Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මානව හිමිකම් උල්ලංඝනය කිරීම සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය කඩ කිරීම සම්බන්ධව වගකීම ශ්‍රී ලංකාවට නිල වශයෙන් ලබා දිය යුතු බව කොංග්‍රස් සාමාජිකයන් 12 දෙනකු ලිපියක් මාර්ගයෙන් බයිඩන් පරිපාලනයෙන් ඉල්ලා ඇතැයි ෆොරින් පොලිසි වෙබ් අඩවිය වාර්තා කර ඇත. මෙම කොංග්‍රස් සාමාජිකයන් 12 දෙනාගේ අත්සනින් යුත් ලිපිය ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් වෙත යවා තිබෙන බවත් එම ලිපියෙන් වධහිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියේ 30 වැනි වගන්තිය යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධව කටයුතු කරන ලෙස ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති බවත් ෆොරින් පොලිසි වෙබ් අඩවිය පෙන්වා දී තිබේ. යුක්තිය සහ වගවීම සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී නොමැති බවද එම…
වයස අවුරුදු 09යි මාස 02ක තම දියණියට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකර ප්‍රදේශයෙන් පළාගොස් සිටින සැකකාර පියෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය අපේක්ෂා කරයි. සිද්ධිය සම්බන්ධයෙන් මාවතගම පොලීසියට ලැබී ඇති පැමිණිල්ලක් මත විමර්ශන ක්‍රියාත්මකය. සැකකරුගේ ඡායාරූපය ඉහතින් දැක්වෙන අතර ඔහුගේ විස්තර පහතින් දැක්වෙයි. පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් පහත සඳහන් දුරකථන අංක ඔස්සේ පොලීසියට දැනුම්දෙන ලෙසය.
සිය ඥාතීන්ගෙන් මගහැරී බස් රථයක අතරමං වූ කුඩා දරුවෙකු පිළිබඳව පුවතක් අද කිරුළපන ප්‍රදේශයෙන් වාර්තාවිය. අදාළ කුඩා දරුවා ඥාතීන් පිරිසක් සමග කොළඹ කෞතුකාගාරය නැරඹීම සඳහා පැමිණ තිබේ. කෙසේ වෙතත් මාර්ග අංක 138 බස් රථයක නැගී පැමිණි එම පිරිස කෞතුකාගාරය ආසන්නයේදී එම බස් නැවතුම්පොළෙන් බැස ඇත. එහිදී ඔවුන්ට දරුවා මගහැරී ඇති අතර සිය ඥාතීන් බස් රථයෙන් බැස ඇති බව නොදත් දරුවා ධාවනය වෙමින් තිබූ බස් රථයේ මද දුරක් ගොස් ඇත. අනතුරුව සිය ඥාතීන් බස් රථයෙන් නොමැති බව බව දැනගත් එම දරුවා හඬාවැටීමත් සමග බස් රථයේ සිටි මගීන් සහ කොන්දොස්තරවරයා එක්ව දරුවා කිරුළපන පොලිස් ස්ථානය වෙත භාරදී ඇත. කෙසේ වෙතත් කුඩා දරුවා…
අධිකරණයට ඉදිරිපත් වූ දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මහතාට අද (22) කොළඹ මහාධිකරණයේදී අධිචෝදනා භාර දුන්නේය. 2020 වසරේ යාපනයේදී තිලීපන් සමරු උත්සවය සංවිධානය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහු අධීකරණයට ඉදිරිපත් වුණි. ඉන් අනතුරුව ඒ මහතාව ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරගැනීම වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටින බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසයි. මහබාගේ පැවති උත්සවයකදී උන්වහන්සේ මේ බව සඳහන් කළේය. මහබාගේ ශාන්ත ජූඩ් දේවස්ථානයේ අල්තාරය ආශිර්වාද ගැන්වීමේ උත්සවය අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පැවැත්වුණි. අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන්, “සත්‍ය සොයාගැනීම වෙනුවෙන් ඇයි අපි මෙච්චර දඟලන්නේ. ආණ්ඩු කරන අය කියන දේවල් පිළිඅරගෙන අපිට හොඳ ශේප් එකේ ඉන්න පුළුවන් නේ. ඒවා කළේ නැහැ කියලා අපේ ඇඟ රිදෙන්නේ නැහැ නේ. එහෙම නෙමෙයි අපි අපේ සහෝදරයාගේ ජීවිතය ගැන අපි වගකියන්න ඕනේ. අපි සංවේදී වෙන්නේ නැත්නම් අපි හරි ආත්මාර්ථකාමීයි.”
