Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්ද ලක්ෂ 100 ක් ලබාදී ජනපති පුටුවේ වාඩි කරවීම සඳහා පෙළ ගැසෙන්නැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. කවුරුත් එකතු වුණොත් ඒ කාර්යය කළ හැකි බවද අබේවර්ධන මහතා කීය. රනිල් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත්ව අගමැති වී ඉන් පසු ජනපති වන බව තමා වසරකට පෙර අනාවැකි කියා තිබූ බව කී අබේවර්ධන මහතා මීළඟ ජනාධිපතිවරණයේදී ඉතිහාසයේ වාර්තා ගත වැඩි ඡන්ද ප්‍රමාණයක් ගෙන රනිල් වික්‍රමසිංහ නියත වශයෙන්ම නැවතත් ජනාධිපති ධුරයට පත් වන බව ද සඳහන් කළේය.
පවතින වැසි සහිත කැලෑගුණික තත්වයක් සමග ඩෙංගු උණ රෝගය නැවත තදින් පැතිර යාමේ අවදානමක් ඇතැයි ජාතික ඩෙංගු මර්දන වැඩ සටහන් සඳහන් කරයි. ඔක්තෝබර් මාසයේදී මෙරටින් ඩෙංගු උණ රෝගීන් 2339 දෙනකු හමු වී ඇති අතර වැඩිපුර ඩෙංගු රෝගීන් වාර්තාවන්නේ බස්නාහිර පළාතෙන් බව ද ඩෙංගු මර්ධන වැඩ සටහනේ දත්ත වාර්තා සඳහන් කරයි. කොළඹ දිස්ත්‍රික්කයෙන් 14070ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් 13742ක් කළුතර දිස්ත්‍රික්කයෙන් 4307ක් ආදී වශයෙන් බස්නාහිර පළාතෙන් ඩෙංගු උණ රෝගීන් හමුවී තිබෙන බව ද එම දත්ත වාර්තාවල සඳහන් වේ. නිවෙස් අවට සහ කාර්යාල,පාසල් අවට පරිශ්‍ර පිරිසිදුකර ගැනීමට උනන්දු විය යුතු බව ද ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ වෛද්‍යවරු පවසති.
සෑම ආගමකටම සමානව සැලකීම සහ සෑම පුරවැසියෙකුටම සමාන අයිතිවාසිකම් ලබාදීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඊශ්‍රායල – හමාස් ගැටුමේ දී පලස්තීන ජනතාව ගොදුරක් කර ගැනීම තමා කිසිසේත් අනුමත නොකරන බවත්, ගැටුම් නවත්වා එම ප්‍රදේශවල සාමය ස්ථාපිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ගෙන යන වැඩපිළිවෙළට තම පූර්ණ සහාය ලබාදෙන බවත් ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (22) මන්නාරම මුසලි ජාතික පාසල් ක්‍රීඩාංගණයේ පැවති ජාතික මීලාදුන් නබි උත්සවය අමතමිනි. ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව මෙය සංවිධානය කර තිබිණි. ජාතික මීලාදුන් නබි සැමරුම 2023 වෙනුවෙන් සමරු මුද්දරයක්…
හමාස් සටන්කාමීන් පසුගිය 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයේදී මිය ගිය අනුලා ජයතිලක මහත්මියගේ දේහය හඳුනා ගැනීම සඳහා ඩී.එන්.ඒ පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. ඩී.එන්.ඒ පරීක්ෂණය කිරීම සඳහා අනුලා ජයතිලක මහත්මියගේ දරුවන් දෙදෙනාගේ සහ නැගණියගේ ඩි.එන්.ඒ සාම්පල ඊශ්‍රායලයට ලබා දෙන ලෙස ඉල්ලීමක්ද කර තිබෙන බව තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් සකස් කිරීම සහ ඔවුන්ගේ වරප්‍රසාද තීරණය කිරීම,චර්යා ධර්ම කඩකිරීම් පිළිබඳව සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා වෙනම අධිකාරියක් පිහිටුවීමට රජය තීරණය කර ඇත. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ( 23) ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම අධිකාරිය විශ්‍රාම විනිසුරුවරුන් පිරිසකගෙන් සමන්විත වේ. රුපියල් කෝටි 8ක රත්රන් නීති විරෝධීව රැගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන් දඩ නියමවූ අලිසබ්‍රි රහීම් මන්ත්‍රීවරයාගේ එම සිද්ධියෙන් පසු මෙම අධිකාරිය පිහිටුවීම සඳහා රජයේ අවධානය යොමුවීඇත. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග, චර්යා ධර්ම සංග්‍රහය අනුගමනය කරමින් කටයුතු කිරීමට මෙම අධිකාරියට එම පනතින් අවස්ථාව සැලසෙන බව සඳහන් වේ.
