Author: LANKA24X7

මැතිවරණ නීති සංශෝධනය කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කරන ලද පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ඉදිරිපත් කිරීමට ලබා දී ඇති කාලය දීර්ඝ කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම පියවර ගෙන ඇත. පසුගිය ඔක්තෝබර් මස 16 වන දින ප්‍රියසාත් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් එම පරීක්ෂණ කොමිෂන් සභාව පත්කරනු ලැබීය. මැතිවරණ නීති රීති පිළිබඳ පරීක්ෂා කර බලා කාලීන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි මැතිවරණ නීති සංශෝධනය කිරීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම එම පරීක්ෂණ කොමිෂන් සභාවට පවරා තිබේ. කාන්තා හා තරුණ නියෝජනය වැඩි කිරීම, මැතිවරණය ප්‍රකාශයට පත්කළ දින සිට මැතිවරණය පවත්වා ප්‍රතිඵල නිකුත් කරන දින දක්වා කාලය අඩු කිරීම, ඡන්දය භාවිත කිරීමේ දී…

Read More

හපුතලේ, පිටපොළ ප්‍රදේශයේ මාර්ගය අයිනේ ළඳු කැලැවක පුද්ගලයෙකු සැකකටයුකු ලෙස මියගොස් තිබේ. ඊයේ (23) උදෑසන කාලයේදී එම සිද්ධිය වාර්තා වූ බව පොලීසිය පවසයි. එසේ මියගොස් ඇත්තේ, බෝවත්ත, ඉදල්ගස්හින්න ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි. මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරික්ෂණය සිදුකර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා දියතලාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් හපුතලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර,සබරගමුව,දකුණ,මධ්‍යම සහ වයඹ පලාත්වල සවස් කාලයේදී වැසි හෝ රාත්‍රී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. රත්නපුර,කළුතර,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 75ට වැඩි තරමක තද වැසි ඇති වේ.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට උපදෙස් දී ඇත පාස්කු ප්‍රහාරය සත්‍ය වශයෙන්ම කළ පුද්ගලයන් දන්නා බවත් අධිකරණය ඉල්ලීමක් හෝ නියෝගයක් කළහොත් ඒ පිළිබඳව ප්‍රකාශ කිරීමට සූදානම් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් 22 වැනි දා ප්‍රකාශ කළේය.

Read More

රුසියාවේ මොස්කව් නුවර ආසන්නයේ ක්‍රොකස් නගර සභා රඟහලට 143 දෙනෙකුට මරු කැඳවමින් එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයට සැකපිට 11 දෙනකු අත් අඩංගුවට ගැනීමට රුසියානු ෆෙඩරල් ආරක්ෂක සේවය සමත් විය. එලෙස අත් අඩංගුවට සැකකරුවන් 11 දෙනාගෙන් 4 දෙනකු රඟහලේ සිටි පුද්ගලයන්ට වෙඩි තැබූ අය බව රුසියානු ෆෙඩරල් ආරක්ෂක සේවය ප්‍රකාශ කළේය.සිද්ධියට සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ෆෙඩරල් ආරක්ෂක සේවය පැවැසුවේය. වෙඩි තැබීමෙන් පසු සැකකරුවන් මෝටර් රථයක නැගී රුසියානු – යුක්රේන දේශ සීමාවට පළා යාමට උත්සාහ කර ඇති බවත් ඔවුන්ට යුක්රේනයේ ආධාරකරුවන් සිට ඇති බවත් ෆෙඩරල් ආරක්ෂක සේවය ප්‍රකාශ කළේය.වෙඩි තැබූ සැකකරුවන් සිව් දෙනා යුක්රේන දේශ සීමාව ආසන්නයේදී අත් අඩංගුවට ගෙන ඇති…

Read More

චීන අග්‍රාමාත්‍ය ලී චෑන්ගේ ආරාධනාවක් මත ලබන 25 සිට 30 දක්වා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනයේ නිල සංචාරයක නිරත වන බව එරට විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශක ලී ජියැන්ග් ඊයේ(23) ප්‍රකාශ කළේය. දින 5 ක නිල සංචාරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන චීන ජනාධිපති ෂි ජින්පින් මුණගැසෙනු ඇති බවත් චීන අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා දෙරටට වැදගත්කමක් ඇති ද්වි පාර්ශ්වික කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති බවත් චීන විදේශ කටයුතු අමාත්‍යංශය පැවැසුවේය. එහිදී චීනය සහ ශ්‍රී ලංකාව අතර තිබෙන සාම්ප්‍රදායික මිතුදම ශක්තිමත් කර ගැනීම සම්බන්ධවත් දෙරට අතර සහයෝගිතාව සහ දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය තර කර ගැනීම පිළිබඳවත් අවධානය යොමු කරනු ඇති බව චීන…

