Author: LANKA24X7

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝප් කමිටුව) සමගි ජන බලවේගය පක්ෂයෙන් කිසිවෙකු හෝ නම් නොකරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. රෝහිත අබේගුණවර්ධන මහතා එම කමිටුවේ මුල් පුටුවේ සිටින තුරු තම පක්‍ෂයෙන් සාමාජිකයන් නම් නොකරන බව ඔහු සඳහන් කළේය.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් තමා දන්නා බවට මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දා මහනුවර ප්‍රදේශයේදී ප්‍රකාශයක් සිදුකර තිබිණි. අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබිණි. ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අද පෙරවරු 10.30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි.

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම යටතේ තවත් අපරාධ කල්ලි සාමාජිකයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මිනුවන්ගොඩ පන්සිලුපුර ප්‍රදේශයේ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමක දී විදේශ රටක නිෂ්පාදිත අත්බෝම්බයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය. අත්අඩංගුවට ගත් සැකකරු පසුගිය පෙබරවාරි මස 16වන දා මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශයේ දී යතුරු පැදියකින් පැමිණ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ යතුරු පැදියේ පැදිකරු බවට අනාරවරණය වී තිබේ. මේ අතර කෙසෙල්වත්ත, සෙබස්තියන් පාර ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමක දී තවත් අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය. සැකකරු සතුව තිබී කඩු 05ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම්…

Read More

සුරාබදු දෙපාර්තමේන්තුව පසුගිය වර්ෂයේ පෙබරවාරි මාසයට සාපේක්ෂව මෙම වර්ෂයේ දී සුරාබදු ආදායම සියයට 38.5කින් වර්ධනය වී ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා පවසයි. මත්පැන් වල මිල වැඩිවීම හේතුවෙන් පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසයේ දී මත්පැන් නිෂ්පාදනය ලීටර් 657,000ක් පමණ අඩුවී ඇති බවයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙයි. එළඹෙන අවුරුදු සමයේ දී නීතිවිරෝධී මත්පැන් පිළිබඳව වැටලීම් සිදුකිරීමට සඳහා දිවයින පුරා විශේෂ කණ්ඩායම් ද යොදාවා ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා පැවසුවේය.

Read More

දිවයිනේ සියලු‍ම පාසල්වල ප්‍රාථමික ‍ශ්‍රේණිවල දරුවන්ට අද (25) සිට පාසලේ දී ප්‍රධාන ආහාර වේලක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ද පෝෂණවේදීන්ගේ නිර්දේශසැලකිල්ලට ගෙන සිසුන් අධ්‍යාපන කටයුතුවල නිරත වීමට පෙර පෙරවරු 7.30ත් 8.30ත් අතර කාලය තුළ මෙම උදෑසන ආහාර වේල ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි. ක්‍රියාශීලී දරු පරපුරක් යන තේමාව යටතේ මෙවර 2024 වර්ෂය සඳහා ක්‍රියාත්මක පාසල් ආහාර වැඩ සටහන මගින් පාසල් සිසුන් අතර පෝෂණ ගැටලු‍ අවම කිරීම, සිසුන්ගේ දෛනික පාසල් පැමිණීම වර්ධනය කිරීම, යහපත් ආහාර පුරුදු හා සෞඛ්‍ය පුරුදු වර්ධනය කිරීම, අධ්‍යාපන සාධන මට්ටම් වර්ධනය සඳහා දායක වීම සහ දේශීය ආහාර සංස්කෘතිය ගොඩනැගීම යන මූලික අරමුණු හතර…

Read More

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයට ප්‍රවේශ කරන අවස්ථාවේදීම එහි අනතුරක් ඇති බව නෞකාවේ කපිතාන්වරයා දැන දැනම ඒ බව වසන් කරමින් නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයට ප්‍රවේශ කර ඇති බවත් ලෝකයේ සිදුවු බිහිසුණුම මෙම නාවික අනතුරෙන් නෞකාවේ පටවා තිබූ මෙට්‍රික් ටොන් 28.7 ක නයි‍‍‍ට්‍රික් අම්ල ගිනිගෙන සාගර කලාපයට එකතු වී ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතාට පෙන්වා දුන්නේය. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා වෙරළේ ගිනි ගැනීමෙන් හානිකර ද්‍රව්‍ය දේශීය ජල තීරයට මුසු කරන ලද බවට නීතීපතිවරයා තමන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනා සියල්ලටම තමන් නිවැරැදිකරුවන් බව නෞකාවේ කපිතාන්වරයා සහ දේශීය නියෝජිතයන්…

