Author: LANKA24X7

ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයට අනුබද්ධ තුම්මුල්ල ප්‍රදේශයේ පිහිටි වීසා මධ්‍යස්ථානයේ සිදුවූ සොරකම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් ඇතුළු 05 දෙනෙකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලීසිය පවසයි. එම වීසා මධ්‍යස්ථානයේ ප්‍රධාන දේශීය නියෝජිතවරිය රාජකාරි කටයුතු සඳහා පරිහරණය කළ ලැප්ටොප් පරිගණකය ඇතුළු තවත් දේපළ කිහිපයක් එහිදි සොරකම් කර තිබුණි. ඒ අනුව පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී ලැප්ටොප් දුරකථනයක්, ටැබ් යන්ත්‍රයක් සහ DVR යන්ත්‍රයක් පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට පත් සැකකාරිය එම වීසා මධ්‍යස්ථානයේ පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතවී සිටි තැනැත්තියක් බවත් සැකකරුවන් අතර සැකකාරියගේ අනියම් ස්වාමි පුරුෂයා සිටින බවත් පොලීසිය කියයි. ඉකුත් 15වනදා අලුයම් කාලයේදී ත්‍රීරෝද රථයකින් පැමිණ තිබූ තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම සොරකම සිදුකර…

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු විසින් මේසය මත සවිකොට තිබු මයික්‍රොෆෝනය ගලවා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකුට ප්‍රහාරයක් එල්ලකර තිබේ. සිද්ධියෙන් තුවාල ලැබූ හබරාදුව ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයාව ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත. හබරාදුව ප්‍රාදේශීය සභාවේ ඊයේ (21) පැවති මාසික සභා රැස්වීම අතරතුරදී මෙම ප්‍රහාරය එල්ලවී තිබේ.

Read More

මහ බැංකුව ප්‍රතිසංස්කරණය සඳහා නව පනතක් හඳුන්වාදීමට ආණ්ඩුව සූදානම් වන බව ඩිව් ගුණසේකර මහතා පවසයි. මූල්‍ය අරමුදලේ ණය සහනය අනුමත වීමට එම ප්‍රතිසංස්කරණ සිදු කිරීම අනිවාර්ය බව කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේය. “CEB එකේ චාජස් වැඩි කරන්නත්, පෙට්‍රෝලියම් එකේ චාජස් වැඩි කරන්නෙත්, සියල්ලම IMF යෝජනා. තවත් අලුත් පොරොන්දුවක් මේක කොහේවත් ලියලාවත් නෑ. අහලත් නැතුව ඇති. ඒක තමයි මහ බැංකුව ප්‍රතිසංස්කරණය කරන්න පනතක් ගේන්න ඇමති මණ්ඩලය ගිය සඳුදා අනුමත කරා කියලා තොරතුරු ලැබෙනවා. තාම නෑ පාර්ලිමේන්තුවට ආවේ. මේක පිළිගත්තොත් තමයි බිලියන 2.9ක පළමු වාරිකය ලැබෙන්නේ. මේක තමා භයානකම සංශෝධනය. මම ඉල්ලා සිටිනවා සියලුදෙනාගෙන්ම මේක ජාතියේ ස්වෛරීත්වයට ඇති වෙන්න යන විශාල…

Read More

අද (22) දිනයේ නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සම අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශශ පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

ප්‍රකාශයට පත් කර ඇති පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බාධා නොකර, ඊට අවශ්‍ය සියලු පහසුකම් සපයාදීමට කටයුතු කරන්නැයි ,ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයෙන් සහ අදාළ සියලු රාජ්‍ය ආයතනයන්හි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පවසති. ඡන්දය කල් දැමීමට හේතුව රජය කෙරෙහි නැගී එන ජනතා අප්‍රසාදය නම් එයට මුහුණදීමට හා ඒ ප්‍රතිඵල අනුව වෙනස්වීමට ඔවුන් නිහතමානී විය යුතු බවද කාදිනල්තුමෝ සඳහන් කරති. එමෙන්ම තමන් පරාජයට බිය බියගුල්ලන් කොටසක් ලෙස ඉතිහාසගතවීම වළකාගැනීමට තරම් බුද්ධියක් අප රටේ නායකයන් සතුව ඇතැයි තමන් සිතන බව ද අගරදගුරුතුමන් සඳහන් කර ඇත්තේ විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි. කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් අගරදගුරුමැදුරේ දී අද…

