Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පාසලේ දී ලියන මේසයක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස් වීමක් හේතුවෙන් පාසල් සිසුවෙකුට පහර දුන් බව කියන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇති බව මැල්සිරිපුර පොලීසිය පවසයි. ඊයේ (14) වැනි දා සවස මැල්සිරිපුර – උදම්පිට ප්‍රදේශයේ දී මෙම පහර දීම සිදු වී ඇත. පහර කෑමට ලක් ව ඇත්තේ, මැල්සිරිපුර – කැන්දලව – විහාරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන වයස අවුරුදු 15ක සිසුවෙකි. ඔහු රිදීගම – උදම්මිට මහා විද්‍යාලයේ 11 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිට තිබේ. ඊයේ තමන් පාසලේ පැවති වාර විභාගය අවසන් වී නිවස බලා යමින් සිටින විට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ආරක්ෂිත හිස් වැසුමකින් සහ උණ බටයකින් තමන්ට පහර…
සංචාරක ඇෆ්ගනිස්තාන් පිලට එරෙහිව පැවැති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 3-0 කින් ජය ලැබීමට ශ්‍රී ලංකා පිල ඊයේ (14) රාත්‍රී සමත් විය. මහනුවර, පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ අද පැවැති තෙවැනි සහ අවසන් තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 7 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ. ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 267 ක ඉලකක්ය ඕවර 35.2 කදී කඩුලු 3 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ. පැතුම් නිස්සංක තවත් අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 101 කදී හතරේ පහර 16 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 118 ක් රැස්කිරීමට සමත් විය. අවිෂ්ක ප්‍රනාන්දු ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 66 කදී ලකුණු 91 ක්…
වස ශරීරගත වූ පියකු සහ පුතකු මියගොස් ඇතැයි අඟුණකොලපෑලැස්ස පොලිසිය කියයි. සිය පුතුට වස පොවා පියා ද වස පානය කොට මිය යන්නට ඇතැයි පොලිසිය සැකකරයි. ඊයේ සවස මෙම අවාසනාවන්ත සිද්ධිය සිදුව ඇතැයි අගුණකොළපෑලස්ස පොලිසිය පවසයි. පනස් වැනි වියේ පසු වූ පියා 20 හැවිරිදි වියේ පසු පුතුට බලහත්කාරයෙන් වස පොවා ඇති බවට තොරතුරු ලැබී ඇත. පියා මානසික ආබාධයකින් පෙළෙන්නකු බවද දැනගන්නට තිබේ. මිය ගිය පිය පුතු දෙදෙනාගේ සිරුරු අගුණ කොළපෑලස්ස දිස්ත්‍රික් රෝහලේ තැන්පත් කොට ඇති අතර පොලිස් විමර්ශන කටයුතු මේ වන විට ආරම්භ කොට තිබේ.
පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වය බාර ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ කාර්යාලය සඳහන් කරයි. පසුගිය දින කිහිපය පුරා ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ජනාධිපති අපේක්ෂකවරුන්ට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබා දෙන බවට පලවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බවද හිටපු ජනාධිපතිනිය කියන්නීය. මේ වන තුරු කිසිදු අපේක්ෂකයකුට සහාය ලබා දීමට තීරණය කර නැතැයි ද හිටපු ජනාධිපතිනී කාර්යාලය පවසයි.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ වර්තමාන යෝජනාව දේශපාලන තක්කඩිකමක් බවත් විධායක ජනතාපති ධූරය අත්තොනෝමතික යැයි මීට පෙර සිටි සියලුම නායකයන්ට වඩා වර්තමාන ජනාධිපතිවරයා ඔප්පු කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (14) පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා නාවල පිහිටි නිදහස ජනතා සභා ප්‍රධාන කාර්යාලයේදී ඊයේ පැවැති මාධ්‍ය හමුවේදි එසේ පැවසීය. එම යෝජනාව ජනාධිපතිවරණය මඟ හැරීමට සමාජ මතයක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලියක් වුවත් එය කළ නොහැකි දෙයක් බවත් ආණ්ඩුව වාද අවකාශය පිරවීම සඳහා මෙවැනි දේ ඉදිරිපත් කර ඇති බවත් ඒ මහතා කීය. ආණ්ඩුවට කිසිලෙසක වංගු ගැසීමට ඉඩ තැබිය නොහැකි බව කී ඩලස් අලහප්පෙරුම මහතා වර්තමාන ජනාධිපතිවරයාගේ මාමාගේ පාලන කාලයේ…
