Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
අද (25) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම උතුරු පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවත්, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවත් එම නිවේදනයේ සඳහන්. තවද, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, මොණරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
අද (25) උදෑසන කාර්යාල දුම්රිය 04ක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දුම්රිය එන්ජින් රියැදුරන්ගේ වැඩ වර්ජනය මෙයට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.
අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල සහ විකුණුම් මිල සම්බන්ධයෙන් නවතම දත්ත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව ගැණුම් මිල අද (24) දිනට සටහන්වී ඇත්තේ රුපියල් 321.10ක් ලෙසය. එහි විකුණුම් මිල සටහන්වී ඇත්තේ රුපියල් 334.55ක් ලෙසය.
පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මහනගර සභා හා පළාත් පාලන ආයතන සංශෝධිත පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝනය වන බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. ඒ අනුව අදාළ පනත් කෙටුම්පත සම්මත කරන්නේ නම්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් අනුමත වී එය ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දැනුම් දී ඇත. අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධානවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර තිබුණු පෙත්සම් 27ක් අද (24) යළි විභාගය සඳහා කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙම දැනුම්…
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභා දේශපාලන මණ්ඩල සභික සහ චොන්ග්කින්ග් නාගරික කමිටුවේ ලේකම් යුවාන් ජියාජුන් මහතා ඇතුළු චීන නියෝජිත පිරිසක් පසුගියදා (22) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබේ. ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා යුවාන් ජියාජුන් මහතා ප්‍රමුඛ චීන නියෝජිත පිරිස දැනුවත් කර තිබෙන අතර, රට තුළ පවතින නව වෙළෙඳ සහ ආයෝජන අවස්ථා පිළිබඳවද පැහැදිලි කර ඇත. එසේම මෙම කටයුතුවලදී කලාපීය සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ වැදගත්කම පිළිබඳවද සාකච්ඡාවට ලක් වී ඇත. ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණ වැඩසටහනෙහි ප්‍රගතිය මෙන්ම රජය ක්‍රියාවට නංවා ඇති ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ පිළිබඳවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අදහස් දැක්වූ බව වාර්තා වෙයි.…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් ගවර්ස් කෝපරේට් සමාගමේ රුපියල් මිලියන 30ක මුදලක් ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනාකොට හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ නඩුව යළි සැප්තැම්බර් මස 13 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. මෙම නඩුව අද (24) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විමසීම අවසන් වී තිබෙන අතර, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වන වගන්තිය යටතේ විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලීමක් කිරීමට සූදානම් වන බව මීට පෙර විත්තියේ නීතිඥවරුන් විසින් දැනුම් දී තිබිණි.…
නියමිත පරිදි පසුගිය මාර්තු මස 09 වනදා පළාත් පාලන ඡන්දය විමසීම නොපැවැත්වීමෙන් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම මේ මස 26 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ. අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණේ ජාතික ජන බලවේගය සහ පැෆ්රල් සංවිධානය විසිනි. මෙම පෙත්සම් අද (24) බුවනෙක අලුවිහාරේ මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතව තිබුණි. එහෙත් එම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරයෙකු වන ප්‍රියන්ත ජයවර්ධන මහතා වෙනත් නඩු විභාගයකට සහභාගි වීම හේතුවෙන් මෙම පෙත්සම් සලකා බැලීම මෙලෙස කල් තැබීමට අධිකරණය නියම…
රුපියල් 35ක මිලක් යටතේ සතොස හරහා ආනයනික බිත්තර අලෙවි කිරීමට සැලසුම් කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉදිරි සතිය තුළ අදාළ බිත්තර සතොස හරහා අලෙවි කිරීමට බලාපොරොත්තු වන බවයි. ආනයනික බිත්තර මෙතෙක් වෙළෙඳපොළේ අලෙවි කිරීමක් සිදුනොවූ අතර බිත්තර මිලෙහි ඉහළ යාම සැලකිල්ලට ගනිමින් ඒවා පාරිභෝගිකයින්ට ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව සතොස සහ සුපිරි වෙළෙඳසැල් සඳහා ආනයනික බිත්තර නිකුත් කිරීමට මේ වන විට තීරණය කර ඇති බව වාර්තා වනවා. දෛනිකව බිත්තර ලක්ෂයක පමණ ප්‍රමාණයක් එලෙස වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සඳහන් කළා.
පොලීසිය විසින්, තායි කාන්තාවන් යොදා ගනිමින් කොළඹ – කොල්ලුපිටියේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලීමට පියවර ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ, පුද්ගලයන් දෙදෙනෙක් සහ තායි කාන්තාවන් හතර දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගත බවයි. සැකකරුවන් වයස අවුරුදු 37 සහ 45 යන වයස්වල පසුවන කොළඹ 02 සහ පයාගල යන ප්‍රදේශවල පසුවන්නන්. සැකකාරියන් 04 දෙනා වයස අවුරුදු 37ත් 40ත් අතර වයස්වල පසුවන්නන් බවයි පොලිසිය කියා සිටියේ. සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් තිබෙනවා.
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ධීවර ගැටලුව කඩිනමින් අවසන් කිරීමට අවධානය යොමුව ඇතැයි විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසනවා. ඉන්දීය නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට මෙරට සංචාරයක් සඳහා ආරාධනය කරන බවයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ධීවර ගැටලුව සම්බන්ධයෙන් මානුෂීය දැක්මක් තමයි ඉල්ලා සිටියේ. ඒ සම්බන්ධයෙන් ඔබේ මතය ? එහිදී අපි මූලික වශයෙන් කරුණු 2ක් සංවාදයට ලක් කළා. එම කරුණු සියල්ලට අපි එකඟත්වය පළ කළා. ඒ වගේම අපි එකට එක්ව කතාබහ කළා සිදුනොවියයුතු දේ සම්බන්ධයෙන්. ඒ වගේම අපි දෙවනුව අපි අවධානයට යොමු කළේ දැවැන්ත ගැටලුවක්ව පවතින ගැඹුරු මුහුදේ දැල් එලා මසුන් මැරීම. එමගින් මුහුදු…