Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
නෝර්වුඩ් පොලිස් වසමේ නිව්ටන් වත්ත ප්‍රදේශයේ ගසක අත්තක් කඩා වැටීමෙන් දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය සඳහන් කළේ, අත්ත කඩා වැටී බරපතළ තුවාල ලැබු දරුවා නාවලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මහනුවර මහ රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බවය. එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 16ක් වූ නිව්ටන් වත්ත, දික්ඔය ප්‍රදේශයේ පදිංචි සිසුවෙකි. මියගිය දරුවා එම වත්ත මැදින් ගමන් කරමින් සිටිය දී වත්ත ඉහළ ප්‍රදේශයේ පිරිසක් විසින් ගසක් කපමින් සිට ඇත. කපන ලද ගස වෙනත් ගසක ගැටීමෙන් එම ගසෙහි අත්තක් දරුවාගේ වැදී අනතුර සිදුව තිබිණි. ගස කපන ලද සැකකරුවන් 5 දෙනෙකු නෝර්වුඩ් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පෙබරවාරි මස 12 වනදා දක්වා රක්ෂිත…
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 10 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ. තරගයේ සිවුවැනි දිනය වූ ඊයේ (5) තේ විවේකයට පෙර ශ්‍රී ලංකා පිල ලකුණු 56 ක ඉලක්කය ඕවර 7.2 කදී කිසිවකු නොදැවී සම්පූර්ණ කිරීමට සමත් විය.
අරගලකරුවන් විසින් ඉකුත් 2022 වසරේ ජූලි මස 9 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉංග්‍රීසි ගුරුවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (5) අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගත් සැකකරු බොරලැස්ගමුව ප්‍ර දේශයේ පදිංචි (46) පුද්ගලයකු බව එම දෙපාර්තමේන්තුව පවසයි.
ඉන්දියානු රජයේ නිල ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරතව සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (5) පස්වරුවේ ඉන්දීය රජයේ ජාතික ආරක්ෂක උපදේශක අජිට් ඩොවාල් මහතා හමුවිය. මෙම හමුව සර්දාර් පටෙල් භවාන්හිදී පැවැත්විණි. මෙම හමුවේදී කලාපීය ආරක්ෂාව පිළිබඳව සහ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශවීය සබඳතා පිළිබඳව දීර්ඝව සාකච්ඡා කළ බව ජාතික ජන බලවේගය පැවසීය. මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ද සහභාගි විය.
“උරුමය” වැඩසටහනේ පළමු අදියර යටතේ ඉඩම් ඔප්පු දස දහසක් ප්‍රදානය කිරීමේ ජාතික උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී ඊයේ (5) පස්වරුවේ පැවැත්විණි. හිටපු ඉඩම් අමාත්‍ය,සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ද ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ අවස්ථාවට ජනාධිපතිවරයා සමඟ සහභාගී විය මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන , ඉඩම් සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහත්වරු ඇතුළු මැති ඇමතිවරු සහභාගී වූහ. උරුමය වැඩසටහන යටතේ ගොවි පවුල් ලක්ෂ 20 ක් සඳහා නිදහස් ඔප්පු ප්‍රදානය කිරීමට රජය සැලසුම් කර තිබේ.
මොණරාගල බන්ධනාගාරයේ රාජකාරී කරන පුනරුත්ථාපන නිලධාරීයෙක් ‘හෙරොයින්’ මත්ද්‍රව්‍ය සමඟ මොණරාගල නගරයේදී මොණරාගල පොලිසිය අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. අදාල නිලධාරියා හොරොයින් සමග අත්අඩංගුවට ගත් බව මොණරාගල පොලිස් අධිකාරී කාර්යාලය මොණරාගල බන්ධනාගාර අධිකාරීවරයට දැනුම් දී ඇති බවත් මොණරාගල බන්ධනාගරයේ ජේලවරයෙක් හරහා විමර්ෂණයක් කර විනය පරික්ෂණයට යටත්ව අදාල නිලධාරියාගේ වැඩ තහනම් කළ බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්දුනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා කීය.
