Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
අමෙරිකාවේ, බ්‍රවුන්ස්විල් නගරයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ මෝටර් රථයක් බස් නැවතුමක් අසල රැදී සිටි පිරිසක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි. ටෙක්සාස් ප්‍රාන්තයේ නිවාස අහිමි වූවන් සහ සංක්‍රමණිකයන් රැදී සිටින නවාතැනක් ආසන්නයේ මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුරෙන් තවත් පුද්ගලයන් හය දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බව විදෙස් මාධ්‍ය පවසනවා. මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නඩු පැවරූ බවයි එරට පොලීසිය පවසන්නේ.
අලුතින් ආණ්ඩුකාරවරුන්, ඇමතිවරුන් පත් කිරිමට රජය කටයුතු කරමින් සිටින බවත්, එසේ කවුරු පත් කළත් පැවැත්වීමට නියමිත කිසිදු මැතිවරණයකින් වත්මන් රජයට බලයට ඒමට නොහැකි බව දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක නුවරඑලිය දිස්ත්‍රික් පා.ම පලනි දිගම්බරම් මහතා පැවසිය. හැටන් නගරයේ උත්සව ශාලාවකදි පලනි දිගම්බරම් මහතා නායකත්වය දරණ කම්කරු ජාතික සංගමයේ , කම්කරු ජාතික පෙරමුණේ පක්ෂ සමාජිකයන් දැනුවත් කිරිම සදහා ඊයේ (07) දින පැවති රැස්විමකදි පලනි දිගම්බරම් මහතා ඒ බැව් පැවසිය. මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු පලනි දිගම්බරම් මහතා කියා සිටියේ මේ වසරේ කිසිදු මැතිවරණයක් පැවැත්විමට රජය කටයුතු නොකරන බවයි. 2024 වසරේ ජනාධිපතිවරණය පළමුවෙන් පැවැත්විමට මේ වන විට පසුබිම සකස් කරමින් සිටින බවත්,…
පොලිස්පතිවරයාට තවත් සේවා දිගුවක් ලබා දීමට රජය තීරණය කර ඇති බව ඉහළ මට්ටමේ දේශපාලන ආරංචි මාර්ග පවසනවා. පසුගිය මාර්තු මාසයේ විශ්‍රාම යාමට නියමිත තිබූ පොලිස්පති සි.ඩී. වික්‍රමරත්න හට ජනාධිපතිවරයා විසින් මාස තුනක සේවා දිගුවක් ලබා දී තිබෙනවා. එය ජුනි මාසයෙන් අවසන් වන බැවින් තවත් සේවා දිගුවක් ලබා දීමට මෙලෙස රජය තීරණය කර ඇති බවයි එම දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.
පළාත් පාලන ඡන්දයට අපේක්ෂකයන් ලෙස නාම යෝජනා භාරදුන් රජයේ සේවකයන්ට හෙට (09) සිට යළි සේවයට වාර්තා කළ හැකි බව පළාත් සභා හා පළාත්පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා. මාධ්‍ය කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඊට අදාළ චක්‍රලේඛය මැතිවරණ කොමිසමේ අනුමැතියට යවා ඇති අතර, හෙට එය නිකුත් කරන බවයි.
කොළඹ නෙළුම් කුළුණ වෙසක් සති අන්තය සඳහා මැයි 5 සහ 6 යන වෙසක් සති අන්තයේ දෙදින තුළ සැළකියයුතු නරඹන්නන් පිරිසක් පැමිණ තිබෙනවා. මෙහි දී කුළුණේ කළමනාකාරිත්වය විශාල ජනකායක් හසුරුවා ගත් අතර, සියලු නරඹන්නන් හට විවෘත අයිස්ක්‍රීම් දන්සලක් ලබා දී ඇති බව වාර්තා වෙනවා. එම දෙදින තුළ ප්‍රවේශ පත්‍ර දේශීය නරඹන්නන් සඳහා 20,883 විකිණී ඇති අතර විදේශිකයන් සඳහා ප්‍රවේශ පත්‍ර 162ක් විකිණී ඇත.
