Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් හෙට උදෑසන 6.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. එම වැඩ වර්ජනය සඳහා වෛද්‍යවරුන් එක් නොවන බවද සඳහන් වෙයි. මුදල් අමාත්‍යාංශය සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම හෙතුවෙන් මෙම තීරණය ගත් බව එම වෘත්තීය සමිති පවසයි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (12) අලුයම අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබේ. අද අලුයම 2.50ට ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි 284 දරණ ගුවන් යානයෙන් නවදිල්ලිය බලා පිටව ගොස් ඇති ඒ මහතා පසුව අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතය. මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය වන ශ්‍රී ලංකා පොදු ජන එක්සත් පෙරමුණේ නව නිලධාරී මණ්ඩලය පත්කර ගැනීම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විදෙස් සංචාරයෙන් අනතුරුව සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ යටතේ නව සන්ධානයක් බිහිකිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව මෙහි ඉදිරි වැඩකටයුතු සඳහා නව නිලධාරී මණ්ඩලයක් පත්…
රජයේ වියදම පසුගිය වසරේදී රුපියල් බිලියන 1,300කට ආසන්න සංඛ්‍යාවකින් ඉහළ ගොස් ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසයි. ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ රජය පසුගිය වසරේදී අපේක්ෂා කළ වියදම් පාලනය සාර්ථක වී නොමැති බවය. “2023 වර්ෂය තුළ රජය ප්‍රධාන වශයෙන් අපේක්ෂා කළා රජයේ ආදායම වැඩි කරගැනීම මෙන්ම වියදම යම් ආකාරයකට පාලනය කර ගන්න. 2023 පළවෙනි මාස 11 තුළ ඉදිරිපත් කරලා තියෙන දත්ත විශේලේශනය කරලා බලනකොට අපට පැහැදිලි වෙනවා, රජයට අරමුණ කරා යාමට හැකි වෙලා නෑ කියලා. රජයේ බදු ආදායම වැඩි වෙලා තියෙන්නේ රුපියල බිලයන 900කට ආසන්න ප්‍රමාණයකින් නමුත් වියදම වැඩි වෙලා තියෙනවා…
මල්වතුහිරිපිටිය ප්‍රදේශයේදී ජංගම මුර සංචාරයක නිරතව සිටි සාජන්වරයකුට වෙඩි තබා පළා ගිය සැකකරු අද සවස බිංගිරිය ප්‍රදේශයේදී අනියම් බිරිය සමග තීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. සැකකරුගේ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගතව සිටි පොලිස් සාජන්වරයා කොළඹ ජාතිකරෝහලේදී මිය ගොස් ඇත අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු හතළිස් දෙකක් වයස ඇති පුද්ගලයෙකි. පොලිස් සැර්යන්වරයාට වෙඩි තබා රැගෙන ගිය පිස්තෝලය ගම්පහ යාගොඩ පාරේ කැලෑ ප්‍රදේශයක සඟවා තිබියදී සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. සැකකරු මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පුද්ගලයකු බව පොලිසිය පවසයි. සැකකරුගේ අනියම් බිරිය ගම්පහ ප්‍රදේශයේම පදිංචි කාන්තාවක වන අතර සාජන්වරයාට වෙඩි…
අම්පාර ඉකුත් දා ඇද හැලුනු ධාරානිපාත වර්ෂාව සමග දීඝවාපි ඔලුවිල් මාර්ගයේ කඩාගෙන ගිය ස්ථානයකින් ඓතිහාසික ගල් අතුරන ස්ථානයක් හමුවි තිබේ. දැනට වසර ගනනාවක සිට මෙම ස්ථානයෙන් ඔලුවිල් ඇතුලු ප්‍රදේශයට යෑමට දිඝාවාපි වැසියන් මෙන්ම ඔලුවිල් ප්‍රදේශයේ වැසියන්ද භාවිත කර තිබේ. පසුගිය දා ඇතිවු දැවන්ත වර්ෂාව සමග ගල්ඔය ගග පිටාර ගැලිමත් සමගම මෙම ස්ථානයේ මුලිමනින්ම කඩා ගෙන ගිය අතර ඉන් පසුව මෙම ඓතිහාසික ගල් හමුවි තිබෙන බව මාණිකක්මඩු විහාරාධිපති ය අඹගස්පිටියේ සීලරතන හිමියන් පැවසිය. අඹගස්පටියේ සීලරතන හිමියන් මාධ්‍යවේදින් සමග ගොස් මෙම ස්ථානය පරීක්ෂා කරනු ලැබිය. එහිදි ඉතා ක්‍රමවත්ව සකස් කරන ලද පිළිවෙළකට අතුරන ලද පුරාණ ගල් මෙම ස්ථානයේදි දැකගැනිමට හැකිවිය. මෙම ස්ථානයේ…
