Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදයක් යටතේ කළමනාකාරණ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද එම යෝජනාවට එලෙස අනුමැතිය හිමිව ඇත. එම යෝජනාව 2023.02.27 දින පැවති රැස්වීමේදී සාකච්ඡාවට ගෙන ඇතැයි ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එහිදී ඒ පිළිබඳව කරුණු අධ්‍යනය කර අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා එකී යෝජනාව රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්ව ජාතික නියෝජිතායතනය යෙත යොමු කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව, එම නියෝජිතායතනය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති වාර්තාව අමාත්‍ය මණ්ඩලය විසින් සලකා බලා, එකී වාර්තාවේ දක්වා ඇති නිර්දේශ මත පදනම්ව මහින්ද රාජපක්ෂ…
කළුතර උතුර පොලීසියේ සේවය කොට විශ්‍රාම ලැබූ කළුතර දකුණ, සේරුපිට, කොහොලාන ප්‍රදේශයේ පදිංචිව සිටි විශ්‍රාමික පොලිස් සැරයන්වරයෙක් විදුලිසැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබේ. විදුලිසැර වැදී බරපතළ තත්ත්වයෙන් සිටි විශ්‍රාමික පොලිස් සැරයන්වරයා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ (02) රාත්‍රීයේ ජීවිතක්ෂයට පත්ව ඇත. ඔහුගේ නිවසේ රූපවාහිනිය සඳහා ඇන්ටනාව සකස් කිරීමේදී ඇන්ටනා බටය විදුලි වයරයක ගැටීමෙන් අනතුර සිදුවී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් දකුණු කළුතර පොලීසිය පරීක්ෂණ පවත්වයි.
2023 මැයි මාසයේ පළමු ගනුදෙනු දිනය වූ ඊයේ (02) කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත කඩා වැටීමක් වාර්තා විය. ඊයේ දින ගනුදෙනු සැසිය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 271.75 කින් සහ එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය ඒකක 103.42 කින් පහළ ගොස් තිබුණි. මෙය පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේ දී පිළිවෙළින් 3.03% ක හා 3.95% ක පහළ යාමකි. මේ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,711.46 ක් හා S&P SL20 දර්ශක අගය ඒකක 2,514.37 ක් ලෙසින් සටහන්ව තිබුණි. සියලු කොටස් මිල දර්ශකය අඛණ්ඩව 11 වෙනි දිනටත් පහළ යාමක් වාර්තා විය.
යෝජිත ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් මහජන අදහස් ලබාදීමට මැයි 31 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඇමැති ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා පවසයි.
තමාට හා තම බිරිඳට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කරමින් ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටෝනි ජේ. බිලින්කන් නිකුත් කර ඇති නිවේදනය මුළුමනින්ම නීති විරෝධී සහ තම මූලික අයිතීන් දැඩිව උල්ලංඝනය කළ ලියවිල්ලක් බව පෙන්වා දෙමින් හිටපු නාවික හමුදාපති වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ විසින් මෙරට ඇමරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය වෙත ලිපියක් යොමු කර තිබේ. වසන්ත කරන්නාගොඩ මහතා විසින් අදාළ ලිපිය පෙරේදා (01 වැනිදා) කොළඹ හෝර්ටන් පෙදෙසේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය වෙත යවා ඇත. ඇමරිකානු නීතියට අනුව යම් පුද්ගලයකුට එරෙහිව චෝදනා එල්ල කරන්නේ නම් ඔහුට ඒ බව දැනුම් දී ඒ සඳහා කරුණු විමසීමක් කළ යුතු වුව ද ඇමරිකානු රාජ්‍ය…