2023/24 මහ කන්නයේ දී වී වගාව ආශ්‍රිත කෘෂිකාර්මික කටයුතු සඳහා රුපියල් කෝටි 960ක් ගොවි ජනතාව වෙත ලබා දී ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත මහ කන්නයේ වී වගාව හා ඒ ආශ්‍රිත කෘෂිකාර්මික කටයුතු සඳහා ගොවි ගිණුම්වලටම මුදල් බැර කිරීමට පියවර ගත් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. ඒ අනුව හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක බැගින් ගොවීන් ලක්ෂ 12කට එම මුදල් ලබා දීමට රජය තීරණය කළේය. මේ වනවිට රුපියල් බිලියන 9.6ක මුදලක් ගොවි ගිණුම්වලටම බැර කර ඇති බව ගොවිජන කොමසාරිස් ජනරාල් ඒ. එම්. එච්. එල්. අබේරත්න මහතා කීය. ඊයේ දිනයේ තවත් රුපියල් මිලියන 450ක්…
76 නිදහස සමරණ මේ මොහොතේ් රට කාගෙවත් වහලුන් බවට පත්ව යටත් විජිතවාදී රටක් නොවුවත් රට තුළ කෙතරම් දේශපාලන නිදහසක් ඇත්ද යන්න ගැටලු සහගත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ජනතාවගේ භාෂණයේ දේශපාලනය කිරීමේ, මතයක් දැරීමේ නිදහස සහ සත්‍ය හෙළිදරව් කිරීමේ නිදහස අහිමි කර ඇති බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය. ඒ වෙනුවෙන් මාර්ගගත සුරක්ෂිතභාවය පනත කථානායකවරයා ප්‍රමුඛ ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග නොතකා සම්මත කර ගත බවත් විපක්ෂ නායකවරයා පැවසීය. සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 83 වැනි අදියර යටතේ ගාල්ල හපුගල මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කීවේය. මෙම…
වැලිකඩ බන්ධානාගර රෝහලේ කාර්ය භාර වෛද්‍ය නිලධාරිනිය බලය අවභාවිත කිරීම පිළිබඳව කොතරම් පැමිණිළි කළ ද සෞඛ්‍ය අමාත්‍යංශය නිහඬ පිළිවෙතක් අනුමගමන කරන බවත් එම වෛද්‍යවරියගේ ක්‍රියාකළාපය හේතුවෙන් ප්‍රභූන්ට පමණක් නොව මංකොල්ලකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට බන්ධනාගාර රෝහල තුළ සැප විදීමේ අවස්ථාව හිමිව ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා පැවසීය. මෙම තත්වය තුළ බන්ධනාගරයේ සිටින සහ බන්ධනාගාරගත වන සැබෑ රෝගීන්ට ප්‍රතිචාර ලැබීමේ අවස්ථාව අහිමිව ඇති බව කී වෛද්‍ය බෙල්ලන මහතා මෙම තත්වය හේතුවෙන් සැබෑ රෝගී රැඳවියන්ගේ ජීවිත අනතුරට පත්ව ඇති බව ද සඳහන් කළේය. අදාල වෛද්‍යවරියගේ ක්‍රියාකළාපය සම්බන්ධයෙන් මානව හිමිකම් සංවිධාන සහ අභ්‍යන්තර වෛද්‍යවරු පැමිණි කළ ද කිසිඳු…
ගම්පහ,මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක් තුළදී පසුගිය ජනවාරි මස 23වනදා ස්වාමීන් වහන්සේ නමක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවෙයි. වෙඩි වැදීමෙන් අපවත් වූයේ ජ්‍යෝතිෂය කටයුතු සඳහා සුප්‍රසිද්ධව සිටි පූජ්‍ය කලපලුවාවේ ධම්මරතන නම් වයස අවුරුදු 44ක හිමිනමකි. මෝටර් රථයකින් පැමිණි සිව්දෙනෙකු තමන් CID නිලධාරීන් බව පවසා මෙම වෙඩිතැබීම සිදුකර පළා ගොස් තිබුණි.
