Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග 2023 ජූනි මස ICC Player of the month සම්මානය සඳහා තෝරාගෙන තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් සහ සිම්බාබ්වේ ෂෝන් විලියම්ස් පරදවා අභිබවා යමින් ඔහු මෙම සම්මානයට සුදුසුකම් ලබා ඇති බවයි අයි.සී.සීය නිවේදනය කොට සිටින්නේ. ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ කඩුලු 22ක් දවා ගනිමින් ඔහු දැක්වූ දස්කම්ද ඊට හේතු වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.
වී අලෙවි මණ්ඩලයට රජයෙන් ලැබෙන මුදල් ප්‍රමාණය අනුව ඉදිරියේ දී වී මිල දී ගැනීමට ඊයේ (11) තීරණය කර තිබෙනවා. ඒ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකදියි. මිල කමිටුවේ තීරණය පරිදි නාඩු සහ රතු කැකුළු වී කිලෝවක් රුපියල් 95කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 100ක් සහ කීරි සම්බා වී කිලෝවක් රුපියල් 110ක මිලකට මිල දී ගැනීමට අපේක්ෂිතයි. පසුගිය මහ කන්නයේ දී වී මිල දී ගැනීමට රජය විසින් රුපියල් බිලියන 13ක් වැයකර තිබෙනවා.
වසර 12ක කාලයක සිට කොළඹ, ගාල්ල, කුරුණෑගල, මහනුවර ප්‍රදේශ වෙත මත්ද්‍රව්‍ය බෙදා හරින ප්‍රධාන සැකකරු ඉන්දික ගම්මන්පිල නොහොත් ඩෙලෝ පදිංචිව සිටි නිකවැව හංදියේ නිවස සහ ඉඩම ඊයේ (11) හොරොව්පොතාන පොලිසිය විසින් පරික්ෂා කර තිබෙනවා. එම නිවසේ තිබී අයිස් මත්ද්‍රව්‍ය සහ කේරළ ගංජා තොගයක් සහ බාල වයස්කාර දරුවකු ඇතුළු පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. මන්නාරම් ප්‍රදේශයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වන මත්ද්‍රව්‍ය තොග වශයෙන් කුලී රථ යොදාගෙන ඉහත සදහන් ප්‍රදේශ වෙත බෙදාහරින ඩෙලෝ මෙම වැටලීම සිදුවීමට පෙර නිවසින් පලාගොස් තිබෙනවා. ඒ අනුව ඔහු දැනට කුලී පදනම මත මිල දී ගෙන ඇති දංකොටුව ප්‍රදේශයේ නිවසක් වෙත ද පොලිසියේ අවධානය යොමු වි ඇති…
කොළඹ නගරයේ ගංවතුර පාලනය කිරීමේ අරමුණින් ඇළ වේළි හා වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි මෙය ආරම්භ කර තිබෙන බවයි වාර්තා වෙන්නේ. තලවතුගොඩ වැව, දියවන්නා ඔය, නාගහමුල්ල වැව, කිඹුලාවල ඇල, බත්තරමුල්ල, පාලම් තුන අසල ඇළ ඇතුළු තවත් වැව් හා ඇළ මාර්ග කිහිපයක් ප්‍රතිසංස්කරණය කිරීම දැනටමත් ආරම්භ කර ඇති බව සඳහන්. ජලය බැස යාම සඳහා ඇති ඇළ මාර්ග පද්ධතිය නිසි පරිදි නඩත්තු නොකිරීම හේතුවෙන් ඉදිරියේදී ගංවතුර තත්ත්වය තවදුරටත් තීව්‍ර විය හැකි බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ හිටපු ආරක්ෂක අංශ ප්‍රධානීන්ට පාස්කු වින්දිතයන් වෙනුවෙන් වන්දි මුදල් ගෙවීමට ලබාදී තිබු කාලය හෙටින් (12) අවසන්වීමට නියමිතය. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කිරීමෙන් අනතුරුව මෙම වන්දි මුදල් ගෙවීමට නියෝග කෙරුණි. ඒ අනුව හිටපු ජනාධිපතිවරයා ඔහුට ගෙවීමට නියම වූ රුපියල් මිලියන 100 න් අද උදෑසන වන විටත් ගෙවා තිබුණේ රුපියල් මිලියන 15 ක් පමණි. හිටපු ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක අංශ ප්‍රධානීන්ට ගෙවීමට නියම වූ සමස්ත වන්දි මුදල රුපියල් මිලියන 311 ක් වන අතර ඉන් මේ වනවිට හානි පූර්ණ කාර්යාලයට ලැබී ඇත්තේ…
ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් සිදුව තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ආරක්ෂක අමාත්‍යාංශයේදී එම හමුව සිදුව ඇති බවය. දෙදින නිල සංචාරයක් සඳහා විනේ මොහාන් ක්වාත්‍රා මහතා ඇතුළු සිව්දෙනෙකුගෙන් සමන්විත දූත පිරිස ඊයේ දිවයිනට පැමිණියේය.
