Author: LANKA24X7

එතෙර ගුවන්තොටුපළවල් නවයකදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා ගුවන් යානා ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තු පිරිනැමීමට ඇමති මණ්ඩල අනුමැතිය ලැබී ඇත. බැංකොක් ,බීජිං,ඩුබායි ,හයිද්‍රාබාද් ,කරච්චි, මාලේ ,රියාද්,ක්වාලාලම්පූර් හා ජගර්තා ගුවන් තොටුපළවල ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තු ලබන වසරේ මුල් කාර්තුවේ දී අවසන් වීමට නියමිත බව රජය පවසයි. එකී ගුවන් තොටුපළ වලදී ඉන්ධන සපයා ගැනීම සඳහා ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවා ඇතැයි රජය පවසයි. ගුවන් යානා ඉන්ධන සැපයුම් සමාගම් එකොළහක් විසින් ලංසු ඉදිරිපත් කර ඇති අතර කරච්චි ගුවන්තොටුපොළ සඳහා එක් ලංසුවක් ද ඉතිරි ගුවන් තොටුපොළ 8 සඳහා ලංසු දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ලැබී තිබෙන බව රජය කියයි. ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද…

Read More

ගුවන්තොටුපොළ සමාගමේ නව සභාපතිවරයා ලෙස ඉංජිනේරු අතුල ගල්කැටිය මහතාව පත්කර තිබේ. ඒ මහතා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී ඊයේ නව ධුරයේ වැඩකටයුතු ආරම්භ කර ඇත.

Read More

බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර සහ ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල සම සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා පත්කර තිබේ. ඒ අනුව ඊට අදාළව රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන සියලුම සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීම ඔහුට පැවරෙනු ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ පත්කිරීම සිදුකර තිබේ.

Read More

සම්බා සහල් කිලෝවක මිල රුපියල් 30කින් ඉහළ දැමීමට සහල් ව්‍යාපාරිකයන් කටයුතු කර ඇතැයි පාරිභෝගිකයෝ චෝදනා කරති. කිලෝවක් රුපියල් 230 ක්ව පැවති සම්බා සහල් කිලෝවක මිල රුපියල් 260 ක් දක්වා මෙරට ප්‍රධාන සහල් සමාගමක් කටයුතු කර ඇති බවත් තවත් සමාගමක් සම්බා සහල් කිලෝවක මිල රුපියල් 245 දක්වාත් ඉහළ දමා ඇති බවත් පාරිභෝගිකයෝ පවසති. මෙම සමාගම්වලට හිතුමතේ මිල ඉහළ දැමීමට අවස්ථාව දුනහොත් උත්සව සමය අවසන් වන විට සම්බා සහල් කිලෝවක මිල රුපියල් 300 කට ආසන්න වනු ඇතැයි පාරිභෝගිකයෝ සඳහන් කරති.

Read More

ගත වූ දෙදින තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් බාල වයස්කරුවන් සිව්දෙනෙකු ඇතුළුව පුද්ගලයන් දොළොස් දෙනෙකු අතුරුදන් වී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. ඒ අනුව බොරලැස්ගමුව වේරහැර ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි සිසුවෙක්, නාදකුඩුඉරුප්පු ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි සිසුවෙක්, හැටන් පොල්පිටිය ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි අයෙක් සහ යටියන සංවර්ධන මධ්‍යස්ථානයක රඳවා සිටි 15 හැවිරිදි දැරියක්ද අතුරුදන් බාල වයස්කරුවන් අතරට අයත්ය. මෙම දැරිය මීට දින කිහිපයකට පෙර මෙම රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා ඇති අතර පෙරේදා (10 වැනිදා) දින රාත්‍රියේ ඇය ඉන් පැන ගොස් ඇති බවට එහි ප්‍රධාන පාලිකාව කටුනායක පොලීසියට පැමිණිලි කර ඇත. අතුරුදන් පිරිස අතරට නුවරඑළිය ප්‍රදේශයේ 18 හැවිරිදි තරුණියක්, පොතුවිල්හි පදිංචි…

Read More

කිඹුලාඇලේ ගුණාගේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන “එළිසබෙත්” නැමති කාන්තාව පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරී කණ්ඩායමක් විසින් ඊයේ (11) වැල්ලම්පිටිය පොලිස් වසමේ,‍ මීතොටමුල්ල පාර, වැල්ලම්පිටිය යන ලිපිනයේ පිහිටි නිවස ඉදිරිපිට මාර්ගයේ දී වැටලීමක් සිදුකර ඇත. එහිදී 48 හැවිරිදි කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 7ක් සහ විද්‍යුත් තරාදියක් සමග අත්අඩංගුවට ගෙන වැල්ලම්පිටිය පොලීසිය වෙත භාර දී තිබේ.

