Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය, සාමකාමීබව සහ එදිනෙදා ජන ජීවිතය පිළිබඳව අතිශයින් සතුටු වන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය පවසන්නීය. අධිකරණ, අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සමග අද (08) පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී පැවති හමුවකදී ජුලි චන්ග් මහත්මිය මේ බව සඳහන් කර තිබේ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත, ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කාර්යාල පනත් පිළිබඳව අධිකරණ අමාත්‍යවරයා සහ තානාපතිනිය අතර අදහස් හුවමාරු කර ඇති බව වාර්තා වේ. ජල ශාස්ත්‍රීය සේවය පිහිටුවීම, ජල ශාස්ත්‍රීය මැනුම් විධිමත් කිරීම, නාවික සිතියම් නිර්මාණය කිරීම ආදී නාවික හා සමුද්‍රීය කටයුතු සම්බන්ධයෙන් කෙටුම්පත් කරන ලද නව ජල ශාස්ත්‍රීය පනත් කෙටුම්පත පිළිබඳව…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතාට කොළඹ දිසා අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහ ලේකම් සාරථී දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ කටයුතුවලට බාධා වන ආකාරයෙන් කටයුතු කිරීම සහ ඊට අදාලව මැතිවරණ කොමිසම් වෙත සාවද්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම වළක්වාලමින් මෙම නියෝගය නිකුත් කර තිබේ. එම නියෝගය ලබන 21 දක්වා බල පැවැත්වෙන බව කොළඹ දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා නියෝග කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන සහ එහි වැඩ බලන මහලේකම් සාරථි දුෂ්මන්ත මිත්‍රපාල යන මහත්වරු විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණි.
මිතුරෙකු සමග නීතිවිරෝධී මත්පැන් පානය කළ එක්දරු පියෙක් සැකකටයුතු ලෙස මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ හල්තොට තුත්තිරිපිටිය පදිංචිව සිටි ත්‍රිරෝද රථ රියදුරෙකු වූ ඉෂාන් පුෂ්පකුමාර නැමැති 45 හැවිරිදි එක්දරු පියෙකි. මියගිය ත්‍රිරෝද රථ රියදුරු බණ්ඩාරගම බද්දේගොඩ ප්‍රදේශයේ, නිවසක් ඉදිකරන අතර එම නිවස ආසන්නයේ ඉදිකර තිබෙන කුඩා මඩුවක ලෑලි තට්ටුවක් මත ඔහු මියගොස් සිටි බව පොලීසිය පවසයි. ඔහුගේ බිරිඳ අද (08) අලුයම ඇමතුමක් ලබා ගත්තද ඊට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් අසල්වාසී තරුණයෙකුට ඔහු පිළිබඳ සොයා බලන ලෙස දැනුම් දී තිබේ. පසුව එම තරුණයා වාඩියට පැමිණ සිදුකළ සොයා බැලීමෙන් අනතුරුව මියගිය අය කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් බිරිඳට ඒ පිළිබඳ දැනුම්දී…
