Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
දරුකමට හදාගැනීම සඳහා විදේශීය පුද්ගලයන්ට ශ්‍රී ලාංකික බිළිඳුන් අළෙවි කිරීමේ සංවිධානාත්මක කල්ලියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාට ඊයේ (24) කරුණු වාර්තා කර ඇත. මෙම මහා පරිමාණ මිනිස් ඡාවාරම සිදුකරන සංවිධානාත්ම කල්ලිය මහනුවර ප්‍රදේශයේ සිට ක්‍රියාත්මක වන බවත් ඒ සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කළ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙදාම් හා ඡාවාරම්කිරීමේ ඒකකය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත නෝර්වේජියානු තරුණීයක වන කේ. ප්‍රියංගිකා සමන්ති නමැත්තිය විසිනි. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කර…
මීට වසර මිලියන 155කට පමණ පෙර අතුරුදන් වූ ආර්ගොලෑන්ඩ් නම් මහාද්වීපයේ කොටස් අග්නිදිග ආසියාවෙන් සොයා ගැනීමට විද්‍යාඥයන් කණ්ඩායමක් සමත් වී ඇත. ආර්ගොලෑන්ඩ් මහද්වීපය මිට වසර මිලියන 155කට පමණ පෙර ඇමෙරිකා එක්සත් ජනපදයටත් වඩා විශාල භූමි ප්‍රමාණයක කොටසක් වී ඇති බවත් කාලයත් සමඟ ආර්ගොලෑන්ඩ් එම භූමියෙන් කැඩී වෙන්වී ඇති බවත් එම විද්‍යාඥයෝ ප්‍රකාශ කළහ. එලෙස වෙන්වුණු ආර්ගොලෑන්ඩ් මහද්වීපයද කාලයත් සමඟ කොටස් කීපයකට කැඩී වෙන්වී අග්නිදිග ආසියාවේ පැතිර ඇතැයි මෙම පර්යේෂණය සම්බන්ධයෙන් පළකළ ලිපියේ සඳහන් වේ.මෙම කොටස් මුලින් ඕස්ට්‍රේලියාවේ කොටසක් වී ඇති බවත් කාලයත් සමඟ එම කොටස් ඉන්දුනීසියාවේ නැගෙනහිර දෙසට ගමන් කර ඇති බවත් එම විද්‍යාඥයෝ පවසති. මෙම පර්යේෂණයට අදාළ ලිපිය පළකළ…
වලවේ ගඟ උතුරා යෑම හේතුවෙන් අද (23) අම්බලන්තොට ප්‍ර දේශයේ ගම් රැසක පහත් බිම් ජලයෙන් යටවී ඇති බව හම්බන්තොට ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි. අම්බලන්තොට වලවේ ගඟ පිහිටි ගංඉවුර දෙපස පහත් බිම් මෙලෙස ජලයෙන් යටවි ඇත. බෝලාන දකුණ, මැලේ කොළණිය, වැටිය, පල්ලේරොට, මාමඩල, ජංසගම, වාඳුරුප්ප, ලියන්ගස්තොට, ඇතුළු පහත්බිම් පිහිටි ගම් රැසක ජනතාව ගඟ පිට ආර ගැලීමෙන් පීඩාවට පත් වී සිටිති. අම්බලන්තොට ථෙරපුත්ත ප්‍රාථමික විද්‍යාලයේ ගොඩනැගිලි දෙකක් හා සනීපාරක්ෂක පද්ධතිය මුළුමනින්ම ජලයෙන් යටවී ඇත. ඒ හේතුවෙන් පාසල නිවාඩු දී ඇති බව විදුහල්පතිනි වින්ධ්‍යා කොඩිතුවක්කු මහත්මිය සඳහන් කළාය. ථෙරපුත්ත ජාතික පාසලේ ද පැමිණ සිටි සියළුම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් නිවෙස් වෙත යැවීමට වහා පියවරගෙන…
හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර එකඟ වී ඇති දින 4ක් සඳහා සටන් නැවැත්වීම බ්‍රහස්පතින්දා උදෑසන 10 සිට ක්‍රියාත්මක වන බව හමාස් සංවිධානය පවසා තිබේ. මේ අතර ඊශ්‍රායල විදේශ අමාත්‍ය එලී කොහේන් පවසා ඇත්තේ හමාස් සංවිධානය විසින් හෙට පළමු ප්‍රාණ ඇපකරුවන් කණ්ඩායම නිදහස් කරතැයි තමන් බලාපොරොත්තු වන බවය. අද ප්‍රකාශයට පත්කෙරුණු ඊශ්‍රායල සහ හමාස් සංවිධානය අතර ඇතිවූ එකඟතාවය අනුව හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 50 දෙනෙක් නිදහස් කිරීමට නියමිත අතර ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයේ සිර කඳවුරුවල රඳවා සිටින පලස්තීන කාන්තාවන් සහ ළමුන් 150ක් පමණ ඊශ්‍රායලය විසින් නිදහස් කිරීමට නියමිතය.
