Author: LANKA24X7

හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත පූජාපිටිය පොලිසියේ රඳවා සිටි සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවෙන් මිදී පලායාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි. මෙලෙස පලා ගොස් ඇත්තේ පූජාපිටිය බටගල්ල ප්‍රදේශයේ පදිංචි (27) හැවිරිදි සැකකරුවෙකි. මෙම සැකකරු ඉකුත් 26 දින හෙරොයින් මිලි ග්‍රෑම් 3000 ක් සන්තකයේ තබාගෙන සිටීමේ වරදට පූජාපිටිය පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝජ්‍ය ලබාගෙන පොලිස් ස්ථානයේ රඳවාගෙන සිට ඇති බව පොලිසිය පවසයි. සැකකරු රඳවා සිටි සිරමැදිරියේ ජල පහසුකම් නොමැති බැවින් ඔහුට ස්නානය කිරීම සඳහා පොලිස් පරීක්ෂකවරයා ඊයේ (31) පස්වරුවේ ඔහු පොලිසිය පිටුපසට රැගෙන යන ලෙසට පොලිස් කොස්තාපල්වරයාට දැනුම් දී…

Read More

තිස්සමහාරාම ප්‍රදේශයේ පොලීසිය සිදුකළ වැටලීමක් අතරතුරදී ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. මෙලෙස තුවාල ලබා ඇත්තේ 28 හැවිරිදි වියේ පසුවන තරුණයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිතීඥ නිහාල් තල්දූව මහතා පවසයි. ඊයේ රාත්‍රී 12ත් 1ත් අතර තිස්සමහාරාම පොලීසියට ලද තොරතුරකට අනුව එම ප්‍රදේශයේ සූදුපොළක් වැටලීම සඳහා තිදෙනෙකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් පිටත්ව ගොස් තිබේ. පොලීසිය එහි ළඟාවීමත් සමඟ එම සූදුපොළේ සිටි පිරිස් පළාගොස් ඇති බව පොලීසිය පවසයි. ඔවුන් අත්අඩංගුවට යාමේදී පොලිස් සැරයන්වරයෙකු සහ වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා අතර පොරබැදීමක් සිදුව ඇති බව පොලීසිය පවසයි. එහිදී ගිනි අවිය ක්‍රියාත්මකවීමෙන් තුවාල ලැබූ 28 හැවිරිදි තරුණයා ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට ඇතුළත්…

Read More

පාස්කු දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ ඉතිහාසයේ දරුණුතම ආර්ථික අභියෝගය හමුවේ රටක් ලෙස අප සියලුදෙනා මහත් පීඩාවකට පත් වුව ද දරාගත හැකි ජාතියක් ලෙස ඒ උත්ථානයේ ගමනේ ආශිර්වාදයත් සමගින් අප නැවත නැගී සිටිය යුතු බවය. බහුවාර්ගික සමාජයක් ලෙස ජීවත්වන අප, අද රට ඉදිරියේ ඇති අභියෝග ජය ගැනීම වෙනුවෙන් එකමුතුව කටයුතු කිරිම අත්‍යවශ්‍ය බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. ශ්‍රී ලාංකිකයන් ලෙස අපගේ එකමුතුකම සහ සංහිඳියාව ප්‍රවර්ධනය කළ යුතු අතර ඊට කැලලක් ඇතිකරන කිසිදු ආකාරයේ කුමන්ත්‍රණයකට හසු නොවී බුද්ධිමත්ව රටේ ආරක්ෂාව, සාමය සහ සංවර්ධනය වෙනුවෙන් කැපවීම සියලුදෙනාගේ යුතුකම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

‍ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ආනයනය කරනු ලබන භාණ්ඩ රැසක වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද හෙවත් “පැල්” අඩු කිරීමට රජය පියවර ගෙන තිබේ. මාර්තු මස 29 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 10ක් වූ පැල් බද්ද සියයට 6 දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය. ඒ අනුව‍ ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ආනයනය කරනු ලබන සිමෙන්ති, ඇපල් ඇතුළු පලතුරු වර්ග කිහිපයක්, සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අනුමත කරන ලද කිරි ආහාර හැර අනෙකුත් ළදරු ආහාර සඳහා අයකළ අදාළ බද්ද සියයට 6 දක්වා අඩු කර තිබේ. ඊට අමතරව පාසල්…

Read More

බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් බාල සහෝදරයා විසින් තියුණු ආයුධයකින් පහරදී තම වැඩිමහල් සහෝදරයා ව ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ රුවන්වැල්ල, කුඩගම ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රී කාලයේදී එම සිදුවීම වාර්තා වූ බවය. එසේ මියගොස් ඇත්තේ, කුඩගම, අමිතිරිගල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි. මරණකරු නිවස අවට පිරිසිදු කරමින් සිටියදී ඔහුගේ බාල සහෝදරයා පැමිණ ඇති අතර එහිදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් බාල සහෝදරයා විසින් තියුණු ආයුධයකින් ගෙල කපා එම ඝාතනය සිදුකර ඇති බව අනාවරණ වී තිබේ. ඝාතනයට සම්බන්ධ 40 හැවිරිදි සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර රුවන්වැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

