Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
වෛද්‍ය සැපයුම් සඳහා රුපියල් බිලියන 30 ක අතිරේක ප්‍රතිපාදන අනුමත කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. ඉදිරි මාස තුන සඳහා ප්‍රමාණවත් වන පරිදි කඩිනම් වෛද්‍ය අවශ්‍යතා සපුරාලීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ මෙම ප්‍රතිපාදන අනුමත කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝග පරිදි මෙම පියවර ගෙන ඇත.
රටේ අවශ්‍ය ක්‍රමයේ වෙනසට ගැලපෙන ලෙස එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කිරීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ තීරණය කළේය. එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේ දී පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් විය. එක්සත් ජාතික පක්ෂයේ 77 වැනි සම්මේලනය පැවැත්වීම පිළිබඳව සහ සහ පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කිරීම පිළිබඳව කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීන්දු කෙරුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සැප්තැම්බර් 10 වැනිදා පක්ෂ සම්මේලනය පැවැත්වීමට මෙහිදී තීන්දු කෙරිණි . අරගලයේ දී ජනතාව පැවසූ ආකාරයට රටේ ක්‍රම වෙනසක් කිරීමට අදාලව පක්ෂ ව්‍යවස්ථාවත් වෙනස් කිරීමට නියමිත බව පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. සමගි ජන…
කඩුවෙල වැව පාර ප්‍රදේශයේ ද ළඳු කැලෑවක් තුල කැපුම් තුවාල සහ පහර දීමේ තුවාල සහිතව හමුවූ මළ සිරුර ගොතටුව ප්‍රදේශයේ පුද්ගලයකුගේ බවට අනාවරණය වූ බව කඩුවෙල පොලිසිය කියයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ගොතටුව නින්ද හේන පසිඳු චාමර මධුශංක නමැත්තෙකි. මෙම පුද්ගලයාෙ කිසියම් පිරිසක් වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී ඝාතනය කර මෙම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇතැයි පොලිසිය සැක කරයි. ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් වැල්ලම්පිටිය ප්‍රදේශයට ගිය බව උසස් නිලධාරියෙක් පැවැසීය. මළ සිරුර තිබූ ස්ථානයේ ජංගම දුරකථන දෙකක් මෙන්ම රතුපාටට හුරු තොප්පියක් පොලිසිය මඟින් සොයා ගැනිණි .
රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී වකුගඩු සැත්කමකින් පසු මියගිය දරුවාට ප්‍රතිකාර කළ වෛද්‍ය වාර්තාවලට අනුව ඔහුට වකුගඩු දෙකක් ඇති බවට සඳහන්ව තිබුණත් උපතේදීම තිබී ඇත්තේ එක් වකුගඩුවක් බවට අධිකරණ වාර්තාවේ සඳහන් වීම පරස්පර බැවින් ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය බොරැල්ල පොලීසියට ඊයේ (02) නියෝග කළාය. මෙම දරුවාට උපතේ සිටම තිබී ඇත්තේ එක් වකුගඩුවක් පමණක් බව සදහන් කරමින් දරුවාගේ මරණයෙන් පසු අධිකරණ වෛද්‍ය නිලධාරි රුහුල් හක් මහතා විසින් දෙන ලද වෛද්‍ය වාර්තාවේ සඳහන්ව තිබූ බව බොරැල්ල පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය කළාය. දරුවාට ප්‍රතිකාර කරනු ලැබූ අවස්ථාවේදී සායනික ප්‍රතිකාර…
ජල බිල ඊයේ මධ්‍යම රාත්‍රි සිට සියයට තිහ සිට (30%) ඉහල දැමීමට කටයුතු කළ බව එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ආචාර්ය වසන්තා ඉලංගසිංහ මහත්මිය පැවසුවාය. එම මිල ගණන් ඉහල දැමීමට අදාල ගැසැට්ටුව අද රාත්‍රි මුද්‍රණය සදහා යොමු කල බවත් ඇය පැවසුවාය. ඒ අනුව සමෘද්ධි සහ අඩු ආදායම්ලාභී ගෘහ ඒකක වෙත ලබා දෙන ජලය වෙනුවෙන් අය කෙරෙන ගාස්තු ඉහල දැමීමක් සිදු නොවන බවත් අනෙකුත් කාණ්ඩ සදහා ජලය පාවිච්චි කරනු ලබන ජල ප්‍රමාණය අනුව අවම සියයට තිහක සිට ඉහලට ජල ගාස්තු ඉහල යාමට නියමිත බවත් එය සමස්තයක් ලෙස (Avarage) සියයට පණහකට ආසන්න වන බව ද ඇය වැඩි දුරටත් පැවසුවාය. එබැවින් අද (03) දින සිට…
විල්පත්තුව ආසන්නයේ වනාන්තර කපා හෙළි කළ ප්‍රදේශවල යළි ගස් සිටුවීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව නිකුත් කළ තීන්දුවක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. රිෂාඩ් බදියුදීන් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වෙයි. මේ අනුව පෙත්සම ලබන පෙබරවාරි මස 28 වනදා කැඳවන ලෙස අධිකරණය නියෝග කර ඇත.
ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත (NMRA) සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභා පනත (SLMC) සම්පූර්ණයෙන්ම අහෝසි කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයට වඩාත් විවෘත හා සාධාරණ වෙළෙඳපොළකට ඉඩ සැලසීම සඳහා එම තීරණය ගන්නා බව ඔහු තවදුරටත් පැවසීය. විද්‍යා විෂය ධාරාව පමණක් නොව සියලුම විෂය ධාරාවන් හැදෑරූ සිසුන්ට හෙද වෘත්තීය විවෘත කිරීමට ද තමා අදහස් කරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි. අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව තුළ ඖෂධ පරීක්ෂාව සඳහා ‘Benchmark 4’ නම් ලොව ඉහළම පිළිගැනීමක් ඇති නවීන රසායනාගාර පහසුකම් මෙරට තුළ ස්ථාපිත කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මගපෙන්වීම අපේක්ෂා කරන බවය.
විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ඩුබායි නිපුණ නමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකා ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. 37 හැවිරිදි අදාළ කාන්තාව ඩුබායි නිපුණ නමැත්තා සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බවට අනාවරණය වී ඇතැයි විශේෂ කාර්ය බළකාය සඳහන් කර ඇත. අත්අඩංගුවට ගන්න අවස්ථාවේ සැකකාරිය සතුව හෙරොයින් ග්‍රෑම් 25ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් මෙන්ම ජංගම දුරකථන දෙකක් ද සොයාගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි. ඉදිරි විමර්ශන කටයුතු ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් සිදුකරනු ඇත.
ජාතික ගීය විකෘති කර ගායනා කළ බවට චෝදනා එල්ලවී ඇති ගායන ශිල්පිණී උමාරා සිංහවංශ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවා තිබේ. අද (02) දිනයේ උමාරා සිංහවශට අමාත්‍යංශය හමුවේ පෙනී සිටින ලෙස දන්වා යවා ඇති බව වාර්තා වේ. උමාරාට එල්ල වූ චෝදනාවත් සමඟ ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකර වාර්තාවක් තමාවෙත ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් රංජිත් අසෝක මහතාට දැනුම් දී තිබේ. ඒ අනුව අමාත්‍යංශයේ විමර්ශන ඒකකයට ලේකම්වරයා විසින් සිදුකළ දැනුම්දීමට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්ය. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙක් සහ අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර…
උපාධිධාරීන් 5,450ක් ගුරු සේවයට බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. බදුල්ල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය සඳහා විදුහල්පතිවරුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනකට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ විද්‍යා, තාක්ෂණ, ඉංග්‍රීසි හා විදේශ භාෂා යන ප්‍රධාන විෂය ධාරා සඳහා පළාත් නමයට අදාළ ව මෙම ගුරුවරුන් බඳවා ගන්නා බවය. පළාත් මගින් එම බඳවාගැනීම් ඉදිරියේ දී සිදු කිරීමට නියමිත බවත් ජාතික පාසල් සඳහා ගුරුවරුන් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් බඳවාගන්නා බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේ ය.