Author: LANKA24X7

ගුවන්තොටුපොළ පොලිසියෙන් පළාගොස් සිටියදී අත්අඩංගුවට ගැණුන රවිඳු සංඛ ද සිල්වා හෙවත් බූරු මූණා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිව තිබේ. අත්අඩංගුවට ගැනීමට පෙර සැකකරු නවාතැන් ගෙන සිටි බව කියන අනුරාධපුර තිරප්පනේ ප්‍රදේශයේ නිවසක් සෝදිසි කිරීමට විමර්ශන නිලධාරින් (19) ඔහු රැගෙන ගොස් ඇති බව වාර්තා වේ. එම නිවස විශ්‍රාමික හමුදා නිලධාරියෙකුට අයත් බවට විමර්ශන නිලධාරීන් හඳුනාගෙන ඇත. කටුනායක ගුවන් තොටුපොළෙන් පළාගිය බූරු මුණා කුරුණෑගල සිට තිරප්පනේ නිවස දක්වා ආරක්ෂිතව රැගෙන යාම සහ අධිකරණයට ඉදිරිපත් කිරීම වෙනුවෙන් නීතිඥවරයෙකුට රුපියල් මිලියනයක මුදලක් ලබාදීමට පොරොන්දු වී ඇති බවද හෙළි වී ඇති තවත් කරුණකි. බූරු මූණාට මෙම…

Read More

අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රීරංගා මහතාව යළි රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ. ඒ මහතා වව්නියාව මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු මස 27 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකරන ලෙසට නියෝග කර ඇත. රිය අනතුරක් සිදුකොට පොලිස් සැරයන්වරයකුව මරණයට පත් කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩු විභාගයට ඉදිරිපත් නොවූ බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ. කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුව අත්අඩංගුවට ගෙන ඊයේ (20) දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබුණි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ සෙසු අන්තර් ජාතික පාර්ශ්වකරුවන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තුතිය පළ කර තිබේ. සියලුම මූල්‍ය ආයතන සහ ණය හිමියන් සමග පූර්ණ විනිවිද භාවයකින් යුතුව සාකච්ඡා කොට දැඩි මූල්‍ය කළමනාකරණයක් සහ ප්‍රතිසංස්කරණ හරහා ණය තිරසාර භාවය අත්පත්කර ගැනීමට කැපවී කටයුතු කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ නිවේදනය පහතින්. “ශ්‍රී ලංකාව නිදහස ලබා ගෙවී ගිය වසර 75ක කාලය තුළ රටේ ආර්ථිකයේ ඉදිරි ගමන පිළිබඳ මෙවන් තීරණාත්මක කාල පරිච්ඡේදයක් තිබී නැත. අපගේ නිල ණයහිමියන් පසුගිය මාස කිහිපය තුළ අඛණ්ඩ සහ ධනාත්මක ක්‍රියාකාරකම්වලින් පසුව ඔවුන්ගේ සහය ප්‍රකාශ කර ඇති අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල,…

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිවී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මාධ්‍යට අනාවරණය කලේය. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා හෙට දිනයේදී ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරිමට නියමිත බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. එමෙන්ම මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවත්වන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් මෙරට වේලාවෙන් අද උදෑසන 08.00ට පැවැත්වීමට නියමිතය. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ සෙසු අන්තර් ජාතික පාර්ශ්වකරුවන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තුතිය පළ කර තිබේ. ජනාධිපතිවරයා පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ සියලුම මූල්‍ය ආයතන සහ ණය හිමියන් සමග පූර්ණ විනිවිද…

Read More

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ලක් විභාග කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ලබන 28 වනදා දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම අද (20) කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ.මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල නියම මෙම නියෝගය නිකුත් කර ඇත. කොටුව ජනාධිපති මන්දිරයට අරගලකරුවන් ඇතුලු වූ අවස්ථාවේ දී එහි තිබී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයකට ආසන්න මුදලක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අදාළ පැමිණිල්ල…