වෙනත් දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය සමග එක්වීමත් සමග එම පක්ෂය තුළ අභ්‍යන්තර ගැටලු මතුවී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. පසුගිය දින කිහිපය තුළ ම විපක්ෂයේ දේශපාලඥයින් මෙන්ම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ම සමගි ජන බලවේගය හා එක්වුණි. කෙසේවෙතත් සමගි ජන බලවේගය සමග අලුතින් එක්වන ඇතැම් පිරිස් වෙත මෙතෙක් කල් එම පක්ෂයේ රැඳීසිටි පිරිස් විසින් විරෝධයක් එල්ල වෙමින් පවතින බව වාර්තා වේ. ඊට මුලික හේතුව වී ඇත්තේ නව මන්ත්‍රීවරුන් එක්වීමත් සමග පාර්ලිමේන්තුව නියෝජනය සඳහා පවතින තරගය උග්‍ර වීම බව සඳහන්ය. කෙසේවෙතත් සමගි ජන බලවේගය එහි සාමාජිකත්වය ලබා දෙමින් පක්ෂය සමග එක් කරගෙන ඇත්තේ ජයරත්න…
2024 වසරේ තනි සංචාරයන් සඳහා ලොව වඩාත්ම ජනප්‍රිය සංචාරක ගමනාන්ත අතර ශ්‍රී ලංකාවට සිව්වැනි ස්ථානයට පත්ව තිබේ. ”ෆෝබ්ස් ” ව්‍යාපාරික සඟරාව මේ බව අනාවරණ කර ඇත්තේ ”ෆ්ලෑෂ් පැක්” සංචාරක වෙබ් අඩවිය සිදුකළ ඇගයීමකට අනුවය. ශ්‍රී ලංකාවට ඉහළින් එම ලැයිස්තුවේ දැක්වෙන්නේ ජපානය,ආජන්ටිනාව සහ ඊජිප්තුව ය. දුෂ්කර වසර ගණනාවකින් පසු ශ්‍රී ලංකාව සංචාරක ක්ෂේත්‍රයේ මේ වනවිට ඉදිරියට පැමිණෙමින් සිටින බව එම වෙබ් අවඩිය, ශ්‍රී ලංකාව පිළිබඳ තබාඇති සටහනක දැක්වේ. ඒ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව 2023 වසරේ විදෙස් සංචාරකයින් 1,487,303ක් මෙරටට පැමිණ තිබේ. සංචාරක කර්මාන්තයෙන් පසුගිය වසරේදී මෙරට උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 2,068කි.
මඩකළපුව කොකුවිල් පොලිස් ස්ථානයට මවක, ඇයගේ දියණියක සහ පුතකු කඩාවැදී කලහකාරී ලෙස හැසිරී, පොලිස් නිලධාරිනියක ඇතුළු නිලධාරීන් තිදෙනකුට පහරදී, තවත් පොලිස් නිලධාරියකු සපා කෑම හේතුවෙන් සිවු දෙනකු තුවාල ලබා මඩකළපුව මූලික රෝහලට ඇතුළත් කළ බව කොකුවිල් පොලීසිය පවසයි. පොලීසිය විසින් පුතා, මව සහ දියණිය අත්අඩංගුවට ගනු ලැබූහ. පොලිස් ස්ථානයේ සවිකර තිබූ සිරකරුවන්ගේ අයිතිවාසිකම් සහ පොලිස් නිලධාරීන්ගේ මෙහෙවර සහ දැක්ම ගැන තොරතුරු ඇතුළත් පුවරු දෙකකට ද මෙම පිරිස පහරදී, හානි සිදු කර ඇති බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරිරීයෙක් ‘ලංකාදීප’යට පැවැසීය. ත්‍රිරෝද රථ රියැදුරකුට පහරදී, හානි කළ බව කියමින් මෙම මව, දියණිය සහ පුතාට එරෙහිව පැමිණිල්ලක් කිරීමට ත්‍රිරෝද රථ රියැදුරකු කොකුවිල් පොලීසියට…
ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය වසරේ ලැබු අති විශාල ලාභය හැකි ඉක්මණින් විදුලි පාරිභෝගිකයින් වෙත බෙදාහැරිය යුතු බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා අද (7) පැවසීය. ජනක රත්නායක මහතා කොළඹදී ඊයේ (7) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එසේ පැවසීය. විදුලි පාරිභෝගිකයින් මත අසාධාරණ බර පැටවීමෙන් විදුලිබල මණ්ඩලය පසුගිය වසරේ අවසාන කාර්තුවේදී රුපියල් කෝටි 5000කට අධික ලාභයක් ලැබූ බවත් විදුලි බල පනතේ 30 වැනි වගන්තියට පටහැනිව අනුමත කළ අනීතික ගාස්තු වැඩිකිරීමක් හරහා එම ලාභය ලැබූ බවත් රත්නායක මහතා කීය. ලංකා විදුලිබල මණ්ඩලය අසාධාරණ ලෙස උපයාගත් කෝටි 5000 විදුලි පාරිභෝගිකයින්ට වාහාම බෙදාදිය යුතු බව කී ජනක රත්නායක…
