Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා සහ ඔහුගේ බිරිඳ පිළිබඳව අමෙරිකාව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි. විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා මේ බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් මහත්මිය වෙත දන්වා තිබේ. වයඹ පළාත් ආණ්ඩුකාර, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට සහ ඔහුගේ බිරිඳට සිය රටට ඇතුළු වීම වළක්වාලමින් අමෙරිකා එක්සත් ජනපදය තහනමක් පනවනු ලැබීය. අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ, ඔහු නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කළ කාලය තුළ බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝනය කළ බවට එල්ල වූ චෝදනා විශ්වාසනීය ලෙස ඉදිරිපත්වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවය. රාජ්‍ය…
විදේශගත ශ්‍රමිකයින් නැවත ලංකාවට පැමිණීමේදී ගුවන්තොටුපොළේදී ලබාදෙන තීරු බදු සහනය මැයි 1 වනදා සිට ඉහළ නැංවීමට තීරණය කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ඒ සඳහා වන චක්‍රලේඛය නිකුත් කර ඇති බවය. ගුවන්තොටුපොළේ දී මේ වන විට ලබාදෙන තීරුබදු සහනට අමතර විශේෂ තීරු බදු සහන විදේශ ගත ශ්‍රමිකයින්ට ලබාදෙන ලෙසට වන කැබිනට් පත්‍රිකාවක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ අතර එයට කැබිනට් අනුමැතිය හිමිවුණි. ඒ අනුව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් එම චක්‍රෙල්ඛය නිකුත් කර තිබේ. එම චක්‍රෙල්ඛය අනුව නීත්‍යානුකූලව බැංකු ක්‍රමය…
කොළොන්නාව පොම්පාගාරයේ ප්‍රධාන පැනලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අප්‍රේල් මස 29 වන දින පැය 10ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි. ජල කප්පාදුව එදින පෙ.ව 11 සිට එදින රාත්‍රී 9.00 දක්වා සිදුකිරීමට නියමිතය. ඒ අනුව කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය, මොරගස්මුල්ල , රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර,ඇතුල්කෝට්ටේ, නාවල, කොස්වත්ත සහ රාජගිරිය සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධිත සියලු මාර්ගවල ජල සැපයුම අත්හිටවනු ලැබේ.
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පවත්නා සේවා ගැටලු හා අඩුපාඩු පිළිබඳ ව විධිමත් ව පරීක්ෂා කර, කඩිනමින් විසඳුම් වාර්තා ලබාදීම පිණිස අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා විසින් කමිටුවක් පත්කර ඇත. අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක මහාචාර්ය ගුණපාල නානායක්කාර මහතා ඇතුළු අධ්‍යාපන හා පරිපාලන ක්ෂේත්‍රවල ප්‍රවීණයන් පස් දෙනකුගෙන් සමන්විත එම කමිටුව දැනටමත් සිය කටයුතු ආරම්භ කර ඇතැයි අදාළ නිවේදනයේ දැක්වේ. සියලුම විදුහල්පති සංගම්වලින් ඔවුන්ගේ යෝජනා ලබාගෙන ඇති අතර වැඩිමනත් කරුණු දැක්වීමට මැයි මස 9 වෙනි දින දක්වා කල් ලබා දී තිබේ. මැයි 15 දින සිට සමිති සංවිධාන සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වීමට කටයුතු…
අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක ද්විත්ව ශතකයක් රැස්කරගැනීමට සමත්විය. තම මංගල ශතකය ද්විත්ව ශතකයක් බවට පත්කළ දෙවන ශ්‍රී ලාංකික ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේ නිශාන් මධුෂ්කයි. මීට පෙර 1987 වර්ෂයේදී හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක බ්‍රෙන්ඩන් කුරුප්පු සිය මංගල ටෙස්ට් ශතකය ද්විත්ව ශතකයක් බවට පත්කිරීමට සමත්විය. එහිදී ඔහු නවසීලන්තය ට එරෙහිව නොදැවී ලකුණු 201ක් රැස්කරගැනීමට සමත්විය. නිෂාන් මදුෂ්ක වාර්තා අතරට එක්වූයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ද්විත්ව ශතකයක් රැස් කළ 12වන ක්‍රීඩකයා ලෙසය. සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවුවන දිනය…
