Author: LANKA24X7

රට තුළ මේ වන විට පවතින කීරි සම්බා සහ සම්බා සහල් හිඟය සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා අද (15) අදහස් දැක්වීමක් සිදු කළේය. එහිදී අදහස් දක්වමින් සභාපතිවරයා පැවසුවේ මේ සම්බන්ධව තොරතුරු පාරිභෝගික කටයටුතු පිළිබඳ අධිකාරියට ලැබුණු බවත් සිදුකළ සොයා බැලීමකදි එවැනි සහල් හිඟයක් සම්බන්ධව අධිකාරියට කරුණු අනාවරණය වූ බවත්ය. කෙසේ නමුත් ගැසට් පත්‍රයක් මගින් සහල් සඳහා පාලන මිලක් නියම කර ඇති බවත් එම මිලට වඩා වැඩි මිලකට සහල් අලෙවි කරන්නේ නම් පවත්නා නීතිය යටතේ අවශ්‍ය නීතිමය කටයුතු සිදුකිරීමට අධිකාරිය පියවර ගනු බවය. මේ හේතුවෙන් ගැසට් පත්‍රයට අනුකූල ලෙස කටයුතු කළ හැකි පරිදි වී මිලදී ගැනීම් ක්‍රියාවන්…

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ 75 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙන් පසුගිය පසුගිය මස 29 වැනි දින නිකුත් කරන ලද රුපියල් 2000සේ සමරු නෝට්ටුව සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ නව මුදල් නෝට්ටුව පහසුවෙන් මුදල් සංසරණයට අනුගත කිරීම සඳහා, බලපත්‍රලාභී වාණිජ බැංකු ඔවුන්ගේ මුදල් හැසිරවීමේ යන්ත්‍ර ක්‍රමාංකනය කිරීමේ (Calibration) ක්‍රියාවලියක යෙදී සිටින බවය. මෙම ක්‍රියාවලියේ ප්‍රගතියට අනුකූලව, නව මුදල් නෝට්ටුව බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා ක්‍රමයෙන් මුදල් සංසරණයට නිකුත් කරනු ලබන බවද ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී තිබේ. ක්‍රමාංකනය කිරීමේ ක්‍රියාවලිය අවසන් වීමත් සමඟ නව මුදල් නෝට්ටුව සියලුම බැංකු මාධ්‍යයන් හරහා මුදල් සංසරණයට අනුගත වීම…

Read More

අයථා ලෙස රුපියල් මිලියන 97කට අධික වටිනාකමකින් යුත් වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ බෑනාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු ඇති නඩුව ඔක්තෝබර් 01 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කළේය. ඒ මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය. මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේ විත්තිය විසින් ඉල්ලා සිටි ලේඛන අතුරින් කිහිපයක් අල්ලස් කොමිසම විසින් විත්ති පාර්ශවයට විවෘත අධිකරණයේදී භාර දෙනු ලැබීය. තවදුරටත් ලේඛන අවශ්‍ය නම් ඒවා අද දින සිට සති දෙකක් ඇතුළත අධිකරණයට දැනුම් දෙන ලෙස එහිදී අධිකරණය විසින් විත්ති පාර්ශවයට නියම කර ඇත. ඉන් අනතුරුව නඩුව යළි…

Read More

මොරගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදුකළ මෙහෙයුමකදී ඇත් දළ යුගලක් සන්තකයේ තබාගෙන සිටි විශ්‍රාමික යුධ හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විශ්‍රාමික යුධ හමුදා සෙබලෙකු වන හල්මිල්ලවැව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකි. මොරගොඩ පොලීසියට ලද තොරතුරක් අනුව මොරගොඩ හල්මිල්ලෑව ප්‍රදේශයේදි සිදුකළ මෙහෙයුමකදී එම ඇත් දළ යුගලය සොයා ගෙන ඇති බව වාර්තා වේ. සැකකරුට අයිති හේන් බිමක රොඩු ගොඩක් යට ඉතා සුක්ෂම ලෙස සඟවා තිබියදී එම ඇත් දළ යුගලය සොයා ගැනීමට පොලිසිය සමත්ව ඇති අතර එම ඇත් දළ යුගලය අඩියක් පමණ දිගකින් යුක්ත වන බව පොලිසිය සඳහන් කළේය. පොලීසිය සිය භාරයට ගෙන ඇති ඇත් දළ යුගලය හා සැකකරු…

Read More

ලංකා විදුලි බලමණ්ඩලය කොටස් හතරකට වෙන් කිරීමට එරෙහිව අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (15) සිට තීව්‍ර කරන බව විදුලි බල මණ්ඩල සේවක සංගම් පවසයි. පසුගිය සතියේ ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අදියර තුනක් ලෙස සිදුකිරීමට ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඇතුළු අනෙකුත් සංගම් තීරණය කර තිබුණේය. ඒ අනුව එහි පළමු අදියර ලෙස අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරනු ලැබීය. පසුගිය 4 වනදායින් ආරම්භ කළ වර්ජනය සදහා අදට දින 11ක් ගතවුවද මෙතෙක් බලධාරීන් සිය ගැටලුවලට විසදුම් ලබා දීම වෙනුවෙන් සාකච්ඡාවක් හෝ ලබා දීමට අපොහොසත් වී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කළේය. එම සංගමය වැඩිදුරටත් පවසා සිටියේ…