යොදවා ඇති උප සේවයට විරෝධය දක්වමින් දෙයියන්දර පොලිසියේ ස්ථානාධිපතිවරයාට සහ, පාලන අංශයේ ස්ථානාධිපතිවරයාට පරුෂ වචනයෙන් බැණ වැදී ආවේගශීලී ලෙස හැසිරෙමින් සිටි පොලිස් සැරයන්වරයකු වැඩ තහනම් කළ බව දෙයියන්දර පොලිසිය පවසයි. මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් ඊයේ(20) සිට බලපැවැත්වෙන පරිදි මෙම වැඩ තහනම සිදුකර ඇති සිදු කර ඇති බව පොලිසිය පවසයි. ඉකුත් වු (20) දින මෙම සිදුවීම සිදුව ඇති අතර මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර මෙම වැඩ තහනම සිදුකර ඇත
ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් 240 දෙනාගෙන්, 150 දෙනකු මුදා හැරීමට හමාස් සටන්කාමීන් කැමැත්ත පළ කිරීමත් සමඟ සිවු දින සටන් විරාමයකට යෑමට, ඊශ්‍රායල කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය. ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නවත්වා සටන් විරාමයකට යෑමට ඊශ්‍රායල රජය කැමැත්ත පළ කළ පළමු අවස්ථාව මෙයයි. හමාස් සටන්කාමීන් ඊශ්‍රායල වැසියන් ප්‍රාණ ඇපයට ගෙන, ගාසා තීරයට රැගෙන ගියේ, පසුගිය ඔක්තෝබර් 7 වැනිදා, ඊශ්‍රායලට කඩා වැදී පහර දුන් අවස්ථාවේදීය. එදා සිට ඊශ්‍රායල හමුදා, ගාසා තීරයට ගුවනින් සහ ගොඩබිමින් පහර දෙන්නේ, හමාස් සටන්කාමීන් මුලිනුපුටා දමා, හමාස් ග්‍රහණෙයේ සිටින ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ අරමුණින්ය. හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතරේ යුද ගැටුම් නැවැත්වීමට, මැදහත් වී සිටින්නේ කටාර්…
රක්ෂිත බන්ධනාගාර ගතව සිටි සැකකරුවෙකු මියයාම සම්බන්ධයෙන් යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. පොලීසිය පැවසුවේ, කොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු වඩුක්කෝට්ටේ පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් මඟින් අත්අඩංගුවට ගෙන මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවය. අදාළ පුද්ගලයා පසුගිය 11 වනදා නාගකන්නි ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබූ බවය. වයස අවුරුදු 26ක් වූ මොහු බන්ධනාගාරගත කිරීමෙන් පසු හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් යාපනය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව 16 වනදා යළි බන්ධනාගාරයට රැගෙන ගොස් තිබේ. අදාළ සැකකරු නැවත වරක් පසුගිය 19 වනදා රෝගාතුර වීම හේතුවෙන්…
