Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ප්ලාස්ටික් බීම බට, කෝප්ප, පිඟන්, පිහි, ගෑරුප්පු, හැඳි, ඉඳිආප්ප බන්දේසි, මල්මාලා ශ්‍රී ලංකාව තුළ ආනයනය කිරීම, විකිණීම සහ නොමිලේ පිරිනැමීම හෝ තනි භාවිතය, එක් වරක් ප්‍රදර්ශනය කිරීම අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබෙනවා. මධ්‍යම පරිසර අධිකාරිය පවසන්නේ ඉහත සඳහන් කාණ්ඩයේ ප්ලාස්ටික් භාණ්ඩ තහනම අද සිට නීතියට ක්‍රියාත්මක කරන බවයි.
වන සංරක්ෂණ හා වනජීවී දෙපාර්තමේන්තු අත්පත් කරගත් අක්කර 25,000 ක් නැවත ගොවීන්ට දීමට අවශ්‍ය කටයුතු කරන බව වනජීවී ඇමැතිනී නීතිඥ පවිත්‍රා වන්නිඅරච්චි මහත්මිය පැවසුවාය. මේ අතර වත්තේගම- කැබිලිත්ත රක්ෂිතයේ හායනයට පත් ප්‍රදේශවල වනාන්තර නැවත ප්‍රතිස්ථාපනය කරන බවද ඇය සඳහන් කළාය..
සමෘද්ධිලාභීන් ලක්ෂ 3 කට වැඩි පිරිසක් වසර විසි අටක් තිස්සේ (1995-2023) සමෘද්ධි ආධාර දිගටම ලබන නමුත් ස්වශක්තියෙන් නැගී සිටීම සඳහා ඔවුන් කිසිම ආකාරයකින් හෝ සවිබල ගන්වා නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. මේ අනුව සමෘද්ධි ව්‍යාපාරය අපේක්ෂා කළ අරමුණු සහ කාර්යභාරය ඉටුවී නොමැති බවට විගණන නිලධාරිහු චෝදනා කරති. සමෘද්ධිලාභීන් සවිබල ගැන්වීමේ විවිධ වැඩසටහන් සඳහා 2019 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා රුපියල් කෝටි 126 ක් වැය කර ඇතැයි පවසන විගණන කාර්යාලය සවිබලගැන්වීම් පිළිබඳව නිශ්චිත ඉලක්කයක් හඳුනා ගැනීමකින් තොරව එම මුදල් වැය කර ඇති බවද සඳහන් කරයි. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව 2020, 2021 සහ 2022 වර්ෂවලදී පිළිවෙලින් සමෘද්ධිලාභීන් 1958ක්, 18629ක්…
2030 වන විට ශ්‍රි ලංකා යුද හමුදාවේ සාමාජිකයන් හරි අඩකින් අඩු කිරීමට රජය සැලසුම් කර ඇතැයි දැන ගන්නට ඇත. යුද හමුදාවේ අනුමත කාර්ය මණ්ඩලය දෙලක්ෂය ඉක්මවා ඇත. මේ සම්බන්ධයෙන් වැඩබලන ආරක්ෂක ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ,ලබන 2030 වන විට යුද හමුදා සාමාජිකයන් ගණන ලක්ෂය පමණ දක්වා අඩුකිරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බව ය. ඒ පිළිබඳව හමුදාවේ සමාලෝචනයක් කිරීම සඳහා විශ්‍රාමික මේජර් ජෙනරාල්වරකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් ද ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබ ඇතැයි ඔහු කීවේය. දෙලක්ෂය ඉක්මවන යුධ හමුදා සාමාජික සංඛ්‍යාව ලක්ෂය පමණ දක්වා අඩුකර,යුද හමුදාව තාක්ෂණික හා උපායශීලී හමුදාවක් බවට පත් කිරීම රජය සැලසුම්…
නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලායාමේ සැලසුම සඳහා ආධාර අනුබල දුන් බව කියන තවත් පොලිස් කොස්තාපල්වරයකු එම දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහජන පැමිණිලි අංශයට අනියුක්ත පොලිස් කොස්තාපල්වරයෙකි. හරක් කටා නැමැත්තා පළා යාමේ සැලසුමට සෘජුවම සහාය දුන් බවට මේ වනවිට අනාවරණය වී තිබෙන කොස්තාපල්වරයා පලා ගොස් අදට දින 20 ගත වුවද මෙතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇත. හරක් කටා පලායාමේ සැලසුමට ආධාර අනුබලදීම යටතේ ඩුබායිහි සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වන මිදිගම රුවන් නමැත්තා ගේ ගෝලයන් 4 දෙනකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මේ වන විට අත්අඩංගුවට…