ගුවන් හමුදාවට වසර 73 ක් සපිරීම නිමිත්තෙන් මිලියන 125ක ප්‍රජා සත්කාර වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර ඇති බව ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතා පැවැසීය. ගුවන් හමුදාපතිවරයා ඒ බව පැවැසූවේ ඊයේ (14) ගුවන්හමුදා මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී අදහස් දැක්වූ ගුවන්හමුදාපතිවරයා මෙසේද පැවැසීය. 1951 වසරේ මාර්තු 2 වැනි දින රාජකීය ලංකා ගුවන් හමුදාව ආරම්භ කිරීමත් සමග ශ්‍රී ලංකා ගුවන්හමුදාව ස්ථාපිත වුණා. ඒ අනුව ලබන මාර්තු මස 2 වැනි දිනට ගුවන් හමුදාවට 73 වසරක් සපිරෙනවා. එයට සමගාමීව ‘වින්ග්ස් ඔෆ් ෆ්රෙන්ඩ්ෂිප්‘ හෙවත් මිත්‍රත්වයේ පියාපත් නමින් ප්‍රජා සත්කාර වැඩසටහන් ව්‍යාපෘති කීපයක් උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ…
සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයට පෙර සියලුම අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල ගණන් අඩු කර ජනතාවට සහන සැලසීම සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය සාකච්ඡා කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. බොහෝ ආනයනික භාණ්ඩ වලට පනවා ඇති බදු ඉවත් කිරීම හා අඩු කිරීම සම්බන්ධව රජයේ අවධානය යොමු කර ඇතැයි ද ඉදිරි කාලයේ කිස්සේත්ම මිල වැඩිවීම් නැති අතර තිබෙන්නේ මිල අඩු කිරීම් පමණක් යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. පාවිච්චි කරන ලද පොල්තෙල් ආනයනය සීමා කිරීම හා දේශීය පොල්තෙල් නිෂ්පාදන වල තත්ත්වය උසස් කිරීම පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී ඊයේ (14)පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙි බව කීය.
ඉන්දු-ලංකා හවුල්කාරීත්වයක් මගින් මෙරට රාජ්‍ය අංශයේ ධාරිතාව ඉහල නැංවීමේ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා මෙම පියවර ගන්නා බවද ජනාධිපති කාර්යාලය කියයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය නිල සංචාරයේදී වූ එකඟතාවය පරිදි මේ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙයි. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදාල ජ්‍යෙෂ්ඨ මට්ටමේ සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා රජයේ ආරාධනය පරිදි ඉන්දියාවේ යහපාලනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ (National Center for Good Governance, India) අධ්‍යක්ෂ ජනරාල් භාරත් ලාල් මහතා ශ්‍රී ලංකාවට පැමිණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී සාකච්ඡා පැවැත්වූ බව ජනාධිපති කාර්යාලය පවසයි. මෙරට රාජ්‍ය සේවයේ ඵලදායී වෙනසක් ඇති කිරීම…
සීත කාමරවල සිට සංවර්ධන ව්‍යාපෘති කිරීමේ ප්‍රතිපත්තියෙන් වත්මන් ආණ්ඩුව ඉවත් වී ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. ජනතාවගේ අදහස් ලබා ගනිමින් ජනතා අවශ්‍යතාවය මත පමණක් සංවර්ධන ව්‍යාපෘති සිදු කරන බවද රණතුංග මහතා කීය. ඒ අනුව සෑම ගම්මානයක්ම සංවර්ධනය කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවද අමාත්‍යවරයා සඳහන් කළේය. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව කීවෙි කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී “කදුකර දශකය” සංවර්ධන වැඩසටහන පිළිබඳව නිළධාරීන් දැනුවත් කිරීමේ අවස්ථාවට ඊයේ (14) දින සහභාගී වෙමින්. කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී එම රැස්වීම පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා ඉන්දු – ශ්‍රී ලංකා හවුල්කාරිත්වය මඟින් මෙරට රාජ්‍ය අංශයේ ධාරිතාව ඉහළ නැංවීමේ වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා සිදු කළ ඉන්දීය නිල සංචාරයේ දී දෙරට අතර සබඳතා නව ක්ෂේත්‍ර ඔස්සේ ශක්තිමත් කර ගැනීමට දෙරටේ නායකයන් එකඟ වූ අතර, විශේෂයෙන් දෙරටේ ජනතාව අතර සබඳතා ප්‍රවර්ධනය කිරීම කෙරෙහි එහි දී ප්‍රමුඛ අවධානයක් යොමු ව තිබිණි. මේ වන විට ඉන්දියාව සිවිල් සේවාවන්හි ධාරිතාව ගොඩනැංවීම උදෙසා දැවැන්ත වැඩසටහනක් දියත් කර ඇති අතර, රාජ්‍ය අංශයේ ධාරිතාව ගොඩනැංවීමේ ඉන්දු – ශ්‍රී ලංකා හවුල්කාරිත්වය මඟින් මෙරට රාජ්‍ය ආයතන පද්ධතිය…
