Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ව්‍යාජ කැනඩා ගුවන් ගමන් බලපත්‍රයකින් කැනඩාව බලා පිටත්ව යෑමට පැමිණි 24 හැවිරිදි පේදුරුතුඩුවේ පදිංචි තරුණයෙක් ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්‍ෂණ ඒකකය කටුනායක ගුවන්තොටුපලේ ඊයේ (10) පස්වරුවේ භාරයට ගත් බව එම දෙපාර්තමේන්තුව පැවසීය. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූඑල් 217 දරණ ගුවන් යානයෙන් දෝහා වෙත පිටත්ව යෑමට නිෂ්කාශන කටයුතු සඳහා පැමිණි අවස්ථාවේදී ගුවන් ගමන් බලපත්‍රය පිළිබඳව ඇති වූ සැකයක් මත ගුවන් සේවය අදාල තරුණයා දේශසීමා ආවේක්‍ෂණ ඒකකයට යොමු කළ බවත් ඉන් අනතුරු ඔහුගේ ගමන්මළු පරීක්‍ෂා කිරීමේදී ඔහුගේ ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය සහ මාලදිවයිනට යෑමට ව්‍යාජ ලෙස සකස් කළ වෙනත් ගුවන් සමාගම ගුවන් ටිකට් පතකත් සොයාගත් බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව…
රට පුරා මහත් ආන්දෝලනයකට ලක්වූ විදේශීය දෙමළ ඩයස් පෝරාව හෙවත් ගෝලීය දෙමළ සංසදයේ නිලධාරීන් සහ යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසදයේ භික්ෂුන් වහන්සේලා මහනුවරට පැමිණ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහනායක සහ වරකාගොඩ ශ්‍රි ඤාණරතන අස්ගිරි පාර්ශ්වයේ මහනාහිමිවරුන් බැහැදැක, යහපත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම පිළිබඳව විශේෂ ලියවිල්ලක් මහනායක හිමිපාණන් වහන්සේලා වෙත බාර දුන්හ. ලංකාවේ සියලු ජන කොටස් අතර සමගිය, සහජීවනය සහ ආගමික සංහිඳියාව ගොඩනැංවීමට තම පූර්ණ සහයෝගය ලබා දෙන බව ද ඔවුහු මෙහිදී සඳහන් කළහ. මෙම අවස්ථාවට ගෝලීය ද්‍රවිඩ සංසදයේ සභාපති, එක්සත් රාජධානියේ වෙසෙන සුරේන් සුරේන්දිරන් භවාන් භබකුගන්, වේලුපිල්ලේ කුගනේන්ද්‍රන්, ඕස්ට්‍රේලියාවේ ආචාර්ය කේමුගුන්දන්, ප්‍රකාශ් රාජසුන්දරම්, කැනඩාවේ…
සංචාරකයින් 4000 කට අධික පිරිසක් රැගත් සුඛෝපභෝගී මගී නෞකා තුනක් කොළඹ වරායට ඊයේ (10) සේන්දු වූ බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පැවසීය. යුරෝපා රටවල සිට යාත්‍රා කළ වස්කෝ ද ගාමා, ෂිෆ්-05 සහ සෙවන් සීස් යන මගී නෞකාවලින් එම සංචාරකයන් පැමිණි බව එම අමාත්‍යංශය සඳහන් කළේය. යුරෝපය ඇතුළු ලෝකයේ බොහෝ කලාපවල ශීත සෘතුව ආරම්භ වීමත් සමගම කොළඹ වරායට මගී නෞකාවන් පැමිණෙන බවත් එළඹෙන සංචාරක සමයත් සමග සුඛෝපභෝගී නෞකාවලින් විදෙස් සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණිමේ වැඩි ප්‍රවනතාව ඇති බවත් එම අමාත්‍යංශය කීය. මගී නෞකාවලින් පැමිණෙන සංචාරකයන්ගේ වරාය පහසුකම් තව දුරටත් පුළුල් කරන බව කොළඹ වරායේ මගී නෞකා පර්යන්තය නිරීක්ෂණය කිරීමෙන් සහ…
ලොරි රථයක ගැටී බරපතළ තුවාල ලැබූ අසූතුන් හැවිරිදි පුද්ගලයකු රෝහලට රැගෙන යන මුවාවෙන් ලොරි රථයේ පටවාගෙන ගොස්, පාළු ස්ථානයක අතහැර දමා යෑමෙන් පසු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව පූගොඩ පොලීසිය පවසයි. පූගොඩ පැපිලියාවල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත. අසාධ්‍ය තත්ත්වයේ සිටි එම පුද්ගලයා අතරමග අතහැර දමා පලා ගිය බව කියන ලොරි රථ රියැදුරා හෝමාගම, පන්නිපිටිය ප්‍රදේශයේ ඔහුගේ නිවෙසේ සිටියදී එදිනම සැකපිට අත්අඩංගුවට ගත් බව පූගොඩ පොලීසියේ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවැසීය. තුවාල ලැබූ තැනැත්තා අතරමග දමා නොගොස්, ඒ මොහොතේම රෝහල කරා කඩිනමින් රැගෙන ගියේ නම්, ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකි වන්නට තිබිණි යැයි ද එම නිලධාරියා පැවැසීය. පොලිස්…