විශ්වවිද්‍යාලවල සහ පාසල්වල සිසුන්ගෙන් තුනෙන් එකකට වැඩි පිරිසක් ආහාර හිගකමින් දැඩි පීඩාවට පත්ව සිටින බව අධ්‍යාපන බලධාරීහු පෙන්වා දෙති. මේ හේතුවෙන් එම සිසුන්ගේ පෝෂණය සහ වර්ධනය සම්බන්ධයෙන් බරපතළ ගැටලු මතුව ඇතැයි සෞඛ්‍ය ක්ෂේත්‍ර ආරංචි මාර්ගවලින් පැවසේ. සිසුන්ගෙන් වැඩි පිරිසක් දිනකට ලබාගන්නේ ආහාර වේලක් හෝ දෙකක් පමණක් බව පවසන එම බලධාරීහු පවතින ආර්ථික තත්වය හේතුවෙන් පෝෂදායි ආහාර වෙනුවට පෝෂණය අඩු පිටි සහිත ආහාරවලට යොමුවීමේ වැඩි ප්‍රවණතාවක් මතුව ඇතැයිද සඳහන් කළහ. මේ අතර සමහර විශ්ව විද්‍යාල සිසුන් ආහාර කළමනාකරණය කර ගැනීම සඳහා විවිධ උපක්‍රම අනුගමනය කරන බව විශ්ව විද්‍යාල ආරංචිමාර්ග වලින් පැවසේ. විශේෂයෙන්ම නිවාඩු දිනවලදී දවසේ වැඩි වේලාවක් නිදාගෙන දහවලේ ඇහැරී එක්…
පොතුහැර ළිහිණිගිරිය පොත්ගුල් විහාරස්ථානයේ විසූ බැවිලිගමුවේ සුජාත හිමි (64) පසුගිය (29)රාත්‍රියේ පිහියකින් ඇන ඝාතනය කර ඇති බව පොතුහැර පොලීසිය පවසයි. සුජාත හිමියන්ට අයත් පොතුහැර පරබැවිල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික නිවසක් තුළදී ඝාතනය කර ඇති බවද කියයි. මෙම හිමියන් ශ්‍රි ලංකා යුධ හමුදාවේ ඉංජිනේරු බලකායේ සේවය කර විශ්‍රාම ගොස් සිටියදී පසුගිය මාර්තු මාසයේදී පැවිදි දිවියට එළඹ ඇති බවට තොරතුරු අනාවරණයවී තිබේ. ඝාතනයට ලක්වූ හිමිනම විවාහකයකු වන අතර ඔහුගේ මීට බිරිද වසර 25 කට පමණ පෙර මොහු හැරදමා ගොස් ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි. මිය ගිය දිනද රාත්‍රි කාලයේ හිමියන් හමුවීමට කිසියම් පුද්ගලයකු පැමිණ ඇති අතර නිවස රැකබලා ගන්නා…
මාලදිවයින දූපත් රාජ්‍යයේ ජනාධිපතිවරණයේ දෙවැනි වටයෙන් විපක්ෂ නායක මොහොමඩ් මුයිසු ජයග්‍රහණය කළේය. ඒ අනුව මාලදිවයිනේ මීළඟ ජනාධිපතිවරයා වනු ඇත්තේ 45 හැවිරිදි මුයිසුය. මුයිසු දිනූ ඡන්ද ප්‍රතිශතය සියයට 54 ක් බව පැවැසෙයි. මුයිසු මාලේ අගනුවර නගරාධිපතිවරයා ලෙස ද කටයුතු කර තිබේ. මුයිසු චීන හිතවාදියෙකි. ජනාධිපතිවරණයේ දෙවැනි වටයේ දී, මුයිසු සමඟ තරග වැදුණු මාලදිවයින ජනාධිපති 61 හැවිරිදි ඊබ්‍රහීම් සෝලී, පරාජය බාර ගනිමින් මුයිසු ට සුබ පතා තිබේ. ඊබ්‍රහීම් සෝලී ඉන්දීය හිතවාදියෙකි.
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසිද බලා පොරොත්තු විය හැකියි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
වැලිකන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකු භට නිවාසයක් තුළදී මියගොස් සිටියදී සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි. අද (30) අලුයම එම පොලිස් සැරයන්වරයා මියගොස් ඇති බවද පොලීසිය පවසයි. එසේ මියගොස් ඇත්තේ, 52 හැවිරිදි එරාවුර් ප්‍රදේශයේ පදිංචි විවාහක නිලධාරියෙකි. පොලිස් සැරයන්වරයා මියගිය හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් පැවසීය. “වැලිකන්ද පොලිස් ස්ථානයේ බැරැක්කයක් තුළ එහි සේවයේ නියුතුව සිටි පොලිස් සැරයන්වරයෙකු අද අලුයම් කාලයේදී මිය ගිහිල්ලා තියෙනවා. මෙම මියයෑම යම්කිසි හදිසි අනතුරක් නිසා සිදුවුණ දෙයක්කද නැත්නම් සියදිවි නසාගැනීමක්ද එසේත් නැත්නම් වෙනයම් ආකාරය…