Author: LANKA24X7

තලවකැලේ, හින්දු කෝවිල අසල ගාල් කර තිබු ත්‍රිරෝද රථයක් තුළ බිලිඳියක් අතහැර දමා ගොස් තිබිය දී සොයා ගෙන තිබේ. පසුව එම බිලිඳිය ව ලිදුල ප්‍රාදේශීය රෝහල වෙත භාරදුන් බව තලවකැලේ පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය. ත්‍රිරෝද රථය දිනපතා කෝවිල අසල ගාල් කර තැබෙන බවත්, නගරයේ පිරිසිදු කිරීමට පැමිණි තලවකැලේ ලිදුල නගර සභාවේ සේවකයින් විසින් ත්‍රිරෝද රථය තුළ කුඩා දරුවෙකු හඬන ශබ්දය ඇසි ඒ පිළිබඳව සොයා බැලිමේදී ත්‍රිරෝද රථයේ පසුපස අසුනේ බිලිදියක් සිටින බවට දැක පොලීසිය දැනුවත් කර ඇත. බිලිඳිය දින 12 – 14ක පමණ වයසැති බව වාර්තා වෙයි. බිලිඳිය ත්‍රිරෝද රථය තුළ දමා ගිය අය පිළිබඳ ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ තලවකැලේ පොලීසිය…

Read More

බුත්තල – කතරගම පාරේ වනඅලින්ගෙන් වාහනවලට සිදුවන පහරදීම් වළක්වාලීමට හා වනඅලි පළවා හැරීමට වනජීවි දෙපාර්තමේන්තුව ජංගම රථ යොදවා තිබේ. එම මාර්ගයේ දී වනඅලි පහරදීම් හේතුවෙන් වාහනවලට අනතුරු සිදුකරන අවස්ථා දක්වමින් මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ ප්‍රවෘත්ති පිළිබඳ අවධානය යොමුකරමින් එම තීරණය ගෙන ඇත. ඒ අනුව මෙමම තත්ත්වය වළක්වාලීම සඳහා කෙටිකාලීන වැඩපිළිවෙලක් කඩිනමින් ආරම්භ කරන ලෙස වනජීවි අධ්‍යක්ෂ‍ෙජනරාල්වරයාට අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද උපදෙස් ලබාදී තිබේ. ඒ අනුව පසුගිය දින 04 පුරාම පෙරවරු 5.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා යාල ගල්ගේ වන අඩවි කාර්යාලයේ නිලධාරීන් සහ වාහන යොදවා බුත්තල – කතරගම පාරේ රැඳී සිටින වනඅලින් වනාන්තරයට පළවා හැරීමටත්, වාහනවලට අනතුරු සිදුකිරීම…

Read More

මොනරාගල පොලීසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර මහතා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කාර්යාලය පැවසුවේ, ඔහු භාරයේ තිබී ගංජා පැළ 350ක් හා පොළව අභ්‍යන්තරයේ ඇති දෑ නිරීක්ෂණය කළ හැකි උපකරණයක් ද සොයාගත් බවය.

Read More

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ තුන්වැනි වටයේ සාකච්ඡා අදින් (09) ආරම්භ වීමට නියමිතව තිබේ. ඊට සහභාගීවීමට තායිලන්ත වෙළෙඳ සාකච්ඡා දෙපාර්තමේන්තුවේ, අධ්‍යක්ෂ ජනරාල් අවුරමන් සුප්තාවිතුම් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් 26දෙනෙකුගෙන් සමන්විත විශේෂ නියෝජිත කණ්ඩායමක් ඊයේ (08) දිවයිනට පැමිණියේය. ඒ අනුව දෙරට අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ තුන්වැනි වටයේ සාකච්ඡා අද සහ හෙට (10) යන දින දෙක තුළ කොළඹදී පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය. භාණ්ඩ වෙළෙඳාම, සේවා වෙළෙඳාම, ආයෝජන, ප්‍රභවස්ථාන රීති, රේගු සහයෝගීතාව හා වෙළෙඳාම් පහසුකරණය සහ ආර්ථික සහයෝගීතාව යන ක්ෂේත්‍ර පිළිබඳව එහිදී විශේෂ අවධානයක් යොමුකිරීමට නියමිතය. තායිලන්තයට වාසිදායක වෙළෙඳ ශේෂයක් පවතින පසුබිමක් තුළ මෙම…

Read More

බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සහ බස් සංගම් අතර විශේෂ සාකච්ඡාවක් අද (09) පැවැත්වේ. අද පෙරවරු 10.00ට ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ දී මෙම හමුව පැවැත්වෙන බව වාර්තා වේ. බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙක් මෙතෙක් ගෙන ඇති තීරණ සහ තවදුරටත් ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතුද යන්න පිළිබඳ මෙහිදී අවසන් තීරණයක් ගැනීමට නියමිත බවය. කෙසේවෙතත් අද පැවැත්වෙන සාකච්ඡවෙන් අනතුරුව බස් ගාස්තු අඩු කිරිමක් අපේක්ෂා කළ නොහැකි බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අන්ජන ප්‍රියන්ජිත් මහතා පවසයි.