පාසල් සිසුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කරවා ගැනීම ඉලක්ක කර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සංවිධනාත්මකව කරගෙන යන කටයුතු පිළිබඳ සිහිබුද්ධියෙන් යුතුව විමර්ශන කරන්නැයි මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය පොලිස් නිලධාරීන්ට අවවාද කළාය. මත් පුවක් යොදා නිපදවා ඇති ‘මාවා” නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය පාසල් සිසුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කරවා ගැනීමේ මුල්ම පියවර බව පෙන්වා දුන් මහෙස්ත්‍රාත්වරිය රටේ අනාගතය වන පාසල් සිසුන් ඉන් බේරා ගැනීම සඳහා වහාම පියවර ගැනීමටද නියම කළාය. මෝදර මට්ටක්කුලිය මරදාන ආදී ප්‍රදේශ ආශ්‍රීතව මත් පුවක් යොදා නිපදවා ඇති ‘මාවා” නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය පැසල් අවට විකුණීමේ චෝදනවන් මත විත්තිකරුවන් කිහිප දෙනකුම අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය පොලිසියට එලෙස අවවාද කළාය. පොලිසිය අත්අඩංගුවට ගෙන…
ළමා අපයෝජන කිහිපයක් සිදුකළ වරදකරුවකුට එම සිදුවීම් සැඟවීමට උදව් කළ පුද්ගලයකුට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් එල්ල වන ජනතා විවේචන දිනෙන් දින වැඩි වීම හේතුවෙන් තමන් සිය ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව හංගේරියානු ජනාධිපති කැටලින් නොවැක් මහත්මිය ප්‍රකාශ කළාය. එම වරදකරුට සමාව ලබා දීම හේතුවෙන් හංගේරියාව තුළ ළමා අපයෝජකයන්ට කිසිඳු සමාවක් ලබා නොදෙන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනතාව තුල සැකයක් මතුව ඇති බවත් ජනාධිපති සමාව ලබා දීමේදී තාර්කිකව නොසිතීම තමන් කළ අත්වැරැද්දක් බවත් ඒ හේතුවෙන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවත් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ජනතාව අමතමින් නොවැක් මහත්මිය පැවැසුවාය. පසුගිය සිකුරාදා නොවැක් මහත්මියට සිය ජනාධිපති ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් දහස් සංඛ්‍යාත ජනතාවක්…
පසුගිය කාලයේත් අද දවසේත් විවිධ අවස්ථාවල දී පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය, නිදහස, දේශපාලනය කිරීමේ අයිතිය පැහැර ගැනීමේ ප්‍රධාන ආයුධය ලෙස විධායක ජනාධිපති බලතල පත්කර ඇති බැවින් විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනය විය යුතු බව සමගි ජන බලවේගය පක්ෂයක් ලෙස විශ්වාස කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීමේ මුවාවෙන් වත්මන් ජනාධිපතිවරයා ජනතාවගේ ජනවරම, ඡන්ද අයිතිය නැති කරන්න උත්සාහ කරනවා නම් එයට ඉඩ නොදෙන බවත් 2024 වසරේ පැවැත්වීමට ඇති ජනාධිපතිවරණය සහ මහමැතිවරණයත් අනිවාර්යෙන් සිදුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය. සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 91 වැනි අදියර යටතේ මැද කොළඹ ශාන්ත ආනා විද්‍යාලයට රුපියල්…
බිත්තරයක සිල්ලර මිල ලබන සතියේ රුපියල් 62 ත් 65 ත් අතර මුදලක් දක්වා ඉහළ දමන බව සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ සභාපති ඇන්ටන් අප්පුහාමි මහතා පැවසීය. තොග වෙළෙඳුන්ට ගොවිපොළොන් බිත්තරයක් රුපියල් 53 ක් හෝ 54 ක මිලකට ලැබෙන බව කී ඒ මහතා තොග වෙළෙදුන් බිත්තරයක් රුපියල් 58 ක් හෝ 59 කට සිල්ලර වෙළෙදුන්ට සපයන බවත් ඒ මහතා කීය. රුපියල් 53 ට හෝ 54 ලැබෙන බිත්තරයකට ප්‍රවාහන වියදම් රුපියලක් සහ තවත් රුපියල් 3 ක් එකතු කර සිල්ල්ර වෙළෙදුන්ට සපයන බව ඇන්ටන් අප්පුහාමි මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
සියලුම පොලිස් නිලධාරීන්ගේ ආහාර සහ නවාතැන් දීමනා අද (13) සිට වැඩි වනු ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වියානි ගුණතිලක මහතා ප්‍රකාශ කළේය. දීමනා වැඩිවීම අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වනු ඇති බවත් පළමු අදියරේ වැඩිවීම මාස හයක කාලයක් ක්‍රියාත්මක වනු ඇති බවත් එම මාස හය අවසන් වූ පසු දෙවන අදියර ඊළඟ මාස හයක කාලය තුළදී ක්‍රියාත්මක වනු ඇති බවත් අමාත්‍යංශ ලේකම්වරයා පැවැසුවේය.දෙවන අදියරේදී පළමු මාස හය සඳහා හිඟ දීමනාද සමඟ ඉහළ දීමනාවක් පොලිස් නිලධාරීන් වෙත ලැබෙනු ඇතැයි ගුණතිලක මහතා ප්‍රකාශ කළේය. පොලිස් කොස්තාපල් නිලයේ සිට සැරයන් නිලය දක්වා රුපියල් 2,340 ත් 4,230 ත් අතර දීමනාවේ වැඩිවීමක් ලැබෙනු ඇති බවත් උප පොලිස්…
