Author: LANKA24X7

G20 රාජ්‍ය නායක සමුළුවේදී ඉන්දියාවේ සභාපතිත්වයේ සාර්ථකත්වය වෙනුවෙන් දායකත්වය ලබාදෙන බව ඉතාලිය පවසයි. දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වන සංවත්සරය මෙම වසරේදී සැමරීමට ද නියමිතය. ඒ අනුව ඉන්දියාවේ ඉතාලි තානාපතිවරයා පවසා ඇත්තේ, ඒ වෙනුවෙන් වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සුභවාදී ආකල්ප මෙවර G20 සමුළුවේ සභාපතිත්වය ලබාගැනීම සඳහා ඉන්දියාවට මාර්ගය සැකසූ බවද ඉන්දියාවේ ඉතාලි තානාපතිවරයා පවසා තිබේ. එමෙන්ම කොරෝනා වසංගතය මධ්‍යයේ රෝමයේ පැවැති G20 සමුළුව සාර්ථක කරගැනීම සඳහා ඉන්දියාව දැක්වූ දායකත්වය ද මෙහිදී ඇගයීමට ලක්වී තිබේ.

Read More

චීන සංචාරකයින් සඳහා වසර තුනකට පසු චීනය විසින් නැවතත් ආරම්භ කර ඇති නියමු ව්‍යාපෘතියකට ශ්‍රී ලංකාවද ඇතුළත් කර තිබේ. චීන තානාපති කාර්යාලය පවසන්නේ එමගින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට උපකාර වන බවය. එසේම එය මෙරට ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්කිරීමට මහෝපකාරී වන බවද චීනය පවසයි.

Read More

ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි. මී 75ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක. සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

Read More

බිත්තර මිල සම්බන්ධයෙන් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44ක් බවත් රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46ක් බවත්ය. පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා විසින් එම ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

Read More

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ පොදු වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා අතර පැවති සාකච්ඡාවේ දී එකඟතාව පළවී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය ‍විදේශ අමාත්‍යවරයා අතර හමුව අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණි. මෙම නිල සාකච්ඡාවලට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා කොළඹ, පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවසේ දී විශේෂ සාකච්ඡාවකට ද එක්වී තිබේ. දෙරට අතර දේශපාලන, ආර්ථික සහ සමාජයීය කරුණු රැසක් පිළිබඳ මෙන්ම ආයෝජන කටයුතු සම්බන්ධයෙන් ද එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇත. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු පිළිබඳ විශේෂ අවධානයක්…

Read More

මැතිවරණයට නාමයෝජනා දුන්නේ මැතිවරණය කල් දැමීමට නොව මැතිවරණය පැවැත්වීම සදහා යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. මෙම පළාත් පාලන මැතිවරණයෙන් පසුව පළාත් සභා මැතිවරණයට පැවැත්වීමටද බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා කීය. ඉදිරි පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් ගම්පහ දිස්ත්‍රික්කයට නාමයෝජනා භාරදීමේ අවස්ථාවට එක්වෙමින් අද (20) අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ගණන 19 කි. ඒ සියල්ල සඳහාම ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේදී නාම‍ යෝජනා බාර දීම සිදුකෙරිණ.

Read More

ප්‍රවීන සිනමා නළු රන්ජන් රාමනායක සිය ඇමෙරිකානු සංචාරය නිමා කර අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා. එහිදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ රන්ජන් රාමනායක මෙසේ අදහස් දක්වා සිටියා, ” මම ඇමෙරිකාවේ ප්‍රසංග ගනනාවක් පවත්වමින් එරටේ සංචාරයක නිරත උනා. මම ඒවායෙන් උපයා ගත් මුදල් වලින් අපේ රටේ දුප්පත් දරුවන් සදහා බෙදාදීමට ලැප්ටොප් පරිගණක තොගයක් මිලට ගත්තා . මීට අමතරව එරට කෝටිපතියන් පිරිසක් ද මට තවත් ලැප්ටොප් පරිගණක තොගයක් පරිත්‍යාග කිරීමට එකග උනා. මීට අමතරව ඔවුන් මෙරට දුප්පත් දරුවන් සදහා ඇදුම් විශාල තොගයක් ද මට පරිත්‍යාග කළා. ඒවා සියල්ල කන්ටේනර් කීපයක බහා මේ වනවිට ශ්‍රී ලංකාව බලා රැගෙන එමින් තිබෙනවා. මම…

Read More

රජයේ අත්තනෝමතික බදු සංශෝධනයට සහ රටේ රෝහල් පද්ධතිය තුළ හටගෙන ඇති ඖෂධ හිඟයට එරෙහිව විරෝධය පළ කරමින් වෘත්තීය සමිති රැසක් අද දිනයේ කොළඹ දී විරෝධතාවක් සංවිධානය කර තිබේ. රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ප්‍රධානත්වයෙන් වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන කිහිපයක් ඒකාබද්ධව මෙම විරෝධතාව පැවැත්වීමට නියමිත බවය.

Read More

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් කොළඹ මහ නගර සභාවට තරගවැදීම සඳහා තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව සඳහන් කළේය.

Read More

පේරාදෙණිය දඬුවාව පුරාණ රාජමහා විහාරස්ථානයේ උඩ මළුවට පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් හිමිනමක් අපවත් වී තිබේ. පොලිස් මුලස්ථානය පැවසුවේ විහාරස්ථානයේ උඩ මළුවේ ආගමික වතාවත් සිදුකරමින් සිටින අතරවාරයේ මෙම පස් කන්ද කඩා වැටී ඇති බවය. පස් කන්දට යටවීමෙන් බරපතල තුවාල ලැබූ හිමිනම පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව අපවත් වී තිබේ. අපවත් වී ඇත්තේ 18 හැවිරිදි වියේ පසුවූ එම විහාරස්ථානයේම වැඩවාසය කළ හිමිනමකි. අනතුර සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Read More