Author: LANKA24X7

වැලිකඩ බන්ධානාගර රෝහලේ කාර්ය භාර වෛද්‍ය නිලධාරිනිය බලය අවභාවිත කිරීම පිළිබඳව කොතරම් පැමිණිළි කළ ද සෞඛ්‍ය අමාත්‍යංශය නිහඬ පිළිවෙතක් අනුමගමන කරන බවත් එම වෛද්‍යවරියගේ ක්‍රියාකළාපය හේතුවෙන් ප්‍රභූන්ට පමණක් නොව මංකොල්ලකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට බන්ධනාගාර රෝහල තුළ සැප විදීමේ අවස්ථාව හිමිව ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා පැවසීය. මෙම තත්වය තුළ බන්ධනාගරයේ සිටින සහ බන්ධනාගාරගත වන සැබෑ රෝගීන්ට ප්‍රතිචාර ලැබීමේ අවස්ථාව අහිමිව ඇති බව කී වෛද්‍ය බෙල්ලන මහතා මෙම තත්වය හේතුවෙන් සැබෑ රෝගී රැඳවියන්ගේ ජීවිත අනතුරට පත්ව ඇති බව ද සඳහන් කළේය. අදාල වෛද්‍යවරියගේ ක්‍රියාකළාපය සම්බන්ධයෙන් මානව හිමිකම් සංවිධාන සහ අභ්‍යන්තර වෛද්‍යවරු පැමිණි කළ ද කිසිඳු…

Read More

ගම්පහ,මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක් තුළදී පසුගිය ජනවාරි මස 23වනදා ස්වාමීන් වහන්සේ නමක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවෙයි. වෙඩි වැදීමෙන් අපවත් වූයේ ජ්‍යෝතිෂය කටයුතු සඳහා සුප්‍රසිද්ධව සිටි පූජ්‍ය කලපලුවාවේ ධම්මරතන නම් වයස අවුරුදු 44ක හිමිනමකි. මෝටර් රථයකින් පැමිණි සිව්දෙනෙකු තමන් CID නිලධාරීන් බව පවසා මෙම වෙඩිතැබීම සිදුකර පළා ගොස් තිබුණි.

Read More

ලෙල්ලම යනුවෙන් ජනප්‍රිය වී ඇති මීගමුව ධීවර වෙළෙඳ මධ්‍යස්ථානයේ දේපොළ පරිපාලනය සහ කළමනාකරණය පිටිපන එක්සත් ධීවර සමිතියෙන් ඉවත් කර භාරකරුවෙකු වෙත පත්කරන ලෙස මීගමුව දිසා අධිකරණය නීයෝග කර තිබේ. මීගමුව දිසා විනිසුරු ලලිත් කන්නංගර මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ පිටිපන එක්සත් ධීවර සමිතියේ නිලධාරි මණ්ඩලයට එරෙහිව අගරදගුරු හිමිපාණන් ගොනුකර ඇති පැමිණිල්ලකට අදාළ නඩුව පසුගියදා කැඳවු අවස්ථාවේදිය. කොළඹ අගරදගුරු හිමිපාණන්ට අයත් දේපොළක් තෑගි ඔප්පුවක් මඟින් ” ලෙල්ලම” ධීවර වෙළෙඳ මධ්‍යස්ථානය සඳහා පිටිපන එක්සත් ධීවර සමිතිය වෙත පවරා දී ඇත්තේ 1963 වර්ෂයේදීය. අදාළ පවරාදීමේදී එම දේපොළවලින් උපයන ආදායමෙන් කොටසක් පිටිපන දේවස්ථානය වෙත භාරදිය යුතු බවට කොන්දේසියක් පනවා ඇත්තේ පිටිපන මීසමේ…

Read More

පානදුර වෙරළ තීරයේ දියනාමින් සිටි පිරිසක් අතරින් 6 දෙනෙකු දිය වැලකට හසු වී ගසාගෙන යමින් සිටියදී පානදුර පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් දෙදෙනෙකු විසින් බේරාගෙන ඇත. මෙලෙස දිවිබේරාගෙන ඇත්තේ අවුරුදු 16ත් 21ත් අතර වයසැති පිරිමි ළමුන් තිදෙනෙකු සහ ගැහැණු ළමුන් තිදෙනෙකු‍ ය. මෙම දරුවන්ගේ දිවි බේරාගැනීමට සමත්ව ඇත්තේ පානදුර පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ පොලිස් කොස්තාපල්වරුන් වන 69951 පුෂ්පකුමාර හා 93731 දේශාන් යන නිලධාරින් දෙදෙනා විසිනි. ඊයේ (04) සවස් කාලයේ මෙම දරුවන් දියවැලට හසු වූ අවස්ථාවේ මෙම නිලධාරින් දෙදෙනා එකතුව මෙම දරුවන් වෙරළට රැගෙනවිත් වාහාම මූලික ප්‍රථමාධාර ලබා දී දරුවන්ව ඥාතීන් වෙත භාර දී ඇත. මෙලෙස අනතුර මුහුණ දී ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචි…

