Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මරණයට පත්වූ බව කියන රාජන් රාජකුමාරි නමැති මෙහෙකාර කාන්තාවගේ මරණයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ. කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එලෙස නියෝග කර ඇත. එම මියගිය කාන්තාවගේ මරණයට අදාළ මරණ පරීක්ෂණයේ තීන්දුව ලබාදෙමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුළුවල මහතා මෙම නියෝගය නිකුත් කර තිබේ.
ජංගම දුරකතන සහ අන්තර්ජාල ක්‍රියාකාරම් සඳහා ඇබ්බැහිවීම තුළින් දරුවන්ගේ මතක ශක්තිය හීනවීමේ අවදානමක් මතුවී ඇති බව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසයි. ඔහු පැවසුවේ දරුවන් පමණ ඉක්මවා එම උපාංග භාවිතය සම්බන්ධයෙන් දෙමව්පියන් දැඩි අවධානයෙන් පසුවිය යුතු බවය. ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා මේ බව සදහන් කළේය. “මේ ඇබ්බැහිවීම් තුළින් මුලින්ම වෙන්නේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල්වීම. ඊට පසු අන්තර්ජාලය තුළම සැරිසරන්නට මේ අයට හිතෙනවා. ඉන් අනතුරුව වීඩියෝ ගේම් සඳහා ඇබ්බැහි වෙනවා. මේක බරපතළ තත්ත්වයක් වගේම මානසික රෝගයක් කියලා අද වනවිට හඳුනාගෙන තිබෙනවා. දෙමව්පියන්ව සතුරන් හැටියට දකින්න පුළුවන්.”
රත්මලාන දුම්රියපොළ අසලදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ එම අපරාධයට ආධාර අනුබලදීම සහ කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවය. 28 හැවිරිදි රත්මලාන ප්‍රදේශයේ පදිංචිව සිටි අදාළ සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 10ක ප්‍රමාණයක් ද සොයාගත් බව පොලීසිය පවසයි. පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය 21 වනදා රත්මලාන දුම්රියපොළ ඉදිරිපිට වෙළෙඳසැලක් තුළ වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවය. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු එම වෙඩිතැබීම සිදුකර තිබුණි. මේ අතර ඊයේ (24) රාත්‍රියේ හෙට්ටිපොළ කුරුඳුකුඹුර හන්දිය ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන්ගත් පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබේ. තවත් යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන්…
හොරු ගැන හොයන්න හොරුන්ට කියන බව “ශ්‍රී ලංකා ක්‍රිකට්” පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය අමතමින් සමගි ජන ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ක්‍රිකට් වගේම රට කරවන පාර්ලිමේන්තුවත් දූෂිත බව වෙල්ගම මහතා කීය. 225ම හොරු බවත් ඔවුන් යා යුතු බවත් ජනතාව කියා ඇතැයි කී වෙල්ගම මහතා තවත් හොරු ගැන හොයන්නැයි පාර්ලිමේන්තුවේ හොරුන්ට කියන බව පැවසීය. කුමාර වෙල්ගම මහතා මෙසේද කීය. ” ලබන අවුරුද්දේ ඡන්ද තියෙනවා. මේවට සල්ලි දෙන්නෙ කවුද? මේක ව්‍යාපාරයක් .ඒකෙන් සල්ලි හොයලා බලයට එන්න බලන්නේ.මේක එකට ඇමිනිච්ච චේන් එකක්. ඒක ගලවන්න කවුරුවත් ඉඩ දෙන්නේ නෑ.මේක කොන්ක්‍රීට් දාල යට කරලා තියෙන්නේ .ඒ නිසා බොරුවට රැවටෙන්නේ එපා…
බණ්ඩාරවෙළ නගරයේ තන්තිරිය ප්‍රදේශයේ අවන්හලක කාමරයක් තුළ ඇදක් මත ඝාතනයට ලක් වූ කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ සවස සොයාගත් බව පොලිසිය කියයි, ඇටම්පිටිය ප්‍රදේශයේ පදිංචි ජී.ඩී සංජීවනී තුෂාරිකාද සිල්වා (40) හැවිරිදි කාන්තාවක් මෙසේ මියගොස් සිටියදි පොලිසිය සොයාගෙන තිබේ, 23 දින සවස කැළණිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයකු හොටෙල් කාමරය කුළියට ගෙන නැවතුන බවත් 24 දින උදෑසන හාලිඇළ ඇටම්පිටිය ප්‍රදේශයේ 40 හැවිරිදි කාන්තාවක පැමිණ එම කාමරයට ගිය බවත් හොටලයේ සේවකයන් පොලිසියට පවසා තිබේ, හොටෙල් කාමරයේ සිටි දෙදෙනාගෙන් පිරිමි පුද්ගලයා 24 දින සවස 4.30ට පමණ සැක සිතෙන අයුරින් එළියට දිව යනු දුටු සේවකයන් කාමරය දෙස බලද්දී වස ගද වහනය වන ඇද මත ලේ…
