Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
බඩ ඉරිගු හේනක් වටා විදුලි රැහැනක් යොදා වන අලියෙකු ඝාතනය කිරිමේ චෝදනාවක් මත 54 හැවිරිදි ගොවියෙකු වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කහටගස්දිගිලිය අඩවිවන කාර්යාලයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කදුරැගස්කඩ,රත්මල්ගහවැව පදිංචි 54 හැවිරිදි ගොවියෙකි. මෙම පුද්ගලයා විසින් කහටගස්දිගිලිය,නෙලුගොල්ලාකඩ,කුරැක්කුරාගම ප්‍රදේශයේ පිහිටි බඩ ඉරිගු හේනක් වටා විදුලි රැහනක් යෙදිම නිසා එම විදුලි රැහැනේ පැටලිමෙන් අවුරැදු 35 ක් පමණ වයසැති අඩි 08 ක් පමණ උසින් යුක්ත වන අලියෙකු මිට දින කිහිපයකට පෙර මියගොස් සිටි බව කහටගස්දිගිලිය අඩවි කාර්යාලයේ නිලධාරියෙකු පැවසිය.
මල්වානේ යබරලුව පුදේශයේ තිබෙන කඩවර දේවාලයකට ශාන්තිකර්මයක් සිදු කර ගැනීම සදහා ගිය ස්නායු ආබාධයකින් පෙළෙන හතලිස් හය හැවිරිදි විදුලි කාරිමික දෙදරු පියෙකුගේ දකුණු යටි පතුල දරුණු අන්දමින් පිළිස්සු බව කියන එම දේවාලයේ කපුවා හා ඔහුගේ පුතා අත් අඩංගුවට ගෙන ඇතැයි බියගම පොලිසිය පවසයි. මෙහිදී මැටි පහනකට කපුරු දමා දල්වා යටි පතුලට ඇල්ලීමෙන් දරුණු ලෙස පිළිස්සුණු තුවාලකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කොට මේ වනවිට නේවාසිකව පුතිකාර ලබන අතර ඔහුට කතා කිරීමට පවා නොහැකි තත්ත්වයක පසුවන බවද පොලිසිය සදහන් කරයි. මෙම තුවාලකරුගේ බිරිඳගේ හා ඔහුගේ සොහොයුරියගේ ප්‍රකාශ මත එම දේවාලයේ කපුවා හා පුතා මෙසේ අත් අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි. ඉකුත් 18…
හැටන් ජුම්මා පල්ලියේ මුරකරු ඝාතනය කර පිංකැටය කඩා මුදල් රැගෙන ගිය සැකකරු සමන්තුරේ ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. එම පුද්ගලයා සමන්තුරේ නගරයේ සැකකටයුතු ලෙස සැරිසරමින් සිටියදි සැකපිට ඊයේ (19) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඒ පිළිබඳව හැටන් පොලීසියට දැනුම් දුන් බව හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතා පැවසිය. සැකකරු හැටන් ප්‍රදේශයේ දින ගණනාවක් රැඳී සිටිමින් ඉකුත් (09) දින අලුයම හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ මුරකරුව ඝාතනය කර පිංකැටය තුළ තිබූ මුදල් රැගෙන ගොස් තිබුණි. එම සැකකරුගේ ඡායාරුප මාධ්‍ය මගින් ප්‍රචාරය කළ අතර හැටන් පොලීසිය ඔහු සම්බන්ධයෙන් දිවයින පුරා පිහිටි අනෙක් පොලිස් ස්ථානද දැනුවත් කළේය. සැකකරු මනුෂ ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් සයින්දමරුදු…
ව්‍යාජ ලෙස වීසා බලපත්‍ර සකස් කරන මධ්‍යස්ථානයක් වටලා තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් එම වැටලීම සිදුකර ඇත. ඒ කුරුණෑගල පන්නල ප්‍රදේශයේදීය. අදාළ ස්ථානය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතින බවද පොලීසිය පවසයි.
පසුගිය දා ටිරාන් අලස් අමාත්‍යවරයා නීතීඥවරු සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව අප්‍රසාදය පළකරන බව කොළඹ මහාධිකරණ නීතීඥවරුන්ගේ සංගමය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ, යම් පුද්ගලයෙකු නීතිය ඉදිරියේ වරදකරුවෙකු ලෙස තින්දු කරන තෙක් චූදිතයෙකු ලෙස සැලකෙන බවය. එවැනි චූදිතයින් වෙනුවෙන් පෙනී සිටීමට සහ චුදිතයෙකුට අධිකරණය හමුවේ කරුණු දැක්වීමට නීතිඥ සහාය ලබාගැනීමේ අයිතියක් පවතින බව ද එම සංගමය පෙන්වා දෙයි. ටිරාන් අලස් අමාත්‍යවරයා පසුගිය දා ප්‍රකාශ කළේ දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට එරෙහි වූයේ අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටින ඇතැම් නීතීඥවරු බවය. කොළඹ මහාධිකරණ නීතීඥවරුන්ගේ සංගමය සිය නිවේදනය මඟින් තවදුරටත් පෙන්වා දෙන්නේ, නීතිඥ වෘත්තිය රටේ යුක්තිය සාධාරණත්වය මෙන්ම නීතියේ ආධිපත්‍ය…
අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා වන යෝජනාවලියක් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බව පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි. එහි සභාපති රවීන්ද්‍රනාත් දාබරේ මහතා පවසන්නේ විවිධ පාර්ශවල අදහස් හා යෝජනා මත පදනම්ව මෙම වාර්ථාව සකස් කෙරෙන බවය.
