Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ වූ පනත් කෙටුම්පත සහ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් දෙකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම්වලට පටහැනි බව නීතිඥ සාමූහිකය පවසයි. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ වූ නව පනතක් හඳුන්වාදීම වෙනුවෙන් රජය පසුගියදා ගැසට් නිවේදනයක් ප්‍රකාශ කර තිබුණි. අදාළ පනත් කෙටුම්පතෙහි අරමුණු ලෙස දක්වා තිබුණේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිසමක් පිහිටුවීම ඇතුළු ආනුෂංගික කරුණු කිහිපයකි. නීතිඥ සාමුහිකය අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත මෙම පනත් කෙටුම්පත් දෙක සම්බන්ධයෙන් අදහස් පළකළ අතර එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා, “මේ රටේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස විතරක් නෙමෙයි මේ පනත්…
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අද (03) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ප්‍රදේශවල මි.මී. 75ට වැඩි තරමක් තද වැසිද බලාපොරොත්තු විය හැකිය. සෙසු ප්‍රදේශවල, විශේෂයෙන් නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා…
ඖෂධ හදිසි මිලදී ගැනීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට රජය තීරණය කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැන් පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසීය.
දුම්රිය ප්‍රවේශපත්‍රයක් මුල්කරගෙන ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පානදුර දුම්රියපොළේ උප ස්ථානාධිපතිට සහ දුම්රිය සේවකයෙකුට පහරදුන් බවට චෝදනා එල්ලවූ පිය පුතු දෙපළක් අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලීසිය කියයි. පහරකෑ දුම්රිය උප ස්ථානාධිපතිවරයා සහ සේවකයා ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහල වෙත ඇතුළු කර ඇත. එම ගැටුමේදී ප්‍රවේශපත්‍ර අවලංගු කරන යන්ත්‍රය ද අස්ථාන ගතව ඇතැයි පොලීසිය කීය. අත්අඩංගුවේ පසුවන සැකකාර තරුණයා අද (02) පෙරවරු 09:30ට පමණ පානදුර දුම්රිය ස්ථානයට කඩිමුඩියේ පැමිණ ඇති අතර කොළඹ දෙසට දුම්රියක් ගමන් ගන්නෙ කීයටදැයි ඔහු එහි සේවකයෙකුගෙන් විමසා තිබුණි. ඔහු ප්‍රවේශපත්‍ර කවුළුවෙන් ප්‍රවේශපත්‍රයක් රැගෙන ඒමත් සමගම දුම්රිය පිටවී ඇති අතර පසුව ඔහු දුම්රිය සේවකයා සමග බහින්බස් වී…
මුලතිව් දිස්ත්‍රික් විනිසුරුවරයා සේවයෙන් ඉවත්වී රට හැරයාම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා නියෝග කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ සම්බන්ධයෙන් සොයාබලන ලෙස අමාත්‍යවරයා නියෝගකර ඇත.
කාලගුණවිද්‍යා දෙපාර්මේන්තුව විසින් තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එම දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් දකුණු පළාත, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා එම නිවේදනය නිකුත් කර ඇත. එම ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වන ලෙස දැනුම් දෙමින් අද (02) දහවල් 12.30 සිට ඉදිරි පැය 24 දක්වා වලංගු වන පරිදි එම නිවේදනය නිකුත් කර තිබේ. නිරිතදිග මෝසම් සක්‍රීය වීම හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බවද එහි සදහන් වේ. එමනිසා දකුණු පළාත සහ කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයෙන් වැඩිදුරටත් දන්වා…
සිසුන් දෙදෙනෙකු අතර පාසලේදී ඇතිවූ කතාබහකින් පසු එක් සිසුවෙකුට අනෙක් සිසුවා තවත් පිරිසක් සමග මග රැකසිට හෙල්මට් සහ අතින් පයින් පහරදීම සම්බන්දයෙන් තරුණයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත්බව පින්වත්ත පොලිසිය පවසයි . මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පින්වත්ත ,මීගහකෝවිල පාර සහ ඒ අවට පදිංචි තරුණයන් පිරිසක් බවත්, අත්අඩංගුවට පත්වූවන් අතර ආරවුලට මුල්වූ පාසල් සිසුවාද වන බව පොලිසිය කීය. සැකකරුවන් ඉකුත් 21 දා පස්වරුවේ, පාසල නිමවා නිවස කරා යමින් සිටී සිසුවාට පහරදී දින දහයක් පමණ පොලිසිය මගහැර සිටියදී අත්අඩංගුවට ගෙන පහරදීමට යොදාගත් හෙල්මට් එකද පොලිස් භාරයට ගගත්බවද පොලිසිය පවසයි .