Read More

උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් නව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවට හිටපු ප්‍රබල පිතිකරුවෙක් වන ඉන්දික ද සේරම් මහතා ඇතුළත් කර තිබේ. ඒ අනුව උපුල් තරංග (සභාපති), ඩිල්රුවන් පෙරේරා, අජන්ත මෙන්ඩිස්, තරංග පරණවිතාන සහ ඉන්දික ද සේරම් යන මහත්වරු ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවට පත්කිරීමට ජාතික ක්‍රීඩාවේ අනුමැතිය හිමිව තිබේ.

Read More

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් ඊයේ (11) සම්මත වූ අතර ඒ අනුව මෙතෙක් වැට් බද්දෙන් නිදහස් කර තිබූ අයිතම 138 න් 97 කට ලබන වසරේ ජනවාරි පළමු වෙනිදා සිට නැවතත් වැට් බද්ද පැනවීමට නියමිතය. මෙතෙක් පැවති සියයට 15 වැට් බද්ද ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිට සියයට 18 දක්වා වැඩි වෙනු ඇති. දේශීයව නිෂ්පාදනය කරනු ලබන පොල් කිරි, පොල්තෙල්,දියර කිරි, එල්.පී ගෑස්,පෙට්‍රල්,ඩීසල්,රසායනික පොහොර,සියලුම ජංගම දුරකථන,වෛද්‍ය තාක්ෂණික උපකරණ,ඖෂධ නිෂ්පාදනය කරන යන්ත්‍ර සූත්‍ර,ගිලන් රථ ආනයනයේදී,කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ,සූර්ය පැනල,දේශීයව නිෂ්පාදනය කරනු ලබන සීනි,ස්වර්ණාභරණ,පාම් ඔයිල්,බිත්තර,තේ ඇතුළුව භාණ්ඩ හා සේවා 97කට ඒ අනුව ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට වැට් බද්ද පනවනු ලබයි.…

Read More

තහනමට ලක් කළ කටුපොල් වගාව යළි ආරම්භ කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමයේ කටු පොල් තහනමට ලක් විය. කටුපොල් වගාකරුවන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව කරුණානායක මහතා මේ බව කීය. කටුපොල් වගා කරන ගොවීන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හිටපු අමාත්‍යවරයා මතුගම සහ බදුරලිය ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක් විය. කටු පොල් වගාව තහනම් කිරීම නිසා පවුල් විශාල ප්‍රමාණයක් ආර්ථික ගැටළු රැසකට මුහුණ දී සිටින බව කටුපොල් වගා කරුවෝ පැවැසූහ. කටු පොල් අක්කරයකින් මසකට රුපියල් 75000ක ශුද්ධ ආදායමක් උපයා ගත හැකි බවද ගොවීහු අමාත්‍යවරයා කීහ. මෙහිදී රවී…

Read More

ගාලු මුව දොර අරගලයේ පැවති සමයේ දී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයට එරෙහිව කොටුව අසල විරෝධතාවයක් සිදුකළ නීතිඥවරුන් පිරිසක්හට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය හා හමුදාව සිය කණගාටුව ප්‍රකාශ කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය මේ බව දැනුම් දුන්නේ මේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිඥවරුන් එකොළොස්‌ දෙනෙකු ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය. මෙම පෙත්සම ප්‍රීති පද්මන් සුරසේන, යසන්ත කෝදාගොඩ සහ අචල වෙන්ගප්පුලි යන මහත්වරුන්ගේ සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි. ඒ අනුව මෙම පෙත්සම් විභාගය අවසන් කෙරිණි. නීතිඥ මනෝජා ගුණවර්ධන මහත්මියගෙ උපදෙස් පරිදි නීතිඥ…

Read More