Author: LANKA24X7

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආර්ථික පරිවර්තනය පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට ජාතික ජන බලවේගය පක්ෂය තීරණය කර තිබේ. ආර්ථික පරිවර්තනය පිළිබඳ පනත් කෙටුම්පත සහ රටේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ප්‍රශස්ත මට්ටමක පවත්වාගෙන යාම වෙනුවෙන් “රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත” ද පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. කෙසේවෙතත් වර්තමාන ආණ්ඩුව රටේ ආර්ථිකය පිළිබඳ බරපතළ පනතක් ඉතාමත්ම හෑල්ලුවකින් ඉදිරිපත් කර ඇති බවත් එම පනතින් ආයෝජන මණ්ඩලය අහෝසි කිරීමට යෝජනා කර ඇති බවත් ජාතික ජන බලවේගය පක්ෂය පෙන්වා දෙයි. මෙවැනි පනතක් පිළිබඳ ඉල්ලීමක් වාණිජ මණ්ඩලය හෝ කර්මාන්තකරුවන්ගේ සංගම් හෝ පෞද්ගලික අංශයේ කිසිවෙකුගෙන් ලැබී නොමැති අවස්ථාවක එහි අභිලාශය කුමක්දැයි ආණ්ඩුව පැහැදිලි කළ යුතු බව…

Read More

විශේෂ ණය යෝජනා ක්‍රම කිහිපයක් එළඹෙන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. ඒ, කර්මාන්තකරුවන් වෙනුවෙනි. මේ අනුව ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් කර්මාන්තකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා හඳුනාගෙන වාණිජ බැංකු හරහා සහන පොලී යටතේ ණය ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව කර්මාන්ත අමාත්‍යංශය පැවසීය. කර්මාන්ත අමාත්‍යංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතා මේ බව සඳහන් කළේය. විශේෂයෙන් මෙහිදී 7%, 8% වැනි සහන පොලී මත ණය ලබාදීමට කටයුතු කරන බවද වාර්තා විය.

Read More

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගසක අත්තක් කඩාවැටී එයට යටවීමෙන් තවත් පුද්ගලයෙකු මියගොස් තිබේ. මෙම අනතුර සිදුවී ඇත්තේ ඊයේ (23) රාගල මහකුඩුගල රක්ෂිත ප්‍රදේශයකදී ය. මියගොස් ඇති පුද්ගලයා 38 හැවිරිදි හයිෆොරස්ට් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පුද්ගලයින් 05 දෙනෙකු දර එකතු කිරීමට ගොස් සිටියදී මෙම අනතුර සිදුවී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

Read More

නිරිතදිග මෝසම් තත්වය හේතුවෙන් පවතින් වැසි සහ සුළං තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ දකුණ සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සබරගමුව පළාතෙත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150ට වඩා ඉතා තද වැසි ඇති වේ. බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 වැඩි තරමක වැසි ඇතිවේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුරු,උතුරුමැද බස්නාහිර,දකුණ සහ වයම පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට තද සුළං ඇති වේ.

Read More

දිවුලපැලැස්ස රොටලවෙල ක්‍රීඩාංගණයේ පැවති සැනකෙලියක ඉදිකර තිබූ මාරක ලිදක් අහදිසියේ කඩා වැටීමෙන් පස්දෙනකු තුවාල ලබා ගිරාදුරුකෝට්ට සහ මහියංගණ රෝහලට ඇතුළත් කළ බව දිවුලපැලැස්ස පොලිසිය පවසයි . තුවාල ලැබූවන් අතර අවුරුදු 50 ක් වයස කාන්තාවක් සහ අවුරුදු 13, 36,40,45 වයසේ පසුවෙන පිරිමි පුද්ගලයන් සිව්දෙනකු සිටින බවත් පොලිසිය කීය . මොවුන් දිවුලපැලැස්ස රොටලවෙල ප්‍රදේශයේ පදිංචි අයවලුන් බවද පොලිසිය පැවසීය . මෙම තුවාලකරුවන් ගෙන් දෙදෙනකු ගිරාදුරුකෝට්ට රෝහලේත්, සෙසු තිදෙනා මහියංගණ රෝහලෙත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවෙන බව පොලිසිය සදහන් කළේය . වෙසක් උත්සවය නිමිත්තෙන් දිවුලපැලැස්ස රොටලවෙල ප්‍රදේශයේ විහාරස්ථානයක් මගින් සංවිධානය කර තිබූ මෙම සැනකෙලියේ සමාරම්භක අවස්ථාවට ඊයේ දින රාත්‍රි සැනකෙලිය නැරඹීමට විශාල පිරිසක් පැමිණ…

Read More

ගිංතොට පින්තාලිය දුම්රිය හරස් මාර්ගයේදි ඊයේ සිදු වූ දුම්රිය අනතුරකින් තරුණයන් තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. මරදාන සිට මාතර බලා ධාවනය වූ රුහුනු කුමාරී සිඝ්‍රගාමී දුම්රියේ එම යතුරු ගැටී ඇති අතර යතුරු පැදියෙ ගමන් ගත් තරුණයන් තිදෙනාම මිය ගිය බව ගාල්ල පොලිසි අධිකාරි කාර්යාලය පවසයි. මෙසේ මිය ගොස් ඇත්තේ තෙලිකඩ පොලිස් වසමේ කැකිල්ල මන්ඩිය පදිංචි විසි හැවිරිදි තරුනයන් තිදෙනෙකි. ඔවුන් අද සවස යතුරුපැදියෙ ටයරයක් මාරු කර දන්සල්වලට යාම සදහා යමින් සිටියදි මෙම අනතුර සිදුව ඇත. අනතුර සිදුවූ තැනම එක් තරුණයකු මිය ගොස් සිටි බවත් අනෙක් දෙදෙනා කරාපිටිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මිය ගිය බවත් පොලිසිය පවසයි.

