Author: LANKA24X7

ගුවන් හමුදා පුහුණු ගුවන් යානයක් චිනවරාය කඳවුරු ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කළේ, ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ පිහිටි අංක 01 පියාසර පුහුණු පක්ෂාංගයේ ගුවන් නියමුවන් පුහුණු කිරීම සඳහා යොදාගනු ලබන PT 6 වර්ගයේ ගුවන් යානයක් එලෙස අනතුරට ලක්ව ඇති බවය. ගුවන් පරීක්ෂණ කටයුත්තක් සඳහා අද (07) උදෑසන 11.25ට පමණ චීනවරාය ගුවන් පථයෙන් ගුවන් ගත වී ඇති යානය 11.27ට පමණ ගුවන් හමුදා චිනවරාය කඳවුරු ප්‍රදේශයට කඩා වැටී ඇත. අනතුරින් ගුවන් නියමුවා සහ ගුවන් පරීක්ෂණ රාජකාරි සඳහා එහි ගමන් කළ ඉංජිනේරු නිලධාරියා මියගොස් ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ඒකකය නිවේදනය කරයි. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා…

Read More

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ සිට දුරකථනයෙන් පරිසරය වීඩියෝ ගත කරමින් ගමන් ගත් චීන ජාතික කාන්තාවක් අකරතැබ්බයකට මුහුණ දී තිබේ. ඒ ඇයගේ දුරකථනය මංකොල්ලකෑමට දුම්රිය මාර්ගයේ රැක සිටි තරුණයින් තිදෙනෙකු විසින් පොල්ලකින් පහරදීම හේතුවෙනි. පහරදීම සිදුකරන අයුරු චීන ජාතික කාන්තාවගේ දුරකථනයේ සටහන්ව තිබූ අතර ඇයගේ අතට ද තුවාල සිදුව තිබුණි. ලියු කුයින් නැමති චීන ජාතික කාන්තාව ඇයගේ සැමියා සහ දියණිය සමග සංචාරයක් සඳහා ලංකාවට පැමිණ, මාර්ග උපදේශකයෙකු සමග ඇල්ල දුම්රිය ස්ථානය වෙත යමින් සිටිය දී මෙම කරදරයට මුහුණ දී තිබුණි. ජනේලයෙන් පිටත ජංගම දුරකථනයෙන් පටිගත කරමින් සිටි ඇයට නාවලපිටිය, ඉඟුරුඔය දුම්රිය ස්ථානයට ළඟාවෙන අවස්ථාවේ දී…

Read More

මෙම වසරේ ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීම සඳහා සිය ක්‍රිකට් කණ්ඩායමට ඉන්දියාව බලා පිටත්ව යාමට අවසර ලබාදීමට පාකිස්තාන රජය තීරණය කර තිබේ. පසුගිය දශකය පුරාවටම අසල්වැසි රටවල්වල පැවති තරග සඳහා පාකිස්තාන කණ්ඩායම සහභාගි වුවත් පාකිස්තාන කණ්ඩාමයක් ඉන්දියාවට හෝ ඉන්දීය කණ්ඩායමක් පාකිස්තානයට ගොස් තරග සඳහා සහභාගී වුයේ නැත. ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල පැවැත්වීමට නියමිත 2023 ලෝක කුසලාන තරගාවලියට සහභාගීවීමට තීරණය කිරීමත් සමග පාකිස්තානය පවසා ඇත්තේ කිසිවිටෙකත් ක්‍රිඩාව සහ දේශපාලනය මිශ්‍රකරගැනීමක් සිදුනොවිය යුතු බවය. එමෙන්ම ඉන්දියාව සමග පවතින ද්විපාර්ශික සබඳතා අන්තර් ජාතික ක්‍රිඩාවට සම්බන්ධ කර නොගන්නා බවත් පාකිස්තානය පවසා ඇත. එමෙන්ම තරගාවලිය පැවත්වෙන කාලය පුරාවටම සිය කණ්ඩායමේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දීය රජය මෙන්ම අන්තර්ජාතික…