මුලතිව්, වවුනිකුලම වැවේ ගිලී එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පැවසීය. මල්ලාවි ප්‍රදේශයේ මළ ගෙදෙරකට පැමිණීමෙන් අනතුරුව සිය පවුලේ ඥාතීන් සමඟ වැවේ දියනෑමට ගිය අවස්ථාවේ සහෝදරයින් දෙදෙනා මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී තිබේ. යාපනය, නල්ලූර් ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සහෝදරයන් වන 27 හැවිරිදි රවිචන්ද්‍රන් සුරේෂ් සහ 16 හැවිරිදි රවිචන්ද්‍රන් සුමන් නැමති තරුණයින් දෙදෙනා මෙලෙස දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත. තරුණයින් දෙදෙනාගේ මව සහ පියා ද වැවේ දියනෑමට ගොස් ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේ වැවේ සොරොව්ව විවෘත කර තිබී ඇත. එම අවස්ථාවේ දී විශාල ජල පහරකට මැදිව තරුණයින් දෙදෙනා දියේ ගිලුණු බව මුලික පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී තිබේ.…
පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගත වු මාස කිහිපය තුළ වනඅලි මියයාම් ඉහළ ගොස් ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මේ වසරේ ගත වු මාස හතර තුළ මිනිස් ක්‍රියාකාරකම් ඇතුළු විවිධ හේතූන් මත වනඅලි 143 දෙනෙකු මියගොස් ඇති බව එහි ප්‍රකාශිකාවක් සඳහන් කළාය. එම අලි මරණ අතුරෙන් වෙඩි තැබීම්වලින් මරණ 37ක් ද විදුලි සැර වැදීම්වලින් මරණ 27ක් සහ හක්ක පටස් ආහාරයට ගැනීමෙන් මරණ 06ක් ද සිදුව තිබේ. එමෙන්ම වනඅලි පහරදීම් හේතුවෙන් පුද්ගලයින් 36දෙනෙකු මේ වසරේ ගත වු මාස හතර තුළ ජීවිතක්ෂයට පත්ව ඇති බව අදාළ ප්‍රකාශිකාව සඳහන් කළාය. ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් නැගෙනහිර වනජීවි කලාපයෙන් වන අතර එම…
ශ්‍රී ලාංකේය සෞඛ්‍ය සේවා පද්ධතියේ ක්‍රියාකාරිත්වයට සහය දැක්වීමේ අරමුණින්, රට තුළ ඉතා සුවිශේෂී මෙහෙයක් ඉටුකරන සුව සැරිය ගිලන්රථ 105ක් නඩත්තු කිරීම සඳහා පෞද්ගලික අංශයේ සහාය ලබා ගැනීමට ලංකා වාණිජ මණ්ඩලය සමත්වී ඇති අතර, මෙහි සමස්ත වටිනාකම රු.මිලියන 525ක් පමණ වේ. සුව සැරිය ගිලන්රථ සේවය, ශ්‍රී ලංකා රජය විසින් දියත්කරන ලද ප්‍රමුඛ ගිලන්රථ සේවාවක් වන අතර, කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය පුද්ගලයන් සදහා යුහුසුළුව සේවා සැපයීමට කැපවී සිටී. විශේෂයෙන්ම, ග්‍රාමීය සහ ඉතා දුර බැහැර ප්‍රදේශවල ජනතාව මෙම සේවයෙන් ලබන සහනය අතිමහත්ය. මෙම සේවාවේ වැදගත්කම හඳුනා ගනිමින්, ගිලන්රථ නඩත්තුව සඳහා පෞද්ගලික අංශයේ සහයෝගය ලබාගැනීමේ කර්තව්‍ය සඳහා ලංකා වාණිජ මණ්ඩලය පෙරමුණ ගන්නා ලදී. රු.මිලියන…
තම පාසලේ ශිෂ්‍යයෙකු ලිංගික අපයෝජනයකට ලක්කළ ඇමෙරිකාවේ පාසලක විදුහල්පතිනියක් අත්අඩංගුවට ගෙන තිබේ. ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ පෞද්ගලික පාසලක විදුහල්පතිනිය ලෙස සේවය කළ 43 හැවිරිදි කාන්තාවක මෙසේ චෝදනාවට ලක්ව සිටී. තම ඉගෙනුම් කටයුතු සඳහා විදුහල්පතිනියගේ සහාය ඉල්ලා සිටි අවස්ථාවේදී ඇය මෙම සිසුවා සමග සමීප වී ඇති ඇත. කෙසේ වෙතත්, මුලදී මෙම විදුහල්පතිනිය තමාව ස්පර්ශ කරමින් කටයුතු කළ බව පවසා ඇති සිසුවා, එය මුලින් තමන්ට සතුටක් ගෙන දුන්නද, පසුව ඉන් අපහසුතාවට පත්වූ බවත්, තමාට වැරදිකාර හැඟීමක් සහ තම අධ්‍යාපන කටයුතු කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උදාවූ බවත් පොලීසියට පවසා ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන මනෝරාජිකව අදහස් පළ කළද, මහ පොළොවේ යතාර්ථය වෙනස් බවත්, ඒ අනුව අවසානයේ ජයගනු ලබන්නේ, මහපොළොවේ යතාර්ථය බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය. පාර්ලිමේන්තුවේ ඊයේ (26දා) ජනාධිපතිවරයා සිදුකළ විශේෂ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය. “ජනාධිපතිතුමා මනෝරාජික අදහසක් ඉදිරිපත් කළා. ඒත් පොළොවේ යතාර්ථය වෙන එකක්. ඒ නිසා එතුමා විසින් සකස් කර ගන්නා ලද මනෝ ලෝකයත් සමාජයේ ජනතාව මුහුණදී තිබෙන යතාර්ථයත් අතර ගැටුමකට තමයි මුහුණදීලා තිබෙන්නේ. ඒ වගේම මේකේ තිබෙන විශාලතම හාස්කම තමයි දිනේෂ්…