ඇතැම් ලංගම බස් කොන්දොස්තරවරු විසින් මගීන්ට ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරීම සහ ඇතැම් අවස්ථාවලදී ව්‍යාජ ප්‍රවේශපත්‍ර නිකුත් කරන බවට මගීන් නිතර චෝදනා නඟයි. එවැනි සිදුවීමක් පසුගිය ඉරිදා දින වාර්තා වුයේ, බම්බලපිටියේ සිට වාද්දුව දක්වා ධාවනය වූ මධ්‍යම ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථයක ය. ඇල්පිටිය ඩිපෝවට අයත් NC -1569 දරන එම බස්රථය බම්බලපිටියේ සිට වාද්දුව දක්වා ප්‍රවේශපත්‍ර ගාස්තුව රු 130ක් වුවත් පාසල් දරුවෙකුගෙන් රු 150ක් ලබා දෙන ලෙස ඉල්ලා ඇත. පසුව එම දරුවා කොන්දොස්තර මහතාගෙන් ඒ පිළිබඳ විමසූවිට ප්‍රවේශපත්‍රයක රු 130 යන මුදල සඳහන් කර ඔහු වෙත ලබාදී ඇත. එසේ වුවත් කොන්දොස්තර මහතා විසින් නිකුත් කර ඇත්තේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් නොවන ප්‍රවේශපත්‍රයක්…
රටේ ඇතිවූ බංකොලොත්භාවයට හේතු සෙවීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ මන්ත්‍රීවරුන් ඉවත්වීමට තීරණය කර තිබේනවා. පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්ගේ සභාපතිත්වයෙන් යුත් එම කාරක සභාව සදහා වන සමාජික මන්ත්‍රීවරුන් 13කුගේ නම් කථානායක මහින්ද යාපා අබේවර්ධන පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. එහිදි විපක්ෂය ඊට විරෝධය පළකළේ එහි සභාපතිත්වය සහ වැඩි සමාජික පිරිසක් පොදුජන පෙරමුණෙන් නම් කර තිබිම හේතුවෙන්. එහි සභාපතිත්වය ලබා දෙන ලෙස විපක්ෂය ආණ්ඩුවට දැනුම් දී තිබුණත් එය ඉටු නොවීම නිසා අදාළ කාරක සභාවේ සාමාජිකත්වයෙන් සමගි ජනබලවේගය සහ සමගි ජන සන්ධානයේ මන්ත්‍රීවරුන් ඉවත් වීමට තීරණය කළ බවයි විපක්ෂ නායක…
මිථ්‍යාව තුළින් තම ගැටලු විසඳා ගැනීමට උත්සාහ කළ බොහෝ පුද්ගලයින්ට ඛේදනීය ඉරණමක් අත්වූ සිදුවීම් රැසක් පසුගිය සමයේ වාර්තා වුණා. දරුඵල අපේක්ෂාවෙන් ශාන්තිකර්මයක් සිදුකරගැනීමට ගිය 22 හැවිරිදි තරුණියකට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූ මේ පුවත වාර්තා වුණේ දියබෙදුම, ජඹුරේවෙල ප්‍රදේශයෙන්. පොළොන්නරුව, ජඹුරේවෙල, අත්තනකඩවල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි දිල්මි සඳුනිකා දරුවෙකු අපේක්ෂාවෙන් සිට ඇත්තේ වසර 4ක කාලයක සිටයි. නිරන්තරයෙන් ලබාගත් වෛද්‍ය උපදෙස් මෙන්ම විවිධ ප්‍රතිකාර ක්‍රම අනුගමනය කළද ඉන් කිසිදු ප්‍රතිඵලයක් නොලද දිල්මිගේ අවධානය යොමු වුණේ ශාන්තිකර්මයක් කරගැනීම වෙතයි. ශාන්තිකර්ම මගින් ලෙඩ සුවපත් කිරීම සහ දරුඵල ලබාදෙන බවට පැවසෙන ගිරිතලේ, යාය 01 ප්‍රදේශයේ ඥාති කාන්තාවක් දිල්මිට හමුවන්නේ මේ අතරවාරයේයි. ඒ අනුව දිල්මි…