Author: LANKA24X7

ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඥාතීන් දෙපිරිසක් අතර පුසගිය (8) ඇතිවූ බහින්බස්වීමකදී සැකකාර පාර්ශවයේ පුද්ගලයන් දෙදෙනකු විසින් කඩුවකින් සහ පොල්ලකින් කළ පහරදීමකින් එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව හික්කඩුව පොලිසිය පවසයි. තුවාල ලැබූ සහෝදරයන් දෙදෙනා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරුවන් එල්ල කළ කඩුපහරින් එක් සහෝදරයකුගේ අතෙහි ඇඟිලි තුනකට සැත්කම් සිදුකර ඇති බව පොලිසිය පවසයි. මාස කීපයක් සිට ඉදිකිරීමක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි ලැබී තිබූ අතර පසුගිය (8) නැවත දෙපිරිස අතර ආරවුලක් හටගෙන තිබුණි. එහිදී සැකකාර පාර්ශවයේ පුද්ගලයන් විසින් පැමිණිකාර පාර්ශවයේ සහෝදරයන් දෙදෙනකුට කඩුවකින් සහ පොල්ලකින් පහරදී තුවාල සිදුකර පලාගොස් තිබූ බව පොලිසිය කියයි. හික්කඩුව පොලිසියට…

Read More

දරුවන් 16000කට ආසන්න ප්‍රමාණයක් උග්‍ර මන්ද පෝෂණයෙන් පීඩා විඳින බව ළමා මන්ද පෝෂණ තත්වය පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාවේ සඳහන්වේ. රටේ පවුල්වලින් හතරෙන් එකක් අසල්වාසීන්ගෙන් ලැබෙන ආහාරවලින් ජීවත්වන බවද එහි දැක්වේ. පසුගිය වර්ෂයේ මාර්තු මාසයේ පැවැති ආහාර අනාරක්ෂිත නිවෙස් (කුටුම්භ) සියයට 17 ක ප්‍රමාණයට සාපේක්ෂව එම වර්ෂයේ තුන්වැනි කාර්තුවේදී එය සියයට 24 ක් දක්වා ඉහළ ගොස් තිබූ බවද එම වාර්තාවේ දැක්වේ. සමස්ත පවුල්වලින් තුනෙන් එකක් ආහාර පිසීමේ වාර ගණන අඩුකර හෝ ඔවුන්ගේ පරිභෝජනය සීමා කර ඇති බවද එහි සඳහන් වේ.

Read More

වීසා ගැටලුවට අධිකරණ විසදුමක් ලැබෙන තෙක් දිවයිනට පැමිණි පසු (ඔන් අරයිවල්) වීසා නිකුත් කිරීමේ ක්‍රමය ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවැසීය. ඒ සදහා ගුවන් තොටුපොළේ වීසා කවුන්ටර් 12 ක් වැඩි කර ඇති බව අලස් පැවසීය. ඇමතිවරයා මේ බව පැවැසූවේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකදීය. ගුවන් යානා කිහිපයක් එකවර පැමිණීමේදී වීසා නිකුත් කරනු ලබන කවුන්ටර්වල පෝලිම් ඇතිවන අතර මෙම තත්ත්වය අවම කරගැනීම සදහා පවතින කවුටර්වලට අමතරව නව කවුන්ටර් 12 ක් ස්ථාපිත කළ බවත් ඇමතිවරයා කීවේය. වී.එෆ්.එස් ග්ලෝබල් සමාගම මගින් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය අධිකරණය විසින් වාරණය කිරීම හේතුවෙන් විදේශිකයන් දිවයිනට පැමිණීමෙන් පසු දින 30…

Read More

දිවයිනේ සියලුම පාසල් ජනාධිපතිවරණයට පෙර දින එනම් මේ මස 20 වැනිදා වසා තබන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි. ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා සියලුම පාසල් මේ මස 19 වැනිදා පාසල් පැවැත්වෙන වේලාවෙන් පසුව අවශ්‍යතාව පරිදි ග්‍රාම නිලධාරීන් වෙත භාරදිය යුතු බව ද අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වේ. මෙවර ජනාධිපතිවරණය මෙම මස 21 වැනිදා පැවැත්වේ.