ස්කුටි වර්ගයේ යතුරු පැදියකින් ගමන් ගත් කාන්තාවක් පෙරියගම මාර්ගයේ ගල් වල අසලදී ඊයේ ( 24)දහවල් කාලයේවැගන් ආර් වර්ගයේ වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් පැහැර ගෙන ගොස් ඇති බව කතරගම පොලිසිය පවසයි. මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ පෙරියගම ප්‍රදේශයේ පදිංචි විවාහක කාන්තාවකි. කාන්තාව ගමන් ගත් යතුරු පැදිය එම ස්ථානයේ වැටී තිබියදී පොලිසියට හමුවී ඇත. මෙම කාන්තාව ඇයගේ පුතා රැගෙන ඒමට පාසල කරා යමින් සිටියදී වැගන් ආර් වර්ගයේ වෑන් රථයකින් පැමිණි නාඳුනන කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි. පැහැරගෙන ගිය කාන්තාව ගැන තවම කිසිදු තොරතුරක් පොලිසියට ලැබී නොමැත. කාන්තාව පැහැරගෙන යෑමට හේතු හෝ ඇය පැහැරගෙන ගිය කණ්ඩායමගැන තවම තොරතුරු අනාවරණය වී නොමැති…
රටේ ජාතික ආරක්ෂාව සහ ජාතිවාද කෝලාහල සම්බන්ධයෙන් විදේශ බුද්ධි අංශයකින් කිසිම තොරතුරක් ලැබී නැතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) පැවසීය. මෙය තමා ප්‍රකාශ කරන්නේ වගකීමෙන් බවද ඔහු සඳහන් කළේය. තෙන්නකෝන් මහතා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය. විවිධ කට කතා, ෆේස්බුක් පණිවිඩවලට උත්තර දිදී ඉන්න බැහැ. ඒ නිසා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කරුණු දක්වනවා. රටේ සමහර තැන් වල සමහර කණ්ඩායම් දේශපාලනික උත්තේජනය උඩ මේ රටේ ජාතිවාදී කලබල හා කෝලාහල ඇති කිරීමට විවිධ උත්සාහ ගන්න බව අපිට පැහැදිලිව නිරීක්ෂණය වනවා. ඒ කණ්ඩායම් ගැන රජයේ…
රත්මලාන දුම්රිය පොළ අසල මස් වෙළඳසලක හිමිකරුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රගර් ක්‍රීඩකයකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලීසිය සඳහන් කරයි. එම සැකකරු සමඟ හොරයින් මත් කුඩු සහ ජංගම දුරකථනයක් ද පොලිස් බාරයට ගෙන ඇත. ඉකුත් 21 වෙනි දින රාත්‍රියේ දී රත්මලාන අරලිය මාවතේ පදිංචිව සිටි අනුර දේශප්‍රිය සිල්වා (40) නමැති කුකුල් මස් වෙළෙඳ සලක හිමිකරු වෙළඳසල තුළ රැඳී සිටියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා පළා ගොස් තිබිණි. සැකකාර රගර් ක්‍රීඩකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල දීමේ චෝදනාව මත බව පොලීසිය සඳහන් කරයි. එම සැකකරු මීට පෙර අවස්ථාවක පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින්…
ප්‍රදේශ කීපයකට (25) උණුසුම් කාලගුණ තත්වයක් පවතින බවත් එම උණුසුම් තත්වය පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල සහ මුලතිව්, වවුනියාව සහ මෙරණරාගල යන දිස්ත්‍රික්කවලට හෙට දිනයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමේ පැවතිය හැකි බවත් එම ප්‍රදේශවල ජනතාව ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටිය යුතු බවත් එම දෙපාර්තමේන්තුව කියයි.
කුරුණෑගල මීගමුව ප්‍රධාන මාර්ගයේ මාකඳුර 31 කණුව ආසන්නයේ මාර්ග රක්ෂිතයේ වගාකර තිබූ කුඹුක් ගස් රැසක් අද 24 දහවල් ඇතිවූ ගින්නක් හේතුවෙන් විනාශවී ඇති බව පන්නල පොලීසිය කියයි. ප්‍රධාන මාර්ගයට ආසන්නයේ ඇති කුඹුරු යායට තබන ලද ගින්නක් පැතිරිම නිසා මෙම කුඹුක්ගස්ද එම ගින්නට හසුවන්නට ඇති බවද පොලීසිය සැක පහලකරයි. මෙම ගිනිගැනිමේ සිද්ධිය සැලවීමත් සමග එම ස්ථානයට පැමිණි පන්නල ප්‍රාදේශීය ලේකම් නීතිඥ සමන්ත වික්‍රමත්න බණ්ඩාර මහතා සඳහන් කර සිටියේ මෙම කුඹුක් රක්ෂිතයේ ගස් 175 කට ආසන්න සංඛ්‍යාක් තිබූ අතර මීට පෙරද අවස්ථා දෙකකදී ගින්නට හසුවීම නිසා ගස් රැසක් විනාශවී ගිය බවත් මිනිසුන්ගේ නොසැලකිළිමත් කම නිසා අපගේ පරිසර පද්ධතියට විශාල හානි සිදුවන බවත්ය.…