Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
අම්බලන්තොට පුහුල්යාය ප්‍රදේශයේදී වලව ගඟේ දිය නාද්දී කිඹුලකු විශ්‍රාමික ගුරුවරියක ඩැහැගෙන ගොස් ඇතැයි අම්බලන්තොට පොලීසිය කියයි. කිඹුලාගේ ගොදුරක් වූ ගුරුමව ඩැහැගෙන යද්දී අවට සිටි පිරිස් කෑකෝ ගැසීම නිසා කිඹුලා ඇගේ කකුලක් කඩාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. පසුව ප්‍රදේශවාසීන් එක්ව මිය ගිය විශ්‍රාමික ගුරුවරියගේ සිරුරු ගොඩ ගෙන ඇත. කිඹුල් ප්‍රහාරයට ලක්ව මිය ගියේ පී. සමරසිංහ නම් 75 වැනි වියේ පසු වූ විශ්‍රාමික ගුරුවරියකි. ඇය අම්බල්නතොට ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේශීය වෛද්‍යවරයකුගේ බිරිද බවද පොලීසිය කියයි. මිය ගිය ගුරුවරියගේ සිරුර අම්බලන්තොට වාදුරුප්ප ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කොට ඇති අතර මරණ පරීක්ෂණය මේ වන විට සිදු කරමින් තිබේ.
ඌරුබොක්ක, හුලංදාවේ පිහිටි ව්‍යාපාරිකයෙකුගේ නිවසකට ඇතුළුවූ සිව් දෙනෙකුගෙන් යුත් කොල්ලකල්ලියක් රුපියල් කෝටියක මුදල්, රන් භාණ්ඩ සහ ජංගම දුරකථන කොල්ලකා පළාගොස් තිබේ. ව්‍යාපාරිකයා පැවසුවේ, මෙලෙස කොල්ලකා ඇත්තේ, රෝගාතුරව සිටින සිය පුත්‍රයාගේ සැත්කම සඳහා තමා සන්තකයේ තිබූ මුදල් බවය. මෙම ව්‍යාපාරිකයාගේ රෝගීවී සිටින පුත්‍රයාගේ සුවදුක් විමසීමට ඊයේ (11) උදෑසන 11ට පමණ ඥාතීන් සිව්දෙනෙක් ඔහුගේ නිවසට පැමිණ තිබේ. ඒ අතරතුර රතු පැහැති මෝටර් රථයකින් නිවසට පැමිණි පුද්ගලයින් සිව් දෙනෙක් පිස්තෝල සහ තියුණු ආයුධවලින් සන්නද්ධව නිවසට ඇතුළු වී ඇත. ඔවුන්ගෙන් එක් අයෙක් පමණක් මුහුණ ආවරණය කර සිට ඇති අතර, ඔවුන් නිවැසියන් හා පැමිණ සිටි ඥාතීන් ඇතුළු පුද්ගලයින් 9 දෙනා බිය ගන්වා, කාමර 2ක සිරකර…
පොලිස් අත්අඩංගුවට ගැනීමක් අතරතුර වෙඩිතැබීමක් සිදුවී තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ ගාල්ල උරගස්මංහන්දිය ප්‍රදේශයේදී වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී පොලීසිය සමග පොරබැදීමක් සිදුවීමෙන් අනතුරුව මෙම වෙඩිතැබීම සිදුවී ඇති බවය. වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැති අතර සැකකරු පළාගොස් ඇති බවද වාර්තා වෙයි.
මානසික ආබාධයකින් පෙළෙන එකොළොස් හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කළ පුද්ගලයකු දඹුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 37 හැවිරිදි දඹුල්ල වෑවල වැව ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය පවසනවා. ටොෆි, චොක්ලට් දෙන බව පවසා රැවටීමකට ලක් කර මෙම දැරිය අපයෝජනය කර ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.
බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක ගැටී විදුහල්පතිවරයෙක් මියගොස් තිබේ. රැදැල්ල සහ ග්‍රේට් වෙස්ටන් දුම්රිය ස්ථාන දෙක අතර මාර්ගයේ දී ඊයේ (11) එම අනතුර සිදුව තිබුණි. එහිදී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නානුඔය දෙමළ විද්‍යාලයේ විදුහල්පති කතිර්වේලු සුබ්‍රමනියම් නැමති 52 හැවිරිදි අයෙකි. අද දින පාසල් ආරම්භයට පෙර පාසල පිරිසිදු කිරීම සඳහා සංවිධානය කර තිබු ශ්‍රමදානයක් සඳහා සහභාගී වීමට පාසලට පැමිණෙමින් සිටිය දී ඔහු එම අනතුරට මුහුණපා තිබුණි. අනතුර සිදුවීමෙන් පසු දුම්රිය රියදුරන් එය නොදැක දුම්රිය නොනවත්වා ඉදිරියට ධාවනය කර ඇති අතර පසුව, දුම්රියේ ආරක්ෂක අංශ නිලධාරියෙකු සිදුවීම පිළිබඳ දැනුම්දී තිබේ. පසුව දුම්රිය ස්ථානයේ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් එක්ව විදුහල්පතිවරයාගේ සිරුර නානුඔය…
බොරැල්ල පොලිස් වසම ආවරණය වන පරිදි සිදුකළ විශේෂ සෝදිසි මෙහයුමකින් සැකකරුවන් 35ක් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම සෝදිසි මෙහෙයුම පොලීසිය, පොලිස් විශේෂ බළකාය සහ යුද හමුදා නිලධාරීන් ඒකාබද්ධව ඊයේ (11) සිදුකර තිබුණි. එහිදී හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 350ක් සමග සැකකරුවන් දෙදෙනෙකු, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 15ක් සමග සැකකරුවන් සිව්දෙනෙක්, ගංජා ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 35ක් සමග සැකකරුවන් පස්දෙනෙකු සහ ගංජා මිශ්‍ර මදනමෝදක 91ක් සමග සැකකරුවෙක් ද අත්අඩංගුවට ගෙන ඇත. මීට අමතරව කඩු 02ක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු, විවෘත වරෙන්තුකරුවන් දෙදෙනෙකු හා සැකපිට ප්‍රශ්නකිරීම සඳහා සැකකරුවන් 19දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සන්තකයේ තිබී…
ලග්ගල පොලිස් වසමේ තොරපිටිය වැවේ දියනාමින් සිටි සිසුන් පිරිසක් අතුරින් එක් සිසුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (11) දහවල් කලායේදී එම අනතුර සිදුව ඇත බව පොලීසිය පවසයි. එසේ මියගොස් ඇත්තේ, 17 හැවිරිදි මාදම්පේ, හලාවත ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකි. මොවුන් හලාවත ප්‍රදේශයේ පිහිටි උපකාරක පන්තියක් මඟින් සංවිධානය කර තිබූ විනෝද චාරිකාවක් සඳහා පැමිණ මොරගහකන්ද ජලාශය නැරඹීමෙන් පසු තොරපිටිය වැවේ දිය නාමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇත. සිසුන් 10දෙනෙකු පමණ දියනාමින් සිය ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි. මෘත ශරීරය දඹුල්ල රෝහලේ මෘත ශරීරාගායේ තැන්පත් කර ඇති අතර ලග්ගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ධුරය සඳහා තවත් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු පත් කෙරනු ඇති බව වාර්තාවේ. පසුගියදා රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවද සඳහන්ය. කෙසේවෙතත් මෙම සතියේ ව්‍යවස්ථාදායක සභාව රැස්වන දිනය සම්බන්ධයෙන් මේ වන තෙක් දැනුම්දීමක් සිදුකර නොමැති බව වාර්තා වේ. මීට අමරව එම කොමිසමේ සෙසු කොමසාරිස්වරුන් අතර දැනට මැතිවරණ කොමිසමේ සභාපතිත්වය දරන නීතිඥ නිමල් පුංචිහේවා මහතාද වන බව වැඩිදුරටත් වාර්තා වේ. මානව හිමිකම් කොමිසමට මෙන්ම මැතිවරණ කොමිසමටද මේ දක්වාත් නව සාමාජිකයින් පත්කර නැහැ. මෙම කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත්කිරීම ඉතා ඉක්මනින් සිදුකරන බව මීට පෙර ව්‍යවස්ථාදායක සභාව සඳහන් කළේය.
තායිවාන සමුද්‍ර සන්ධියේ මධ්‍ය රේඛාව හරහා චීන යුධ ගුවන් යානා 10ක් පියාසර කළ බවට තායිවානය චෝදනා කරනවා. එම චීන ගුවන් යානා නිරීක්ෂණය කිරීම සඳහා ප්‍රහාරක යානා සහ නෞකා සහ ගොඩබිම් මිසයිල පද්ධති යොදවා ඇති බවයි තායිවාන හමුදාව සඳහන් කළේ. චීන යුද නෞකා හතරක් ද මුර සංචාර සඳහා එක්ව සිටි බව තායිවාන ආරක්ෂක අමාත්‍යංශය පවසනවා. සතියක කාලයක් තුලදී චීන යුද ගුවන් යානා සහ නෞකා තායිවාන ගුවන් කලාපය හා මුහුදු කලාපය උල්ලංඝණය කළ දෙවන අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තායිවානය තමන් ස්වාධීන රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කළ ද චීනය පවසන්නේ අවශ්‍ය වුවහොත් තායිවාන භූමිය ඈඳා ගැනීමට පසුබට නොවන බවයි. කෙසේවෙතත් අමෙරිකාව…
ගවයින් අතර පැතිර යන බවට හඳුනාගෙන ඇති චර්ම රෝගය මේ වන විට ත්‍රිකුණාමලය හා පොළොන්නරුව දිස්ත්‍රික්කවල ප්‍රදේශ ගණනාවකින් ද වාර්තා වනවා. මෙම චර්ම රෝගය වැලඳී දින 15ක් පමණ ගත වන විට ගවයින් මිය යාම සිදුවන බවයි ගොවීන් පවසන්නේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පල්ලියගොඩැල්ල, පඹුරාන, අහමඩ්පුර සහ මහතලාකොළවැව ආදි ගම්මානවල වැඩි පිරිසක් සිය ජීවිකාව ලෙස සිදුකරනු ලබන්නේ කුඹුරු ගොවිතැන් සහ කිරි ගව පාලනයයි. දැනට මසකට පමණ පෙර සිට මෙම ප්‍රදේශයේ එළ ගවයින් අතර සුළු වශයෙන් දක්නට ලැබුණු චර්ම රෝගයක් මේ වන විට ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වී තිබෙනවා. ගවයින්ගේ ශරීරය පුරා කුඩා ගෙඩි හට ගන්නා අතර රෝගය වැලඳී දින 15…