Read More

මිහින්තලේ විදුලි බිල නාටක පිටපත තව ටිකක් හොඳට බුද්ධිමත්ව සිතා ලිව්වා නම් රාජ්‍ය නාට්‍ය උළෙලේ දී සම්මාන පවා ලබන්නට තිබූ බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. මිහින්තලේ ලයිට් කැපුවා යැයි හාමුදුරුවන් කියූ සැනින්ම නාට්ටියේ ඊළඟට සිදු වන්නේ සජිත් ප්‍රේමදාස නළුවා වහා ඉදිරියට පැන ලයිට් බිල ගෙවා දැමීමේ ජවනිකාව බව බුද්ධිමත් ප්‍රේක්ෂකයන්ට කලින්ම තේරුම් ගොස් තිබූ බවත් ප්‍රේක්ෂකයන් සිතූ පරිදිම සියල්ල සිදු වූ බවත් එජාප මහ ලේකම්වරයා සඳහන් කළේ ය. හොඳ නාට්‍යයක ඊළඟ ජවනිකාව ගැන ප්‍රේක්ෂකයාට කුතුහලයක් තැබිය යුතු නමුත් “මිහින්තලේ ලයිට්” නාටකයේ දී සජිත් ප්‍රේමදාස නළුවා මෙන්ම සහාය නළුවා ද වෙනදා වගේම හොඳටම නාගත්තේ යැයි…

Read More

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම මලල ක්‍රීඩකයකු වන හිටපු කෙටි දුර ධාවන ශූර සුගත් තිලකරත්න මහතා ජාතික ජනබලවේගයේ ජාඇල ආසන බලමණ්ඩල රැළියේදී ඊයේ (6) පළමු වරට දේශපාලන වේදිකාවට අවතීර්ණ විය. ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයා ද වන ආසියානු පදක්කම් ලාභී ‘විදුලිපුර ධාවකයා’ යන නාමයෙන් හදුන්වන සුගත් තිලකරත්න මහතා ජාඇල රැළිය ඇමතීම ද කැපී පෙනුණි.

Read More

පවතින දැඩි නියගය හේතුවෙන් විල්පත්තුව ජාතික වන උද්‍යානයේ පිහිටි කුඩා විල්ලු රැසක ජලය සිදිගොස් තිබේ. විල්පත්තුව ජාතික වන උද්‍යානය තුල පිහිටි විල් සහ තටාක ප්‍රමාණය 106 කට ආසන්නය. ඒවා සියල්ලම පාහේ සිඳී ගොස් ඇති අතර සතුනට පානිය ජලය හිගවිමෙන් විල්පත්ව ජාතික වන උද්‍යානය තුල ජිවත්වන ව සතුන්ද දුෂ්කරතාවයකට පත්ව සිටිති. මේ සම්බන්ධයෙන් විල්පත්තුව ජාතික වන උද්‍යානයේ භාරකාර සුරංග රත්නායක මහතා ගෙන් කළ විමසුමේදි ඒ මහතා කියා සිටියේ ජාතික වන උද්‍යානය තුල කුඩා විල්ලු 106 කට ආසන්න ප්‍රමානයක් තිබෙන බවත් ඉන් සීයට පනහක් පමණ දැඩි නියගය හේතුවෙන් ජලය සිදි ගොස් ඇති බවයි.

