Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ආනයනික කිරිපිටි මිල යළිත් අඩු කිරීම සම්බන්ධයෙන් සංගමයක් ලෙස මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා සඳහන් කළේ, කිරිපිටි මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් නිල මට්ටමෙන් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බවය. පසුගිය මාසයේදී ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 රුපියල් 60කින් සහ කිලෝග්‍රෑම් එක රුපියල් 150කින් අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන් පියවර ගනු ලැබීය. ඒ අනුව මේ වන විට වෙළෙඳපොළේ විවිධ මිල ගණන් යටතේ කිරිපිටි අලෙවි වන අතර තවදුරටත් කිරිපිටි මිල අඩු කිරීම පිළිබඳ මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අශෝක බණ්ඩාර මහතා සඳහන් කළේය. කෙසේවෙතත් නවසීලන්තයෙන් කිරිපිටි ආනයනය කරන ආයතනයක් විසින් අද දිනයේ සිට…
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා හමුවක් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ද එම අවස්ථාවට සහභාගී විය. ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය පිළිබඳව මෙන්ම ආර්ථික අර්බුදය ජය ගැනීම සම්බන්ධයෙන් දෙපාර්ශවය එහිදී සාකච්ඡා කළ බව රුවන් විජයවර්ධන මහතා පැවසීය. මෙහිදී චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් මහත්මිය ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය සහ ආර්ථික අර්බුදය ජය ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ රජය ගෙන යන…
ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය, මාධ්‍ය, සංචාරක, සමුපකාර, පුස්තකාල, සංස්කෘතික, විද්‍යාත්මක, තාක්‍ෂණික සහ ක්‍රීඩා යන ක්ෂේත්‍රවල සහයෝගීතාව ආවරණය කෙරෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.
ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමලේ තේ වතුයායේදි (24) දා පස්වරු 05.00 ට පමණ සොයා ගත් බව නල්ලතන්නිය පොලිසිය පවසයි. අතුරුදන්ව සිට මෙලෙස සොයාගනු ලැබුවේ, හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ පදිංචි, (33) හැවිරිදි දිනේෂ් හේමන්ත නමැති තරුණයෙකි. මරේ තේවතුයායට අයත්, රාජමාලයේ කොටසේ දර කැඩීමට ගිය වතුකම්කරුවන් පිරිසක් විසින් මෙම තරුණයා තේවතුයායට ආසන්නයේ වැටි සිටින අයුරු දැක නල්ලතන්නිය පොලිසියට දන්වා ඇත. නල්ලතන්නිය පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂක බණ්ඩාර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වහා රාජමලේ තේවත්තට ගොස් මෙම තරුණයා කැටුවගොස් ප්‍රතිකාර සඳහා මස්කෙළිය ප්‍රාදේශීය…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ප්‍රකාශ කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර කොළඹ ජනාධිපති නිල නිවසේදී පැවති හමුවේදී බැසිල් රාජපක්ෂ මහතා මේ කාරණය ප්‍රකාශයට පත් කර ඇත. අනිවාර්යයෙන්ම තමා ජනාධිපතිවරණයට තරඟ කරන බව එහිදී ජනාධිපතිවරයා බැසිල් රාජපක්ෂ මහතා හමුවේ ප්‍රකාශ කර තිබේ. අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය දරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන…
දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා සඳහා කිසිවකු ඵරටට යවා නැතැයි තරුණයෝ පිරිසක් චෝදනා කරති. රජය හරහා විභාගයකින් තොරව කොරියාවේ රැකියා දෙන බව පවසා එම දේශපාලනඥයා එක් තරුණයකුගෙන් රුපියල් 40ල000 බැගින් තරුණයන් 500කගෙන් මෙසේ මුදල් ගෙන ඇතැයි පවසන මෙම තරුණයෝ රුපියල් 1500 බැගින් අයකර පුහුණුවක් දුන් බව ද සදහන් කරති. දින හයක් පැවැති කොළඹ මාකොළ ප්‍රදේශයේ දින හයක් පැවැති පුහුණුවට තරුණයන් හැට දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි කරවූ බව ද මෙම තරුණයෝ සඳහන් කළහ. විභාගයකින් තොරව කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථාව කඩිනමින් ලබාදෙන බවත් දිස්ත්‍රික්කයකට…
ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය. ඉරාන ඉස්ලාමීය ජනරජය සතු නවීන තාක්ෂණ දැනුම ශ්‍රී ලංකාව සමග බෙදාගැනීමට සුදානම් බව ද ජනාධිපතිවරයා කීය. උමා ඔය බහු කාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ඉරාන ජනාධිපතිවරයා මෙසේද කීය මෙම අවස්ථාවට සහභාගීවන ලෙස ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මා වෙත කරන ලද ආරාධනාව පිළිබඳව මම ස්තූතිවන්ත වෙනවා. අපගේ රටවල් දෙක අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වන ඒකාබද්ධතාවයේ සංකේතයක් වන මෙම උත්සවයට සහභාගිවීමට ලැබීම ද මම මහත් ගෞරවයක් ලෙස සලකනවා. මෙම ව්‍යාපෘතිය ඉරානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වයේ සංකේතයක් බව කිවයුතුයි. අද,…
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම මහත්මීන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ සිදුවිය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනාගත සැලසුම් මඟින් දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීම මඟින් ද ප්‍රායෝගික දේශපාලන ගමන් මගක් නිර්මාණය කර ගැනීම පිලිබදව මෙහිදී සාකච්ඡා සිදු කල බව නාමල් රාජපක්ෂ පවසයි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්ද සහභාගී විය.
පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (24)පැවසීය. දේශීය සහ විදේශීය විනිසුරුවන්ගෙන් මෙන්ම විමර්ශකයින්ගෙන් සමන්විත ව මෙම පරීක්ෂණ කොමිසම ස්ථාපිත කරන බවද විපක්ෂ නායකවරයා කීය. එම පරීක්ෂණයට ශක්තියක් වීමට ස්ථීර විමර්ශන කාර්යාලයක් ස්ථාපිත කර කොමිසමෙන් ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක කරන බව කී විපක්ෂ නායකවරයා අදාල අපරාධ නඩු කටයුතු මෙහෙයවීම සඳහා විශේෂ අධිකරණයක් මෙන්ම අධි චෝදනා කාර්යාලයක් පිහිටුවන බව පැවසීය. පාස්කු ප්‍රහාරය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ
ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කළහ.