එක්සත් ජනපදයේ RM Parks Inc සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අතර ගිවිසුමක් අත්සන් තබා තිබේ. RM Parks Inc යනු පෙට්‍රොලියම් නිෂ්පාදිත වෙළෙඳාමේ නිරත ලොව ප්‍රමුඛ පෙළේ ආයතනයකි. මෙම ගිවිසුමට අනුව Shell නිෂ්පාදිත ශ්‍රී ලංකාව තුළ අලෙවිය සඳහා කටයුතු කෙරෙනු ඇත. ඒ අනුව RM Parks Inc සහ Shell එක්ව මෙරට ඉන්ධන පිරවුම්හල් 200ක මෙහෙයුම් සිදුකිරීමට නියමිතය. ආයෝජන මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ මෙම ගිවිසුම ඩොලර් මිලියන 110ක වටිනාකමකින් යුතු බවය. එසේම මෙම ඉන්ධන පිරවුම්හල්වල mini-supermarkets සහ විද්‍යුත් වාහන ආරෝපණය කිරීමේ (EV charging) පහසුකම් ස්ථාපිත කෙරෙනු ඇති බව ලංකා ආයෝජන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
මධ්‍යම පලාත් සෙෘඛ්‍ය අමාත්‍යාංශයට අයත් තෙල්දෙණිය මුලික රෝහලේ ගැබිණි වාටිටුවට ඉහලින් පිහිටි පස් කන්දක කොටසක් වාට්ටු ගොඩනැගි්ල්ලට කඩා වැටීම නිසා රෝහල් වාටිටුවෙි නේවාසිකව පුතිකාර ලබමින් සිටි ගැබිණි මවුවරුන් විසිදෙනෙකු පමණ ඔවුන්ගේ ආරක්ෂාව පතා මහනුවර ජාතික රෝහල වෙත මාරුකර යැවීමට රෝහල් පාලනාධිකාරිය පියවර ගනු ලැබීය. මෙම අනතුරු දායක තත්ත්වය නිසා එම ගැබිණි වාටිටුව තාවකාලිකව වසා දමා ගැබිණි මවුවරුන් මහනුවර ජාතික රෝහලට මාරු කර යැවීමට පියවර ගත්තේ ගැබිණි මවුවරුන්ගේ අරක්ෂාව පිළිබදව අවධානය යොමු කර බව තෙල්දෙණිය රෝහලේ කාර්ය භාර වෛද්‍ය නිලධාරියෙක් පැවසීය. පවතින අනතුරුදායක තත්ත්වය යටතේ රාතීු කාලයට අධික වර්ෂාව ඇතිවුවහොත රෝහල් භුමියේ ඉහළ කොටසේ පස් කන්ද කඩා වැටීමෙි අනතුුරුදායක පවතින බව…
කැප්පෙටිපොළ නගරයේදි වැලිමඩ පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් දෙදෙනකුගේ රාජකාරියට බධා කිරිමේ සිද්ධිය මත අධිකරණය මගහැර සිටි වැලිමඩ ප‍්‍රාදේශිය සභාවේ හිටපු සභාපති නිතිඥවරයකු මගින් වැලිමඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් විමෙන් පසු දෙසැම්බර් 04 වන දින දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගත කිරිමට විනිසුරු පී. ජයසේකර මහතා නියෝග කළේය. මෙසේ අධිකරණය මගින් රිමාන්ඞ් බන්ධනාගාර ගත කරණු ලැබුවේ කැප්පෙටිපොළ නගරයේ පදිංචී වැලිමඩ ප‍්‍රාදේශිය සභාවේ හිටපු සභාපති ඇස්.ඒ. ආර් බන්දුසේන නමැති යන සැකකරුය.