Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
සියදිවි නසා ගැනීම (Suicide) පිළිබඳ සාකච්ඡා කළ හැකි සංදර්භයන් කිහිපයක්ම හඳුනාගත හැක. මූලික වශයෙන් ගතහොත් ලොව ඇති සෑම ආගමික භාවිතාවකම පාහේ, සියදිවි නසා ගැනීම පාප කර්මයක් නොඑසේ නම්, නොකළ යුත්තක් සේ හඳුන්වා ඇත. බහුතරයක් බෞද්ධයන් වෙසෙන ලාංකේය සමාජ සංදර්භය තුළ මෙම මාතෘකාව බරපතළව සංවාදයට ලක්වන අතර, බුදු දහමේ ඉගැන්වීම් තුළ දිවි නසා ගැනීම පැහැදිලිවම නොකළ යුත්තක් සේ හඳුන්වා ඇත. සත්ත්වයාගේ ජීවිතය, ආත්මය හෝ භවය තුළ ඇති උපයෝගිතාව නොඑසේ නම් ළගා විය හැකි උපරිම ස්ථානයට ළඟා නොවී අකාලයේ ජීවිතය හැර යාම නොකළ යුත්තක් බව එහි සඳහන්ය. සනාතන විමුක්තිය ලැබීම සත්ත්වයාගේ ඉහළම ජයග්‍රහණය බව බුදුදහම අවධාරණය කරයි. එබැවින් කිසිවකුට හිතාමතා ජීවිතයෙන් පළා…
යුක්‍රේනයේ සිට රුසියානු දේශසීමාවට ඇතුළුවීමට උත්සාහ කළ යුක්‍රේන සටන්කාමීන් සිව්දෙනෙකු රුසියානු හමුදා එල්ල කළ ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්ව තිබේ. රුසියානු ආරක්ෂක අංශ පැවසුවේ යුක්‍රේන ඔත්තුකරුවන් විසින් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සිය දේශසීමාවට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේ ප්‍රහාරය එල්ල කළ බවය. මීට පෙර අවස්ථාවකදී ද යුක්‍රේන සටන්කාමීන් රුසියානු දේශසීමාවට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේ දී එය වැළැක්වීමට රුසියානු ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණි. මේ අතර රුසියාව අත්පත් කරගෙන සිටි යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් ප්‍රදේශයට අයත් ගම්මානයක් ඉන් මුදා ගැනීමට කටයුතු කළ බව යුක්‍රේනය පවසයි. යුක්‍රේන සන්නද්ධ හමුදා ප්‍රධානියා විසින් ඊයේ (16) දිනයේ මේ පිළිබඳ තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විශ්‍රාම යෑමට එක් දිනක් තිබිය දී එහි නිලධාරිනියකට ඉහළ තනතුරක් ලබාදී ඇතැයි වාර්තා වේ. එම නිලධාරිනිය අතිරේක සාමාන්‍යාධිකාරි ධුරයට ඉකුත් 14 වැනිදා පත්කර ඇති අතර, ඇය ඊට පසු දින (15) විශ්‍රාම ගොස් ඇතැයි පැවසේ. එම නිලධාරිනියට ඉහළ තනතුරක් ලබා දී ඇත්තේ ලංවිම ඉංජිනේරු සංගමයේ දැඩි බලපෑම මතය. එම නිලධාරිනිය අතිරේක සාමාන්‍යාධිකාරි ධුරයට පත් කරන ලෙස ඉල්ලමින් ලංවිම ඉංජිනේරු සංගමයේ සභාපතිවරයා ලංවිම සභාපතිවරයාට ලිපියක් ද යවා ඇත. මෙම නිලධාරිනිය පත්වීම ලැබූ දිනට පසු දින විශ්‍රාම ගොස් ඇත්තේ නව තනතුරට හිමි සියලුම වරප්‍රසාද ලබා ගනිමිනි.