Read More

මාර්තු 30 වනදා සිට 01 ශ්‍රේණියේ සෑම පන්තියකම ඉංග්‍රීසි භාෂාව කථනයෙන් භාවිත කිරීම දීපව්‍යප්ත මට්ටමින් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඉදිරියේ දී 6-9 හා 10-13 දක්වා පාසල් විෂය නිර්දේශ සියල්ල ජාත්‍යන්තර මට්ටමට ගෙනඒමට අවශ්‍ය යාවත්කලීන කිරීම් සිදුකරන බවත් ලබන මාසයේදී එහි නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා පැවසීය. එමෙන් ම තොරතුරු තාක්ෂණය සමග විෂයානුබද්ධව කෘත්‍රීම බුද්ධි විෂය ඉගැන්වීමටද සැලසුම්කර ඇති බවත් ඊට අවශ්‍ය පාඨමාලා සංවර්ධනය හා සම්පත් ලබාගැනීම මේ වනවිට සිදුකෙරෙමින් පවතින බව අමාත්‍යවරයා පැවසීය. මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ 2030 වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ ගෝලීය තිරසර සංවර්ධන ඉලක්ක සපුරාගැනීමේ අභියෝගය…

Read More

දිස්ත්‍රික්ක 3ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ, හල්දුමුල්ල ප්‍රාදේශීය ලේකම් කෝට්ඨාසයට සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් අදියර 02කට අවධානාත්මක නිවේදන නිකුත් කර ඇත. මීට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ සහ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, රත්තොට, විල්ගමුව සහ නාවුල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත් අදියර 01ක යටතේ විමසිලිමත් වන්නැයි නිවේදනය කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, හෙට (21) පස්වරු 8.30 දක්වා එම අනතුරු ඇඟවීම වලංගු බවය.

Read More

එළඹෙන ශ්‍රී ලංකා – අයර්ලන්ත ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව තමා ටෙස්ට් නායකත්වයෙන් ඉවත්වන බව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පවසයි. ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර වෙලින්ටන් හිදී අවසන් වූ දෙවැනි ටෙස්ට් තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමිනි. ඔහු ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට දැනුම්දී ඇති බවද වාර්තා වෙයි. දෙරට අතර පැවති තරග දෙකකින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය 2ට 0ක් ලෙස ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය. අයර්ලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරග දෙකකට සහභාගී වීම සඳහා ලබන මස මෙරටට පැමිණෙයි.

Read More

දිවුලපිටිය ගොඩිගොමුව ප්‍රදේශයේදී විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමය සාමාජීකයින් කිහිපදෙනෙකුට පහරදීමක් සිදුකර තිබේ. රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ලේකම්වරයෙකු සහ දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ඇතුළු පිරිසක් එම පහරදීම සිදුකර ඇති බව බඩල්ගම පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඊයේ (20) රාත්‍රී සංවිධානය කර තිබූ විරෝධතාව නොපවත්වන ලෙසට බලකරමින් එම පහරදීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

Read More

අද දිනයේ මෙරට වාණිජ බැංකුවල විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයේ විකිණුම් මිල රු.350 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. කෙසේ වුවත් පසුගිය සිකුරාදා දිනයට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකිණුම් මිල රු. 2-4ත් අතර ප්‍රමාණයකින් අඩු වී තිබෙන බවයි වෙළෙද මාර්ග සඳහන් කර සිටියේ. සම්පත් බැංකුවේ අමෙරිකානු ඩොලරයයේ ගැනුම් මිල රු. 330ක් සහ විකුණුම් මිල රු. 345ක් ලෙස සටහන්ව ඇත. එමෙන්ම හැටන් නැෂනල් බැංකුවේ ද අද දිනයේ ඩොලරයේ අගය සටහන්ව ඇත්තේ ගැනුම් මිල රු.330ක් සහ විකිණුම් මිල රු.350ක් ලෙස සටහන්ව තිබෙනවා. කොමර්ෂල් බැංකුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල 331.58ක් ලෙස සටහන්ව ඇති අතර ඩොලරයේ විකුණුම් මිල රු. 350ක් ලෙස සටහන්ව තිබෙනවා. මේ…

Read More