Author: LANKA24X7

ශ්‍රී ලාංකික ද්‍රවිඩ ගීතයක් වන ” අය්යෝ සාමිනේ ” ගීතය ගායනා කරන වින්දි ගුණතිලක , දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර පැවති 16 වන එඩිසන් සම්මාන උළෙලේ දී ( 16 th Edison Awards ) 2023 වසරේ ඉදිරිපත් වූ විශිෂ්ඨතම සංවේදී ගීතයට (Best Sensational Song of the Year – 2023 ) හිමි සම්මානය හිමි කර ගෙන ඇත. සම්මානය ලබා ගත් වින්දි ගුණතිලක පෙර දින රාත්‍රී දිවයිනට පැමිණියාය . මෙම සම්මාන උළෙල ජාත්‍යන්තර චිත්‍රපට සහ ගීත ඇගැයීම සදහා පවත්වනු ලබන අතර , මෙම සම්මාන උළෙල ඉකුත් මාර්තු 24 වැනි දින ඉන්දියාවේ චෙන්නායි නුවර පවත්වා තිබුණි . මෙම සම්මාන ලබා ගන්නා අවස්ථාවට මෙම ගීතය රචනා…

Read More

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ මැයි රැලිය කොළඹ කැම්බල් පිටියේදී පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. ඔහු මෙසේ පැවසුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීය. මුලින්ම පැමිණෙන්නේ ජනාධිපතිවරණයද මහ මැතිවරණයද යන්න තවමත් තීරණය කර නැති බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඕනෑම මැතිවරණයකට සූදානම් බවත් ඔහු සඳහන් කළේය.

Read More

හිටපු පොලිස් කොස්තාපල්වරයකු අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඊයේ අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර බොලොස්සගම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි හිටපු පොලිස් කොස්තාපල්වරයකු බවත්, ඔහු අරලියගහ මන්දිරයේ අවසන් වරට රාජකාරී කරමින් සිට දුෂ්චරිත වාර්තා හේතුවෙන් පොලිස් සේවයෙන් ඉවත් කළ අයකු බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කලේය. සැකකරු අයිස් මත්ද්‍රව්‍ය රැගෙන කුඩා ලොරි රථයකින් යමින් සිටින බවට ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායම කළුතර අල්විස් වත්ත ප්‍රදේශයේදී ලොරි රථය නවතා පරීක්ෂා කිරීමේදී කලිසම් සාක්කුයේ සඟවාගෙන තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් අටකට ආසන්න ප්‍රමාණයක් සහ රුපියල් පනස් දහසක පමණ ජාවාරම් මුදලක් සමග අත්අඩංගුවට ගෙන ජාවාරම සඳහා යොදාගත්…

Read More

මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට විකිරණ චිකිත්සා (රේඩියෝ තෙරපි) ප්‍රතිකාරය ලබා දීම සඳහා අත්‍යාවශ්‍ය වන විකිරණ යන්ත්‍ර 5 න් එක් යන්ත්‍රයක් දීර්ඝ කාලයක සිට යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් ක්‍රියා විරහිත වීම නිසා රෝගීන් 500 දෙනකුට පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට සිදුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. පෙබරවාරි මාසයේ සිට එම දෝෂයක් ඇති වී තිබෙන අතර මෙම විකිරණ යන්ත්‍රය විශේෂයෙන් භාවිත කරනු ලබන්නේ ළමා පිළිකා රෝගීන්ට විකිරණ චිකිත්සා ප්‍රතිකාරය ලබා දීමට බැවින් පොරොත්තු ලේඛනයේ ළමා පිළිකා රෝගීන්ද සිටින බව රෝහල් ආරංචි මාර්ග පැවැසුවේය. ඒ හේතුවෙන් ළමා පිළිකා රෝගීන් මහත් අපහසුතාවයකට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. තත්ත්වය කෙතරම් බරපතළ වුවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය…

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය කළේ කවුරුන්දැයි තම දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය අද (27) අධිකරණයට වාර්තා කිරීමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම සිද්ධියට අදාළව මෛත්‍රීපාල සිරිසේන මහතා රහස් පොලිසිය හමුවේ කළ ප්‍රකාශය නීතීපතිවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ අධ්‍යනය කළ නීතීපතිවරයාගෙග් උපදෙස් මත මෙහි විමර්ශන වල ප්‍රගතිය අධකරණයට වාර්තා කිරීමට කටයුතු කරන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටටීමෙන් අනතුරුව එහි නිලධාරීන් විසින් ඔහුගෙන් පැය 6කට අධික කාලයක් පුරා සිද්ධිය සම්බනධයෙන් ප්‍රශ්න කරමින් ලබා ගත් ප්‍රකාශයේ උධෘත…

Read More

පොදුජන පෙරමුණට මේ වන විට ජනාධිපතිවරණ අපේක්ෂකයන් හතර පස් දෙනෙකුම සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. ප‍්‍රාදේශීය සභාවකටවත් ඉදිරිපත් කිරීමට අපේක්ෂකයන් සොයා ගැනීමට නොහැකි වනු ඇතැයි කිවූ පක්ෂයට අද වන විට ජනාධිපති අපේක්ෂකයින් රැසක් සිටින්නේ යැයිද රාජපක්ෂ මහතා කීය. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයට ජයග්‍රාහී පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවත් එම අපේක්ෂකයා කවුදැයි පක්ෂයක් ලෙස තවමත් තීන්දු කර නැති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය. හම්බන්තොට දී මාධ්‍ය අමතමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව කීය.