කළුතර මැන්ගුස් සටනේ සීමිත ඕවර ක්‍රිකට් තරගයේ දී ඇති වූ ගැටුමෙන් තුවාල ලැබූ කළුතර තිස්ස ජාතික පාසලේ 18 හැවිරිදි හිරුෂ නෙත්සර සිසුවා ඊයේ (02) දින රාත්‍රී 7ට පමණ නැවත කළුතර ශික්ෂණ රෝහලට රෝහලට ඇතුලත් කර තිබෙනවා. ඒ හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් මතයි. පසුගිය අප්‍රේල් 30 වැනිදා මග්ගොන සරේ ක්‍රීඩාගණයේ දී පැවැති ක්‍රිකට් තරගයෙන් අනතුරුව ඇති වූ ගැටුමෙන් කළුතර තිස්ස ජාතික පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ උප නායක වන ඔහුගේ හිසටද පහරක් එල්ලවීම හේතුවෙන් ඔහුව කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කෙරුණා. ඉන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු කොළඹ ජාතික රෝහල වෙත මාරු කෙරුණු අතර එහිදී සී.ටී. ස්කෑන් පරීක්ෂණයක් සඳහාද යොමු කර තිබුනා. නේවාසිකව…
IPL ක්‍රිකට් තරගාවලියේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමඟ පැවති තරගයෙන් ලකුණු 18ක ජයක් වාර්තා කරන්නට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට හැකියාව ලැබුණා. මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 126ක්. ලක්නව් සුපර් ජයන්ට්ස් පිළිතුරු ඉනිම පන්දුවාර 19යි පන්දු 5කදී ලකුණු 108කට නවතා ගන්නට බැංගලෝර් පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා. මෙම තරග නිමාවිමෙන් පසු ලක්නව් කණ්ඩායමේ පුහුණු උපදේශක ගෞතම් ගාම්බීර් සහ විරාත් කෝලි අතර උණුසුම් තත්ත්වයක් හටගත්තේ මෙලෙසින්. ඊට හේතුව වූයේ තරගය අවසන් වී විරාත් කෝලි ලක්නව් ක්‍රීඩක කයිල් මේයර්ස් සමඟ කතාබහක නිරතවෙමින් සිටින අතරතුර එය වලක්වන්නට ගාම්බීර් විසින් පියවර ගැනීමත් සමගයි. උණුසුම්…
දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව අද දිනයේදීද පස්වරු 1 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි. බස්නාහිර හා දකුණු පළාත්වලත් යාපනය, කිලිනොච්චි, මන්නාරම හා පුත්තලම දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍ර දේශවල උදෑසන කාලයේදිද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. නැගෙනහිර හා උූෟව පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැකි බවත් දිවයිනේ සෙසු ප්‍ර දේශවලද ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවත් අද පෙරවරුවේ එම දෙපාර්තමේන්තුව නිකුත් කළ…
මහජන උපයෝගීතා කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායක ලංකා විදුලිබල මණ්ඩල පනත සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් සිදුකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ, විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාගේ නිර්දේශ මත පත් කළ කමිටුවක් විසින් ලංකා විදුලිබල මණ්ඩල පනත අහෝසි කර එහි සම්පත්, සමාගම් 14කට පැවරීම සඳහා යෝජනාවලියක් සහ පනත් කෙටුම්පතක් සකස් කර ඇති බවයි. අදාළ යෝජනා ක්‍රියාත්මක කළහොත් මහවැලි, ලක්ෂපාන, උමා ඔය ඇතුලු සියලුම ජල බලාගාර සහ සෙසු බලාගාර වෙන් වෙන් වූ සමාගම්වලට පැවරීම හරහා ජාතික බලශක්ති සුරක්ෂිතතාවය සමාගම් පාලනයට නතුවන බවද ඔහු සඳහන් කරනවා.
ගලේවෙල නගරයේ දී පුද්ගලයෙකුට පහර දී ඝාතනය කළ පිය පුතු දෙපළක් සහ තවත් එක් පුද්ගලයෙකු ගලේවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය අප්‍රේල් 25 වැනිදා ගලේවෙල නගරයේ දී මෙම පහරදීම සිදුව ඇති අතර තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කර සිටියදී එම මස 29දා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඝාතනයට ලක් වූ පුද්ගලයාට එරෙහිව මාතලේ අධිකරණයෙහි මිනීමැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් නඩුවක් විභාග වන අතර පහර දීමට සම්බන්ධ පුද්ගලයෙකු එම නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවකු ලෙස පෙනී සිටින බවයි හෙළිව තිබෙන්නේ.