අප්‍රේල් 8 වැනිදා පූර්ණ සූර්ය ග්‍රහණයක් සිදුවෙයි. මෙම සූර්ය ග්‍රහණය හොඳින්ම දකින්න ලැබෙන්නේ උතුරු ඇමෙරිකාවට පමණක් බව ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි. සූර්ය ග්‍රහණයක් ඇතිවන්නේ, සූර්යයාගේ කොටසක් හෝ සූර්යයා සම්පූර්ණයෙන්ම හෝ වැසී යන පරිද්දෙන් සූර්යයා සහ පෘථිවිය අතරින් සඳ ගමන් කරද්දීය. පූර්ණ සූර්ය ග්‍රහණයක් දකින්න ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. උතුරු ඇමෙරිකානුවන්ට මින් පසු මෙවැනි පූර්ණ සූර්ය ග්‍රහණයක් දකින්න ලැබෙනු ඇත්තේ 2044 දී යැයි නාසා කියයි.

Read More

දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති ජේකොබ් සූමා රිය අනතුරකට ලක්විය. බීමත් රියදුරකු ධාවනය කරන්න වූ මෝටර් රථයක් හිටපු ජනාධිපතිවරයාගේ මෝටර් රථයේ ගැටීමෙන් අනතුර සිදුවුණු බව පොලිසිය කියයි. කෙසේ නමුත් සූමාට කිසිදු අනතුරක් සිදුවී නැත. මෙම අනතුරක් නැතිනම්, සූමාට අනතුරක් කිරීමට හිතාමතා සැලැසුම් කළ ක්‍රියාවක් ද යන්න සම්බන්ධයෙන් සැකයක් ඇතැයි සූමාගේ එම්.කේ පක්ෂය පවසයි. 2009 වසරේ සිට 2018 වසර දක්වා දකුණු අප්‍රිකානු ජනාධිපති ධුරයේ කටයුතු කළ 81 හැවිරිදි ජේකොබ් සූමා, ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට සැලසුම් කර තිබුණ ද ඔහුට ඒ සඳහා ඉදිරිපත් විය නොහැකි බවට එරට මැතිවරණ කොමිසම නිවේදනය කර ඇත.

Read More

ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිෂන් සභාව සියලු කටයුතු සූදානම් කර ඇතැයි එහි සභාපති ආර්.එම්ඒ එල් රත්නායක මහතා මාධ්‍යට පැවසීය. ජනාධිපතිවරණය මේ වසර අග ස්ථිරයින්ම පැවැත්විය යුතු බවද හෙතෙම සඳහන් කළේය. ජනාධිපතිවරණය සඳහා රුපියල් කෝටි 1000 ක් දැනටමත් වෙන් කර ඇතැයි පැවසූ සභාපතිවරයා වියදම් අනුව තවත් මුදල් පසුව ලබාගත හැකි වනු ඇතැයිද ප්‍රකාශ කළේය. මේ අතර ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය කෙරෙන ලිපි ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මිලදී ගැනීමටද කොමිසම කටයුතු කරමින් සිටී. ජනාධිපතිවරණය මුලින්ම පවත්වන බවට ජනාධිපතිවරයාද පසුගියදා ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුන් ඊට නොකැමැත්ත පළකර ඇතැයි වාර්තාවේ

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගෙන තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු අවසන් වන තෙක් කිසිදු මැතිවරණයක් පැවැත්වීමට අවස්ථාවක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇමති මණ්ඩලය හා මැතිවරණ කොමිසම දැනුම්වත් කර තිබේ. රට ආර්ථික වශයෙන් ඉදිරියට යාමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එක්ව කරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉතා වැදගත් බැවින් ප්‍රමුඛතාවය දිය යුත්තේ එම වැඩසටහනට බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත. අමාත්‍ය මණ්ඩලය සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් වෙන වෙනම හමුවූ අවස්ථා වලදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ජූලි මාසයේ අග වන තෙක් ක්‍රියාත්මක බැවින් ඊට පෙර කිසිදු මැතිවරණයක් නොපවැත්වෙනු ඇතැයි ද ජනාධිපතිවරයා කියා ඇත.…

Read More

ජනාධිපතිවරණය ආසන්නයේ නැවත ආගම් හා ජාති භේද ඇතිවිය හැකි බවත් 2015 න් පසු විවිධ පාර්ශව බලය ලබාගැනීම සඳහා සමාජය භේද කිරීමට පියවර ගෙන තිබේ බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ඒ අතර මුස්ලිම් සිංහල ජාති අතර අවිශ්වාසය වර්ධනය කර බෞද්ධ ඉස්ලාම් මත ගැටුමක් ද ඇති කිරීමට පියවර ගත් බව කී රණවක මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත්වීමෙන් පසු මෙම ගැටලුකාරී බලවේග ආරම්භ වූ බව ද ඒ මහතා සදහන් කළේය. ඉදිරි ජනාධිපතිවරණය ආසන්නයේ දී නැවතත් එවැනි විනාශකාරී බලවේග ක්‍රියාත්මක විය හැකි බවත් එවැනි ජාති ආගම් භේද මතුකිරීම පාලනයේ වගකීම වර්තමාන ජනපතිට සහ ආරක්ෂක…

Read More