ඊසාන දිග මෝසම් කාළගුණික තත්ත්වය හේතුවෙන් ඉන්දු ලංකා මගී ප්‍රවහන නෞකා සේවයේ පලමු අදියරේ මෙහෙයුම් කටයුතු අවසන් කළ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියයි. ඊසාන දිග මෝසම් කාළගුණික තත්ත්වය සමනයවු පසු ලබන ජනවාරි සිට යලි මගී ප්‍රවහන සේවා මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කන්කසන්තුරේ වරායේ මෙහෙයුම් භාර නිලධාරි සමන් පෙරේරා මහතා පැවැසීය. “චෙරියපාණි” නැමැති මෙම නෞකාවෙන් එකවර මගීන් 150 කට ගමන් කළ හැකි අතර ඉන්දියාවේ නාගපට්ටනන් වරායේ සිට ලංකාවේ කන්කසන්තුරේ වරාය දක්වා මගි ප්‍රවහන මෙහෙයුම් ආරම්භ කරණු ලැබුවේ වසර 41 කට පසුව ඉකුත් ඔක්තෝබර් 14 වෙනිිිදාය. මේ අතර මගී ප්‍රවහන මෙහෙයුම්වලට අමතරව ඉදිරියේදි දෙරටේ භාණ්ඩ ප්‍රවහන…
හෙරෝයින් මත් කුඩු හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්රෑම් 212 ක තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී දෙවිනුවරට ඈත මුහදේදී සැකපිට අත්අඩංගුවට ගත් බහු දීන යාත්‍රාවේ සිටි ධීවරයන් පස් දෙනාගෙන් අයකු ගොඩබිමට රැගෙන එන විට මුහුදට පැන ගොස් ඇති බව නාවික හමුදා ආරංචි මාර්ග සදහන් කරයි. දෙවිනුවර ධීවර වරාය ආසන්න මුහුදේ දී ඔහු සමග දෙදෙනකු මුහුදට පැන ඇති අතර එක් ධීවරයකු නාවික හමුදා නිලධාරීන් විසින් දැඩි පරිශ්‍රමයක් යොදා බේරා ගෙන මාතර මහ රෝහල වෙත ඇතුළත් කර සිටී. ඒ අනුව රුපියල් මිලියන 4000 කට අධික වටිනාකමකින් යුත් එම මත්ද්‍රව්‍ය තොගය හා සැකකරුවන් සිව් දෙනකු සමග අත්අඩංගුවට ගනු ලැබු “ජය සහන්” නැමැති බහු දින යාත්‍රාව…
ජාත්‍යන්තර මටිටමින් ක්‍රීඩා තරග පැවැත්විය හැකි ආකාරයට රුපියල් කෝටි 75 ඇස්තමෙින්තු මුදලක් වැයකරමින් බිංගිරිය මහජන ක්‍රීඩා භූමියේ ඉඳිකෙරෙන ගෘහස්ථ ක්‍රීඩාගාරය දැනට වසර පහක පමණ කාලයක සිට කැලෑවට යට වෙමින් පවතී. මෙම ක්‍රීඩාගාරය විශාල පිහිනුමි තටාකයකින් සමන්විත වන අතර කාමර විශාල ප්‍රමාණයකින් යුක්ත නේවාසිකාගාරයක්, විවෙිකාගාරයක් ක්‍රීඩා නැරඹුමිගාර සංකී්රණයක් ඇතුලු පහසුකමි රැසකින් යුක්ත වේ. 2017 වසරේ යහපාලන රජය පැවැති කාලයේ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යවරයකු වු දයාසිරි ජයසේකර මහතාගේ ආරාධනයෙන් රජයේ මැති ඇමතිවරුන් රැසකගේ සහභාගිත්වයෙන් මුල්ගල් තබා මෙහි ඉඳිකිරීමි කටයුතු ආරමිභ කළේය. පිහිනුමි තටාකයේ වැඩ අවසන් කිරීමට ඉතිරිව තිබී ඇත්තේ බිමට ටයිල් කැට ඇල්ලීම පමණි. පිහිනුමි තටාකයට පමණක් වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ…
ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, කැනඩාව සහ ඉතාලිය එක් වී විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ තම සහාය ඊශ්‍රායලයට හිමිවන බවය. එසේ වුවත්, හමාස් සටන්කාමීන්ට එරෙහි සටනේ දී, ඊශ්‍රායලය ජාත්‍යන්තර මානුෂීය නීති අනුගමනය කරමින්, සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට පියවර ගතයුතු යැයි ද බටහිර ලෝක බලවතුන් ඊශ්‍රායලයට දැනුම් දී තිබේ. (අල් ජසීරා)
රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගතකිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, පවතින ආර්ථික අර්බුදයට විසඳුම් ලබාදීම සඳහා පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගතකිරීමේ වැඩපිළිවෙළ මේ වනවිට සාර්ථක ව සිදු කරමින් පවතින බවයි. අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කළේය. එහි දී මෙරට විදෙස් ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අවශ්‍ය සාකච්ඡා මේ වනවිට සිදු වෙමින් පවතින බව ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.