Read More

පාස්කු ප්‍රහාරය කළේ කවුරුන්දැයි තමා දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරන හෙයින් ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන්නැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඉල්ලීමක් කළේය. මේ රටේ අහිංසක ජනතාවගේ ජීවිත විනාශ වී තිබියදී මේ කාරණය රහසිගතව තබා ගැනීම දඬුවම් ලැබිය යුතු වරදක් බවත් මේ සම්බන්ධයෙන් ඔහු අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගත යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

Read More

බ්‍රසීලයේ සිට ඩුබායි හරහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත කොකේන් මත්ද්‍රව්‍ය රැගෙන ආ මගියෙකු සැකපිට ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පැවසීය. වෙනිසියුලානු ජාතිකයකු වන 41 හැවිරිදි අදාළ මගියාගේ සිරුර ස්කෑන් කිරීමේදී මත්ද්‍රව්‍ය සඟවාගෙන සිටින අයුරු හෙළි වී ඇති බවත් ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී මත්ද්‍රව්‍ය ගුලි ලෙස ගිලගත්තේ යයි පිළිගත් බවත් ඒ මහතා කීය. ග්‍රෑම් 132ක් බර කොකේන් අඩංගු කරල් 12ක් සොයා ගැනීමට නිලධාරීන්ට හැකි වී ඇති බව කී මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් මත්ද්‍රව්‍ය අඩංගු ගුලි සොයා ගැනීම ක්‍රියාත්මක බවද සඳහන් කළේය. වැඩිදුර විමර්ශන සඳහා මගියා පොලිස් මත්ද්‍රව්‍ය…

Read More

ඇල්පිටිය මිරිස්වත්ත ප්‍රදේශයේ පිහිටි පිටවාන් ඇළක තිබි ඉතා අභිරහස් අයුරින් මිය ගොස් තිබූ නාදුන පිරිමි මළසිරුරක් ඊයේ (23) උදේ සොයා ගත් බව ඇල්පිටිය පොලිසිය කියයි. මේ මළ සිරුර සොයා ගන්නා අවස්ථාවේදී එය අදුනා ගැනීමට අපහසු වන ලෙස ඉදිමී නරක්වී තිබූ බව ද පොලීසිය කියයි. මෙය ඝාතනයක් ද නොඑසේනම් සිය දිවි නසා ගැනීමක් ද වෙනත් අනතුරකින් මිය ගියේදැයි යන්න සොයා බැලීමට පරීක්ෂණ කරන බව ද පොලීසිය කියයි. ඇල්පිටිය පොලීසිය මේ සමබන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read More

ප්‍රධාන දේශපාලන පක්ෂ තුනක් ජනතාවගේ මතය දැන ගැනීම සඳහා විවිධ ආකාරයේ සමීක්ෂණ කරවා ගැනීමට සමීක්ෂණ ආයතනවලට රුපියල් කෝටි දාහකට වැඩි මුදලක් පසුගිය කාලයේදී ගෙවා ඇතැයි වාර්තාවේ. ඇතැම් සමීක්ෂණ ආයතන සිය සමීක්ෂණ වාර්තා ඒ ඒ දේශපාලන පක්ෂවලට දැනටමත් ඉදිරිපත් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය ඇතැම් දේශපාලන පක්ෂ නායකයන් කාලාන්තරයක් තිස්සේ සමීක්ෂණ කරවා ගන්නා ආයතන පවතින්නේ යැයි කියති. ඔවුන් නැවතත් සමීක්ෂණ කටයුතු සඳහා බාරදී ඇතැයි පැවසෙන්නේ එම ආයතන වලටය. සමීක්ෂණ ආයතන තුනක් සමීක්ෂණ කටයුතු මේ දිනවල කරගෙන යන බව දැනගන්නට ඇත ජනමතය අනුව ඉදිරි දේශපාලන කටයුතු සැලසුම් කිරීම මෙම සමීක්ෂණවල අරමුණ බව දේශපාලන පක්ෂ නියෝජිතයෝ පිරිසක් පැවසූහ. එසේම තමන්ට වාසි…

Read More