Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මේ වන විට රට තුළ පිළිකා රෝගීන් වාර්තා වීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව ජාතික පිළිකා මර්දන වැඩසටහටන පවසයි. එහි අධ්‍යක්ෂ ප්‍රජා දන්ත විශේෂඥ ඉෂානී ප්‍රනාන්දු මහත්මිය පවසන්නේ, ශ්‍රී ලංකාවේ දෙවැනියට වැඩියෙන් මරණ සිදුවන්නේ පිළිකා රෝගයෙන් බවය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය ඉෂානී ප්‍රනාන්දු මහත්මිය එම අදහස් පළ කළාය. “ලංකාවේ පිළිකාව තමා දෙවැනියටම වැඩියෙන් මරණ සිදුවන රෝගය. රෙජිස්ටර් ජනරල් දෙපාර්තමේන්තුවට අනුව 2019 වර්ෂයේ 15,599ක් පුද්ගලයින් පිළිකාව නිසා මරණයට පත්වෙලා තියෙනවා. 2020 වර්ෂයේ අලුතින් 37,649ක් හඳුනාගෙන තියෙනවා. ඒ එක්කම කාලයත් එක්ක අපිට පේනවා පිළිකාවේ අති විශාල වර්ධනයක්. පිරිමින් අතර තියෙන ප්‍රධානම පිළිකාව තමා මුඛ පිළිකා. මගේ දැනුම හැටියට…
වැලිකන්ද සදුන්පිටිය ප්‍රදේශයේදී, කාන්තාවක් ඩී ඇලට වැටී දියේ ගිලී තිබෙනවා අදාළ කාන්තාව වැලිකන්ද රෝහලට ඇතුළත් කිරිමේදී මියගොස් තිබෙන බවයි වාර්තා වෙන්නේ මිය ගිය තැනැත්තියගේ වයස අවුරුදු 35ක් වන අතර ඇය සදුන්පිටිය වැලිකන්ද ප්‍රදේශයේ පදංච්කාරියක්. පොලිසිය සදහන් කළේ මෘත ශරීරය වැලිකන්ද රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි. වැලිකන්ද පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
අස්වැසුම ක්‍රියාත්මක කිරීමේදී පැනනැගී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණි. වැඩිහිටි, ආබාධිත, වකුගඩු යන නිර්ණායකයන් සඳහා ඒ ආකාරයෙන්ම ගෙවීම් ක්‍රියාත්මක කිරීමට සහ මතුව ඇති අනිකුත් ගැටලු වහා නිරාකරණය කිරීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝවශයෙන් සාකච්ඡා කර ඇති බව වාර්තා වෙයි. රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, අශෝක ප්‍රියන්ත, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන ලේකම් රංජිත් අශෝක, අස්වැසුම සභාපති බී. විජේරත්න ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
AI නැතිනම් කෘත්‍රීම බුද්ධිය ලෝකයේ ඉදිරි අනාගතය තීරණය කරනු ඇති බව කල්තියාම දැන සිටි අයෙකු තමයි මයික්‍රසොෆ්ට් සම නිර්මාතෘ, ප්‍රකෝටිපති බිල් ගේට්ස් ය. මේ හේතුවෙන් කෘත්‍රීම බුද්ධි සංවර්ධනය සඳහා මයික්‍රසොෆ්ට් සමාගම දැවැන්ත ආයෝජන සිදුකළ අතර ඇල්ෆබට් නැත්නම් ගූගල් සමාගමත් ඒ මඟ යමින් කෘත්‍රිම බුද්ධිය තම පරිගණක තාක්ෂණ මෙවලම් සහ යෙදවුම් සඳහා භාවිත කළ හැකි ආකාරය සොයා බැලුවේය. එම ආයෝජනවල ප්‍රතිඵල දැන් සිටම පෙන්නුම් කරන අතර, මේ නිසා මයික්‍රසොෆ්ට් සහ ගූගල් සමාගම්වල වටිනාකම කැපී පෙනෙන ලෙස ඉහළ ලෙස තිබේ. කෘත්‍රිම බුද්ධියේ අගය වටහාගත් බිල් ගේට්ස් අමෙරිකාවේ සැන් ඩියේගෝහි පැවති තාක්ෂණ සමුළුවක් අමතමින් එහි හැකියාවන් පිළිබඳ අපූරු කතාවක් සිදුකළේය. ඔහු එහිදී සඳහන්…
ආනයනික පොල්තෙල් ලීටරයක් සඳහා රුපියල් 25ක බද්දක් පැනවීමට රජය ගෙන ඇති තීරණය වහා හකුළා ගන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා. එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසන්නේ මෙම තීරණය හේතුවෙන් පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් ලබන අමෙරිකානු ඩොලර් මිලියන 700ක ආදායම රටට අහිමි වීමේ අවදානමක් පවතින බවයි. ආනයනික පොල්තෙල් සඳහා ලීටරයකට රුපියල් 25ක බද්දක් පැනවීමට රජය තීරණය කළා. ඒ, දේශීය පොල්තෙල් නිෂ්පාදකයින් ආරක්ෂා කිරීමේ අරමුණින් බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ. කෙසේ වුවත් මෙම බදු පැනවීම මගින් පාරිභෝගික ජනතාවට කිසිදු සහනයක් නොලැබෙන බවයි පාරිභෝගික අයීතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරන්නේ. මේ අතර පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් ලබන…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) 2023 සහ 2024 දී ගෝලීය වර්ධනය 3% දක්වා පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරනවා. ඒ අනුව ගෝලීය මූලික උද්ධමනය 2024 දී 8.7% – 5.2%ක් දක්වා පහත වැටෙනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරන බවයි වාර්තා වී ඇත්තේ.
