Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ගෙවිගිය මාසයේ මෙරටට පැමිණි සංචාරකයින් දෙලක්ෂය ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කරන වාර්තාවේ දැක්වේ. එසේ පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 218,350 කි. පෙබරවාරි මාසයේ 29 දින ගිය මසට සාපේක්ෂව පැමිණි සංචාරකයින් දසදහස ඉක්මවා ඇත. මේ අනුව පසුගිය මාසයේ වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පෙබරවාරි 24 වන දින පැමිණ ඇති අතර 10,014 සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත. ගිය වසරට අනුව මේ වසරේ සියයට පනහක පමණ සංචාරකයින්ගේ වර්ධනයක් පවතින බව එම අධිකාරිය නිකුත් කරන වාර්තාවේ දැක්වේ. රුසියාවෙන් පැමිණි සංචාරකයින් 32,030ක්ද ඉන්දියාවෙන් 30,027ක්ද එක්සත් රාජධානියෙන් 20,614ක්ද මෙරටට පැමිණ ඇත. මීට අමතරව ගෙවී ගිය මාස දෙකෙහි මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 426,603 කි. එය සියයට…
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු ලබන ජූලි මස තාවකාලිකව අත්හිටුවන බවත් වසර තුනකට වරක් කළ යුතු අනිවාර්ය නඩත්තු කටයුත්ත හෙවත් ‘මහපහදු නැවතුම 2024’ සඳහා මෙසේ දින 45 ක කාලයකට මෙහෙයුම් කටයුතු අත්හිටුවන බවත් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පැවසීය. එම පිරිපහදුව 2021 වසරේ ‘මහපහදු නැවතුම’ නැවතුම කර නඩත්තු කටයුතු කිරීමෙන් පසුව ජාත්‍යන්තර නියමන්ට අනුගතවෙමින් ලබන ජූලි මස නඩත්තුව ආරම්භ කරන බවත් එම නඩත්තුවෙන් පසුව ඉන්ධන නිෂ්පාදන ක්‍රියාවලිය උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක කළ හැකි බවත් එම සංස්ථාව වැඩි දුරටත් සඳහන් කරයි.
ශ්‍රී ලංකා සාගර කලාප මෙන්ම ඉන්දියානු සාගර කලාපය ද ආරක්ෂා කර ගැනීමේ වගකීම ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඉන්දියන් සාගරය තුළ මෙරට ආර්ථික වැඩසටහන්වලට හානිවීමට ඉඩ නොදෙන බව ද අවධාරණය කළේය. 1967 ඊශ්‍රායල – අරාබි යුද්ධයේදී සුවස් ඇළ වසා දැමීම හේතුවෙන් වසර 10ක් කොළඹ වරායේ මෙහෙයුම් නැවතුණු ආකාරය ද සිහිපත් කළ ජනාධිපතිවරයා මෙරට වරායන්හි ආර්ථික වටිනාකම් ආරක්ෂා කර ගැනීම සඳහා සුවස් ඇළ සහ රතු මුහුදේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණය සඳහා ජනාධිපති වර්ණ ප්‍රදානය වෙනුවෙන්…
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා CIDය වෙත පැමිණ තිබේ. ඒ, ප්‍රශ්නගත හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහාය
බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් අද (01) දිනයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ පාසල් වර්ෂ අවසාන වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර කිහිපයක් ඊයේ (29) රාත්‍රියේ සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවට තොරතුරු වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් ගුරුවරුන් පිරිසක් අද (01) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කළේය. 2023 වසර සඳහා වන වර්ෂ අවසාන ඇගයීම් විභාග මේ දිනවල බස්නාහිර පළාතේ පාසල් සිසුන් සඳහා පැවැත්වෙයි. ඒ අනුව අද පැවැත්වීමට සැලසුම් කර තිබුණේ 10 සහ 11 ශ්‍රේණිවල සිසුන් සඳහා විද්‍යාව විෂය සඳහා වන විභාගය යි. කෙසේවෙතත් බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන 10 ශ්‍රේණියේ විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රය සහ 11 ශ්‍රේණියට අදාළ විද්‍යාව…
අද (01) අලුයම් කාලයේදී නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ලකර සැකකරුවන් පළාගොස් තිබේ. ඒ, පාදුක්ක මාදුලාව ප්‍රදේශයේ නිවසකට ය. වෙඩි ප්‍රහාරයට ලක්වූ නිවසේ පිළියන්දල ප්‍රදේශයේ පිරිසක් තාවකාලිකව නවාතැන් ගෙන සිට ඇත. එම නිවස ආසන්නයේ වෙනත් ඉඩමක නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ කටයුත්තක් වෙනුවෙන් සහභාගී වීම සඳහා එම පිරිස අදාළ නිවසේ නතරවී සිට ඇති බවත් එම නිවස මිලදී ගැනීමේ සූදානමින් ඔවුන් පසුවී ඇති බවත් පොලීසියට වාර්තාවී තිබේ. අදාළ නිවසේ සිටි පිරිස නිදා සිටියදී එක්වරම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බවත් කලබල වූ පිරිස නිවසේ කුස්සිය වෙත දුව ගොස් සැඟවී ඇති බවත් පසුව පොලිස් හදිසි ඇමතුම් අංකයට දැනුම්දී ඇති බවත් පැවසෙයි. සිද්ධිය සම්බන්ධයෙන් පාදුක්ක පොලීසිය…
කාත්තන්කුඩි ප්‍රදේශයේදී පොලීසිය හදිසියේ සිදුකළ වැටලීමකදී සහරාන්ගේ සහෝදරිය විවාහ වී සිටින පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබේ. නීතිවිරෝධී රැස්වීමක් පැවැත්වෙන බවට පොලීසියට ලැබුණු තොරතුරක් අනුව වැටලීම සිදුකර තිබෙන අතර පොලීසිය එම ස්ථානය වටලන අවස්ථාවේදී පිරිසක් කාඩ් සෙල්ලම් කරමින් සිට තිබුණි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නියාස් නම් පුද්ගලයෙකි.
දුම්රියක ගැටීමෙන් 23 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි. ඊයේ (29) රාත්‍රී කාලයේදී ඇල්ල දුම්රියපොළ ආසන්නයේදී මෙම අනතුර සිදුවී ඇත. බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ ගැටීමෙන් මෙම මරණය සිදුවී ඇති බව පොලීසියට තොරතුරු ලැබී තිබේ.
ගාසා තීරයේ, උන්හිටිතැන් අහිමි වූ පලස්තීන වැසියන්, ආධාර ලබා ගැනීමට පොරකද්දී, ඊශ්‍රායල හමුදා කළ වෙඩි තැබීමකින් 104 දෙනකු මියගොස් 760 දෙනකු තුවාල ලැබූ බව පලස්තීන සෞඛ්‍ය අංශ පවසයි. ඊශ්‍රායල හමුදා පවසන ආකාරයට ඔවුන් මෙම පිරිසට වෙඩි තබා ඇත්තේ හමාස් සටන්කතාමීන් ඒ අතර සිටි බැවිනි. පලස්තීන පාලන අධිකාරිය චෝදනා නගා ඇත්තේ ඊශ්‍රායලය සිවිල් වැසියන් අමු අමුවේ ඝාතනය කළ බවටය.
ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු කුසල් පෙරේරා අසනීප තත්වයකින් පසුවීම නිසා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරගාවලිය ඔහුට අහිමිවන බවත් එම ස්ථානයට නිරෝෂන් දික්වැල්ල ආදේශ කළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් පැවසීය. බංග්ලාදේශය බලා අද පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට කුසල් පෙරේරා එක්නොවූ බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
