Author: LANKA24X7

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඊයේ (30) සුළු අඩුවීමක් පෙන්නුම් කර තිබෙනවා. මේ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් සටහන් වූයේ ඩොලර් 92 යි ශත 20 ක් ලෙසයි. ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් මිල ඩොලර් 90 යි ශත 79 ක් ලෙසද සටහන් වී තිබු බවයි වාර්තා වන්නේ.

Read More

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මූලික අයිතිවාසිකමක් වන බැවින් යෝජිත අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳව තාක්ෂණික ක්ෂේත්‍රයේ මෙන්ම සිවිල් සමාජයේ ද අදහස් ලබාගැනීම ඉතා වැදගත් බව මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් පවසනවා. X පණිවුඩයක් නිකුත් කරමින් ඇය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ප්‍රතිත්‍රස්ත පනත සංශෝධනය කරන්නේ නම් එය ප්‍රජාතන්ත්‍රවාදයට සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සිදුකළ යුතු බව ශ්‍රී ලංකා රජයට අවධාරණය කරන බවයි. යෝජිත අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පතට එරෙහිව සිවිල් සමාජය තුළද මේ වනවිට දැඩි ආන්දෝලනාත්මක තත්වයක් ඇතිවී තිබෙනවා.

Read More

ප්ලාස්ටික් බීම බට, කෝප්ප, පිඟන්, පිහි, ගෑරුප්පු, හැඳි, ඉඳිආප්ප බන්දේසි, මල්මාලා ශ්‍රී ලංකාව තුළ ආනයනය කිරීම, විකිණීම සහ නොමිලේ පිරිනැමීම හෝ තනි භාවිතය, එක් වරක් ප්‍රදර්ශනය කිරීම අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබෙනවා. මධ්‍යම පරිසර අධිකාරිය පවසන්නේ ඉහත සඳහන් කාණ්ඩයේ ප්ලාස්ටික් භාණ්ඩ තහනම අද සිට නීතියට ක්‍රියාත්මක කරන බවයි.

Read More

වන සංරක්ෂණ හා වනජීවී දෙපාර්තමේන්තු අත්පත් කරගත් අක්කර 25,000 ක් නැවත ගොවීන්ට දීමට අවශ්‍ය කටයුතු කරන බව වනජීවී ඇමැතිනී නීතිඥ පවිත්‍රා වන්නිඅරච්චි මහත්මිය පැවසුවාය. මේ අතර වත්තේගම- කැබිලිත්ත රක්ෂිතයේ හායනයට පත් ප්‍රදේශවල වනාන්තර නැවත ප්‍රතිස්ථාපනය කරන බවද ඇය සඳහන් කළාය..

Read More

සමෘද්ධිලාභීන් ලක්ෂ 3 කට වැඩි පිරිසක් වසර විසි අටක් තිස්සේ (1995-2023) සමෘද්ධි ආධාර දිගටම ලබන නමුත් ස්වශක්තියෙන් නැගී සිටීම සඳහා ඔවුන් කිසිම ආකාරයකින් හෝ සවිබල ගන්වා නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. මේ අනුව සමෘද්ධි ව්‍යාපාරය අපේක්ෂා කළ අරමුණු සහ කාර්යභාරය ඉටුවී නොමැති බවට විගණන නිලධාරිහු චෝදනා කරති. සමෘද්ධිලාභීන් සවිබල ගැන්වීමේ විවිධ වැඩසටහන් සඳහා 2019 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා රුපියල් කෝටි 126 ක් වැය කර ඇතැයි පවසන විගණන කාර්යාලය සවිබලගැන්වීම් පිළිබඳව නිශ්චිත ඉලක්කයක් හඳුනා ගැනීමකින් තොරව එම මුදල් වැය කර ඇති බවද සඳහන් කරයි. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව 2020, 2021 සහ 2022 වර්ෂවලදී පිළිවෙලින් සමෘද්ධිලාභීන් 1958ක්, 18629ක්…

Read More

2030 වන විට ශ්‍රි ලංකා යුද හමුදාවේ සාමාජිකයන් හරි අඩකින් අඩු කිරීමට රජය සැලසුම් කර ඇතැයි දැන ගන්නට ඇත. යුද හමුදාවේ අනුමත කාර්ය මණ්ඩලය දෙලක්ෂය ඉක්මවා ඇත. මේ සම්බන්ධයෙන් වැඩබලන ආරක්ෂක ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ,ලබන 2030 වන විට යුද හමුදා සාමාජිකයන් ගණන ලක්ෂය පමණ දක්වා අඩුකිරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බව ය. ඒ පිළිබඳව හමුදාවේ සමාලෝචනයක් කිරීම සඳහා විශ්‍රාමික මේජර් ජෙනරාල්වරකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් ද ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබ ඇතැයි ඔහු කීවේය. දෙලක්ෂය ඉක්මවන යුධ හමුදා සාමාජික සංඛ්‍යාව ලක්ෂය පමණ දක්වා අඩුකර,යුද හමුදාව තාක්ෂණික හා උපායශීලී හමුදාවක් බවට පත් කිරීම රජය සැලසුම්…