උඩරට වතුකරය ආශ්‍රිත ප්‍රදේශවල මත්වතුර අළෙවිය සීඝ්‍ර ලෙස පහළ ගොස් ඇති බව වාර්තා වෙනවා. උඩරට මත්පැන්හල් හිමිකරුවෝ පවසන්නේ රජය විසින් අවසන් වරට මත්පැන් වර්ගවල මිල වැඩි කිරීමත් සමග පෙර පැවැති අළෙවියට සාපේක්ෂව මේ වනවිට අළෙවිය සියයට හැත්තෑවක පමණ ප්‍රමාණය දක්වා පහළ ගොස් ඇති බවයි. මිල වැඩි කිරීමට පෙර දිනකට ලක්ෂ හතක පමණ මට්ටමේ පැවැති තම මත්පැන්හලේ දෛනික අළෙවිය මේ වනවිට ලක්ෂ දෙකක පමණ මට්ටමට පහත බැස ඇති අතර විදුලි බිල හා සේවක වැටුප් ගෙවීමෙන් පසු ලාභයක් ඉතිරි නොවන තත්ත්වයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ. මත්පැන් වර්ගවල අළෙවිය අඩුවීමට ප්‍රධානතම හේතුව කෙටි කාලයක් තුළ අවස්ථා රැසකදී විශාල ලෙස මිල ගණන් ඉහළයාම…
අද (26) දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වෙනවා. එමෙන්ම, දිවයින පුරා සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් සාමාන්‍ය කාලගුණයක් පවතිනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳනන්. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, මොනරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40ක පමණ තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකියි.
හන්තාන අධි සංවේදී පරිසර කලාපයේ ඉඩම් කැබලි 20ක් කොටස් කිරිමට ගෙන තිබු තීරණය නතර කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ විසින් නියෝග කර තිබෙනවා. ආණ්ඩුකාරවරයා මෙම නියෝගය නිකුත් කළේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති මධ්‍යම පළාත් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී, හන්තාන වත්ත පහල එක්සත් සුබ සාධක සංගමය විසින් ඉදිරිපත් කොට තිබූ ලිපියක් සලකා බැලීමෙන් අනතුරුවයි එම නියෝගය නිකුත් කර ඇත්තේ. ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සදහන් කළේ, ඉඩම් කට්ටි කිරීම පිළිබඳව තවදුරටත් විමර්ශනය කළ යුතු බවයි. මහනුවර නගරය 1993දී උග්‍ර පානීය ජල හිඟයකට මුහුණ දීමට සිදු වූ බවත් ඊට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ කන්ද උඩරට පරිසර හානිය බවත් ඔහු පවසනවා. මෙම…
අද මධ්‍යම රාත්‍රියේ සිට බිත්තර සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය අද රාත්‍රියේදී නිකුත් කෙරුනු ඇති. පසුගිය අප්‍රේල් මස 29 වනදා සුදු බිත්තරයක් සඳහා රුපියල් 44 ක් සහ රතු බිත්තරයක් සඳහා රුපියල් 46 ක් ලෙස උපරිම සිල්ලර මිලක් පනවා තිබුණා. මේ අතර අද සිට සතොස ආයතනය මගින් ආනයනික බිත්තර රුපියල් 35 ක මුදලකට මිලදී ගැනීමට හැකියාව පවතින බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළා. ඒ අනුව එහි මූලික අදියර ලෙස බස්නාහිර පළාත තුළ පවතින තම අලෙවිසැල් 144 ක් තුළින් මෙම මිලට බිත්තර ලබාගත හැකි බවයි ලංකා සතොස නිවේදනය කළේ.…