Read More

චීන රජය විසින් මෙරටට ලබාදුන් ඩීසල් තොග, වී ගොවීන් සඳහා නොමිලේ බෙදාහැරීමේ කටයුතු අද (09) සිට කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් මත මෙරට කෘෂිකර්මාන්තය හා ධීවර කර්මාන්තයේ යෙදී සිටින ජනතාව වෙනුවෙන් ඩීසල් ලීටර් මිලියන 10.06ක තොගයක් චීන රජය විසින් පරිත්‍යාග කර තිබුණි. එම ඉන්ධන වී වගා කරන ගොවි ජනතාව වෙත නොමිලයේ බෙදාහැරීම් කටයුතු අද සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ.එම්. එච්. එල්. අබේරත්න මහතා පවසයි. ඉන්ධන තොගය එක් එක් ගොවීන්ට විශේෂ වවුචරයක් මගින් ඔන්ලයින් ක්‍රමයට ලබා දීමට සැළසුම් කර ඇති අතර එකී වවුචර පත නිල වශයෙන් නිකුත් කිරීම අද පෙරවරු…

Read More

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම අද (09) පැවැත්වීමට නියමිතව තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ කැබිනට් මණ්ඩලය රැස්වීමට නියමිතය. සියයට 65කින් විදුලි ගාස්තු ඉහළ දැමීමට අදාළ යෝජනාව අද දිනයේ කැබිනට් මණ්ඩලය විසින් සාකච්ඡා කිරීමට නියමිතව තිබේ. කැබිනට් මණ්ඩල අනුමැතියෙන් අනතුරුව එම යෝජනාව මහජන උපයෝගිතා කොමිසම වෙත යොමු කිරීමට නියමිත බව වාර්තා වේ. විදුලි ගාස්තු ඉහළ දැමීමට අදාළ යෝජනාව පසුගිය කැබිනට් හමුවේ දී සාකච්ඡාවට ලක්කිරිමට නියමිතව තිබුණද එය මෙම සතියේ දී සාකච්ඡාවට ලක්කිරීමට තීරණය කර තිබුණි. මේ අතර විදුලි බිල වැඩි කිරීමට එරෙහි මහජන පෙත්සම ලබන අද දිනයේ මහජන උපයෝගීතා කොමිසමට භාරදෙන බව විදුලිය පාවිච්වි කරන්නන්ගේ සංගමය පවසයි. මේ වන…

Read More

උපකාරක පන්තියකට සහභාගි වූ වයස අවුරුදු 10 ක ගැහැණු දරුවකුට බරපතළ ලිංගික අතවරයක් සිදු කළ බවට සැකපිට පාසල් ගුරුවරයකු හොරොව්පොතාන ප්‍රදේශයේ දී ඊයේ (08) සවස අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කහටගස්දිගිලිය ගුරුවරුවරයෙකි. සැකකරුටද එවැනිම වයසේ දියණියක් සිටින බව පොලිසිය කියයි. අතවරයට ලක්වූ දැරිය ද සැකකාර ගුරුවරයා විසින් පැවැත්වු එම උපකාරක පන්තියට සහභාගි වී ඇති බව පවසන පොලිසිය එහිදී මෙම අතවරය සිදුවී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද කියයි. පන්තිය පැවති අවස්ථාවේ දී තමන් අතවරයට ලක්කළ බව දැරිය විසින් එදිනම නිවසට පැමිණ මව්පියන්ට පවසා ඇති බවත් දැරියගේ මව්පියන් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග නොගෙන නිහඬව…

Read More

රාජකාරි කරන මුවාවෙන් කැකිරාව ප්‍රදේශයේදී රුපියල් ලක්‍ෂ 30 ක් කොල්ලකෑමේ සිද්ධියකට සැක පොලිස් සැරයන්වරයෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කීපයක් යොදවා ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. හලාවත පොලිසියේ සේවය කරන්නේ යැයි කියන අදාල පොලිස් සැරයන්වරයා ඇතුළු පුද්ගලයන් 5 දෙනෙකු මෙම කොල්ලය කර ඇති බවත් එම කොල්ලයට සම්බන්ධ පුද්ගලයකු මකුලුගස්වැව පොලීසිය මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇති බවත් එම නිලධාරියා කීය. සැකකාර පොලිස් සැරයන්වරයා ජනාකීර්ණ නොවන මාර්ගවල රථවාහන රාජකාරි කරන මුවාවෙන් වාහන පරීක්‍ෂා කර වාහන කොල්ලකෑමේ නිරතව ඇති බවත් එම ක්‍රියාවලියේදීම මෙම ලක්‍ෂ 30 ක කොල්ලය කර ඇති බවත් එම නිලධාරියා සඳහන් කළේය.

Read More

විශාල මුදලක් වැය නොකර පෙබරවාරි මස නිවාඩුවක් ගත කිරීම සඳහා ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම රට ශ්‍රී ලංකාව බව එක්සත් රාජධානියේ අයි නිව්ස් වෙබ් අඩවිය පෙන්වා දී ඇත. වෙනත් රටකට ගොස් නිවාඩු ගත කිරීමට බලාපොරොත්තුවෙන් සිටින සංචාරකයන් වෙනුවෙන් මෙම වසරේ මාස 12 සඳහා විශාල මුදලක් වැය නොකර හොඳ සේවාවක් ලබා ගත හැකි රටවල් 12 ක් අයි නිව්ස් වෙබ් අඩවිය නම් කර තිබේ. ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සැමරුම පෙබරවාරි 4 වැනිදාට යේදී තිබීම හේතුවෙන් රටපුරා සැමරුම් උත්සව පැවැත්වෙනු ඇතැයි එම වෙබ් අඩවිය වාර්තා කර ඇත. එසේම ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර මිල පෙබරවාරි මාසයේ පහළ මට්ටමක පවතින බවත් ඉකුත් වසරේ අප්‍රේල් මස…

Read More