Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ දී උද්ඝෝෂණයේ නිරත වෙමින් මාර්ග අවහිර කළේ යැයි ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු එම පක්ෂයේ සාමාජිකයින් හය දෙනෙකුට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජනවාරි 19 දින සිදුකිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා (10)දින නියම කළේය. මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් ලෙස නම්කර සිටින විමල් වීරවංශ,ජයන්ත සමරවීර,වීර කුමාර දිසානායක,පියසිරි විජේනායක,රොජර් සෙනෙවිරත්න සහ මොහොමඩ් මුසාමිල් අධිකරණයේ පෙනී සිටීමෙන් පසුව සාක්ෂි විමසීම සිදු කළ අතර පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඡායාරූප අංශ ස්ථානාධිපතිවරයා සාක්ෂි ලබාදීම සිදු කළේය. 2016 පෙබරවාරි 6 වැනි දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල්…
ශ්‍රී ලංකාවේ කිරිසප්පයා පවා ඇබැහිවන තත්වයට විෂ මත්ද්‍රව්‍ය ව්‍යවසනයක් බවට පත්ව ඇතැයි කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය ඊයේ (10) පැවසුවාය. කොළඹ මහ නගර සභා ශ්‍රවණාගාරයේදී ඊයේ (10) පැවැති එම නගර සභාවේ නොවැම්බර් මස මහ සභාවේදී නගරාධිපතිනී ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය එසේ පැවසුවාය. මත්ද්‍රව්‍යයට ඇබැහිවූ මව්පිය දෙපළක් අත්අඩංගුවට ගෙන සිරගත කළේ යැයි මෑතකදී හමුවූ පොලිසියේ නිලධාරීන් හතර දෙනෙක් පැවසූ බවත් එම මව්පියන්ට දරුවන් සිටින්නේ දැයි ඔවුන්ගෙන් විමසූ බවත් ඇය පැවසුවාය. එම දෙපළට මාස තුනක දරුවෙක් සිටින්නේ යැයි පැවසූ පොලිස් නිලධාරීන් දරුවගේ ලේවලත් විෂ මත්ද්‍රව්‍ය ඇතැයි කී බවද නගරාධිපතිනිය සාමාන්‍යයෙන් කිරි දෙන අම්මාගේ කිරිවලින් දරුවන්ට එසේ විෂ ශරීරගතවිය…
දික්වැල්ල වෙරළ තීරයේ දිය නාමින් සිටි චෙක් ජාතික විදේශීය සංචාරකයෙකු ඊයේ (10) සවස 01 ට පමණ මුහුදේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පැවසීය මෙම විදේශීය සංචාරකයා ලංකාවට පසුගිය (09) පැමිණ, දික්වැල්ල නගරයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන ඇතැයි පොලිසිය කීවේය . මුහුදේ ගිලුණු සංචාරකයා ගොඩට ගෙන 1990 ගිලන් රථයකින් වහා දික්වැල්ල බතීගම රෝහලට ඇතුළත් කලද එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ . ජීවිතක්ෂයට පත්ව ඇත්තේ චෙක් ජනරජයේ පදිංචි කරුවෙකුවූ ස්වේටන් ජාන් (svaton jan) නමැති අයෙකි . දික්වැල්ල පොලිසිය සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වයි .
තලාව 411 ගම්මානයට ගමන් කරන ජයගඟ මාර්ගයේදී ඊයේ (10) අනතුරට ලක් වූ පෞද්ගලික බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. අනතුරින් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත පාසල් ශිෂ්‍යයකු ජීවිතක්ෂයට පත්ව පුද්ගලයන් 46 තුවාල ලැබූහ.
