Author: LANKA24X7

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය පහළ ගොස් තිබේ. අද (30) නිකුත් කළ වාර්තාවක සඳහන් වන්නේ, නොවැම්බර් මාසයේ දී 61.0%ක් දක්වා එලෙස උද්ධමනය පහළ ගොස් ඇති බවය. එය 2022 ඔක්තෝබර් මාසයේ වාර්තා වූයේ 66.0%ක් ලෙසය. එම ප්‍රවණතාවම අනුගමනය කරමින්, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ඔක්තෝබර් මාසයේ පැවති 85.6% සිට නොවැම්බර් මාසයේ දී 73.7% දක්වා පහළ ගොස් තිබේ. ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ඔක්තෝබර් මාසයේ පැවති 56.3% සිට නොවැම්බර් මාසයේ දී 54.5% දක්වා පහළ ගොස් ඇත. 2021 ඔක්තෝබර් මාසයේ සිට ඉහළ යෑමේ ප්‍රවණතාවක් අනුගමනය කරන ලද කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින්…

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව ලංකාවේ හතර දෙනකුගෙන් යුතු පවුලකට මාසයක් පෝෂදායී ආහාර වේලක් ගැනීමට රුපියල් ලක්ෂයක හෝ ලක්ෂ එකහමාරක වියදමක් යන බව ගණනය කර ඇතැයි ජාතික ජන බලවේගයේ පත්කළ මන්ත්‍රිනී හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය. එවැනි ආදායම් තිබෙන පවුල් ඉන්නේ කීයෙන් කීයක්දැයි ප්‍රශ්න කළ අමරසූරිය මෙනෙවිය 100000 ක ආදායමක් තිබෙන පුද්ගලයන්ටත් බදු ගහන්න මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙන පසුබිමක් යටතේ තිබෙන තත්ත්වය ඉදිරියේ දී තවත් උග්‍ර වනු ඇතැයි කීය.

Read More

පොල් වගාව තුළ සුදු මැස්සා තදින්ම පැතිර යන හෙයින් හමුදාව සහ හෙලිකොප්ටර් යොදවා කඩිනමින් පාලනය කිරීමට කටයුතු කරන්නැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද (30) ඉල්ලීමක් කළේය. “මේක සංග්‍රාමයක් විදිහට සලකන්න. නැතිනම් පොල්වගාව නැති වේවි” යැයිද ඔහු සඳහන් කළේය. අනුර ප්‍රියදර්ශන යාපා මහතා: පොල් වගාවේ සුදු මැස්සාගේ බලපෑම තදින්ම සිදුවෙනවා තවමත් ඒ සඳහා විසඳුමක් ලැබිලා නැහැ . මේ සඳහා ක්‍රමවේදයක් නිර්මාණය කරන්න. මේක සීඝ්‍රයෙන් පැතිරෙනවා. විශාල ප්‍රදේශයකට ස්ප්‍රේ කරන්න වෙන නිසා හමුදාව හරි දාලා කරන්න. මේක සංග්‍රාමයක් විදිහට සලකන්න. නැතිනම් පොල් වගාව නැති වෙනවා. වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ්…

Read More

මෑතකදී බිත්තර අලෙවිය සඳහා පාලන මිලක් නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම දෙසැම්බර් මස 14 වන දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියම කර තිබේ. බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය විසින් පෙත්සම ගොනුකර තිබුණි. එම පෙත්සම අද ප්‍රසන්ත ද සිල්වා සහ කේ. කේ. ඒ. බී. ස්වර්ණාධිපති යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආහාර සුරක්ෂිතතා කමිටුවෙන් බිත්තර පිළිබඳව යාවත්කාලීන කරන ලද තොරතුරු ලබාගෙන දැනට නිකුත් කර තිබෙන බිත්තර සඳහා වූ පාලන මිල පිළිබඳව නැවත කරුණු සලකා…

Read More

පළාත් සභා වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන කමිටු පිහිටුවීමට ජනාධිපතිවරයාගේ සූදානමක් තිබෙන බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (29) පාර්ලිමේන්තුවේ දැක්වූ ප්‍රතිචාරයක් මාධ්‍ය කිහිපයකින් මෙලෙස අර්ථය විකෘති වන ආකාරයට වාර්තා කර ඇති බවය. හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් සභා තුළ දිස්ත්‍රික් සංවර්ධන කමිටු (DDC) පිහිටුවීමට සූදානම් බව ඊයේ පැවති පාර්ලිමේන්තු අයවැය විවාදයේදී සඳහන් කළබව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ඒ හැර පළාත් සභා විසුරුවා හැරීමක් පිළිබඳ ජනාධිපතිවරයා කිසිඳු ප්‍රකාශයක් සිදු කර නොමැති බවද නාධිපති මාධ්‍ය…

