Author: LANKA24X7

සිව් දින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනිය බර්ලින් නුවරට අද (26) පිටත්ව යයි. ජනාධිපතිවරයා මෙම සංචාරයේදී බර්ලින් ගෝලීය සංවාදය සඳහා සහභාගී වීමට නියමිත අතර ජනාධිපතිවරයා එහි පළමු දින සංවාද සැසියේ ආරම්භක දේශනය සිදු කිරීමට ය. බර්ලින් ගෝලීය සංවාදය යනු වර්තමාන භූ දේශපාලනික සහ ආර්ථික අභියෝගවලට ගෝලීය වශයෙන් විසඳුම් සෙවීම සඳහා වූ ඉහළ පෙලේ සැසියකි. ජර්මන් සංචාරයෙන් අනතුරුව ජනාධිපතිවරයා ලබන සෙනසුරාදා (30) නැවත දිවයිනට පැමිණීමට නියමිතය. ඇමරිකාවේ නිව්යෝක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණියේ ඊයේ (24) පෙරවරුවේය.

Read More

කළුබෝවිල ශික්ෂණ රෝහලේදී උපත ලැබු නිවුන් බිළිදුන් දෙදෙනකු දින දහ හතරක් ඇතුලත සැකකටයුතු ලෙස අවස්ථා දෙකකදී මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් රෝහල් පාලනාධිකාරියට එරෙහිව පැමිණිලි කළේය. මෙම දරු දෙදෙනා ඉකුත් 19 සහ 23 දෙදින අවස්ථා දෙකකදී මියගොස් ඇති බව පොලිසිය කියයි . පිළියන්දල , හොන්නන්තර , සර්වෝදය මාවත , පදිංචි අකිලා බොනිපස් හා හෂාන් දිල්රංග යන දෙපලට මෙම මස 23 දා ලැබීමට නියමිතව තිබූ දරු ප්‍රසූතියක් සදහා එම කාන්තාව ඉකුත් 08 දා කළුබොවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී පුතකු සහ දියණියක ඉකුත් 09 දා උපත ලබා තිබූ අතර එය අඩු බර දරු උපතක් වීම නිසා දරුවන් දෙදෙනා නොමේරු ලදරැ ඒකකයට ඇතුලත්…

Read More

හෝමාගම පෞද්ගලික ආයතනයකට අයත් උද්‍යානයක ආවරණය කළ කුඩා කාමර තුල බාලවයස්කාර දරැවන් ලිංගික කටයුතු සිදු කරන බවට ලද පැමිණිලි මත එම ස්ථානය ඊයේ (24) දින වැටලූ බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි. ඒ අනුව අදාල වැටලීමේදී අදාල කුටි තුල සිටි තරැණ ජෝඩු 24 ක් හමු වූ බවත් වටලන අවස්ථාවේදී බොහොමයක් ජෝඩු එහි සිටි බැවින් එම සියලු දෙනා කැදවා එම දරැවන්ට කරැණු පැහැදිලි කර දී උපදෙස් ලබා දීමෙන් පසු අදාල දැරියන්ගේ භාරකරැවන් වෙත දුරකතන ඇමතුම් ලබා දී මුදා හැරීමට කටයුතු කල බවත් පොලිසිය පවසයි. තම දරැවන් සමග අදාල උද්‍යානයට යාමේදී පාසල් වයසේ දරැවන් වැනි දරැවන් අදාල ආවරණය කළ කුඩා කාමරතුල නොහොබිනා අයුරින්…

Read More

මුතුපන්තිය වෙරළ තිරයෙ තිබු බිළිදකුගෙ මළ සිරුරක් ඊයේ සවස සොයා ගත් බව ආරච්චිකට්ටුව පොලිසය පවසයි. අදාල බිළිදු මළ සිරුර දිනක් පමන වයසැති මළ සිරුරක් බවට පොලිසිය සැක කරති. මුතුපන්තිය වෙරළෙ තිබු මෙම නාදුනන බිළිදු මළ සිරුර ධීවරයකු දැක ඉන් පසුව පොලිසිය දැනුවත් කර ඇති බවත් ඉන් පසුව පොලිසිය විසින් අදාල ප්‍රදේශයෙ ආරක්ෂාව යොදවා ඇති බව පොලිසිය පවසයි. මේ අතර තුර හලාවත පොලිසියට ලැබුන තොරතුරක් මත හලාවත මුලස්ථාන පොලිසියෙ ළමා හා කාන්තා කාර්යාංශයෙ නිළධාරීන් විසින් විශේෂ පරික්ෂණයක් ආරම්භ කර ඇත.

Read More

රුපියල් කෝටි 30 කට අධික වටිනාකමින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4 ක් තොගයක් මෙරටට රැගෙන ආ කෙන්යානු ජාතිකයක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදි අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ සීවලී අරුග්ගොඩ මහතා පැවසීය. දෝහා සිට කටුනායක ගුවන් තොටුපළට ඊයේ පස්වරුවේ පැමිණි ගුවන් යානයකින් 34 හැවිරිදි කෙන්යානු ජාතිකයා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය භාරයට ගත් බවත් බිස්කට් ටින් 3 ක අසුරා තිබියදී මෙම කොකේන් ඔහුගේ සොයාගත් බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. ඉතියෝපියාවේ අඩිස් අබාබා ගුවන් තොටුපොලේ සිට කටාර් රාජ්‍යයේ දෝහා ගුවන් තොටුපොල හරහා සැකකරු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට…

