Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මෙම වසර අවසන් වන විට රට තුළ නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන හතර ඉක්මවනු ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, එය මේ වසරේ බලපොරොත්තු වූ අගයට වඩා වැඩි අගයක් බවයි. කැපී පෙනෙන ලෙස විදේශ විනිමය රජයට ගලා ඒමත් සමඟ දළ සංචිත ශක්තිමත් වී තිබේ. මේ වසරේ දෙසැම්බර් මාසය තුළ දී අමෙරිකානු ඩොලර් මිලියන 787ක විදේශ විනිමයක් රජයට ලැබී ඇති බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දී ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් අමෙරිකානු ඩොලර් මිලියන 337ක දෙවන වාරිකය ද ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක් ද ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 250ක් ද දෙසැම්බර් මාසය තුළ දී රජයට ලැබී…
යුක්ති මෙහෙයුමට සමගාමී ව සංවිධානාත්මක අපරාධ සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කුඩු අසංක, ලඩියා සහ කුඩු ශ්‍රියානි විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදල් සහ දේපොළ රැසක් අද දින නීති විරෝධී වත්කම් හා දේපොළ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් විසින් සිය භාරයට ගෙන තිබේ. මේ යටතේ පහත දේපොළ සහ මුදල් තහනම් කර භාරයට ගෙන ඇත, බස් රථ 03ක් කාර් රථ 02ක් යතුරු පැදි 02ක් තෙමහල් නිවසක් ඇතුළු ඉඩම් 04ක් රත්‍රං පවුම් 50ක් මුදලින් රුපියල් 123,000ක් ඉහත තහනමට ගත් දේපොළ සහ මුදල්වල වටිනාකම ලක්ෂ 920කට ආසන්න බව අනාවරණය වී ඇත.
ප්‍රංශයේ අධ්‍යාපන චාරිකාවක් සඳහා මිලදී ගත් සපත්තු කුට්ටමකට සහ බෑගයකට ලංකා විදුලිබල මණ්ඩලයෙන් රුපියල් 63,000 ක මුදලක් විදයම් කිරීමේ චෝදනාවට අදාල අතිරේක සාමාන්‍යාධිකාරිවරිය එම සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණයට අද (21) කැඳවන බව එම මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. එම සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීමට පත්කළ විශ්‍රාම ලත් විනිසුරුවයෙක්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවට අදාල අතිරේක සාමාන්‍යාධිකාරිවරිය කැඳවා ඇති බවත් එහිදී චෝදනාවට අදාල සපත්තු කුට්ටම සහ බෑගය රැගෙන එන ලෙස දන්වා ඇති බවත් එම නිලධාරියා කීය. අදාල නිලධාරිනිය ප්‍රංශ සවාරිය අවසන් කර පැමිණීමෙන් පසුව අතිරේක සාමාන්‍යාධිකාරි ව්‍යාපෘති තනතුරෙන් ඉවත් කර සාමාන්‍යාධිකාරී කාර්යාලයට ස්ථාන මාරු කිරීමට ද එම මණ්ඩලයේ අධ්‍යක්‍ෂ මණ්ඩලය පියවර ගත් බව ද එම නිලධාරියා…
වැලිපැන්න ,ගල්මත්ත වලගෙදර ප්‍රදේශයේ ප්‍රධාන පාසලක් ඉදිකිරිපිට කුඩා පෙට්ටි කඩයක තිබු මත් ගුලි පැකට් 126 ක් අද (20 ) දහවල් අත් අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය කියයි . මෙම මත්ගුලි පාසල ඉදිරිපිට බුලත්විට,ටොෆි ,චොකලට් අළෙවිහලක තබා දරුවන්ට අළෙවි කරන බවට වැලිපැන්න පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී එම මත් ගුලි සමග වෙළඳසලේ හිමිකරු වලගෙදර ප්‍රදේශයේ පදිංචි (49) හැවිරිදි පුද්ගලයකු අඩංගුවට ගෙන ඇත. වැලිපැන්න පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චමින්ද ද සිල්වා මහතාගේ උපදෙස් මත උප පොලිස් පරික්ෂක උපාලි රංජිත් මහතා ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක් මෙම වැටලීම සිදුකර තිබේ.
කර්මාන්තකරුවන් ඇතුලු ජනතාවට මහා ව්‍යසනයක් වී ඇති පරාටේ නීතිය වහා නතර කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. පාස්කු ප්‍රහාරය, කොරෝනා වසංගතය සහ බංකොලොත්භාවය යන ව්‍යසන 03කට මුහුණ දුන් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ දේපල, ව්‍යාපාර සහ සම්පත් අධිකරණයේ මැදිහත් වීමකින් තොරව පරාටේ නීතිය හරහා ක්ෂණික වෙන්දේසියකට ලක්ව ඇති බවත් විපක්ෂනායකවරයා පැවසීය. පරාටේ නීතියෙන් අගතියට පත් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් කොළඹදී ඊයේ (20) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින ඔහු මේ බව කීවේය.
