Author: LANKA24X7

මුද්‍රණ කාඩ්පත් නොමැතිවීම හේතුවෙන් නවතා තිබූ රියදුරු බලපත්‍ර මුද්‍රණය පසුගිය සතියේ සිට කටයුතු ආරම්භ කළ බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අනුව දෛනිකව රියදුරු බලපත්‍ර 6,000ක් පමණ මුද්‍රණය කිරීමට සැළසුම් කර ඇත. රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය කාඩ්පත් නොමැති වීම හේතුවෙන් පසුගිය කාලයේ 350,000කට ආසන්න රියදුරු බලපත්‍ර සංඛ්‍යාවක් මුද්‍රණය කිරීමට ගොඩගැසී ඇති බව වාර්තා වේ.

Read More

මෙම වසරේ පළමු මාස 10 තුළ ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.659 ක ආදායමක් උපයා ඇති බවත් එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 4.9 ක වර්ධනයක් බවත් මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය. පසුගිය වසරේ පළමු මාස 10දී සංචාරක කර්මාන්තයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.533 ක මුදලක් ශ්‍රී ලංකාව උපයා තිබිණි. ශ්‍රී ලංකාවේ ආර්ථිකයෙන් සියයට 3 ක ප්‍රතිශතයකට දායකත්වය සපයන සංචාරක ඉපයීම් මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 186.1ක් මුදලක් උපයා තිබූ අතර එය පසුගිය වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව සියයට 0.27 ක වර්ධනයක් විය. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් මිලියන 185.6ක් වූවේය. පසුගිය ජූලි…

Read More

මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවිමට සියලු රාජ්‍ය ආයතන වෙත චක්‍රලේඛයක් නිකුත් කරන බව ම මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඊයේ කළුතර දී පැවසිය. සියලු ආයතන ප්‍රධානින් සිය ආයතන මත්ද්‍රව්‍ය වලින් තොර කලාප බවට පත්කිරීමට කටයුතු කළ යුතුය . එය ඔවුන්ගේ වගකිම වාර්තා වෙලා තියෙනවා ඇතැම් රාජ්‍ය ආයතනවල මත්ද්‍රව්‍යවලට ගොදුරු වූ පිරිස් ඉන්නවා කියල. මත්ද්‍රව්‍ය වලට ගොදුරු වූ පිරිස් ඉන්නවා නම් ඔවුන් පුනරුත්ථාපන කිරිම මෙන්ම ජාවාරම් කරුවන් සිටීනම් විනය ක්‍රියාමාර්ග ගෙන පොලිසියට භාරදිය යුතුයි. හෙට දිනයේ අධ්‍යාපන ලේකම්වරයා හරහා සියලු පාසල් විශ්ව විද්‍යාල සහ සියලු අධ්‍යාපන ආයතනවලට මෙවැනි මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවන්න කියල චක්‍රලේඛයක් නිකුත් කරනවා. මේවා…

Read More

නුගේගොඩදී ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ රැලියට සහයෝගය නොදැක්වීමට තීරණය කර ඇතැයි දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා පැවැසීය. වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1750 දක්වා වැඩි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගත් තීරණයට ස්තූතිවන්ත වන බව කී හෙතෙම වතු ජනතාවගේ ගැටලු විසඳීමට රජය ගන්නා සෑම ක්‍රියා මාර්ගයකටම පූර්ණ සහයෝගය දෙන බවද සදහන් කළේය.

Read More

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩි කිරිමට මහා භාණ්ඩාගාරයෙන් රු.200ක මුදලක් වෙන් කිරිමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වත්මන් රජය කටයුතු කිරිම සම්බන්ධයෙන් විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් එයට විරෝධය පැමට එරෙහිව බගවන්තලාවේ සහ මස්කෙළිය යන නගර වල වතු කම්කරුවෝ ඊයේ පස්වරුවේ විරෝධය දක්වමින් උද්ඝෝෂණයක නිරත වූහ උද්ඝෝෂණවයට ආ වතු කම්කරුවන් කියා සිටියේ ඉතිහාසයේ කිසිදු දිනක උද්ඝෝෂණ සහ වැඩ වර්ජන කරමින් තම වැටුප වැඩි කර ලබා නොගත් බවත්, ඉතිහාසයේ පළමු වතාවට වැඩ වර්ජන හෝ උද්ඝෝෂණය නොකරමින් එක්වර රු.400ක වැටුපක් ලබා දීමට ජනාධිපතිවරයා සහ වත්මන් රජය කටයුතු කළ බවයි. විපක්ෂය නියෝජනය කරන වතුකරයේ දේශපාලාඥයන් සහ විපක්ෂය ඇතැම් පිරිස් වතුකරයේ ජනතාවගේ දුක හදුනන්නේ නොමැති…