Read More

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 14ක් සැපයීම සඳහා චීනය විසින් ලබා දී ඇති ඇ ඩො මිලියන 28ක ප්‍රදානය යොදාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය. ඔහු තවදුරටත් පවසන්නේ කටකතාවල සඳහන් පරිදි අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් නොමැති බවය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, රට තුළ අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් පැවතීම පිළිබඳව පැතිර යන තොරතුරු සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි. තවද, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඉන්දියානු ණය මාර්ගයෙන් ඩොලර් මිලියන 200 ක ප්‍රතිපාදන වෙන් කර ඇති බව අමාත්‍යවරයා පැහැදිලි කළේය. ඊට අමතරව ඉන්දියානු ණය මාර්ගයෙන් ලැබුණු ඩොලර් බිලියන 1න් ඉතිරි ඩොලර් මිලියන 35ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ද…

Read More

කොවිඩ් වසංගතය හේතුවෙන් කාර්යාලවලට පැමිණීමේ දී රාජ්‍ය සේවයේ මාණ්ඩලික ශ්‍රේණි නිලධාරීන්ට පහසු ඇඳුමක් ඇඳීමට අවස්ථාව ලබාදෙමින් නිකුත් කර තිබු චක්‍රලේඛ දෙකක් අවලංගු කර තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවේ, ඒ අනුව 2019 ජූනි 26 හා 2022 සැප්.27 නිකුත් කළ චක්‍රලේඛ අවලංගු කළ බවය.

Read More

තියුණු ආයුධවලින් සිදු කළ පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. පොලීසිය පැවසුවේ අද (30) පෙරවරුවේ හික්කඩුව – වෑවල ප්‍රදේශයේ රෙදිපිළි අලෙවිසැළකට කඩාවැදුණු පුද්ගලයින් දෙදෙනෙකු මියගිය පුද්ගලයාට සහ ඔහුගේ බිරිඳට තියුණු ආයුධවලින් පහරදී ඇති බවය. සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර අදාළ සිද්ධියෙන් මියගොස් ඇත්තේ 29 හැවිරිදි පුද්ගලයෙකි. මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ ප්‍රහාරය එල්ලකර පළාගොස් තිබේ.

Read More

2021 වර්ෂය අවසාන වනවිට චීන ණයහිමියන්ට ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 7.4ක් ණය බව අද නිකුත් කළ අලුත්ම වර්තාවක සඳහන් වෙයි. China Africa Research Initiative මගින් නිකුත් කළ එම වාර්තාවේ සඳහන් වන්නේ එම මුදල ශ්‍රී ලංකාවේ භාහිර ණයවලින් සියයට 20ක් පමණ වන බවය.

Read More

අනෙකුත් රාජ්‍ය සේවකයින් මෙන් ගුරුවරුන් ද මාරු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැහැදිලි කිරීමක් සිදුකළේය. එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පොදුවේ රාජ්‍ය සේවකයන් මාරු කරන ක්‍රමවේදයට අනුව ගුරුවරුන් මාරු කළහොත් දරුවන්ට විෂය ආවරණය කිරීමේ ගැටලු මතුවන බවය. ඒ හේතුවෙන් සිසු අවශ්‍යතා කේන්ද්‍ර කරගනිමින් ගුරුවරුන් උචිත පරිදි ස්ථානගත කරන බව අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ, ස්ථානගත කිරීම්, ගුරු සංගම් හා මාරු මණ්ඩල ගැටුම් ආදි පරිපාලනමය ගැටලු බොහෝමයක් ම උද්ගත වී තිබෙන්නේ පරිපාලනය සඳහා තාක්ෂණය නිසි ලෙස භාවිත නොකිරීම නිසා බවය. සියලු ආධ්‍යාපනික පරිවර්තනවල පදනම රඳා පවතින්නේ තාක්ෂණික පරිපාලන ක්‍රමවේදය මත නිසා වහාම විප්ලවීය තාක්ෂණික…

Read More