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට අවමන් වන ආකාරයට සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කළ මාලදිවයින රජයේ අමාත්‍යවරයකු සහ අමාත්‍යවරියන් දෙදෙනකුගේ වැඩ තහනම් කර ඇතැයි වාර්තා වේ. මෙම අමාත්‍යවරයා සහ අමාත්‍යවරියන් මෝදිට අවමන් වන ආකාරයට අදහස් දක්වා ඇත්තේ මෝදිගේ ලක්ෂද්වීප දුපත් සංචාරය සම්බන්ධයෙනි. ලක්ෂද්වීප යනු ඉන්දීය සාගරයේ පිහිටි ඉන්දියාවට අයත් පාලන ප්‍රදේශයක් ලෙස සැලකෙන දූපත් සමූහයකි. කුඩා දූපත් 36 ක් ඊට අතුළත්ය. අග්‍රාමාත්‍ය මෝදිට අවමන් වන ආකාරයෙන් අදහස් පළවීමෙන් පසු මාලදිවයිනය පැමිණෙන ඉන්දීය සංචාරකයන් බොහෝ දෙනකු එම සංචාර අවලංගු කර ඇතැයි ද පැවැසෙයි. මාලවිදයිනේ ජනාධිපති ලෙස කටයුතු කරන්නේ මොහොමඩ් මයිසුය. මොහු ඉන්දීය හිතවාදියකු නොව, චීන හිතවාදියෙකි. ජනාධිපති වූ සැණින්, මාලදිවයිනේ රැදී සිටි…
සිය පෙම්වතිය සමග ඇතිවූ බයින් බස් විමකින් අනතුරුව පෙම්වතා ඇයට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි පිළියන්දල පොලිසිය කියයි. 24 හැවිරිදි සැකකාර පෙම්වතා ඝාතනයට යොදාගත් පීහියත් සමග පොලිසිය මගින් ඒ මොහොතේම අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු සුරතල් මසුන් හලෙවි කරන්නකු බව පොලිසිය සඳහන් කරයි. ඝාතනයට ලක්ව ඇත්තේ පිළියන්දල බටකැත්තර එල්. එස්. වත්ත ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි ඇඟලුම් සේවිකාවක් ලෙස රැකියාව කරන ජේ .එම්. අයේෂා ලක්මිණි 26 තරුණියයි. ඝාතනයට ලක් වූ තරුණිය සිය මව පියා හා සහෝදරයා සමග එල්. එස්. වත්ත නිවසක කොටසකට කුලී පදනම මත මීට වසර එකහමාරකට පමණ ඉහතදී පැමිණ ඇතැයි පොලිසිය කියයි. සැකකාර පෙම්වතා සමඟ ඝාතනයට ලක් වූ තරුණිය…
ඉදිරියේදී රට බීමහලක් ආරම්භ කරන ඕනෑම පුද්ගලයකුට රුපියල් කෝටියක මූලික ගාස්තුවක් අනිවාර්යයෙන්ම තැන්පත් කිරීමට සිදුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. මත්පැන් විවෘත කිරීමේදී මෙතෙක් එවැනි මූලික ගාස්තුවක් අය නොකෙරිණ.සුරා බදු බලපත්‍ර ඉතාමත් නිත්‍යානුකූල ආකාරයට ලබාදීමට කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් රා බී 4 යන බලපත්‍රයට වැඩි ඉල්ලුමක් පවතින හෙයින් එම බලපත්‍රය නිකුත් කිරීමේදී මූලික ගාස්තුවක් වශයෙන් රුපියල් කෝටියක මුදලක් ගැනීමට බලාපොරොත්තු වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීවේය. සංචාරක කර්මාන්තය සමග බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළ පුළුල් කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා මේ රටේ සාමාන්‍ය ජනතාව මත පැටවී ඇති බදු බර ක්‍රම ක්‍රමයෙන් ගිහිල් කිරීමට පියවර ගන්නා බවද ප්‍රකාශ…