Read More

ආනයනික කිරිපිටි මිල ඊයේ (24) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කරන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්‍ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ඊයේ (24) පස්වරුවේ පැවසීය. ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 150 කින් සහ ග්‍රෑම් 400 ක් රුපියල් 60 කින් අඩු කරන බව ද අමාත්‍යවරයා කීය.

Read More

සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිලාත්හිදී පැවැත්වෙන පළමු තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (24) ක්‍රීඩාව අවසන් කරන විට බංග්ලාදේශ පිල දෙවැනි ඉනිමේදී කඩුලු පහක් දැවී ලකුණු 47 ක් පමණක් රැස්කර අමාරුවේ වැටී සිටියේය. කඩුලු 5 ක් පමණක් අතැතිව ලකුණු 464 ක් පසු පසින් සිටින සත්කාරක බංග්ලාදේශය පරාජයෙන් ගැලවීමට නම් දින දෙකක් ඉතිරි කඩුලු පහ ආරක්‍ෂා කරගත යුතුය. තරගයේ දෙවැනි දිනය අවසන් වන විට දෙවැනි ඉනිමේ කඩුලු 5 ක් දැවී 119 ක් රැස්කර සිටි ශ්‍රී ලංකා පිල ලකුණු 418 ක් රැස්කිරීමට සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකා පිල ලකුණු 510 ක වාසියක්…

Read More

නවීන වෛද්‍ය සේවාවන්ට ගැලපෙන පරිදි නව තාක්ෂණය සමඟ අනුගත වෙමින් මෙරට සෞඛ්‍ය සේවාව තුළ සිදු කළ යුතු නව පරිවර්තනයන් පිළිබඳ පුළුල් සංවාදයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සමඟ පැවති හමුවකදීය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කළ “නායකත්වය සහ නිපුණතා සංවර්ධන” දෛදින වැඩමුළුවක් පෙළොන්නරුව සුදු අරලිය හෝටලයේ දී ආරම්භ වූ අතර එහි පැවති වෙනත් නිල වැඩසටහනකට සහභාගීවීමට පැමිණි සිටි ජනාධිපතිවරයා මුණ ගැසුණු අවස්ථාවේ දී තම වැඩමුළුව පැවැත්වෙන ස්ථානයට ද කෙටි වේලාවකට හෝ පැමිණෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් හදිසි ඇරයුමක් ලැබිණි එම හදිසි…

Read More

රක්ෂිත ප්‍රදේශයන්හි නීති විරෝධීව තේක්ක දැව කඳන් කපා ටිපර් රථවලින් ප්‍රවාහනය කළ පුද්ගලයින් සිව්දෙනකු වවුනියාව නගරය ආසන්නයේදී අත්අඩංගුවටගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. වැලි ප්‍රවාහනය කරන මුවාවෙන් රහසිගත ලෙස සිදුකෙරෙන දැව ජාවාරමක් සම්බන්ධයෙන් පුලියංකුලම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර වෙත ලැබුණ තොරතුරක් මත සිදුකළ විශේෂ වැටලීමකදී ටිපර් රථ දෙකක් තුල රැගෙන යමින් තිබූ තේක්ක දැව කඳන් 40 ක් සමඟ සැකකරුවන් අත්අඩංගුවටගත් බව විශේෂ කාර්ය බලකාය පැවසීය. අත්අඩංගුවටගත් තේක්ක දැව කඳන් තොගයේ වටිනාකම රුපියල් මිලියනයකට අධික වන අතර වවුනියාව ප්‍රදේශයේ දැව මඩු සඳහා සැකකරුවන් තේක්ක දැව කඳන් රැගෙනයමින් තිබූ බවට අනාවරණයවූ බවත් සඳහන් කළේය.

Read More