දකුණු ආසියානු කලාපය තුළ දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව අඩු ම ආදායමක් ඇති රට වන්නේ ශ්‍රී ලංකාව බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා. එම ආයතනය පෙන්වා දෙන්නේ, ගත වූ 17 වසර තුළ ශ්‍රී ලංකාව දිගින් දිගටම සිය ආදායම් ඉලක්ක සපුරා ගැනීමට අපොහොසත් වී ඇති බවයි. ශ්‍රී ලංකාව මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනක් තුළ සිටින අතර, ආදායම ඉහළ නංවා ගන්නා බවට වන එකඟතාවක් ද ඊට ඇතුළත්. කෙසේවෙතත්, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආදායම් ඉලක්ක සපුරා ඇත්තේ අවස්ථා 12 කින් අවස්ථා 03 ක් පමණක් බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙනවා. එම ආයතනය පවසන්නේ, රාජ්‍ය ආදායම ඉපැයීමේදී බදු ආදායම සැලකිය යුතු…
ජලය කළමනාකරණය කිරීම සඳහා නිසි පියවර නොගතහොත් ඉදිරියේදී දැඩි ගැටළුකාරි තත්වයකට මුහුණදීමට රටේ ජනතාවට සිදු වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ස්වභාවික සම්පත් පිළිබඳ මහාචාර්ය මෙත්තිකා විතානගේ පවසනවා. ඇය පවසා සිටින්නේ දේශගුණ සහ කාලගුණ විපර්යාසයන්ට මුහුණ දීමට ශ්‍රී ලංකාව රටක් ලෙස කිසිදු පියවරක් ගෙන නොමැති බවයි. ශ්‍රී ලංකාවේ සිදු වන ආපදා පිළිබඳ නිසි ආකාරයට අර්ථ දැක්වීමට නොහැකිවී ඇත්තේ කාලගුණ විපර්යාස සම්බන්ධයෙන් ලංකාවේ විධිමත් ආකාරයට පරීක්ෂණ සිදු නොවන නිසා බවයි ඇය සඳහන් කර සිටියේ. අහසින් වැටෙන ජලය එකතු කර ගැනීමට උත්සාහ ගත යුතු අතර එසේ නොකළහොත් අනිවාර්යයෙන්ම පානීය ජල ගැටලුවක් මතු වන බවද මහාචාර්යවරිය ප්‍රකාශ කරනවා. කෙසේ වෙතත් වැඩිදුරටත් අදහස් දක්වමින් මහාචාර්ය…
අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් සිදු නොවුණහොත් රටට අනාගතයක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ නුගේගොඩ අනුලා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට ඊ (16) එක්වෙමින්. මේ අතර කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සදහා පාසල් පද්ධතිය ඇතුළු සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය දැන් සිටම සූදානම් විය යුතු බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී ප්‍රකාශ කළා. එම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් එක්ව සිටියා.
ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ කන්කසන්තුරේ කර්මාන්ත ශාලාවේ සිටි හමුදාව ඉවත් කිරිමට උපදෙස් දුන් පිරිස ගැන විධිමත් විමර්ෂණයක් සිදුකර, සිදුව ඇති වංචාව ඔප්පු කළ යුතු බව සිමෙන්ති සංස්ථාවේ හිටපු සභාපති නීතිඥ ගාමිණී ඒකනායක පවසනවා. ඔහු පවසන්නේ කර්මාන්ත ශාලාවේ තිබූ රුපියල් බිලියන 2කට වැඩි වටිනාකමකින් යුතු යකඩ තොගයක් සොරකම් කර ඇත්තේ වත්මන් ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ අනුබල දීම මත බවයි. ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ කන්කසන්තුරේ කර්මාන්ත ශාලාවේ තිබූ රුපියල් බිලියන 2කට වැඩි වටිනාකමකින් යුතු යකඩ තොගයක් කපා ඉවත් කරගැනීමේ ජාවාරමක් සිදුව තිබෙනවා. සිමෙන්ති සංස්ථාවේ හිටපු සභාපති නීතිඥ ගාමිණී ඒකනායක මහතා සදහන් කරන්නේ වත්මන් ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර…
ආබාධ සහිත තැනැත්තන්ගේ සුබසාධනය වෙනුවෙන් වෙන්කර තිබු මුදල් වැඩිකිරීම පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. එම දීමනා මෙම වර්ෂයේ සිට වැඩිකිරීමට තීරණය කළ බවයි සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ. ආබාධිතවූවන්ගේ අධ්‍යාපන ආධාරය රුපියල් 10,000 සිට 20,000 දක්වා වැඩි කෙරෙන අතර ආබාධිතවූවන්ගේ ස්වයං රැකියා ආධාරය රුපියල් 25,000 සිට 40,000 දක්වා ඉහළ දමන බවයි වාර්තා වෙන්නේ. ආබාධිතවූවන්ගේ උපකරණ සඳහා දුන් රුපියල් 15,000 ආධාරය රුපියල් 35,000 දක්වා ඉහළ යන අතර ආබාධිතවූවන්ගේ නිවාස ඉදිකිරීම් සඳහා දුන් 250,000 ආධාරය රුපියල් ලක්ෂ 05 දක්වා වැඩි කෙරෙන බවයි සඳහන් වෙන්නේ. ආබාධිතවූවන්ගේ නිවාස අලුත්වැඩියා කිරීමට දුන් රුපියල් 150,000 ආධාරය රුපියල් 250,000 දක්වා ඉහළ දමන අතර ආබාධිතවූවන්ට වැසිකිළි ඉදිකර ගැනීමට ලබාදෙන…
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ අද (17) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවද සඳහන්. උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
සෙවණගල ප්‍රදේශයේ කුඩා නිවසක දී පාසල් සිසුවියක් මියගොස් තිබෙනවා. දැඩි අගහිඟකම් මධ්‍යයේ මොවුන් ජීවත් වී ඇති අතර පවුලේ දැඩි ආර්ථීක දුෂ්කරතා හේතුවෙන් කලකිරීමෙන් ජීවත්ව ඇති බවයි මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ. මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 16ක් වන සූරියආර ප්‍රදේශයේ පාසල් සිසුවියක්. දැරිය සෙවනගල රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ වනවිටත් ඇය මියගොස් සිටි බවයි වාර්තා වී ඇත්තේ. අප වාර්තාකරු සඳහන් කර සිටියේ මෙම දැරියගේ පියා මීට පෙර මියගොස් ඇති අතර මවට ද ස්ථීර ආදායමක් නොමැති බවයි. කෙසේ වෙතත් මීට පෙර ද මෙම දැරියගේ සහෝදරයකු ද මේ ආකාරයෙන්ම මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.