Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
වත්තේගම අධ්‍යාපන කලාපයේ පාසලක හය ශ්‍රේණිය සඳහා ළමුන් ඇතුළත් කර ගැනීම සඳහා එහි විදුහල්පතිනිය අල්ලස් ඉල්ලන බවට ලද චෝදනාවක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුව එම විදුහල්පතිනිය වහාම ක්‍රියාත්මක වන පරිදි වත්තේගම අධ්‍යාපන කලාප කාර්යාලට මරුකර යැවීමට පළාත් අධ්‍යාපන ලේකම්වරයා පියවර ගෙන තිබේ . චෝදනාවට ලක් වූ විදුහල්පතිනිය පාසලට ළමුන් ඇතුළත් කර ගැනීම සඳහා රුපියල් 40,000 සිට 50,000 දක්වා වූ මුදල් ඉල්ලන බවට දෙමව්පියන් විසින් කලාප කාර්යාලයට පැමිණිලි කිරීමෙන් අනතුරුව පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මේනක හේරත් මහතා විසින් විශේෂ විමර්ශන කණ්ඩායමක් අදාල විද්‍යාලයට යවා සිදුකළ විමර්ශනයකදී දෙමව්පියන් විසින් සිදුකළ පැමිණිලි සත්‍ය බවට අනාවරණය වීමෙන් පසු එම විදුහල්පතිනිය පාසලෙන් ඉවත් කිරීමට පියවර ගෙන…
පාස්කු ප්‍රහාරය පිළිබදව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැය 06ක ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව පිටව ගොස් තිබේ. පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් සත්‍ය වශයෙන්ම තමා දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් (22) දා මහනුවරදී පැවැති උත්සවයකට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශයක් සිදුකර තිබුණි.
ලබන (29) වන දිනට යෙදෙන මහ සිකුරාදා දිනය සහ (31) දිනට යෙදෙන පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් සියලුම කිතුණු දේවස්ථානවලට පැමිණෙන බැතිමතුන් සහ ඔවුන්ගේ ගමන් මලු පරීක්ෂා කිරිමේ විශේෂ වැඩපිළිවලක් දේවස්ථානවල පියතුමන්ලා සමග සාකච්ඡා කර ක්‍රියාත්මක කිරීමට සියළුම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ට පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා උපදෙස් දී තිබේ. ඒ අනුව ප්‍රජා පොලිස් කමිටු මෙන්ම අදාල දේවස්ථානවල පියතුමන්ලා හා සංවිධායකවරුන් සමග ඒකාබද්ධව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙසට පොලිස්පතිවරයා විසින් සියළුම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වෙත උපදෙස් ලබාදී ඇත. දිවයිනේ සියළුම මූලස්ථාන පොලිස් පරීක්ෂවරුන් සහ ස්ථානාධිපතිවරුන් අද (26) සහ හෙට (27) තම පොලිස් වසමට අයත් සියලු කතෝලික, ක්‍රිස්තියානි හා වෙනත්…
පොල්වතුර අපනයනයෙන් 2024 පෙබරවාරි මාසයේ දී රුපියල් මිලියන 3439ක ආදායමක් ඉපැයූ බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි. 2023 පෙබරවාරි මාසයේ පොල් වතුර අපනයනයෙන් උපයා ඇති මුදල රුපියල් මිලියන 2705කි. ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පෙරවාරි මාස වනවිට රුපියල් මිලියන 734ක අපනයන ආදායමේ ඉහල යාමක් පෙන්නුම් කර ඇතැයි පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා මහතා පැවසීය. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය වූ අතර මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වන සත්ව හානිය නිසා වාර්ෂිකව අහිමි වන පොල්ගෙඩි මිලියන 300ක පමණ ප්‍රමාණය ද රැක ගැනීමට හැකි වන්නේ නම්…
විදේශගතව සිටින පාතාල කල්ලි නායකයෙක් යැයි කියන ධර්මසිරි පෙරේරා නොහොත් රත්මලානේ ඇල්ටෝ ධර්මේ සමඟ සම්බන්ධකම් පැවැත්වූ බවට චෝදනා එල්ල වී තිබෙන අගලවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධයෛන් පරීක්‍ෂණයක් කරන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා උපදෙස් දී තිබේ. විදේශ රටක සැඟවී සිටින ධර්මසිරි නමැත්තා සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අතර දුරකථන සංවාදයක හඬපටයන් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වීමත් සමඟ ඔහුගේ පාතාල සම්බන්ධතාවන් අනාවරණය වී ඇති බවත් 2020 වසරේ අදාල සංවාදය වන විට ප්‍රධාන පොලිස් පරීක්ෂක හෙට්ටිආරච්චි මහතා ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශය ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කර තිබේ. මෙම නිලධාරියාගේ පාතාල සම්බන්ධතාවන් අනාවරණය වීමෙන් පසු ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාව සිටි රොහාන් ප්‍රේමරත්න මහතා පොලිස් විශේෂ විමර්ශන…