Read More

රුසියන් හමුදා සඳහා මුදලට කුලී හමුදා යොමුකර මිනිස් වෙළඳාම සිදු කළ බව කියන හිටපු යුද හමුදා මේජර්වවරයකු සහ විදුලිබල මණ්ඩලයේ ලිපිකාරිනියක අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය කියයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මේ වන විට බොරැල්ල විදුලි බල මණ්ඩලයට අනුයුක්තව සේවය කරන ලිපිකාරිනියකි. මේ වනවිට පතල් කර්මාන්තයේ යෙදෙන සැකකරු පොළොන්නරුව පැරකුම් උයන , ගනේමුල්ල කැන්දලියද්ද පාළුව ,කිරිබත්ගොඩ දෙවන පටුමග මායාමාවත හා කඩවත පහළ කර ගහමුල ප්‍රදේශයේ ලිපිනයන් දෙකක පදිංචිව සිට ඇති බව පොලිසිය විමර්ශනවලදී අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් සැකකාරිය කිරිබත්ගොඩ මායාමාවත තාවකාලිකව පදිංචිව සිටින තැනැත්තියකි.

Read More

ප්‍රධාන මාර්ගවල එලන ලද දුරකථන රැහැන් විශාල ප්‍රමාණයක් සොරකම් කර ඒවා පුළුස්සා තඹ කම්බිවලට අලෙවි කිරීමේ ජාවාරමක නිරතවු ටෙලිකොම් සේවකයන් හත් දෙනකු එම තඹ ඇතුළු රැහැන් තොගයක් ද සමග අත්අඩංගුවට ගත් බව පන්නල පොලිසිය කියයි. ටෙලිකොම් ආයතනයේ හලාවත සහ ලුණුවිල යන උපසේවා ස්ථානවල සේවය කරන අවුරුදු තිස්පහ සහ පනස් හය වයසේ පසු වන මෙම සැකකරුවන් කටුනේරිය, මාරවිල, තුඩුවාව, කොස්වත්ත, වෙල්පල්ල, කැලණිය හා කොබෙයිගනය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් පොලිසිය පවසයි. බෝවත්ත ප්‍රදේශයේ නිවෙස්වල දුරකථන ක්‍රියාත්මක නොවීම නිසා ඒ පිළිබඳව කුලියාපිටිය ටෙලිකොම් උප සේවා ස්ථානයට දැන්වීමෙන් පසුව එහි නිලධාරීන් පිරිසක් මේ පිළිබඳව සොයා බැලීම සඳහා එම ප්‍රදේශයට පැමිණ ඇත. භූගතව සවිකර ඇති…

Read More

පාර්ලිමේන්තුවට හදිසියේ ඉදිරිපත් කළ ආර්ථික පර්වර්තන පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බව ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. වර්තමාන ආණ්ඩුව රටේ ආර්ථිකය පිළිබඳ බරපතළ පනතක් ඉතාමත්ම හෑල්ලුවකින් ඉදිරිපත් කර ඇති බවත් එම පනතින් ආයෝජන මණ්ඩලය අහෝසි කිරීමට යෝජනා කර ඇති බවත් ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ජාතික ජන බලවේගයේ විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා එසේ පැවසීය. මෙවැනි පනතක ඉල්ලීමක් වාණිජ මණ්ඩලය හෝ කර්මාන්තකරුවන්ගේ සංගම් හෝ පෞද්ගලික අංශයේ කිසිවෙකුගෙන් නොතිබිය ගෙනඒමේ අභිලාශය කුමක්දැයි ආණ්ඩුව පැහැදිලි කළ යුතු බව…

Read More

හංවැල්ල වග ඉරිදා පොල ප්‍රදේශයේ මාර්ගයකට වැස්සත් සමඟ පැමිණි දැඩි සුළගකින් ඇද වැටුණු පුළුන් ගසක යතුරු පැදිකරුවකු ගැටී අද (23) සිදු වූ අනතුරකින් යතුරු පැදිකරු මියගොස් ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි. මියගිය පුද්ගලයා තවත් පිරිසක් සමග වෙසක් දන්සැලක් සංවිධානය කරමින් සිට එහි තිබූ විදුලි උත්පාදන යන්ත්‍රය සදහා ඉන්ධන ඉන්ධන රැගෙන ඒමට පැමිණෙමින් සිටියදී මාර්ගය හරහා වැටුණු ගසෙහි ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවද පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වග ඉරිදා පොල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන උපුල් අනුරුද්ධ දෙහිවල ලියනගේ නමැති 47 හැවිරිදි දෙදරු පියෙකි

Read More