මෙම දෙසැම්බරයේදී ලංකාවට එක්සත් ජනපද ඩොලර් මිලියන 787 ක් ලැබුණ බව ජනාධිපති කාර්යාලය පවසයි. 2023 දෙසැම්බර් මාසයේදී, ශ්‍රී ලංකාවට අයි.එම්.එෆ් වෙතින් ඇමරිකා ඩොලර් මිලියන 337 ක දෙවන වාරිකයක ද, විවිධ වැඩසටහන් සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකා ඩොලර් මිලියන 200 ක් ද, ලෝක බැංකුවෙන් ඇමරිකා ඩොලර් මිලියන 250 ක් ද හිමි විය. මෙම මුදල් ප්‍රමාණය මගින් අයවැය ශක්තිමත් කිරීම සහ රටේ බාහිර සංචිත වැඩි දියුණු කිරීමට රජය අරමුණු කරන බව ජනාධිපති කාර්යාලය පවසයි.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් සිවු දෙනකු සලකා බලමින් සිටින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය එම සිවු දෙනා අතර ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ද සිටින බව සාගර කාරියවසම් මහතා පැවසීය. කාරියවසම් මහතා මෙසේ පැවසුවේ කොළඹදී ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ කොටසක් වුවත් වර්තමාන ආණ්ඩුවේ ප්‍රධානියා සහ රාජ්‍ය නායකයා වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කරන වෙනත් දේශපාල පක්‍ෂයක නායකයෙක් බවත් සෑම ඡන්දදායකයෙක්ම ඉදිරි මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කරන විට ඡන්දය දෙන පක්‍ෂයේ බදු ප්‍රතිපත්තිය සහ අතීත ආර්ථික භාවිතයන් පිළිබඳව අවදානය යොමු කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඉහළ බදු හේතුවෙන් රටේ උගත් වෘත්තිකයන් සහ පුහුණුවලත් වෙනත් ශ්‍රේණිවල වෘත්තිකයන් රට හැර යෑම ගැටලුවක් බවට පත්ව ඇතැයි ද හිටපු ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කරයි.
ආබාධිත තැනැත්තන් වෙනුවෙන් ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීම සඳහා රජයෙන් ඉල්ලීමක් කිරීමට මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ආබාධිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය තීරණය කර ඇත. යෝජිත මෙම නව පනත් කෙටුම්පත පිළිබඳව ජනාධිපතිවරයා සහ අධිකරණ අමාත්‍යවරයා සමග සාකච්ඡා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය. ආබාධිත තැනැත්තන් වෙනුවෙන් ජනාධිපතිවරයාගේ හෝ අගමැතිවරයාගේ නායකත්වයෙන් යුතු ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීම වැදගත් බව ආබාධිත සහිත තැනැත්තන් සඳහා වන ඒකාබද්ධ පෙරමුණ නියෝජනය කරමින් පැමිණි පිරිස එම සංසදයට පෙන්වා දුන්හ. මේ අතර ආබාධිත තැනැත්තන් වෙනුවෙන් සාමාන්‍ය රියදුරු බලපත්‍රය ලබාදීමට මේ මාසයේ සිට අවසර ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා…
දැනට බන්ධනාගාර ගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන අසංක ප්‍රියදර්ශන නොහොත් කුඩු අසංක මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන අධි සුඛෝපභෝගී දෙමහල් ගොඩනැගිල්ලක් ඇතුළු රුපියල් කෝටි පනහකට ආසන්න මුදල් හා දේපළ සමග ඔහුගේ බිරිය අත්අඩංගුවට ගත් බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසයි. ඒ අතර රුපියල් කෝටි තුනකට ආසන්න පර්චස් දහයක භූමියක ඉදිකර තිබූ තෙමහල් ගොඩනැගිල්ලකට මුද්‍රා තැබූ බවද පොලිසිය කියයි. මෙම වැටලීමේදී පර්චස් විස්සක ඉදිකර තිබූ අධි සුඛෝපභෝගී දෙමහල් නිවසක්, පර්චස් දහයක ඉඩමක ඉදිකර තිබූ තෙමහල් ගොඩනැගිල්ලක්,මෝටර් රථයක් , යතුරුපැදි දෙකක් , කුඩා ප්‍රමාණයේ ලොරි රථයක්, පවුම් පනහක් වටිනා රන් භාණ්ඩ තොගයක්, මුදලින් 1,23,000, පර්චස් දහයක ඉඩම්…