Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ඇල්පිටිය මිරිස්වත්ත ප්‍රදේශයේ පිහිටි පිටවාන් ඇළක තිබි ඉතා අභිරහස් අයුරින් මිය ගොස් තිබූ නාදුන පිරිමි මළසිරුරක් ඊයේ (23) උදේ සොයා ගත් බව ඇල්පිටිය පොලිසිය කියයි. මේ මළ සිරුර සොයා ගන්නා අවස්ථාවේදී එය අදුනා ගැනීමට අපහසු වන ලෙස ඉදිමී නරක්වී තිබූ බව ද පොලීසිය කියයි. මෙය ඝාතනයක් ද නොඑසේනම් සිය දිවි නසා ගැනීමක් ද වෙනත් අනතුරකින් මිය ගියේදැයි යන්න සොයා බැලීමට පරීක්ෂණ කරන බව ද පොලීසිය කියයි. ඇල්පිටිය පොලීසිය මේ සමබන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ප්‍රධාන දේශපාලන පක්ෂ තුනක් ජනතාවගේ මතය දැන ගැනීම සඳහා විවිධ ආකාරයේ සමීක්ෂණ කරවා ගැනීමට සමීක්ෂණ ආයතනවලට රුපියල් කෝටි දාහකට වැඩි මුදලක් පසුගිය කාලයේදී ගෙවා ඇතැයි වාර්තාවේ. ඇතැම් සමීක්ෂණ ආයතන සිය සමීක්ෂණ වාර්තා ඒ ඒ දේශපාලන පක්ෂවලට දැනටමත් ඉදිරිපත් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය ඇතැම් දේශපාලන පක්ෂ නායකයන් කාලාන්තරයක් තිස්සේ සමීක්ෂණ කරවා ගන්නා ආයතන පවතින්නේ යැයි කියති. ඔවුන් නැවතත් සමීක්ෂණ කටයුතු සඳහා බාරදී ඇතැයි පැවසෙන්නේ එම ආයතන වලටය. සමීක්ෂණ ආයතන තුනක් සමීක්ෂණ කටයුතු මේ දිනවල කරගෙන යන බව දැනගන්නට ඇත ජනමතය අනුව ඉදිරි දේශපාලන කටයුතු සැලසුම් කිරීම මෙම සමීක්ෂණවල අරමුණ බව දේශපාලන පක්ෂ නියෝජිතයෝ පිරිසක් පැවසූහ. එසේම තමන්ට වාසි…
පාස්කු ප්‍රහාරය සිදුකළේ කවුරුන්දැයි තමා දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද (23) සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකළ යුතු බවය. “මේක රහසිගතව තියා ගත යුතු කාරණයක් නෙමෙයි. මේක අනිවාර්යයෙන් රටේ ජනතාව දැනගත යුතුයි. මේ රටේ අහිංසක ජනතාවගේ ජීවිත විනාශ වෙලා තියෙන්නේ.”
දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී සිදු වූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 5 දෙනෙකුට දිවි අහිමිවී තිබේ. මෙරොන්තුඩුව, කිරින්ද, පුත්තලම, මාදම්පේ සහ අතුරුගිරිය යන ප්‍රදේශවලදී මෙම මාරක අනතුරු සිදුව ඇති බව පොලිස් මාධ්‍ය අංශය නිවේදනය කළේය. ඊයේ (22) මොරොන්කුඩුව කළුතර – බණ්ඩාරගම මාර්ගයේ දැල්කඩ ප්‍රදේශයේ දී බණ්ඩාරගම දෙස සිට මොරොන්තුඩුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිවය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී සිදුවූ අනතුරකින් තරුණයෙකු මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 19 හැවිරිදි බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ අතර, තිස්සමහාරාමය කිරින්ද මාර්ගයේ විලමුල්ල හන්දිය අසලදී අතුරු මාර්ගයකින් පැමිනි යතුරුපැදියක් එකවැරම ප්‍රධාන මාර්ගයට පිවිසීමේදී පැදිකරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිව යතුරුපැදිය මාර්ග අසල පිහිටි…
රුසියාවේ මොස්කව් අගනුවර රඟහලකට ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරය සඳහා ආයුධ සන්නද්ධ තුවක්කුකරුවන් සිවු දෙනකු පැමිණි බව පොලිසිය කියයි. ප්‍රහාරයෙන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු අතර 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. ප්‍රහාරය එල්ල වූයේ ක්‍රොකස් නගර සභා රඟහලේ රොක් සංගීත ප්‍රසංගයක් ආරම්භ වීමට ඔන්න මෙන්න කියා තිබියදීය. තුවක්කුකරුවන් හිටිහැටියේ රඟහලට කඩා වැදී වෙඩි තැබීමට පටන් ගත් බව සිද්ධිය දුටුවෝ පවසති. එල්ල වුණු ප්‍රහාරයෙන් රඟහලට ගිනි ඇවිලුණු බවත්, රඟහල වහලේ කොටසක් කඩා වැටුණු බවත් වාර්තා වේ. මියගිය සහ තුවාල ලැබූවන් අතරේ කුඩා දරුවෝ ද වෙති. ඉස්ලාමීය ත්‍රස්ත කණ්ඩායමක් ප්‍රහාරය එල්ල කරන්න ඇතැයි සැක කෙරේ. මීට සති දෙකකට පෙර, ඇමෙරිකන් බුද්ධි අංශ කළ…
මේ පවතින අධ්‍යාපන ක්‍රමය තුළ අපේ රටට අනාගතයක් නැහැ .පාසල් අධ්‍යාපනය තුළ තොරතුරු තාක්ෂණ විෂය පළමු ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වාම ඉගැන්විය යුතුයි. රටේ පවතින 10126ක් වන සියලුම පාසල් සුහුරු පාසල් බවට පත් කරන්නට අවශ්‍ය පසුබිම සකස් කරන්න මා සූදානම්” යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ දින හෝමාගම පැවැති උත්සවයකදී ප්‍රකාශ කළේය. හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේ බටහිර හා පෙරදිග තූර්ය වාදක කණ්ඩායම් දෙකෙහි දරුවන් 75 දෙනෙකු සඳහා ඇඳුම් කට්ටල සකසා ගැනීමට අවශ්‍ය රු.827000.00 ක පමණ මුදලක් එම පාසලට පරිත්‍යාග කිරීම වෙනුවෙන් මාර්තු මස 22 වන දා එම පාසලේ දී සංවිධානය වුණු උත්සවයකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ලොව…
“උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ ජාතික වැඩසටහන මෙම ජූනි මාසය වන විට අවසන් කිරීමට නිලධාරීන්ට උපදෙස් දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. කුමන ජන කොටසකට අයත් වූවද සෑම පුරවැසියෙකුගේම සිහිනය ඉඩමක නීත්‍යානුකූල හිමිකම ලබා ගැනීම බව කී ජනාධිතිවරයා එම අයිතිය සියලු දෙනාට හිමි විය යුතු බව තමාගේ ද විශ්වාසය බව අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි යාපනය ඔට්ටගපුලම් ප්‍රදේශයේදී පැවති උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනට ඊයේ (22)සහභාගී වෙමිනි. මිලියන 02ක ජනතාවකට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම සඳහා ක්‍රියාත්මක උරුමය වැඩසටහන යටතේ යාපනය ජනතාව වෙනුවෙන් ඉඩම් ඔප්පු 408ක් ලබාදීම මෙහිදී සිදු වූ අතර ජනාධිපතිවරයා සංකේතාත්මකව ඔප්පු…
පුත්තලම කොට්ටුකච්චිය ගල්කුලම ප්‍රදේශයේදී ඊයේ (22) සවස ලොරි රථයක් හා යතුරු පැදියක් ගැටි සිදුවු මාරක අනතුරකින් තිදරු මවක් මරණයට පත්ව බරපතල තුවාල ලැබු තවත් තිදෙනෙකු පුත්තලම මූලික රෝහලට ඇතුලත් කල බව පුත්තලම මූලස්ථාන පොලිසිය කියයි. අනතුරීන් මරණයට පත්ව ඇත්තේ ආණමඩුව වෙම්බුවැව පදිංචි 43 හැවිරිදි තිදරු මවක් වන ආර්.එම්.කුසුමලතා මල්කාන්ති නැමති කාන්තාවක් බව කියයි. මෙම කාන්තාව පුත්තලම මූලික රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි ඇගේ පියාගෙ සුවදුක් බැලිමට දරුවන් තිදෙනා සමග යතුරු පැදියෙන් ගොස් ආපසු ආණමඩුව වෙම්බුවැව ගම්මානය වෙත ගමන් කරමින් සිටියදී ආණමඩුව දෙසින් පැමිණි පුද්ගලික වෙළද සමාගමක බෙදාහැරිම් කටයුතු වල නිරත ලොරි රථයක ගැටි මාර්ගයෙන් විසිවි ගොස් අනතුර සිදුව තිබු බව පොලිසිය…
පාස්කු ප්‍රහාරය සත්‍ය වශයෙන්ම කළ පුද්ගලයන් දන්නා බවත් අධිකරණය ඉල්ලීමක් හෝ නියෝගයක් කළහොත් ඒ පිළිබඳව ප්‍රකාශ කිරීමට සූදානම් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (22) පැවසීය. එම හෙළිකිරීමේ රහස්‍යභාවය රැකීම එම විනිශ්චකාරතුමන්ලාගේ වගකීමක් බව ද හිටපු මෛත්‍රීපාල සිරිසේන කීය. මහනුවරදී පැවැති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ පැවසීය. ‘පාස්තු දින’ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධව දැන් නඩුවට ඉදිරිපත් කරන්නේ ද සිය පාලන කාලයේ අල්ලපු ත්‍රස්තවාදීන් බවත් ‘පාස්කු දින’ ත්‍රස්ත ප්‍රහාරය සැබෑ ලෙස කළේ කවුද යන්න කිසිවකු මේ දක්වා ප්‍රකාශ කර නොමැති බවත් ඒ මහතා කීය. 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජනාධිපතිවරයා බවට පත්ව හොඳ තැනකට…
තමා අමාත්‍යවරයකු ලෙස සිටියදී විදුලිය ලබා ගැනීම වෙනුවෙන් විදුලි බල මණ්ඩලයට රුපියල් ලක්ෂ විසිතුනක් ගෙවීම පැහැර හැර ඇතැයි විදුලි බල මණ්ඩලයේ රන්ජන් ජයලාල් නමැති සේවකයා අසත්‍ය ප්‍රකාශයක් කිරීමෙන් තමාගේ වරප්‍රසාද කඩවී ඇති හෙයින් ඔහු ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුවට කැඳවා ක්‍රියාමාර්ග ගන්නැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඩබ්ලිව් .ඩී.ජේ සෙනවිරත්න මහතා පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් පැවසීය. ජයලාල් නැමැත්තා තමා විදුලි බල මණ්ඩලයට රුපියල් ලක්ෂ විසි තුනක මුදලක් ගෙවීම පැහැර හැර ඇති බව යූටියුබ් නාලිකාවකට පවසා ඉන් පසු රත්නපුර ප්‍රදේශයේ පැවති රැලියකදී ලක්ෂ දහඅටක් ගෙවීම පැහැර හැර ඇති බවට පරස්පර විරෝධී ප්‍රකාශ කරමින් තමාගේ කීර්ති නාමයට හානි කර තිබූ බවද ඔහු සඳහන්…
