජනවාරි මස 18 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. එම පෙත්සම් අද (16) ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදුනි.

Read More

කිලෝ 200කට අධික අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් තොගයක් සමග ධීවර යාත්‍රා 2ක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබේ. දකුණු මුහුදු තීරයේදී මෙම යාත්‍රා 2 නාවික හමුදා භාරයට ගෙන ඇති බවට වැඩිදුර තොරතුරු වාර්තා වෙයි. මෙහිදී අදාළ යාත්‍රා දෙකෙහි සිටි සැකකරුවන් පිරිසක් ද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින තළිණි ප්‍රියමාලි දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබේ.

Read More