මිහින්තලා රජමහා විහාරස්ථානයේ සැක කටයුතු ලෙස හැසිරුණු පුද්ගලයන් දෙදෙනකුගෙන් කළ ප්‍රශ්න කිරීමකදී ඔවුන් හමුදා සාමාජිකයන් දෙදෙනකු බව හෙළිවුණා. ඒ ගැන මා කළ ප්‍රකාශයක් හේතුවෙන් මිහින්තලා විහාරස්ථාන භූමියේ සියලුම යුද හමුදා, නාවික හමුදා, සිවිල් ආරක්‍ෂක සෙබළුන් ඉවත් කරනවා. විදුලිබල මණ්ඩලය ජල සම්පාදනය මණ්ඩලය යමකු ගැන සැකයි කිව්වොත් සියලු භටයන් අයින් කරයිද? මිහින්තලේ පොලිසියට විරුද්ධව පැමිණිල්ලක් කළොත් මුළු පොලිසියම අයින් කරයිද. මේකට හේතුව මගේ කතාවට මෙයාලට උණ ගැනිලා. හමුදාව ඉවත් කිරීම පෞද්ගලික පලිගැනීමක් බව ඓතිහාසික මිහින්තලේ රජමහ විහාරස්ථානයේ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ. රටේ පන්සල් පල්ලි කෝවිල් හැම තැනකම ආරක්‍ෂක අංශ සාමාජිකයන් සේවයේ යොදවලා ඉන්නවා. ආරක්‍ෂක අංශ සාමාජිකයන් මේ පුදබිමේ මගේ පෞද්ගලික…
කොළඹ බදුල්ල මාර්ගයේ නාය ගිය උඩුවර පහේ කණුව ස්ථානයෙන් ඊයේ (10) පස්වරු හයෙන් පසු නැවත දැනුම් දින තුරු බර වාහන ධාවනය සම්පූර්ණයෙන් නතර කිරීමට පියවර ගත් බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ එම් එල් උදය කුමාර මහතා පැවසීය. විකල්ප මාර්ගය ලෙස බණ්ඩාරවෙල ඇටම්පිටිය හරහා හාලිඇළට ගොස් ඒ ඔස්සේ බදුල්ල දක්වා ගමන් කිරීමට නම් කර ඇති බවද ඒ මග ඔස්සේ කිලෝමීටර් තුනක් අමතරව ගමන් කිරීමට සිදුවන බවද බදුල්ල ආපදා කළමනාකරන මධ්‍යස්ථානය රියදුරන්ට දැනුම් දෙයි. සැහැල්ලු වහන ධාවනය එක් මන් තීරුවකට සීමා වී තිබේ. යම් හෙයකින් උඩුවර නාය ගිය තැනින් මාර්ග තලයට දරාගත නොහැකි බරකින් යුත් වහන ධාවනය වුවහොත් මාර්ගයටත්…
කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මෙරටට ගෙන ඒමට සහ විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මෙරට ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල පසුගිය අයවැයෙන් වෙන් කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රටක් ලෙස ඉදිරියට යාමේදී විද්‍යාත්මක හා පර්යේෂණ ක්ෂේත්‍රය පිළිබඳ අවධානය යොමු කළ යුතු බවත්, ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් රට තුළ ඇති කිරීමට අවශ්‍ය ආයතන පද්ධතිය නිර්මාණය කිරීමට ද මේ වන විට රජය පියවර ගෙන තිබෙන බවත් ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ විද්‍යා අංශය තුළින් මෙරටට මහඟු සේවයක් ඉටුකළ මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මහතාගේ සිය වන ජන්ම දින සමරුව වෙනුවෙන් ඊයේ (10) පෙරවරුවේ…
ශ්‍රී ලංකා යුද හමුදාව හා සෙසු හමුදා සහ මිහින්තලය රජමහා විහාරස්ථානයේ නායක ස්වාමීන්වහන්සේ අතර විශ්වාසය සහ සහසම්බන්ධය යම් ප්‍රමාණයකින් පළුදු වී ඇති බැවින් හමුදා භට පිරිස්වල ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා භට කණ්ඩායම් රාජකාරිවලින් ඊයේ (10) මුදාහරින බව ශ්‍රී ලංකා යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රවී හේරත් මහතා පැවසීය. යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාවේ 200 කට වැඩි භට පිරිසක් වසර ගණනාවක සිට මිහින්තලා රජමහා විහාරස්ථානයේ විවිධ සංවර්ධන සහ ඉදිරිකිරීම් කටයුතු සඳහා යොදවා සිටි බව කී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම භට පිරිස් තාවකාලිකව ඔවුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් ඉවත්කරගන්නා බව ද සඳහන් කළේය. මිහින්තලා රජමාහා විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන්වහන්සේ ශ්‍රී ලංකා යුද හමුදා…
උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල අද (10) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
විශේෂ පාර්ලිමේන්තු දිනයක් ලෙස අද (10) පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ. එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත සහ මුදල් පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීම සඳහා අද දිනයේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අනුව, පෙරවරු 09.30 සිට පස්වරු 4.30 දක්වා එම විවාදය පැවැත්වීමට නියමිතව තිබේ. අද දිනයේ විවාදයට ගැනීමට නියමිත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දැනට පවතින සියයට 15ක වැට් බද්ද සියයට 18 දක්වා ඉහළ යනු ඇත. ඊට අමතරව මෙතෙක් වැට් බද්ද අයත් නොවූ ක්ෂේත්‍ර රැසකට එම නව සංශෝධනය මගින් වැට් බද්ද අදාළ කර තිබේ. ඒ අනුව මීට පෙර වැට් බද්දෙන්…