නිසි ආකාරයට ලංසු ඉදිරිපත් කර නොමැති බව පවසමින් අවලංගු කළ අක්ෂිකාච සැපයීමට ඉදිරිපත් වූ සමාගම්වලින් අක්ෂිකාච මිලදීගැනීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සභාපති රවී කුමුදේෂ් මහතා චෝදනා කරති. එම තීරණය වෙනස් කරමින් අඩුපාඩු සහිතව ලංසු ඉදිරිපත් කළ සමාගම් වලින්ම අක්ෂිකාච තොගය මිලදීගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හිටි හැටියේ තීරණය කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය වැරදි බව තහවුරු කළ සහ ඒ බව සෞඛ්‍ය ලේකම්වරයා පත්කළ කමිටුවකින් තහවුරු කර තිබියදී හිටි හැටියේ එම වැරදි ටෙන්ඩර නිවැරදි වන්නේ කෙසේදැයි ගැටලුවක් මතුවන බවත් කුමුදේෂ් මහතා කීය. ටෙන්ඩරයක් සඳහා ලංසු තැබීමේදී හෙළිවන ඇතැම් වැරදි තෝරාගත් සමාගමක් සඳහා අවස්ථාව සැලසීම සඳහා කරන උපායක් ලෙසද, ඒවා…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඌව, මධ්‍යම, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථාන වලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා (António Guterres) අතර නිල හමුව එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී අද (22)සිදු විය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට ගොස් සිටී. ජනාධිපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා සහ ජනාධිපතිවරයා අතර හමුව සිදුවූයේ එම සැසිවාරයෙන් අනතුරුවයි. මෙහිදී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සුහඳ කතාබහක ද නිරත විය.
පෞද්ගලික බස් රථයක් රථයක ගමන් ගත් 18 හැවිරිදි පාසැල් සිසුවියකටලිංගික අතවරයක් සිදු කළේ යැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගත් කිතුල්ගල පොලීසියේ පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ ක්‍රියාත්මක වන පරිදි තහනම් කළ බවප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් මාධ්‍යට පැවැසීය. මූලික විමර්ශනයක් පවත්වා මෙම පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කර ඇත්තේ සීතාවකපුර කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසිනි. සැකපිට අත්අඩංගුවට ගත් මෙම පොලිස් පරීක්ෂකවරයා රුවන්වැල්ල අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත්කර ඇත. සිසුවිය තමන්ට සිදු වූ මෙම හිරිහැර සම්බන්ධයෙන් බස් රථයේ කොන්දොස්තරවරයා ට දැනුම් දීමෙන් අනතුරුවකොන්දොස්තරවරයා සිසුවිය ගෙන් ඇයගේ පියාගේ ජංගම දුරකථන අංකය ඉල්ලගෙන මේ බව ඔහුට දැනුම් දී ඇතැයි කියති.
විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම (CTBT) අනුමත කරන අතර, න්‍යෂ්ටික නිරායුධකරණය සහ න්‍යෂ්ටික ආයුධ සීමාකිරීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා නිව්යෝර්ක් හිදී පැවසීය. විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම ( CTBT )පිළිබඳ යුරෝපා සංගමයේ 14 වන වගන්තියේ සම්මන්ත්‍රණයේ කොටසක් ලෙස කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා සඳහන් කළේ පසුගිය ජූලි මාසයේ දී විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම ශ්‍රී ලංකාව නිල වශයෙන් අනුමත කළ බවත් එය න්‍යෂ්ටික ආයුධ සීමාකිරීම පිළිබඳ රටේ දීර්ඝකාලීන සහ…