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ප්‍රකාශයට පත් කළ නවතම විස්සයි20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 7 වන ස්ථානය දක්වා එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබේ. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයේදී බංග්ලාදේශයට එරෙහිව ලැබූ ජයග්‍රහණයත් සමඟ මෙලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියට පැමිණ ඇත. ඒ අනුව 7 වන ස්ථානයේ රැදී සිටි පාකිස්තාන කණ්ඩායමට 8 වන ස්ථානය දක්වා පියවරක් පසුබැසීමට සිදුව ඇත. වත්මන් ශ්‍රේණිගත කිරීම අනුව ඉන්දීය කණ්ඩායම තවමත් අංක එක රැකගෙන සිටියි. එහි දෙවන ස්ථානය ඔස්ට්‍රේලියාවටත්, තෙවන ස්ථානය එංගලන්තයටත් හිමිව ඇත.

Read More

මිද්දෙණියෙන් සොයාගත් අයිස් ඖෂධ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා බව කියන රසායනික ද්‍රව්‍ය අඩංගු බහාලුම් වාර්තාව පොලීසිය වෙත භාර දී තිබේ. ඒ මේ සම්බන්ධ ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලය විසින් සිදුකළ විමර්ශනයෙන් අනතුරුවය.

Read More

2026 වර්ෂය තුළ අනුගමනය කළ යුතු පාසල් වාර සටහන අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ. ඒ අනුව, සිංහල හා දෙමළ පාසල් සඳහා පළමු වාරයේ පළමුවන අදියර ආරම්භ වන්නේ, 2026.01.01 බ්‍රහස්පතින්දා සිට 2026.02.13 සිකුරාදා තෙක්ය. පළමු වාරයේ පළමු වන අදියරයේ නිවාඩු ලබාදෙනු ලබන්නේ 2026.02.14 සිට 2026.03.02 වනදා තෙක් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ පාසල් වාර සටහනේ දැක්වෙයි. ඉන් අනතුරුව පළමු වාරයේ දෙවන අදියරය 2026.03.03 අඟහරුවාදා සිට 2026.04.10 සිකුරාදා තෙක් පැවැත්වෙයි. පළමු වාරයේ දෙවන අදියරය සඳහා නිවාඩු ලබාදෙනු ලබන්නේ, 2026.04.11 සිට 2026.04.19 වනදා තෙක්ය. දෙවන පාසල් වාරය 2026.04.20 සඳුදා සිය 2026.07.24…

Read More

කොළොම්බියාවේ කෝකා හි නීති විරෝධි රත්‍රං පතලක් කඩාවැටීමෙන් පුද්ගලයින් 7 දෙනෙකු ඒ තුළ සිරවී සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි. පසුගිය බ්‍රහස්පතින්දා සිට එම පිරිස මෙලෙස පතල තුළ සිරවී සිටින බව වාර්තා වේ. ඔවුන් පොළොව මට්ටමේ සිට මීටර 28ක් ගැඹුරින් රැඳී සිටින බව සඳහන්. කෙසේ වෙතත් මුදාගැනීම් කටයුතු සඳහා බලධාරීන්ගේ සහාය ප්‍රමාණවත්ව නොලැබෙන බවත්, ඒ හේතුවෙන් ප්‍රදේවාසීන් විසින් එම කටයුතු සිදුකරමින් සිටින බවත් විදෙස් වාර්තාවන්හි දැක්වේ. අක්‍රමවත් නීති විරෝධි රත්‍රං පතල් බහුල කලාපයක් වන මෙම කෝකා ප්‍රදේශයේ මෙවැනි අනතුරු නිරන්තරයෙන් සිදුවන බව සඳහන්.

Read More

2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයින් ඇගයීම සඳහා ජනාධිපති අරමුදල ක්‍රියාත්මක කරන වැඩසටහනේ මීළඟ පියවර මධ්‍යම පළාතේ ක්‍රියාත්මක කිරීමට ජනාධිපති කාර්යාලය තීරණය කර තිබේ. ඒ අනුව ජනාධිපති අරමුදලේ මධ්‍යම පළාත් වැඩසටහන ලබන ඉරිදා(14)අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදි පැවැත් වේ. මෙහිදී මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කයන්හි 2023 සහ 2024 වර්ෂවලට අදාළ අ.පො.ස උසස් පෙළ විභාගයේදී, විෂය ධාරා 6 යටතේ ඉහළ ප්‍රතිඵල ලබා ගත් සිසුන් 10 දෙනකු බැගින්, සිසුන් 360 දෙනකුට රුපියල් ලක්ෂය බැගින් වූ දිරි දීමනාවක් ප්‍රදානය කෙරෙන අතර මේ සඳහා ජනාධිපති අරමුදල වැය කරන මුදල රුපියල් මිලියන…

Read More