හග්ගල්ල අල්ගම මාර්ගයේ වලලියැද්ද කනත්ත අසලදි බස් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් යුද හමුදා සෙබලකු මරණයට පත්වී ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි. ඊයේ ( 19) මෙසේ මිය ගොස් ඇත්තේ යතුරු පැදියෙන් අල්ගම දෙස සිට හග්ගල්ල දෙසට ගමන් කරමින් සිටිසිංහල පේඩිගේ සනෝජ් මධුසංක අන්නාසි වත්ත , දඹුටුව දෙබැහැර, පදිංචි – යුද හමුදා සෙබලෙකි. හමුදා සෙබළා හග්ගල්ල දෙසට ධාවනය කරමින් තිබු පුද්ගලික බස් රථයේ ගැටිම හේතුවෙන් තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව මියගොස් ඇතැයි පොලිසිය කියයි . බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
නාරහෙන්පිට මෝටර් රථ දෙපාර්තමේන්තුව අසල ගැවසෙමින් එහි පැමිණෙන ජනතාවට විවිධ අයුරින් බලපෑම් එල්ල කරමින් මුදල් එක්රැස් කිරීමේ යෙදී සිටි. පුද්ගලයන් 11 කු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි. අත්අඩංගුවට පත් වූවන් අතර කාන්තාවක්ද වන බව පොලිසිය කියයි. විවිධ අවශ්‍යතා සඳහා දෙපාර්තමේන්තු වෙත යතුරු පැදි සහ වාහනවලින් පැමිණෙන පුද්ගලයන්ගේ වාහන නැවතීමේදී විවිධ බලපෑම් කරමින් මුදල් එක්රැස් කරන බවට බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක ප්‍රියදර්ශන විතානගේ මහතාට ලද තොරතුරකට අනුව වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටින බහුතරයක් දෙනා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් බවත් ඒවා මිලදී ගැනීම සඳහා මුදල් සොයා ගැනීමේ අරමුණින් මෙම ස්ථානයේ රැඳී සිටින…
මන්නාරම , පල්ලිමුනෙයි නිවසක් තුල සඟවා තිබූ ජෙලග් නයිට් පුපුරණ ද්‍රව්‍ය 525ක් අැතුලු පිපිරවීම් සදහා යොදාගන්නා උපකරණ තොගයක් සමඟ සැකකරුවකු ඊයේ (19) අත්අඩංගුවටගත් බව මන්නාරම පොලිසිය කියයි. පුපුරණ ද්‍රව්‍ය රැස්කරන පුද්ගලයකු සම්බන්ධයෙන් මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන එ‍්කකය වෙත ලැබුණ තොරතුරක් මත සිදුකල වැටලීමකදී පුපුරණ ද්‍රව්‍ය හා පිපිරවීම් සදහා යොදාගන්නා උපකරන අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. සැකකරු සතුව තිබී විද්‍යුත් ඩෙටනේටර් 354ක් පිපිරවීම් සදහා යොදාගන්නා සේවානූල් විශාල ප්‍රමාණයක් සොයාගත් බවත් පොලිසිය සදහන් කළේය. අත්අඩංගුවටගත් සැකකරු මන්නාරම, පල්ලිමුනෙයි හි පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකි.
දරුවන්ගේ අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ පට අන්තර්ජාලයට හෝ සමාජ මාධ්‍ය හරහා විසුරුවාහරින පුද්ගලයන් හඳුනාගත හැකි අන්තර්ජාතික දත්ත පද්ධතියක් සමඟ එකතුවීමට ශ්‍රී ලංකා පොලිසියට හැකිවූ බව නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මිය ඊයේ 19 පැවැසුවාය. මීට මාස 2 කට පමණ පෙර මෙම දත්ත පද්ධතිය හා එක්වීමට ශ්‍රී ලංකා පොලිසිය හැකි වූ බවත් එමගින් අන්තර්ජාලය ඔස්සේ නිතර අසභ්‍ය වීඩියෝ නරඹන පුද්ගලයන් පිළිබඳව තොරතුරු ලබාගත හැකි බවත් නියෝජ්‍ය පොලිස්පතිනිය කීවාය. අන්තර්ජාල සේවා සපයන ආයතන මෙම අන්තර්ජාතික දත්ත පද්ධතිය හා සම්බන්ධවී එම තොරතුරු හුවමාරු කරගන්නා අතර මෙමගින් ඉතා පහසුවෙන් එවැනි පුද්ගලයන් හදුනාගැනීමට හැකියාව ඇති බවද ජයසුන්දර මහත්මිය පැවැසුවාය. 2023 වසරේ අන්තර්ජාලය ඔස්සේ දරුවන් අපයෝජයට ලක්වන…