නවදිලිල් අගනුවර රතු බලකොටුව ආග්‍රිත කාර් බෝම්බ පිපිරීම සැලසුණු සැණින් තමන් මහත් සේ කම්පනයට පත්වුණැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමාජ මාධ්‍ය ඔස්සේ පැවැසීය. ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා පිපිරීම සිදුවුණු ස්ථානයට පැමිණි පොලිස් ප්‍රධානීන් හමුවී සිදුවුණේ කුමක්දැයි විමසා බැලුවේය. ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා සියලු විස්තර එසැණින් දුරකතන ඇමතුම් ලබා දෙමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට පැවැසූ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. එය ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගේ කුරිරු ප්‍රහාරයක් යැයි ඉන්දීය ආරක්ෂක අංශ අනුමාන කරන බව මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පැවැසීය. නවදිල්ලියේ කාර් බෝම්බ පිපිරීම සිදුවීමට පැය කීපයකර පෙර, නවදිල්ලි අගනුවර අයත් දිල්ලි ප්‍රාන්තයට යාබද, උතුරු දෙසින් පිහිටි හර්යානා ප්‍රාන්තයේ ෆරීඩාබාද් නුවර…
අල සහ ලූනු සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව හරහා ලබන වසරේ සිට කිසිදු අඩුවක් නැතිව මිලදී ගැනීමට රජය සැලසුම් කර ඇතැයි වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) පැවසීය. ඒ සඳහා අයවැයෙන් රුපියල් කෝටි සීයක් වෙන් කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය. එම වැඩපිළිවෙල ආරම්භ කළ පසු ගොවීන්ට ආපසු හැරී යාමට අවශ්‍යතාවක් මතු නොවන බවද අමාත්‍යවරයා කීය. ඔහු මෙසේ පැවසුවේ අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේදීය වසන්ත සමරසිංහ මහතා මෙසේද පැවසීය. අල ලූනු ගොවීන් මුහුණ දෙන ප්‍රශ්නයක් මේ දිනවල තියෙනවා. අපි ඒක පිළිගන්නවා. ඒ ගැටළුවට විසඳුම් කඩිනමින් ලබාදෙනවා. මේ සියලු ප්‍රශ්න වලට විසඳුම් ලෙස සමූපකාර තොග…
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඌව, දකුණ,සබරගමුව සහ මධ්‍යඹ පළාත්වල් අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති වේ. උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකියි. බස්නාහිර ,දකුණ, සබරගමුව,මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථාවලට අලුයම කාලයේ මීදුම් තත්වයක් පවතී. ස්නා
අම්පාර මහාධිකරණය විසින් අද (10) පුද්ගලයින් 6දෙනෙකුට මරණ දණ්ඩනය නියම කර තිබේ. ඒ 2015 වසරේ අප්‍රෙල් 15 වැනිදා සිදු වූ බව කියන ඝාතනයක් සම්බන්ධයෙනි. අදාළ පුද්ගලයින් 6දෙනා කෙහෙල්උල්ල ප්‍රදේශයේ කඩුපහර නම් ගම්මානයේ ලොරි රථයක් තුළ මත්පැන් පානය කර සිට ඇති අතර එයට විරෝධය දැක්වූ ගම්වාසීන් දෙදෙනෙකුට පහර දී, ලොරි රථයට යට කර ඝාතනය කර තිබේ. ඒ අනුව එම සිදුවීමට අදාළව මෙසේ ඔවුන්ට මරණ දණ්ඬනය නියම වී ඇත.
දෙපාර්තමේන්තු සහ රාජ්‍ය සංස්ථාවල අනියම් සේවකයන් දස දහසක් ස්ථිර කිරීමට කටයුතු කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය. ගේට්ටු මුරකරුවන්ගේ දීමනාව රැපියල් හත්දහස මෙවර අයවැයෙන් පහළොස් දහසක් දක්වා වැඩි කළ බව කී අමාත්‍යවරයා එමඟින් දුම්රිය ගේට්ටුවල අනාරක්ෂිතභාවය සහමුලින්ම ඉවත් වේ යැයි විශ්වාස නොකරන බවද සඳහන් කළේය. දුම්රිය ගේට්ටු සම්බන්ධයෙන් දිගු කාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද ඔහු කීවේය. මාර්ග සංවර්ධන අධිකාරියේ හත්සිය ගණනක් ස්ථිර කළ බවත් තව තුන්සිය ගණනක් ස්ථිර කිරීමට අැති බවත් බිමල් රත්නායක මහතා පැවසීය. ස්ථිර කිරීමට ඔවුන් සාමාන්‍ය පෙළ විභාගයට ලියා තිබිය යුතු බව කී අමාත්‍යවරයා සමත්වීම නොවන බවද ප්‍රකාශ කළේය.…
පිළියන්දල කොටගෙදර ගංගාරාම විහාර මාවතේ නිවසක් පිටුපස වගා බිමක තිබී SFG වර්ගයේ අත්බෝම්බයක් අද (10) දා සොයා ගත් බව පිළියන්දල පොලිසිය පවසයි. මෙම නිවස පිටුපස අද ( 10 ) උදෑසන කුඩා ළමුන් පිරිසක් ක්‍රිකට් සෙල්ලම් කරමින් සිට තිබේ. එහිදී එක් දරුවකු එල්ල කළ පහරකින් ඊට යාබදව පිහිටි කෙසෙල් වගා කර තිබූ ඉඩමකට බෝලය ගොස් ඇති අතර එය ගැනීම සදහා දරුවකු එම ස්ථානයට ගිය අවස්ථාවේ කෙසෙල් පදුරක් අසල සැකකටයුතු බෝලයක් වැනි යමක් තිබෙනු දැක එය දරුවා ව්සින් මාපියන්ට ගෙනැවිත් දී තිබේ. පසුව මේ පිලිබදව නිවැසියන් භියට පත් වී පොලිසියට කරන ලද දැනුම් දීමකට අනුව නිලධාරී කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී…
