Author: LANKA24X7

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා වන තරඟ විභාගය කඩිනමින් පවත්වා නවක ගුරුවරුන් 26000ක් පාසල්වලට අනුයුක්ත කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. එම පිරිසට ලබන මාර්තු මස 24 වැනි දිනට පෙර පත්වීම් ලබදෙන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා කීය. මීට අමතරව ශික්ෂණ විද්‍යා පීඨවලින් සමත්ව සිටින තවත් 6000කට පත්වීම් ලබාදෙන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා කීවේය

Read More

බදු ගෙවන ජනතාව අගය කිරීම හා දැනුවත්කිරීම සඳහා රටපුරා දිස්ත්‍රික්ක මට්ටමින් වැඩසටහන් මාලාවක් සංවිධානය කරන බව මුදල් රජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. එම වැඩසටහන් මාලාවේ පළමු වැන්න මෙ මස 23 වැනි දින කොළඹදී ආරම්භ කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීය. එහි දී බදු ගෙවන්නන් සමග සංවාදශීලි සාකච්ඡාවක් පවත්වා ඔවුන්ගේ අදහස් ලබාගෙන සංවාදයක නිරතවන බව ද රංජිත් සියඹලාපිටිය මහතා කීය.

Read More

ඇමෙරිකානු සංචාරකයන් 108 දෙනෙකු රැගත් ‘ඕෂන් ඔඩිසි’ නැමැති අධික සුඛෝපභෝගි නෞකාව ඊයේ (18) පස්වරුවේ කොළඹ වරායට සේන්දු විය. ඉන්දියාවේ කොචින් වරායේ සිට කොළඹ වරායට ළගාවූ මෙම නෞකාව අද (19) ත්‍රිකුණාමලය වරායට යාත්‍රා කිරීමට නියමිත අතර අමෙරිකානු ධජය සහිත මෙම නෞකාව දිගින් මීටර් 105 හා පළලින් මීටර් 18.5 ක් වේ. මෙම නෞකාවේ පැමිණි සංචාරකයින් කොළඹ වරායේ බැස දින දෙකහමාරක් පමණ කොළඹ, කුරුණෑගල, හබරණ, සීගිරිය සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල සංචාරය කර ත්‍රිකුණාමලය වරායෙන් මේ මස 21 වැනිදා පිටත්වීමට නියමිතය.

Read More

බිත්තරයක මිල රුපියල් 55 සිට රුපියල් 65 දක්වා ඉහළ ගොස් ඇති බවත් බොහෝ ප්‍රදේශවල බිත්තරයක මිල රුපියල් 60 ඉක්මවා ඇති බවත් ජනතාව පවසති. බිත්තර සඳහා පැවැති පාලන මිල ඉවත් කිරීමත් සමඟ මිල ඉහළ දැමීමට බිත්තර නිෂ්පාදකයන් කටයුතු කර ඇති බවත් මෙය පාලන කිරීමට රජය වාහාම මැදිහත් විය යුතු බවත් ජනතාව කියති.

Read More

උතුරු කොරියාව විසින් බැලැස්ටික් මිසයිල දියත් කිරීමක් සිදුකර තිබේ. දකුණු කොරියාව පවසන්නේ බැලැස්ටික් මිසයිල දෙකක් මෙලෙස උතුරු කොරියාව විසින් දියත් කර ඇති අතර ඒවා නැගෙනහිර මුහුදට පතිත වි ඇති බවය. අදාළ මිසයිල කිලෝමීටර් 500ක් පමණ දුරක් ගමන් කර ඇති බවට ජපාන ආරක්ෂක අමාත්‍යාංශය ද තහවුරු කර තිබේ. උතුරු කොරියාවේ මෙම ක්‍රියාකලාපය සිය රටේ මෙන්ම කලාපීය ආරක්ෂාවට ද තර්ජනයක් බව ජපාන ආරක්ෂක බලධාරීන් පෙන්වාදෙයි.

Read More

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිව්වන වසරේ සිසුන් සිව්දෙනෙකු සිදුකළ පහරදීමකින් පළමුවන වසරේ සිසුවෙකු රෝහල් ගත කර තිබේ. සිද්ධියට සම්බන්ධ සිසුන් සිව්දෙනා බීමතින් පැමිණ අදාළ පළමුවන වසරේ සිසුවාට පහරදීමක් සිදුකර ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය පාලනාධිකාරිය සඳහන් කළේය. පහරකෑමෙන් තුවාල ලැබු සිසුවා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇති අතර පහරදුන් සිසුන් මේ වන විට හඳුනාගෙන ඇති බව සඳහන්ය. එම සිසුන්ට එරෙහිව විශ්වවිද්‍යාල මට්ටමේ පරීක්ෂණයක් පවත්වා දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව විශ්වවිද්‍යාලයීය පාලනාධිකාරිය පැවසීය.