Read More

උතුරු උතුරු-මැද,නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනෙ සෙසු ප්‍රදේශවලට පස්වරු1.0 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 වැඩි තදවැසි ඇති විය හැකියි. දිවයනේ අනෙකුත් ප්‍රදේශවල ඇතැම් ස්ථානවල ඇතැම් ස්ථානවල මිලි මිටර් 75 වැඩි තරමක තද වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලහේදී මීදුම් සහිත තත්ත්වයක් පැවැතිය හැකියි.

Read More

ආරුගම්බෙ ප්‍රදේශයේදී විදේශීය කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන් 25 හැවිරිදි පුද්ගලයෙකු පෙරිය නිලාවෙනි පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි. ඉකුත් ඔක්තෝබර් මස 10 වෙනිදින මෙම සිදුවීම සිදුවූ තිබූ අතර විදේශීය ජාතික කාන්තාව එය ජංගම දුරකථනයෙන් වීඩියෝ කර සමාජ මාධ්‍යයට මුදා හැර තිබිණි. මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් සංචාරක කොට්ඨාසය තිරික්කොවිල් පොලිසිය ස්ථානය මගින් විමර්ශන ආරම්භ කළ අතර සැකකරු හඳුනාගැනීමට මහජන සහය ලබා ගැනීමට මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කෙරිණි. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුගෙ ස්වරූපය වෙනස් කරමින් පදිංචි ස්ථානද වෙනස් කරමින් අත්අඩංගුවට පත්වීම වැළක්වීම සඳහා කටයුතු කරමින් සිටි බව පොලිසියය කියයි.

Read More

අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ ප්‍රජාතන්ත්‍රවාදී මහජන පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත යුතු බවට සමගි ජන බලවේගයේ ප්‍රබල ක්‍රියාකාරීන් රැසක් එහි නායකත්වයෙන් ඉල්ලීම් කර ඇත. මනෝ ගනේෂන් මහතා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පත් වූ මන්ත්‍රීවරයෙකි. ඔහු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව පවසා ඊට පක්ෂව මෙසේ ඡන්දය ප්‍රකාශ කිරීම බරපතළ විනය විරෝධී කාරණයක් බව එම ක්‍රියාකාරීන් පෙන්වාදී ඇත. පසුගිය මහ මැතිවරණයෙන් මනෝ ගනේෂන් මහතා පරාජයට පත් වී තිබියදී සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පත් කෙරුණේ ඔහු කෙරෙහි දැඩි විශ්වාසයක් තබාගෙන බව පක්ෂ ආරංචි මාර්ග සඳහන්…

Read More

මුද්‍රණ කාඩ්පත් නොමැති වීම හේතුවෙන් නවතා තිබූ රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු යළි ආරම්භ කර තිබේ. පසුගිය සතියේ සිට එම කටයුතු ආරම්භ කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අනුව දෛණිකව රියදුරු බලපත්‍ර 6,000ක් පමණ මුද්‍රණය කිරීමට සැළසුම් කර ඇත. රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය කාඩ්පත් නොමැති වීම හේතුවෙන් පසුගිය කාලයේ 350,000කට ආසන්න රියදුරු බලපත්‍ර සංඛ්‍යාවක් මුද්‍රණය කිරීමට ගොඩගැසී ඇති බව වාර්තා වේ. එම මුද්‍රණ කාඩ්පත් සපයා ගැනීමත් සමඟ අදාළ රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර කඩිනමින් ගොඩගැසී ඇති රියදුරු බලපත්‍ර මුද්‍රණය කර අවසන් කිරීමට සැළසුම් කර ඇති බව ද මෝටර් රථ ප්‍රවාහන…

Read More

බලපත්‍ර නොමැතිව ගිනිඅවියක් සහ පතරොම් සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙකු හලාවත කොට්ඨාශ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හලාවත විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන්ට ලැබුණ තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබුණි. එහිදි විදේශීය රටක නිෂ්පාදිත ගිනිඅවියක්, පතරොම් 03ක්, තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි 460ක් හා නීතිවිරෝධී මත්පැන් පෙරීමට ගන්නා ගෝඩා ලීටර් 202ක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. හලාවත කොට්ඨාශ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් සැකකරු හලාවත පොලීසිය වෙත ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 45 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු අක්කරපත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ. සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read More