Read More

අරගලය මුවාවෙන් ප්‍රචණ්ඩත්වය වැපිරූ පිරිසගෙන් පාර්ලිමේන්තුව අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ජනාධිපති කාර්යාලය ඇතුළු රාජ්‍ය දේපළ බේරා නොගත්තා නම් මෙලෙස ආර්ථික ස්ථාවරත්වයක් ගොඩනැගීමට නොහැකි වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අසීරු සහ අමිහිරි යුගයක් පසු කර රටක් ලෙස ඉදිරියට යන ගමනේදී නීතිය හා සාමය කඩවීමට ඉඩ නොතැබිය යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා සෑම ක්ෂේත්‍රයකම නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට සියලු පාර්ශ්වයන්ට වගකීමක් පැවරී ඇති බව ද පෙන්වා දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි විශ්වවිද්‍යාල ආචාර්යවරු සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදීය. රට තුළ වත්මන් ආර්ථික වැඩපිළිවෙළ සහ ඒ සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අදහස් සහ යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීම වෙනුවෙන් හිටපු අධ්‍යාපන…

Read More

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභාවේ විශේෂ රැස්වීමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ මහතාගේ කොළඹ පිහිටි නිල නිවෙසේ දී අද ( 27) උදේ 10.00 ට පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නියෝජිතයින් සහ ජනාධිපති අතර පැවති සාකච්ඡාවේ ප්‍රතිඵල පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත. ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නියෝජිතයන් අතර එම සාකච්ඡාව පැවැත්වුණේ ඉකුත් සතියේදීය. කෙසේ වෙතත් එම සාකච්ඡාවේදී ජනාධිපති අපේක්ෂකයා සහ මුලින් පැවැත්වෙන මැතිවරණය සම්බන්ධයෙන් අවසාන තීරණයකට පැමිණීමට නොහැකිවිය. මීට අමතරව පක්ෂය වෙනුවෙන් කමිටු කිහිපයක් පිහිටුවීමද අද රැස්වීමේදී කෙරෙනු ඇත.

Read More

ජාතික අවම වැටුප රුපියල් 5000කින් වැඩි කිරීම සඳහා ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා විසින් ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව මේ වනවිට පවතින ජාතික අවම වැටුප රුපියල් 12,500 සිට රුපියල් 17,500 දක්වා ඉහළ යනු ඇත. ජාතික අවම දෛනික වැටුප රුපියල් 500 සිට රුපියල් 700 දක්වා රුපියල් 200කින් ඉහළ දැමීමටද හැකිවන පරිදි එම පනත සංශෝධනය කිරීමටද මෙහිදී නිර්දේශ කර ඇත. ජාතික කම්කරු උපදේශක සභාවේ නිර්දේශ මත පත්කරන ලද කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නියෝජනය කරන වෘත්තීය සමිති සහ සේවායෝජකයින් ඇතුළත් ත්‍රෛපාර්ශ්වික අනුකමිටුවක් මගින් මෙම වැටුප් ඉහළදැමීම් නිර්දේශ කර තිබේ.

Read More

කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාව ඝාතනය කිරීමේ උත්සාහයක් සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදුකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට උපදෙස් දී තිබේ. ඔත්තුකරුවෙක් විසින් යොමු කරන ලද ලිපියකට අනුව අමාත්‍ය ටිරාන් අලස් මහතා එම උපදෙස් ලබා දී ඇත. රාජ්‍ය ඔත්තුකරුවෙකුට ලැබුණු තොරතුරක් අනුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඝාතනය කිරීමට යම් පුද්ගලයෙකු විසින් දුරකථන මාර්ගයෙන් ගිනිඅවියක් ඉල්ලා ඇති අතර ඒ අනුව විමර්ශන ආරම්භ කර තිබේ. ඔත්තුකරුවා විසින් අදාළ පුද්ගලයාගේ දුරකථන අංක සහිතව විස්තර දක්වා ඇති අතර එම දුරකථන අංක සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අතර, ගිනිඅවිය ඉල්ලා ඇත්තේ තිළිණ ගමගේ මහතා විසින් පසුගිය කාලයේ දුන් අධිකරණ නියෝග හේතුවෙන්…

Read More