Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ලබන සැප්තැම්බරයේ ජනාධිපතිවරණය පවත්වා අනතුරුව 2025 ජනවාරි මාසයේදී මහ මැතිවරණය පැවැත්වීමටද එජාප කළමනාකරණ කමිටුවේදී තීරණයට එළඹිණි. පළාත් පාලන මැතිවරණය 2025 වසරේ මාර්තු මසයේදී පැවැත්වීම පිළිබඳවත් එජාප කළමනාකරණ කමිටුවේදී සාකච්ඡා වී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී එජාප කළමනාකරණ කමිටුව පැවැත්විණි. එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසූයේ රට දේශපාලන සහ ආර්ථික වශයෙන් ස්ථාවර කිරීම සඳහා සහයෝගය දක්වන ඕනෑම පාර්ශ්වයකට ජනාධිපතිවරණයේ ජාතික අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්විය හැකි බවයි.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට එජාප කළමනාකරණ කමිටුව ඊ (9) ඒකමතිකව තීරණය කළේය. ලබන සැප්තැම්බරයේ ජනාධිපතිවරණය පවත්වා අනතුරුව මහ මැතිවරණය පැවැත්වීමටද එජාප කළමනාකරණ කමිටුවේදී තීරණයට එළඹිණි. එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී එජාප කළමනාකරණ කමිටුව රැස්වූ අතර එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සභාපති වජිර අබේවර්ධන මහත්වරු ප්‍රමුඛ එජාප නායකයෝ මෙම අවස්ථාවට සහභාගී වූහ.
නීති විරෝධී ලෙස මෙරටට මුහුදු මගින් ප්‍රවාහනය කරමින්තිබූ මුහුදු කූඩැල්ලන් කිලෝ 2032 සහිත උර 71ක්,කල්පිටිය උච්චිමුනේ දූපත ආසන්න මුහුදේදී වයඹ නාවුක විධානයට අයත් විජය නාවුක නෞකාව මගින් අත් අඩංගුවට ගෙන ඇත. මේවා ප්‍රවාහනය සදහා යොදා ගත් ඩිංගි යාත්‍රා තුනක් සහ සැකකරුවන් හය දෙනෙකු ද මේ සමග අත් අඩංගුවට ගෙන ඇත. අත් අඩංගුවට පත් සැකකරුවෝ කල්පිටිය සහ තලවිල පදිංචි වයස අවුරුදු 21 ත් 43 ත් අතර පසුවන්නෝ වෙති.
යුද්ධ හමුදා ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් නව අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා ලෙස මේජර් ජෙනරල් කේ.ඒ.එන් රසික කුමාර මහතා ඊයේ (9) යුද හමුදා මූලස්ථානයේදී වැඩ බාරගත්තේය. තෙල්දෙණිය ප්‍රදේශයේ උපත ලද රසික කුමාර මහතා රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
වැල්ලවත්ත පොලිසියට ලද තොරතුරකට අනුව වැල්ලවත්ත ෆෙඩ්රිකා පාරේ නිවෙස සිදුකළ මෙහෙයුමකදී කෝටි හතරකට වැඩි කොකෝන් සමග ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය කියයි. පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකළ අතර එහිදී කොකේන් ග්‍රෑම් 960 ක් සොයාගත් බවත් පොලිසිය පවසයි.
රට බංකොලොත්වී ඇති අවස්ථාවක හූති සටන්කාමීන් මෙල්ල කිරීමට රුපියල් කෝටි 25 කට වැඩි මුදලක් වැයකර නාවික යාත්‍රා යැවීම සාධාරණදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊ (9) ප්‍රශ්න කළේය. විපක්ෂනායකවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි. මෙමගින් ශ්‍රී ලංකාවට ලැබෙන වාසිය කුමක්දැයි ප්‍රශ්න කළ විපක්‍ෂනායකවරයා මේ කටයුත්ත වෙනුවෙන් ණය දෙන රටවල් බිලියන 25ක් හෝ කපා දැමීමට එකඟවී ඇත්නම් මෙවැනි දේවල් කළාට කමක් නැතැයිද ප්‍රකාශ කළේය. ආර්ථික අර්බුදය හමුවේ ජනතාව විශාල කැපවීමක් කරන මොහොතක නැවක් යැවීමට මෙපමණ මුදලක් යැවීම අපරාධයක් බවත් මේ රටේ පරිගණක නැති පාසල් දරුවන් විශාල පිරිසක් සිටින බවත් ඔහු කීවේය. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා…
නව ආයෝජන කලාප සංවර්ධනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව උතුරු, නැගෙනහිර, වයඹ සහ දකුණු පළාත් තුළ නව ආයෝජන කලාප ස්ථාපිත කිරීම එහි එක් යෝජනාවකි. එසේම මාන්කුලම්, පරන්තන් රසායන ද්‍රව්‍ය සමාගම් පරිශ්‍රය සහ කන්කසන්තුරේ සිමේන්තු සංස්ථා පරිශ්‍රය පිහිටි ප්‍රදේශවල නව ආයෝජන කලාප ස්ථාපිත කිරීමද එහි තවත් යෝජනාවකි. මේ අතර ඉරණවිල සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල නව ආයෝජන කලාප ඉදිරිකිරීමට ද ජනාධිපතිවරයා විසින් මෙමගින් යෝජනා කර තිබේ. මේ අතර බිංගිරිය හා හම්බන්තොට ආයෝජන කලාප තවදුරටත් පුළුල් කිරීම ද මේ හරහා සිදුකිරීමට නියමිතය. ඒ අනුව අදාළ කැබිනට් යෝජනාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ යෝජිත ආර්ථික කලාප ඇති කිරීම සඳහා…
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා පැවසුවේ සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදුන් බවය.
නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද පෙරවරුවේ ආරම්භ විය. එහිදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරු කළු පැහැති ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුව වෙත පැමිණ සිටියේය. රජය විසින් සියයට 18කින් වැට් බදු ඉහළ දැමීමට එරෙහිව විරෝධය පළකිරීම සඳහා මෙලෙස සජබ මන්ත්‍රීවරු කළු පැහැති ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුව වෙත පැමිණ ඇත.
යුක්තිය මෙහෙයුමට සමගාමිව හැටන් පොලිස් කොට්ඨාසයේ ප්‍රධාන නගරවල පිහිටි ඔසුසැල්වල ආරක්ෂාව තර කිරීමට වැඩපිළිවෙලක් දියත් කර ඇති බව හැටන් කොට්ඨාසභාර පොලිස් අධිකාරි නිපුණ දෙහිගම මහතා පවසයි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින පිරිස් ඇතැම් ඔසුසැල්වලින් විවිධ රෝග සඳහා නිකුත් කරන මත්වන පෙති වර්ග භාවිතයට හුරු වී ඇති බැවින් ඔවුන් වෛද්‍ය නිර්දේශ නොමැතිව ඔසුසැල්වලින් මත්පෙති මිල දී ගැනීමට උත්සාහ ගන්නා බවද පොලීසිය සඳහන් කරයි. ඒ හේතුවෙන් සෑම ඔසුසැලකම ආරක්ෂිත කැමරා පද්ධතියක් පවත්වාගෙන යාමටත්, සෑම ඔසුසැලක්ම රාත්‍රී කාලයේ වසා තැබෙන බැවින් රාත්‍රි මුර සංචාරයේ නිරත වන පොලිස් නිලධාරින්ගේ අධීක්ෂණයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවත් පොලිස් අධිකාරීවරයා පැවසීය. එමෙන්ම වෛද්‍යවරයෙකුගේ නිර්දේශයක් නොමැතිව මත්වෙන ඖෂධ…