Read More

නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලායාමේ සැලසුම සඳහා ආධාර අනුබල දුන් බව කියන තවත් පොලිස් කොස්තාපල්වරයකු එම දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහජන පැමිණිලි අංශයට අනියුක්ත පොලිස් කොස්තාපල්වරයෙකි. හරක් කටා නැමැත්තා පළා යාමේ සැලසුමට සෘජුවම සහාය දුන් බවට මේ වනවිට අනාවරණය වී තිබෙන කොස්තාපල්වරයා පලා ගොස් අදට දින 20 ගත වුවද මෙතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇත. හරක් කටා පලායාමේ සැලසුමට ආධාර අනුබලදීම යටතේ ඩුබායිහි සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වන මිදිගම රුවන් නමැත්තා ගේ ගෝලයන් 4 දෙනකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මේ වන විට අත්අඩංගුවට…

Read More

විශ්වවිද්‍යාලවල සහ පාසල්වල සිසුන්ගෙන් තුනෙන් එකකට වැඩි පිරිසක් ආහාර හිගකමින් දැඩි පීඩාවට පත්ව සිටින බව අධ්‍යාපන බලධාරීහු පෙන්වා දෙති. මේ හේතුවෙන් එම සිසුන්ගේ පෝෂණය සහ වර්ධනය සම්බන්ධයෙන් බරපතළ ගැටලු මතුව ඇතැයි සෞඛ්‍ය ක්ෂේත්‍ර ආරංචි මාර්ගවලින් පැවසේ. සිසුන්ගෙන් වැඩි පිරිසක් දිනකට ලබාගන්නේ ආහාර වේලක් හෝ දෙකක් පමණක් බව පවසන එම බලධාරීහු පවතින ආර්ථික තත්වය හේතුවෙන් පෝෂදායි ආහාර වෙනුවට පෝෂණය අඩු පිටි සහිත ආහාරවලට යොමුවීමේ වැඩි ප්‍රවණතාවක් මතුව ඇතැයිද සඳහන් කළහ. මේ අතර සමහර විශ්ව විද්‍යාල සිසුන් ආහාර කළමනාකරණය කර ගැනීම සඳහා විවිධ උපක්‍රම අනුගමනය කරන බව විශ්ව විද්‍යාල ආරංචිමාර්ග වලින් පැවසේ. විශේෂයෙන්ම නිවාඩු දිනවලදී දවසේ වැඩි වේලාවක් නිදාගෙන දහවලේ ඇහැරී එක්…

Read More

පොතුහැර ළිහිණිගිරිය පොත්ගුල් විහාරස්ථානයේ විසූ බැවිලිගමුවේ සුජාත හිමි (64) පසුගිය (29)රාත්‍රියේ පිහියකින් ඇන ඝාතනය කර ඇති බව පොතුහැර පොලීසිය පවසයි. සුජාත හිමියන්ට අයත් පොතුහැර පරබැවිල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික නිවසක් තුළදී ඝාතනය කර ඇති බවද කියයි. මෙම හිමියන් ශ්‍රි ලංකා යුධ හමුදාවේ ඉංජිනේරු බලකායේ සේවය කර විශ්‍රාම ගොස් සිටියදී පසුගිය මාර්තු මාසයේදී පැවිදි දිවියට එළඹ ඇති බවට තොරතුරු අනාවරණයවී තිබේ. ඝාතනයට ලක්වූ හිමිනම විවාහකයකු වන අතර ඔහුගේ මීට බිරිද වසර 25 කට පමණ පෙර මොහු හැරදමා ගොස් ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි. මිය ගිය දිනද රාත්‍රි කාලයේ හිමියන් හමුවීමට කිසියම් පුද්ගලයකු පැමිණ ඇති අතර නිවස රැකබලා ගන්නා…

Read More

මාලදිවයින දූපත් රාජ්‍යයේ ජනාධිපතිවරණයේ දෙවැනි වටයෙන් විපක්ෂ නායක මොහොමඩ් මුයිසු ජයග්‍රහණය කළේය. ඒ අනුව මාලදිවයිනේ මීළඟ ජනාධිපතිවරයා වනු ඇත්තේ 45 හැවිරිදි මුයිසුය. මුයිසු දිනූ ඡන්ද ප්‍රතිශතය සියයට 54 ක් බව පැවැසෙයි. මුයිසු මාලේ අගනුවර නගරාධිපතිවරයා ලෙස ද කටයුතු කර තිබේ. මුයිසු චීන හිතවාදියෙකි. ජනාධිපතිවරණයේ දෙවැනි වටයේ දී, මුයිසු සමඟ තරග වැදුණු මාලදිවයින ජනාධිපති 61 හැවිරිදි ඊබ්‍රහීම් සෝලී, පරාජය බාර ගනිමින් මුයිසු ට සුබ පතා තිබේ. ඊබ්‍රහීම් සෝලී ඉන්දීය හිතවාදියෙකි.

Read More