Read More

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඕනෑම අවස්ථාවක පක්ෂයකට බාර ගැනීමට සූදානම් නමුත් සභාපති ධූරය සහ ලේකම් ධූරය ඔහුට පිරිනැමීමට බලාපොරොත්තුවක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසූවේ එම පක්ෂයේ ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් මෙන්ම අනු සංවිධාන නියෝජිතයන් සමග කොළඹ ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී ඊයේ (24) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදීය. “දයාසිරි කැමතිනම් ප්‍රශ්නයක් නෑ.එයාට ඕනම වෙලාවක එන්න පුළුවන්” යැයිද මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදී කීවේය. දයාසිරි ජයසේකර මහතා පක්ෂයේ ලේකම් ධූරයෙන් ඉවත් කිරීමේ තීරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන්ට දීර්ඝව කරුණු පැහැදිලි කළේය. ලබන වසර මැතිවරණ වර්ෂයක් බවත් මැතිවරණයක් හෝ දෙකක් පැමිණිය හැකි…

Read More

තමන්ට බලය ලැබුණු දිනක රටේ නීතිය හා ආරක්ෂාව පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෛත්‍රීපාල සිරිසේන මහතාට උගන්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂය විසින් ෆීල්ඩ් මාර්ෂල් තනතුර තමන්ට ලබා දෙන බවට පාර්ලිමේන්තුවේ දී ලබා දුන් පොරොන්දුව මත හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් තමන්ට එය ලබා දුන් බවත් එම තනතුර ජනාධිපතිවරණ පොරොන්දුවක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. කවදා හෝ තමන්ට බලය ලැබුනොත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කටයුතු කල යුතු ආකාරයත් නීතිය හා ආරක්ෂාව පිළිබඳවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට උගන්නන බවද මන්ත්‍රීවරයා කීය. ඒ මහතා මේ බව කියා සිටියේ (23දා) වැලිඔය ප්‍රදේශයේ දී…

Read More

වත්මන් රජය සෑම අවස්ථාවකම මිනිසුන්ගේ නිදහස අහෝසි කිරීමට උත්සාහ කරන බවත් එහි අලුත් ප්‍රවණතාව වන්නේ සමාජ මාධ්‍ය හා සමාජ මාධ්‍ය ජාලා පාලනය කිරීමට, බාධා කිරීමට හා අවහිර කිරීමට කටයුතු කිරීම බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඒ සඳහා මාර්ගගත දත්ත සුරක්ෂිතභාවය යන වචන ඉදිරිපත් කර සමාජ මාධ්‍යවල අයිතිය රජය අතට ගෙන මාධ්‍ය මර්දන ක්‍රියාවලියකට මුල පුරා ඇති බවද ඔහු පැවැසීය. රජය සිදු කරන මෙම මාධ්‍ය මර්දන ක්‍රියාවලිය ත්‍රස්තවාදයක් බැවින් ඒ සඳහා කිසිදු ඉඩක් ලබා නොදෙන බවත් ජනතාව සමග පාරට බැස මෙම මාධ්‍ය මර්දනයට හා සමාජ මාධ්‍ය පාලනයට විරුද්ධව කටයුතු කරන බවත් සමාජ මාධ්‍යවල න්‍යායපත්‍ර රටේ ජනාධිපතිගේ හා රජයේ අතට ගැනීමට…

Read More

යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත යුධ හමුදාව හා මන්නාරම කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශ නිලධාරින් එක්ව ඊයේ (23) වන දින මන්නාරම තාල්පාඩු ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී රුපියල් මිලියන 03ක වටිනාකමින් යුක්ත Pregabalin වර්ගයේ මල්පෙති 207,000ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. මන්නාරම, තාරපුරම් ප්‍රදේශයේ පදිංචි ලෝගන්දන් අජන්තන් නමැති 22 හැවිරිදි තරුණයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර, එම පුද්ගලයා හා මල්පෙති තොගය පරීක්‍ෂණ කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාරදී ඇති බවට වාර්තා වේ.

Read More

මඩොල්සිම පුංචි ලෝකාන්තය අසල පිහිටි රාගල සානුව ආසන්න ප්‍රදේශයේ උපන්දින සාදයක් පැවැත්වීමට ගිය තරුණයින් දෙදෙනෙක් අනතුරට ලක්ව තිබේ. අප වාර්තාකරු පැවසුවේ එම ස්ථානයේ ප්‍රපාතයකට ඇදවැටී ඇති තරුණයින් දෙදෙනා බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවය. අනතුරින් තුවාල ලබා ඇත්තේ, පස්සර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි. තරුණයින් අතරින් එක් අයෙකුගේ උපන්දිනයක් ඊයේ (23) දිනයට යෙදී ඇති අතර, ඔහු තවත් මිතුරන් සිව්දෙනෙකු සමග පුංචි ලෝකාන්තයට පහළින් පිහිටි රාගල සානුව නැමති ස්ථානයට ගොස් එහි මත්පැන් සාදයක් පවත්වා ඇත. සාදය අතරතුර උපන්දිනය යෙදී තිබු තරුණයා ගලකින් පහළට ලිස්සා ගොස් ඇති අතර, ඔහුව බේරාගැනීමට උත්සාහ කිරීමේ දී මිතුරාද ප්‍රපාතයට ඇදවැටී ඇතැයි පොලීසිය…

Read More