ඩොලරයේ අගය කඩා වැටෙන්නේ ආණ්ඩුව මෙරට ආර්ථිකය සවිමත් කරන නිසා නොව මෙරට ආර්ථිකය හැකිලෙමින් තිබෙන නිසා යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කරසිටියේ ඊයේ (25) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවෙිදීය. 2024 ජනවාරි 1දා රුපියල් 325ක් වුණු ඩොලරය මාර්තු 22 වන විට රු303 දක්වා පහත වැටුන බව පැවසු ගම්මන්පිළ මහතා. ඩොලරය කඩා වැටෙන්නේ ඇයි කියන ප්‍රශ්නයට පිලිතුරු බඳින ආණ්ඩුව කියන්නේ ආර්ථිකය සවිමත් වන නිසා ඩොලරය පහත වැටෙන බව නමුත් එය සත්‍ය වසන් කිරිමක් යැයිද කීය. ආර්ථික විද්‍යාව අනුව ඩොලරයේ වටිනාකම පහත වැටිමට ප්‍රධාන හේතු දෙකක් බලපාන කී හෙතෙම .…
ෆේස්බුක් සමාජ මාධ්‍යයේ ව්‍යාජ ගිණුම් නිර්මාණය කරමින් රාගම තරුණියකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ 21 හැවිරිදි තරුණයෙක් පිළියන්දල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුට ව්‍යාජ ෆේස්බුක් ගිණුම් 50ක් පමණ ඇති අතර ඒ ඔස්සේ තරුණියන් රැසකගෙන්ම ලිංගික අල්ලස් ඉල්ලා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත. රාගම ප්‍රදේශයේ පදිංචිව සිටින 22 හැවිරිදි තරුණියකගේ ෆේස්බුක් ගිණුමේ වසර දෙකක පමණ කාලයක් මිතුරෙකු ලෙස සිටි තරුණයෙක් ඇයට අවස්ථා කිහිපයකදීම ආදර සබඳතාවයක් ආරම්භ කිරීමට යෝජනා කර තිබුණු අතර ඇය එම ආරාධනය ප්‍රතික්ෂේප කර තිබුණි. මේ අතරවාරයේ එම තරුණිය සිය පෙම්වතා සමග ඔවුන් දෙදෙනාගේ ඡායාරූපද ෆේස්බුක් වෙත එක් කර තිබිණි. එම ඡායාරූප දැක උරුණ වූ ඇයට කැමැත්තෙන් සිටි තරුණයා,…
බේරුවල ආරියවංශ විදුහලේ සුහුරු පන්ති කාමරය කඩා එහි තිබූ ලැප්ටොප් 12ක් සොරකම් කිරීම සම්බන්ධයෙන් එම පාසලේම සිසුන් දෙදෙනකු ඇතුළු පස්දෙනෙකු අද (25) අත්අඩංගුවට ගත් බව බේරුවල පොලීසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම පාසලේ ලබන වර්ෂයේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමට නියමිත 16 හැවිරිදි සිසුන් දෙදෙනෙකු, පානදුර සහ පාදුක්ක ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් තිදෙනකු බව පොලීසිය කීය. පසුගිය පෙබරවාරි මාසයේ පසළොස්වක පොහොය දින පාසලේ සුහුරු පන්ති කාමරය කඩා ලැප්ටොප් සොරකම් කර ඇති බවට පැමිණිල්ලක් ලැබී තිබූ බව පොලීසිය පැවසීය. එම පාසලේ සිසුන් දෙදෙනෙකු ලැප්ටොප් යන්ත්‍ර අලෙවි කිරීමට සොයන බවට විශේෂ කාර්යාංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත එම දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී ,…
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝප් කමිටුව) සමගි ජන බලවේගය පක්ෂයෙන් කිසිවෙකු හෝ නම් නොකරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. රෝහිත අබේගුණවර්ධන මහතා එම කමිටුවේ මුල් පුටුවේ සිටින තුරු තම පක්‍ෂයෙන් සාමාජිකයන් නම් නොකරන බව ඔහු සඳහන් කළේය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් තමා දන්නා බවට මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දා මහනුවර ප්‍රදේශයේදී ප්‍රකාශයක් සිදුකර තිබිණි. අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබිණි. ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අද පෙරවරු 10.30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි.