Read More

ජා ඇළ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිනී චමාලි පෙරේරා මහත්මිය වෙනුවට එම තනතුරට වෙනත් අයකු පත්කිරීම වළක්වාලමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර ට එරෙහිව කොළඹ දිසා අධිකරණයෙන් අද (21) අතුරු තහනම් නියෝගයක් ලබාදුන්නේය. කිසිදු විනය ක්‍රියාමාර්ගයකින් තොරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනිව අයුක්ති සහගත ආකාරයට තමන්ගේ මන්ත්‍රී ධුරය ඉවත් කිරීමට කටයුතු කොට ඒ වෙනුවට වෙනත් පුද්ගලයකු පත්කිරීමට සූදානම් වන බවටත් පෙත්සම්කාරිය සිය පෙත්සම මගින් දන්වා තිබේ. පෙත්සම්කරු වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගමගේ මහත්මිය විසින් මාර්තු තුන්වන දින දක්වා මෙම අතුරු තහනම් නියෝගය…

Read More

පළාත් පාලන මැතිවරණය මාර්තු මස 09 වනදා පැවැත්වීමට හැකියාවක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබුණ ද ඇප මුදල් නැවත නිකුත් කිරීමට මේ දක්වාත් හැකියාවක් නොමැති බව ‍මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඇප මුදල් යළි නිකුත් කළ හැකි වන්නේ නාමයෝජනා අවලංගු කිරීමකදී පමණක් බව මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමින් එහි සභාපති නීතීඥ නිමල් ජී.පුංචිහේවා මහතා සඳහන් කළේය. නාමයෝජනා අවලංගු කිරීමට නම් ආණ්ඩුව පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කළ යුතු අතර, එසේ නොවන්නේ නම් සීමා නිර්ණ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කළහොත් පමණක් නාමයෝජනා අවලංගු වන බව සඳහන් වේ. කෙසේවෙතත් පළාත් පාලන ආයතන මැතිවරණය නොපවත්වන බවට මේ දක්වාත් නිශ්චිත ප්‍රකාශයක් සිදුකර නොමැති අතර ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්…

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයන් සමග සාකච්ඡාවක් ජනතා විමුක්ති පෙරමුණට හා සමගි ජනබලවේගයට ලබාදීමට තමා සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ව්‍යාපාරිකයන් අතර පැවැති හමුවකදී ජනාධිපතිවරයා පැවසුවේ, අදාළ පක්ෂ දෙකෙහි ඇති යහපත් යෝජනා ක්‍රියාත්මක කිරීමට තමන් සූදානම් බවය.

Read More

රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් නීතිවිරෝධී අයුරින් එකලස් කර සකස් කරන ලද සුඛෝපභෝගී රථයක් හලාවත මැරවල ප්‍රදේශයේදී පොලිස් භාරයට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බළකාය පවසයි. චැසි හා එන්ජින් අංක නීතිවිරෝධී අයුරින් ඇතුළත් කළ සුඛෝපභෝගී ජීප් රථයක් තිබෙන බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරි උදය කුමාර මහතා ලද තොරතුරක් අනුව වැටලීම කළ බව පොලීසිය කියයි. ජීප් රථය පොලිස් භාරයට ගන්නා අවස්ථාවේදී එය පරිහරණය කළ බව කියන පුද්ගලයා සතුව කිසිදු ලිපි ලේඛනයක් නොතිබූ බවත් පොලීසිය කියයි. ජීප් රථය පරිහරණය කළ පුද්ගලයාගෙන් ඒ පිළිබඳව විමසීමේදී ඔහු පවසා ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් මෙම ජීප්…

Read More

දළදා වහන්සේට අපහාස කිරීම සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බවට සමාජ මාධ්‍ය ක්‍රියාකාරි සේපාල් අමරසිංහ මහතා විසින් දැනුම් දීමෙන් අනතුරුව ඔහුගේ නඩු කටයුතු අවසන් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය තීන්දු කළේය. එම පැමිණිල්ල අද (21) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී සැකකාර සේපාල් අමරසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා මහනායක හිමිවරුන් ගෙන් හා බෞද්ධ ප්‍රජාවගෙන් කොන්දෙසි විරහිතව සමාව අයැඳ සිටින බව දන්වා සිටියේය. එවැනි කොන්දේසි විරහිතව සමාවක් අයැඳ සිටින්නේ නම් නඩු කටයුතු අවසන් කිරීමට සූදානම් බවත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා දන්වා සිටියේය. එමෙන්ම අධිකරණය…

Read More