මහියංගනයේදී වෙඩි ප්‍රහාරයකට ලක් වූ මහරගම සීතා ඇතින්නගේ හෘදය වස්තුව ආසන්නයේ සිරුර තුළ උණ්ඩ හතක් වැදී ඇති බව ඇතාට වෛද්‍ය ප්‍රතිකාර කරන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය අශෝක දංගොල්ල මහතා ප්‍රකාශ කළේය. මහියංගනය පෙරහරට සහභාගී විමෙන් පසුව ඇත්ගොව්වා ඇතින්න මහියංගන විහාරස්ථ පරිශ්‍රයේ මහවැලි ගඟ ආසන්නයෙ ්ස්ථානය දැම්වැල් දමා ගසක බැඳ සිටියදි මෙම වෙඩි තැබීම සිදුව තිබිණි. දැනට මෙම ඇතින්නට ඇවිද ගැනීමට නොහැකි නිසා ඒ ආසන්නයේ තබා ප්‍රතිකාර කරයි.
මුලතිව් මහේස්ත්‍රාත්වරයාට එල්ල වී ඇති තර්ජන හේතුවෙන් ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව සිය කනස්සල්ල පල කරන ශ්‍රී ලංකා නීතිඥ සංගමය එ පිළිබඳ පූර්ණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්නයි රජයෙන් ඉල්ලා සිටි. නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීමට ඇප කැප වී සිටින අධිකරණ සේවකයන්, විනිසුරුවරුන්ට බියෙන් සැකෙන් තොරව සිය රාජකාරිය කිරීමට හැකි පරිසරයක් තිබිය යුතු බව තරයේ විශ්වාස කරන්නේ යැයි සඳහන් කරන ශ්‍රී ලංකා නීතිඥ සංගමය මුලතිව් මහේස්ත්‍රාත්වරයාට එල්ල වී ඇතැයි කියන තර්ජනයෙ සත්‍යතාව පිළිබඳ තහවුරු කරගැනීම ඉතා වැදගත් බවද අවධාරණය කොට සිටි. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞශල්‍ය නවරත්න සහ එහි ලේකම් ඉසුරු බාලපටබැඳි යන මහත්වරුන්ගෙ අත්සනින් යුතුව නිකුත් කළ…
ගෑස් පෝලිම් , තෙල් පෝලිම් නැති කළාට රටේ ආර්ථික සංවර්ධනයක් සිදුවී නැති බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොළඹදී පැවැසීය. ණය ගෙවීම තවකාලිකව අත්හිටුවීම හේතුවෙන් ඉතිරිවුණ මුදල් හරහා රටේ ආර්ථිකය සමනය කර තිබෙන බවත් ලබන අවුරුද්දේ රටට දරුණු ආර්ථික ප්‍රතිවිපාක අත්විදිමට සිදුවන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවා තිබෙන බවත් මන්ත්‍රීවරයා සදහන් කළේය. ජනාධිපතිවරයා වසරක් ඇතුළත අවස්ථා 11 කදී විදේශගතව තිබෙන බවත් විදෙස් ශ්‍රමිකයන්ගෙන් සහ රට අමාරුවෙන් සොයා ගන්නා ඩොලර් මේ ආකාරයට සංචාරවලට යොදා ගැනිම යුක්ති සහගතදැයි විමසන බවත් කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් රටේ ජනතාව පීඩාවට පත්කරන කාරණාවලින් ඉවත් වී…