IPL තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් සමඟ පැවති තරගයෙන් කඩුලු 6ක පහසු ජයක් වාර්තා කරන්නට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් මුම්බායි ඉනිම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 139කට නවතා ගන්නට මතීෂ පතිරණ ප්‍රමුඛ චෙන්නායි පන්දු බල ඇණියට හැකියාව ලැබුණා. මෙවර තරගාවලියේ වැඩිම ප්‍රේක්ෂක අවධානය දිනාගත් ක්‍රීඩකයා බවට පත්ව තිබෙන ”බේබි මාලිංග” ලෙස හඳුන්වන මතීෂ පතිරණ සිය පන්දුවාර හතරේදී ලකුණු 15ක් පමණක් ලබා දෙමින් කඩුලු තුනක් බිද දැමුවා. එහිදි මතීෂ විසින් සිය පන්දුවාර හතරේදී එකදු හතරේ හෝ හයේ පහරක් ප්‍රතිවාදීන්ට ලබා නොදීමත් කැපී පෙනුනා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 17යි පන්දු…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (08) වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන්. බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවලත්, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවීමට හැකියාවක් පවතිනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන්…
කලවංචිකුඩි, වෙම්බු පාර, මාන්කාඩු ප්‍රදේශයේ දී ඊයේ(07) ගින්නකට හසු වී කාන්තාවක් මියගොස් ඇති බව පොලිසිය පවසනවා. මෙම මියගිය කාන්තාව අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇවිදීමට නොහැකිව නිවසේ ඇඳක් මත සිට ඇති බවත්, නිවසේ දල්වන දුම් තැටියක් ඇඳ ආසන්නයේ තබාගෙන නින්දට ගොස් සිටිය අතරතුර දී මෙම අනතුර සිදු වී ඇති බවත් වැඩිදුර විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා. මියගිය තැනැත්තිය වයස අවුරුදු 74ක් වන එම ප්‍රදේශයේ ම පදිංචිකාරියක් වන බවත්, මෘත දේහය මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර තිබෙන බවත් පොලිසිය පවසනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් කලවංචිකුඩි පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි. එමෙන්ම ඊයේ(07) දින සවස් කාලයේ දංඕවිට, හොරගස්මංකඩ හන්දිය ආසන්නයේ පිහිටා ඇති පුද්ගලික…
සුදු සීනි කිලෝවල මිල මේ වන විට ඉහළ ගොස් ඇති බව සීනි ආනයන කරුවන් ප්‍රකාශකර සිටිනවා. සුදු සීනි කිලෝවක මිල රුපියල් 240ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. ලෝක වෙළඳපොළේ සුදු සීනි මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 500 සිට ඩොලර් 750 දක්වා ඉහළ යාම නිසා සීනි මිල ඉහළ ගොස් ඇති බවයි ආනයන කරුවන් පවසන්නේ. මීට පෙර සුදු සීනි කිලෝවක මිළ පැවතියේ රුපියල් 190ක් ලෙසයි.
වේයන්ගොඩ, මැදවත්ත ප්‍රදේශයේ ඊයේ(07) සවස දියනෑමට ගිය යුවලක් අතුරුදන් වී තිබෙනවා. මෙලෙස මෙම යුවල අතුරුදන් වී ඇත්තේ අත්තනගලු ඔයේ ශාඛාවක් වන ඇල් ඔයේ දිය නෑමට ගොස් සිටියදී යි. දියේ ගිලී අතුරුදන් වූ පුද්ගලයා වයස අවුරුදු 19ක් වන වේයන්ගොඩ ප්‍රදේශයේ ම පදිංචිකරුවෙක් බවත්, කාන්තාවද වයස අවුරුදු 19ක් වන කුඩාඔය, ලබුතැන්න ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි පොලිසිය පවසන්නේ. අතුරුදහන් වූ යුවල සොයා වේයන්ගොඩ පොලිස් නිලධාරීන්, යුධ හමුදාව සහ නාවික හමුදාව මෙන්ම ප්‍රදේශවාසීන්ද මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.