Read More

ඇඹිලිපිටිය නගරයේ සිට තෝරකොළයාය හරහා මිද්දෙණිය දෙසට ඇති ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති හුලංදා ඔය පාලම අද (05) අලුයම කඩා වැටී තිබේ. අප වාර්තාකරු පැවසුවේ, කොට පැටවූ ලොරි රථයක් පාලම හරහා ගමන් කරමින් තිබිය දී පාලම එලෙස කඩා වැටී ඇති බවය. අනතුරින් ජීවිත හානි සිදුව නොමැති අතර, ඉහත මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම්දෙයි.

Read More

ගුණාත්මකභාවයෙන් අඩු ඖෂධ සැපයීම හෝ විකිණීම යන වරදට මෙතෙක් අය කළ රුපියල් සියයේ දඩ මුදල රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත යම් ඖෂධයක් නියමිත ගුණාත්මකභාවය අඩුවන පරිදි මිශ්‍ර කිරීම සහ ඒ බව දැනුවත්ව එම ඖෂධය බෙහෙත් ශාලාවකින් නිකුත් කිරීම යන වරදවල් වලට මෙතෙක් පැවැති දඩ මුදල වූයේ රුපියල් 100කි. අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය.

Read More

යාපනය ඇතුළු උතුරු පළාති භිතියට පත් කරමින් විවිධ අපරාධ කරමින් කප්ම් ගැනීම් මනුෂ්‍ය ඝාතන සිදු කළබව කියන ආවා කල්ලි නායක ප්‍රභාකරන් කොයුසිකන් නොහොත් ප්‍රභා නැමැත්තා ගල්කිස්ස යශෝරාපුර දෙමහල් නිවසක උඩුමහලේ සැඟව සිටියදී අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය කියයි. සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 300 ක් ද සොයාගෙන ඇත. ආවා කල්ලියේ ලාංඡනය ඇතුළත් පත්‍රිකාවක් ද සොයගෙන ඇත. සැකකරු තෙල්පලෛයි පොලිස් වසමේ නීලියම් බනෙයි, පිල්ලෙයාර් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 25 හැවිරිදි පුද්ගලයකු බව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය කියයි. සැකකරු ආවා කල්ලිය තුළ කොයින්සි තම්පා යන සංකේත නාමයෙන් හඳුන්වන අතර සංකේත අංකය 001 බව පොලිසිය කියයි.

Read More

මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතට විරෝධය පළ කරමින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු පිරිසක් මෘත දේහයක් රැගෙන යන අයුරින් බොරැල්ල කනත්තට ඇතුළු වී විරෝධතාවයක් පැවැත්වූහ. සමාජ මාධ්‍යයේ මරණය භූමිදානය කිරීම යනුවෙන් පවසමින් විරෝධතාවය පැවැත්විණි. හිටපු අමාත්‍යවරයාව ප්‍රමුඛ පිරිස කනත්තට ඇතුළු වන අවස්ථාවේදී කනත්තේ ආරක්ෂක නිලධාරීන් ඊට එරෙහිව සිය විරෝධය දැක්වූ අතර එහිදී තරමක උණුසුම් තත්ත්වයක් ඇති විය. නමුත් හිටපු අමාත්‍යවරයා ප්‍රමුඛ පිරිස එම විරෝධතාවය නොතකා කනත්තට ඇතුළු වි සිය විරෝධතාවය පැවැත්වූහ.

Read More

පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඊයේ සවස හයට පමණ රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් රඳවියන් දහදෙනකු සහ හමුදා සෙබළකු තුවාල ලබා වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇතැයි වැලිකන්ද පොලිසිය කියයි. මෙම ගැටුමට හේතුවෙන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර රැඳවියන් විසින් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ මුළුතැන්ගෙයි සහ තවත් ස්ථාන කිහිපයක දේපළවලට අලාභ හානී කර ඇති බවද පොලිසිය සඳහන් කරයි. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දේපළ අලාභ හානි කිරීමට සම්බන්ධ යොදා ගත් යකඩ පොලු සහ මුගුරු මෙන්ම ගැටුමක් ඇතිකර ගැනීමට යොදාගත් බව කියන පොලු මුගුරු සහ තවත් මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගෙන ඇති බවද වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.

Read More