Read More

වී අලෙවි මණ්ඩලය වී මිල දී ගැනීම ආරම්භ කිරීමත් සමග වෙළෙඳපොළේ වී මිල ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. රජය විසින් මෙවර යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට රුපියල් මිලියන 6000ක මුදලක් ලබා දීමට තීරණය කරනු ලැබූ අතර එහි පළමු අදියර වශයෙන් රුපියල් මිලියන 500ක් වී අලෙවි මණ්ඩලයට ලබා දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි. ගොවීන්ගෙන් වී මිල දී ගැනීම සඳහා ගබඩා 36කට ආසන්න ප්‍රමාණයක් විවෘත කර තිබෙන නමුත් මෙතෙක් වී අලෙවි මණ්ඩලයට ගොවීන් විසින් අලෙවි කර තිබෙන්නේ වී මෙට්‍රික් ටොන් ලක්ෂයක් තරම් සුළු ප්‍රමාණයක් බව එම මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පවසයි. කෙසේ වුවද වී…

Read More

මෙවර ජනාධිපතිවරණයට තරගකරන අපේක්ෂකයින් හා ඔවුන්ගේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (09) පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඉදිරි මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් එහිදි සාකච්ඡා කිරීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසුවේය. එමෙන්ම අද පස්වරුවේ මැතිවරණ නිරික්ෂකයින් සමග ද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ඔහු සදහන් කළේය. 2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙයි.

Read More

වසරේ ගත වූ මාස කිහිපය තුළ සිදුකළ වැටලීම්වලදී මුහුදු මාර්ගය ඔස්සේ රැගෙන ආ රුපියල් මිලියන 15,000කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය සිය භාරයට ගෙන ඇති බව නාවික හමුදාව පවසයි. ජනවාරි පළමු වනදා සිට ඊයේ (08) දක්වා සිදුකළ වැටලීම්වලින් රුපියල් මිලියන 15,491ක වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය සිය භාරයට ගත් බව නාවික හමුදාව පැවසීය. හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 385කට ආසන්න තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබුණි. එහි වටිනාකම රුපියල් මිලියන 9,631ක් බව වාර්තා විය. එමෙන්ම රුපියල් මිලියන 4,860ක වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 511කට ආසන්න තොගයක් ද නාවික හමුදා භාරයට ගෙන තිබුණි. ඊට අමතරව කේරළ ගංජා, හෂීස්, මත්පෙති ඇතුළු මත්ද්‍රව්‍ය ද එම කාලය තුළ නාවික…

Read More

දුම්රිය ස්ථානාධිපතිවරයකු සහ දුම්රිය සහායකවරයකු අයිස් මත්ද්‍රව්‍ය තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය කියයි. එම සැකකරුවන් සමග රුපියල් ලක්ෂ 20 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 250 මිලිගෑම් 320 ක් මෙන්ම ප්‍රවාහනයට යොදා ගත් යතුරුපැදිය ද පොලිස් බාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 29 හා 30 අතර පසුවන ගම්පහ මුදුන්ගොඩ සහ මීගමුව දෙමන්හන්දිය පදිංචිකරුවන්ය.

Read More

උල්හිටිය රත්කිද ජලාශයේ පිටවානේ ගේට්ටු හයක් අද (9) අලුයම විවෘත කල බව උල්හිටිය රත්කිද ජලාශය භාර නිළධාරි දීප්ත ජයසේකර මහතා පවසයි . ජලාශයේ හදිසි නඩත්තු කටයුත්තක් සදහා මෙසේ උල්හිටිය රත්කිද ජලාශයේ පිටවානේ ගේට්ටු විවෘත කල බව පවසන දීප්ත ජයසේකර මහතා ජනතාවට කල්පනාකාරීව සිටින ලෙසට දැනුම් දෙයි. නමුත් ගිරාදුරුකෝට්ට රත්කිද මාර්ගයේ රත්කිද කෝසුව හරහා ගමන් කිරීමට මින් බලපෑමක් ඇති නොවන බවද උල්හිටිය රත්කිද ජලාශ භාර නිළධාරි දීප්ත ජයසේකර මහතා වැඩිදුරටත් සදහන් කළේය .

Read More

තව දින කීපයකින් පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා විවිධ අපේක්ෂකයන් ජනාධිපති වන බව ඉලක්ක කරගෙන මුදල් සහ දේපළ ඔට්ටු ඇල්ලීමේ ප්‍රවණතාවයක් මෙවර හටගෙන ඇත. පොලිස් දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් ද මෙම මාසයට ලැබෙන සිය ගමන් වියදම් දීමනාවද විවිධ අපේක්ෂකයන් ජනාධිපති වන බව පවසා ඔට්ටු ඇල්ලීමට ඉතා රහසිගතව උනන්දුවක් ඇති වී තිබෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල, පානදුර බණ්ඩාරගම අටලුගම හා, කොළඹ දිස්ත්‍රික්කයේ කහතුඩුව, කැස්බෑව හා පිළියන්දල ආදී ප්‍රදේශවලින් මෙම මුදල් ඔට්ටු මෙන්ම ත්‍රී රෝද රථ හා මෝටර් රථ ඔට්ටු ඇල්ලීමේ ප්‍රවණතාවය හටගෙන ඇතැයි දැනගන්නට ඇත

Read More