Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අද (24) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයෙකු වූ මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය. මෙම ස්ථිර අතුරු තහනම් නියෝගය නඩු විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙන බවත් නියෝගයේ සඳහන් වුණි.
දිවයිනේ ජාතික පාසල්වලට ගුරු සේවය සඳහා බැඳවා ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ජාතික පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග‍්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ‍්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (අ) ශ්‍රේණියට බඳවා ගැනීම 2023 (2024)සම්බන්ධයෙන් මෙම නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව පසුගිය මාර්තු 2 වන දින පවත්වන ලද තරග විභාගයේ ප්‍රතිඵල අනුව බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අප්‍රේල් මස 29 වන දින සිට මැයි 9 වන දින දක්වා ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වේ. සුදුසුකම් ලැබූවන්ගේ නාම ලේඛනය හා කැඳවීමේ ලිපිය අධ්‍යාපන අමාත්‍යාංශයයේ වෙබ් අඩවියේ පළ කර ඇති බව ද අමාත්‍යාංශය නිවේදනය කරයි. මේ අතර පාසල් පද්ධතිය…
බස්නාහිර පළාතේ ත්‍රීරෝද රථ නියාමනය සඳහා ජූනි මස 30 වනදා දක්වා කාලය ලබා දී ඇති බව එක්සත් මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමය පවසයි. එහි සභාපති රහුමාන් පල්ලි මහතා සඳහන් කළේ, ත්‍රීරෝද රථ රියදුරන් සඳහා සහන මිලට ගාස්තු මීටර ලබා දීමට රජය වැඩපිළිවලක් සකස් කළ යුතු බවය. “මගී ප්‍රවාහනයේ යෙදෙන සියලුම ත්‍රීරෝද රථ සඳහා ගාස්තු මීටරයක් අනිවාර්යයෙන් තිබිය යුතුයි කියන මතයේ තමා අපි ඉන්නේ. ගාස්තු මීටරය කියන එක මගී ප්‍රවාහන සේවයේ යෙදෙන ත්‍රීරෝද සඳහා අත්‍යාවශ්‍ය වූ අංගයක්. ෆෝන් මීටරේ නෙමෙයි මේ කියන්නේ. අපි රජයෙන් ඉල්ලීමක් කරනවා රියදුරන්ට දරාගත හැකි මිලකට ලබාදීම සඳහා ගාස්තු මීටර් ආනයනය කොට හෝ ලබාදීමට කටයුතු කරන්න…
ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත. ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට දැනට තීරණය කර සිටින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වෙනුවෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ව්‍යවසායක ජනක රත්නායක සහ හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාගේ මුණුබුරකුවන ඉශාන් ජයවර්ධන යන මහත්වරු වෙති. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම…
ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංගමයේ සභාපති නවෝද් රත්නසේකර මහතා පැවැසුවේය. ඊට අවශ්‍ය සියලුම පහසුකම් සැපයීමට තම සංගමය සුදානම් බවත් ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංගමයේ සභාපති නවෝද් රත්නසේකර මහතා පැවැසුවේය. ඒ බව දන්වමින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරුන් වෙත ලිපියවා තිබෙන බවද එම සංගමයේ සභාපති නවෝද් රත්නසේකර මහතා ප්‍රකාශ කළේය.…
අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාපන ක්‍රමය ගැන මෙම වසර දෙක තුන තුළදී තීරණය කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි කොළඹ නෙළුම් පොකුණ රඟහලේ ඊයේ (23) පස්වරුවේ පැවති සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ 10 වැනි දෙවාර්ෂික සම්මේලනය අමතමිනි. සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය (APLA), ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින උපකාරක පන්ති ගුරුවරුන්ගේ එකතුවෙන් 2004 දී පිහිටුවා ගත් සංවිධානයකි. සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ ආරම්භක සාමාජික හා ජ්‍යෙෂ්ඨ ආචාර්ය කේ. ආරියසිංහ මහතා වෙත…
උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ ‘චුලෝචනා’ ලෙස නම් කිරීමට පියවර ගෙන තිබීම කැපී පෙණෙන සිද්ධියකි. මීටර 300 ක් පමණ ගැඹුරක සිට ඉංජිනේරුවන් සහ කාර්මිකයන් සඳහා පාන වර්ග සකස්කර දීම ඇතුළු සෙසු කාර්යන් ඉටුකිරීම ඇගයීම වෙනුවෙන් මෙසේ එම සේවිකාවන්ගේ නම්වලින් මෙගාවොට් 60 බැගින් වන විදුලි ජනන යන්ත්‍ර දෙක නම් කළ බව උමාඔය විදුලි බලාගාරයේ උසස් නිලධාරිකේ පැවසීය.
ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා මහත්මියද ඇතුළත්ව ඇත . කල්දේරා මහත්මිය ශ්‍රී ලංකාවේ සමලිංගික ප්‍රජාව වෙනුවෙන් දශක දෙකකට වැඩි කාලයක් හඬ නැගූ කාන්තාවක් බවත් ඇය නැගූ හඬ ගෝලීයව සමලිංගික කාන්තාවන්ට ජයග්‍රහණ අත්කර දී තිබෙන බවත් ටයිම්ස් සඟරාව වාර්තා කළේය.ශ්‍රී ලංකාව සමලිංගික කාන්තාවන් සමීප ඇසුරක් පැවැත්වීම තහනම් කිරීම සම්බන්ධයෙන් කල්දේරා මහත්මිය ගොනුකළ නඩුවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයද ඇයගේ පැත්ත ගනිමින් එලෙස සමලිංගික කාන්තාවන් සමීප ඇසුරක් පැවැත්වීම තහනම් කිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවට තීන්දුවක් ලබා දී තිබෙන බව ටයිම්ස් සඟරාව පැවැසුවේය. ඇමරිකානු…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ. ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ මැයි රැලිය කොළඹ බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වේ. එම රැලියට දිවයිනේ දස දෙසින් විශාල පිරිසක් සහභාගි කරවීමට එම පක්ෂය බලාපොරොත්තු වෙයි.
ඉරාන ජනාධිපති ඊබ්‍රයිම් රයිසි මහතා හෙට මෙරටට පැමිණීමට නියමිතව තිබේ. ඒ උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් ජනතා අයිතියට භාරදීමේ උත්සවයට සහභාගී වීම සඳහාය. ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ ණය ආධාරයක් මත 2011 වසරේ දී උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කෙරුණි. ඌව පළාත කේන්ද්‍ර කරගනිමින් සිදුකෙරෙන එම බහුකාර්ය ව්‍යාපෘතිය කිලෝමීටර් 24ක දිගින් යුක්තය. පුහුල්පොල ජලාශයේ සිට භූගත නල මාර්ග ඔස්සේ කිලෝමීටර් 4ක දුරක් ඩයරබා ජලාශය වෙත ජලය රැගෙන යන අතර පසුව ඩයරබා ජලාශයේ සිට එම ජලය කිලෝමීටර් 15.5ක දිගකින් යුත් භූගත මාර්ගයක් හරහා පවර්හවුස් බලාගාරය වෙත රැගෙනු ලබයි. මෙරට ජාතික විදුලි පද්ධතියට එමගින් එක් කිරීමට නියමිත විදුලි ධාරිතාව මෙගාවොට්…