Read More

පාන් පිටි මිල අඩු කිරීමට සමගාමීව ආපනශාලාවල කෙටි ආහාර සහ කොත්තු රොටිවල මිල ගණන් රුපියල් 10 කින් අඩු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය (18) ප්‍රකාශ කළේය. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා, “පාන්පිටි මිල අඩුවුණා අඩුවීමේ වාසිය අපි ආපනශාලාවල කොත්තු මිල රුපියල් 10ක් එළවළු රොටියේ මිල රුපියල් 10ක්, රෝල්ස් ඒකේ මිල රුපියල් 10ක්, පරාටය, බිත්තර රොටිය රුපියල් 10කින් අඩුකරනවා. මොකද 450ට පිටි තියෙනකොට කොත්තුව ගියා රුපියල් 700.00යට. දැන් පාන්පිට මිල 250 වෙනෙකොට වහාම ඒ මිල ගණන් අඩුවෙන්න ඕනේ. එතකොට මේ අඩුවෙන මිල ගණන් එක්ක වහාම මේ ආපනශාලාවල, බේකරිවල මිල ප්‍රදර්ශනය අනිවාර්ය කරන්න. මිල ප්‍රදර්ශනය නැති…

Read More

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට ප්‍රබල ආජන්ටිනා කණ්ඩායම සමත්විය. ඒ අනුව පසුගිය ලෝක ශූර ප්‍රංශයට එරෙහිව දඬුවම් පහර 4ක් සාර්ථක කරගැනීමට ආජන්ටිනාව සමත්වූ අතර ප්‍රංශයට සාර්ථක කරගත හැකිවූයේ දඬුවම් පහර දෙකක් පමණි. තරගය නියමිත කාලයේදී ගෝල දෙක බැගින් කණ්ඩායම් දෙකම රැස්කිරීම හේතුවෙන් ජය පරාජය තීරණය කිරීමට අතිරේක කාලයක් ලබාදුන්නේය. එහිදී ද දෙපිලම එක් ගෝලය බැගින් වාර්තා කිරීම හේතුවෙන් මෙවර ලෝක කුසලානයේ අවසන් තීරණය ගනු ලැබුවේ දඬුවම් පහර මගිනි.

Read More

දකුණු මුහුදේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් රුපියල් මිලියන 4,586කට අධික වටිනාකමකින් යුත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් කොළඹ වරායට රැගෙන විත් තිබේ. ශ්‍රී ලංකාවට දකුණෙන් දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 229ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදේ එම මත්ද්‍රව්‍ය තොගය නාවික හමුදා භාරයට ගෙන තිබුණි. ඒ ශ්‍රී ලංකා නාවික හමුදාව, රාජ්‍ය බුද්ධි සේවාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකින් අනතුරුවය. අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 128 ග්‍රෑම් 327ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 106ග්‍රෑම් 474කට අධික තොගයක් බහුදින ධීවර යාත්‍රාව තිබී සොයාගෙන ඇත. ධීවර යාත්‍රාව සමග සැකකරුවන් අට දෙනෙක් සහ එම යාත්‍රාවට ඉන්ධන ලබාදීමට…

Read More

තමන්ව පැහැර ගත් බව පවසමින් සැමියා හා දරුවන් රවටා රුපියල් ලක්ෂ 35ක මුදලක් ලබාගැනීමට වෙනත් නිවසක සැඟව සිටි කාන්තාවක් විශේෂ විමර්ශනයකින් පසු ආණමඩුව පොලීසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, ආණමඩුව නගරයේ පදිංචි තිදරු මවකි. අදාළ කාන්තාවගේ සැමියා විශ්‍රාමික යුද හමුදා නිලධාරියකු වන අතර ඔහු යුද හමුදාවෙන් විශ්‍රාම යාමේන් පසු කොන්ත්‍රාත්කරුවකු ලෙස කටයුතු කර ඇති බවත් මේ වන විට කොන්ත්‍රාත්වලින් පාඩු ලබා නිවසට ව සිටින බවද පොලිස් පරික්ෂණවලදී හෙළිව තිබේ. අදාළ කාන්තාව පසුගිය 15 දින ආණමඩුවේ නිවසින් දියණිය පදිංචි වාරියපොළ හංහමුණ නවගත්තම ප්‍රදේශයට ගොස් ඇති බවත් එදින ආණමඩුව නගරයට පැමිණෙන බවට සැමියාට දුරකථන ඇමතුමක් ලබා දී පවසා ඇති බවත්…

Read More