Author: LANKA24X7

විදුලි ගාස්තු වැඩිකිරීමට එරෙහිව ගොනුකළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකළ අභියාචනා පෙත්සමක් සලකාබැලීම සඳහා අගෝස්තු මස 04 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. මෙම පෙත්සම මුර්දු ප්‍රනාන්දු මහත්මිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී විනිසුරු මඬුල්ල නියම කළේ අදාළ පෙත්සම සලකාබැලීම සඳහා අගොස්තු 4 වනදා කැඳවන ලෙසය. විදුලි පාරිභෝගික සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් අදාළ අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබුණි. එහි වගඋත්තරකරුවන් ලෙස මහජන උපයෝගිතා කොමිසම, ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු පිරිසක් නම්කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ අභියාචනා පෙත්සමින් සඳහන් කර තිබෙන්නේ පසුගියදා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අමාත්‍ය…

Read More

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 220ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු පෙරියසාමි සුරේෂ් කුමාර් නමැති පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේය. කොළඹ මහාධිකරණයේ පූර්වගාමී විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා විසින් තීන්දුව ලබාදුන්නේය. 2013 වසරේ පෙබරවාරි 8 වනදා කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑමයකට ආසන්න ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටියදී මෙම විත්තිකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. පසුව අදාළ මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා විසින් පරීක්ෂාවට ලක් කළ අතර ඒ තුළ හෙරොයින් ශුද්ධ බර ග්‍රෑම් 220ක් තිබූ බව රස පරීක්ෂකවරයා විසින් අධිකරණයට වාර්තා කළේය. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරුවරයා සඳහන් කළේ විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ…

Read More

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත්වී ඇති රාජ්‍ය සේවක අපේක්ෂකයින්ගේ වැටුප් ලබාදීමට සුදුසු නීතිමය පියවරක් ගන්නා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කරනවා. ඒ, ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින්. මැතිවරණය කල්යාම හරහා වැටුප් නොගෙවීම හේතුවෙන් එම රාජ්‍ය සේවක අපේක්ෂකයින්ට තම ජීවිකාව ගෙනයාම සඳහා නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි හිටපු ජනාධිපතිවරයා සිය ලිපියෙන් පෙන්වා දෙන්නේ. මීට පෙරද මෙවැනි මැතිවරණවලදී නීතිමය හා ප්‍රායෝගික ගැටලුවලට මුහුණදුන් අවස්ථාවේදී රාජ්‍ය සේවක අපේක්ෂකයින්ගේ වැටුප් සහ රාජකාරි කටයුතු ආවරණය කිරීම සම්බන්ධයෙන් වැදගත් තීරණ ගෙන තිබෙනවා. මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටින රාජ්‍ය සේවක අපේක්ෂකයින් මුහුණදෙන අර්බුදකාරී තත්ත්වයට රජය ලබාදෙන…

Read More

පාලන මිලට වැඩියෙන් බිත්තර ඇතුළු පාරිභෝගික ද්‍රව්‍ය අලෙවි කළ වෙළෙඳුන් පිරිසකට දඩ නියම කර තිබේ. බොරලැස්ගමුව, බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානයේ සහ ඒ අවට වෙළෙඳසැල් කිහිපයක ව්‍යාපාරිකයින් පිරිසකට කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් එම දඩ නියම කර ඇති බව සඳහන්ය. එහිදී රුපියල් 44ක පාලන මිල නොතකා රුපියල් 50කට බිත්තර අලෙවිකළ වෙළෙඳුන් තිදෙනෙකුට රුපියල් ලක්ෂ 03 බැගින් දඩ නියම කර තිබේ. එමෙන්ම කිලෝග්‍රෑමයක් රුපියල් 210 ක පාලන මිලට අලෙවි කළ යුතු සුදු කැකුළු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 240 කට අලෙවිකිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් ව්‍යාපාරිකයෙකුට ද කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් රුපියල් ලක්ෂ 03 ක දඩයක් නියම කර ඇති බව සඳහන්ය.

