Author: LANKA24X7

හිටපු ක්‍රිකට් නායක ලසිත් මාලිංග සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබා පවසා සිටියේ එක්දින ලෝක කුසලානය පවතින අවස්ථාවක කණ්ඩායමේ නායකත්වය වෙනස් කිරීම හොඳ තීරණයක් නොවෙනු ඇති බවයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ දුශ්කරම පරිච්ජේදයකදී දසුන් නායකත්වයේ වගකීම භාර ගත් බවත් සාමූහික ප්‍රවේශය සමඟ ජාතික කණ්ඩායමට ස්ථාවරත්වය සහ ගෞරවය ගෙන ඒමට ඔහු සමත් වූ බවත් ය. 2023 එක්දින ලෝක කුසලානය සඳහාද ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ඇති බව සියලු දෙනාම අපේක්ෂා කරන බවයි ලසිත් මාලිංග ප්‍රකාශ කළේ. එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ සාර්ථක ලෝක කුසලාන තරගාවලියක් වෙනුවෙන් දස්සාට හා කණ්ඩායමට සහාය දෙන බවයි.

Read More

අවිස්සාවේල්ල ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. අවිස්සාවේල තල්දූවේදී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි සිව් දෙනෙකු ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ. යතුරුපැදියකින් පැමිණි ප්‍රහාරකයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකොට ඇති බව සඳහන්. ඉන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර අනෙක් තිදෙනා තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වෙන්නේ.

Read More

අද (21) බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read More

නිවෙසට අලුතින් හදාවඩා ගැනීමට ගන්නා බල්ලන්,පූසන් වැනි සුරතලුන් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය මහජනතාවට දැනුවත් කිරීමක් සිදුකොට තිබෙනවා. එනම් සතුන් දින දාහතරක් යනතුරු තම සමීපයට නොගන්නා ලෙසටයි. සැප්තැම්බර් මස 28 වැනිදා ජලභීතිකා දිනයට සමගාමීව ඊයේ (20 දා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් වෛද්‍යවරු මේ බව පවසා සිටියා. සුනඛයින් නොවන සතුන්ගේ සපා කෑම්වලින් ජලභීතිකාවට ගොදුරුව මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව පසුගිය වසර කිහිපය තුළ ඉහළ ගොස් ඇති බවද සෞඛ්‍ය අංශ පවසනවා.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර මෙරට ආර්ථික ගැටලු විසදීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. මෙහිදී සාකච්ඡා කෙරෙනුයේ ශ්‍රී ලංකාවේ ආර්ථික ගැටලු විසඳීම සම්බන්ධයෙන් බවයි වාර්තා වන්නේ. එහිදී, ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ සිදුවෙමින් පවතින ප්‍රතිසංස්කරණ සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නවල සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීම පිළිබඳව ද අවධානය යොමු කෙරුණ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

Read More

ජාත්‍යන්තර සාම දිනයට සමගාමීව සංහිඳියාවට බාධාවන සිදුවීම් වන අවස්ථාවල ජංගම දුරකථන හරහා පූර්ව අනතුරු ඇගවීමේ පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලය පවසයි. ග්‍රාමීය මට්ටමින් සාමය හා සංහිඳියාව ඇති කරලීම සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් මත දිවයිනේ සියලුම ග්‍රාම සේවා වසම් ආවරණය වන පරිදි මෙම ග්‍රාමීය සංහිඳියා කමිටු පිහිටුවීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වනු ඇති. ග්‍රාමීය මට්ටමේ සංහිඳියා කමිටු 14,022 ක 350,000 ට අධික සාමාජික සාමාජිකාවන්ගෙන් සැදුම්ලත් දත්ත ප්‍රේෂණ ජාලයක් සහිතව නිර්මාණය කරන ලද මෙම වැඩසටහන ජංගම දුරකථන යෙදවුමක් මගින් බලගන්වා තිබේ. ජාතික සමගියට…