Read More

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අළෙවි අංශයේ ඉහළ තනතුරු දරණ නිලධාරීන් සිවුදෙනෙක් පසුගිය සිකුරාදා වන විට ඉල්ලා අස්වීමේ ලිපි භාරදී තිබූ බව එම සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය. එම නිලධාරීන් සිවුදෙනා පෞද්ගලික අංශයේ රැකියාවට යෑමට ඉල්ලා අස්වන බව ද දැනුම් දී ඇති බව කී නිලධාරියා මහා පරිමාණ ඉන්ධන වංචාවක් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වෙද්දී නිලධාරීන් මෙසේ ඉවත්වීම ගැටලුවක් බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය. මෙරට ඉන්ධන ව්‍යාපාර ආරම්භ කළ විදේශ සමාගමකට සම්බන්ධ වීමට අදාල නිලධාරීන් සූදානම් වන බවත් එම සිව්දෙනාගෙන් ඇතැමුන් අදාල විදේශ සමාගමට ‘සිපොට්කෝ’ සතු වැඩි අළෙවියක් ඇති ඉන්ධන පිරවුම්හල් තෝරා දුන් නිලධාරීන් බවත් ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයෝ පවසති. රට තුළ ඉන්ධන…

Read More

වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් කිරීමට සම්බන්ධ වූ සැකකරුවන් දෙදෙනෙකුව කොළඹ මධ්‍යම කෙට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (06) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 20ක් සහ අවුරුදු 30ක් වයසැති මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. පසුගිය 30 වනදා කෙසෙල්වත්ත මාටිස් පටුමඟ ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසැලක් තුළදී වෙඩි තබා පුද්ගලයෙකුව ඝාතනය කර තිබුණි. වෙඩිතැබීම සඳහා පැමිණි යතුරුපැදිය ලබා දී ඇත්තේ මෙම පුද්ගලයින් දෙදෙනා බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. ඔවුන් සතුව තිබී අදාළ යතුරුපැදිය ද පොලිස් භාරයට ගෙන කෙසෙල්වත්ත පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසයි. සැකකරුවන් අද (07) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර…

Read More

මඳුරන්කුලිය නගරය ආසන්නයේ දී අපරික්ෂාකාරී ලෙස ධාවනය වූ ලොරියක, යතුරුපැදියක් ගැටී බරපතළ තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර සිටි තුවාලකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. එලෙස අවාසනාවන්ත ලෙස ජීවිතය හැරගොස් ඇත්තේ, පුත්තලම, ජයබිම ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි සුරේන්ද්‍ර අනුරුද්ධික නැමති පෞද්ගලික ආයතනයක සේවය කළ තරුණයෙකි. සාලියවැව ප්‍රදේශයේ පදිංචි අනෙක් තරුණයා ද බරපතළ තුවාල ලබා තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. අනතුරින් මරණයට පත් තරුණයා හා තම මිතුරා සමග පුත්තලම දෙසට යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී පුත්තලම දෙස සිට අපරික්ෂාකාරී ලෙස ප්‍රතිවිරුද්ධ දිශාවේ ගමන් කරමින් තිබු ලොරි රථයක් ඉස්සර කර යාමට සුදානම් වීමේ දී යතුරුපැදිය ලොරි රථයේ ගැටී අනතුර සිදුව ඇත.…

Read More

අද (04) උදෑසන 6.10ට පමණ කඳාන පියෝ මාවත ප්‍රදේශයේ නිවසක් ඉලක්ක කර T56 ගිනිඅවියකින් වෙඩිතැබීමක් සිදුකර තිබේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩිතැබීම සිදුකර පළාගොස් තිබුණි. අදාළ නිවස ව්‍යාපාරිකයෙකුට අයත් වන අතර සැකකරුවන් ඔහුගෙන් කප්පම් මුදල් ඉල්ලා ඇතිවූ සිද්ධියක් මත මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවද වාර්තා වෙයි. ඩුබායි හි සැඟව සිටින හීනටියන මහේෂ්, කඳානේ චූටිමල්ලි සහ ගම්පහ වරුණ නමැති පාතාල ක්‍රියාකාරීන්ගේ මෙහෙයවීම මත මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට ද තවදුරටත් තොරතුරු වාර්තා වෙයි. වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදියේ අයිතිකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ. අදාළ නිවසේ කාන්තාවක් සඳහන් කළේ, “උදේ නැඟිට්ටා විතරයි.. වෙඩි තියාගෙන තියාගෙන ගියා. වෙඩි…

Read More