Read More

යම් යම් සීමාවන්ට යටත්ව උද්ධමනයට සරිලන ලෙස ඉදිරියේ දී රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වෙනස් කිරීමට නියමිත බව ජනාධිපතිවරයා පැවසීය. අද (22) පාර්ලිමේන්තුවේ දී IMF විස්තීර්ණ මූල්‍ය පහසුකම පිළිබඳ අදහස් දක්වමින්, රාජ්‍ය වියදම් කළමනාකරණය කිරීමේ දී ගන්නා පියවර සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව කියාසිටියේය. රාජ්‍ය වියදම් කළමනාකරණය ….. *රජයේ වියදම් සඳහා ලබාදෙනවා ප්‍රතිපාදන වැඩිකිරීමට පියවර. *ප්‍රාථමික අයවැය ශේෂයේ සීමාවන් තුළ උද්ධමනයට සරිලන ලෙස වැටුප් හා විශ්‍රාම වැටුප් ගැලපීම. *ඉන්ධන මිල තීරණය කිරීම දේශපාලන අධිකාරියෙන් සම්පූර්ණයෙන් ඉවත් කරනවා. *ඉන්ධන මිල තීරණය කරන්නේ 2018 මිල සූත්‍රය අනුව පමණයි. *සෑම 6 මසකට වරක්ම විදුලිබිල ගැලපීමට පියවර ගන්නවා. *මහා පරිමාණයෙන් පාඩු ලබන…

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා ගිවිසුම අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. පෙරවරු 9.30 පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය. අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා ගිවිසුම ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීමට ඩොලර් බිලියන 03ක පමණ විස්තීර්ණ ණය පහසුකම යටතේ මාස 48ක වැඩපිළිවෙළ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය මේ වන විට හිමිව තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමේ පළමු වාරිකය අද හෝ හෙට (23) දිනය ඇතුළත මුදාහරින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ඒ යටතේ ඩොලර් මිලියන 333ක් මෙරටට නිදහස් කිරීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා තවදුරටත් සහාය දක්වන බව ඉන්දියාව පවසයි. ශ්‍රී ලංකාවට ඉන්දීය ආයෝජිකයින් ආකර්ශනය කර ගැනීම, දිවිපාර්ශවික වෙ‍ළෙඳාම වැඩිදියුණූ කිරීම , ඉන්දීය සංචාරකයින්ගේ පැමිණීම ඉහළ නංවා ගැනීම ආදී ක්‍රියාමර්ග කෙරෙහි අවධානය යොමුව ඇති බව සඳහන්ය. ඉන්දියාවේ ශ්‍රී ලංකාවේ මහ කොමසරිස් මිලින්ද මොරගොඩ මහතා සහ ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය අතර ඊයේ (21) පස්වරුවේ සිදුවූ හමුවේදී මේ පිළිබඳව අවධානය යොමුව තිබේ. එමෙන්ම දෙරට අතර ද්විපාර්ශවික වෙළෙඳාම ඉන්දීය රුපියල් මඟින් සිදුකිරීම පිළිබඳවඳ එහිදී අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

Read More

ඇෆ්ගනිස්ථානයේ හින්දුකුෂ් කලාපයේ මැග්නිටියුඩ් ඒකක 6.5ක භූමිකම්පාවක් සිදුව ඇත. එම භූමිකම්පාවේ ප්‍රබලත්වය ඉන්දියාවේ නව දිල්ලි ඇතුළු ප්‍රදේශ රැසකට දැනී ඇති බවයි සඳහන් වන්නේ. භූමිකම්පාවෙන් සිදුව ඇති හානි පිලිබඳ මෙතෙක් නිල වශයෙන් සඳහනක් නොමැත.

Read More

වර්ජන ක්‍රියාමාර්ගය තවදුරටත් පැවතුණද සියලුම විශ්විද්‍යාලවල විභාග කටයුතු පැවැත්වීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය තීරණය කර තිබේ. ඊයේ කොළඹදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් මේ බව පැවසීය. මේ අතර රජයේ නව බදු ප්‍රතිපත්තිය සමඟ ඇතිවී තිබෙන දුෂ්කරතා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ලබන බ්‍රහස්තින්දා ජනාධිපතිවරයා හමුවන බව එම සංගමය පවසයි.

Read More

පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රචාරක කටයුතු හා මැයි දින සැමරුමට අදාළ සැලසුම් සකස්කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව එහි නියෝජිතයින් මේ බව සඳහන් කළේය.

Read More