Read More

ලංකා සතොස ආයතනය මඟින් මහජනතාව ලබාදෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩුකර තිබේ. ඒ අනුව පහත සඳහන් භාණ්ඩ දිවයින පුරා ඇති සතොස අලෙවිසැල් මඟින් පාරිභෝගිකයින්ට ලබාගත හැකිය. මිල පහළ දැමීම අද (20) සිට ක්‍රියාත්මක වේ. * සොයා මීට් කිලෝවක් රුපියල් 45කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 580කි. *දේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 40කින් පහළ දමා ඇති අතර නව මිල රු 290කි. *හාල්මැස්සෝ කිලෝවක් රුපියල් 30කින් පහළ දමා ඇති අතර නව මිල රු 1,100කි. *සුදුළූනු කිලෝවක් රුපියල් 30කින් පහළ දමා ඇති අතර, නව මිල රු 620කි. *ලොකුළූනු කිලෝවක් රුපියල් 15කින් පහළ දමා ඇති අතර, නව මිල රුපියල් 195කි. *රතු…

Read More

විශ්‍රාමික යුද හමුදා සෙබළියක් සංචාරක වීසා මත ඩුබායි රාජ්‍ය වෙත යවා ගණිකා වෘත්තිය සඳහා යොමු කිරීමට උත්සාහ කළ ජාවාරම්කාර කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය විසිනි. අදාළ සෙබළිය අවස්ථා දෙකකදී ගණිකා මඩම් වෙත යොමුකර ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත. අනුරාධපුරයේ පදිංචි විශ්‍රාමික යුද හමුදා සෙබළියක් පසුගිය වසරේ ජුනි මසයේදී තමන් සතු රත්‍රං භාණ්ඩ සහ ත්‍රීරෝද රථය ඇතුළු භාණ්ඩ තොගයක් උකස් තබා ලබාගත් රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබාදී ඩුබායි රාජ්‍ය වෙත ගොස් තිබුණි. ඒ, තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් හරහා සංචාරක වීසා මතය. ඒ අනුව, නීතිවිරෝධී අයුරින් විදෙස්ගතවූ අදාළ කාන්තාව ඩුබායි…

Read More

කුච්චවේලි මදුරන්කුඩා කලපු ප්‍රදේශයේදී දියේ ගිලී තරුණයෙකු මියගොස් තිබේ. ඊයේ (19) දහවල් කුච්චවේලි පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත. මියගොස් ඇත්තේ අවුරුදු 19ක් වූ මදුරන්කුඩා ,සෙන්දූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මදුරන්කුඩා කලපු ප්‍රදේශයේ මසුන් ඇල්ලීම සඳහා ගොස් සිටියදී ඔරුව පෙරළීම හේතුවෙන් මරණය සිදුව ඇති බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධව කුච්චවේලි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

වේල්සයේ කුමරිය ඩයනාට අයත් ව තිබූ, බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ රසිකයින් අතර සුප්‍රසිද්ධ සුදු පැහැ බැටළුවන් සිටින රතු පැහැ කබාය ඩොලර් මිලියන 1.1ක මුදලකට වෙන්දේසි වී තිබේ. එය වෙන්දේසි කෙරුණේ සොතබීස් වෙන්දේසි සමාගමේ නිව්යෝර්ක් ප්‍රදර්ශනාගාරයේ දී ය.‍ මෙලෙස වෙන්දේසි කෙරුණේ ඩයනා කුමරියට අයත් ව තිබූ බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ රසිකයින් අතර සුප්‍රසිද්ධ කබායකි. සොතබීස් සමාගම අපේක්ෂා කළේ එය ඩොලර් 50,000ත් 80,000ත් අතර මුදලකට අලෙවි වනු ඇති බවය. මෙම කබාය මසා නිම කර ඇත්තේ රතු පැහැ කබාය මත සුදු බැහැ බැටළුවන් සිටින අයුරු දිස් වන ආකාරය ට ය. එහි එක් තැනක කළු පැහැ බැටළුවෙක් ද දැක ගත හැකිවේ. ඒ අනුව මෙම කබාය ප්‍රසිද්ධව…

Read More