Author: LANKA24X7

අද (22) දිනයේ නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සම අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශශ පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

ප්‍රකාශයට පත් කර ඇති පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බාධා නොකර, ඊට අවශ්‍ය සියලු පහසුකම් සපයාදීමට කටයුතු කරන්නැයි ,ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයෙන් සහ අදාළ සියලු රාජ්‍ය ආයතනයන්හි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පවසති. ඡන්දය කල් දැමීමට හේතුව රජය කෙරෙහි නැගී එන ජනතා අප්‍රසාදය නම් එයට මුහුණදීමට හා ඒ ප්‍රතිඵල අනුව වෙනස්වීමට ඔවුන් නිහතමානී විය යුතු බවද කාදිනල්තුමෝ සඳහන් කරති. එමෙන්ම තමන් පරාජයට බිය බියගුල්ලන් කොටසක් ලෙස ඉතිහාසගතවීම වළකාගැනීමට තරම් බුද්ධියක් අප රටේ නායකයන් සතුව ඇතැයි තමන් සිතන බව ද අගරදගුරුතුමන් සඳහන් කර ඇත්තේ විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි. කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් අගරදගුරුමැදුරේ දී අද…

Read More

ජා ඇළ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිනී චමාලි පෙරේරා මහත්මිය වෙනුවට එම තනතුරට වෙනත් අයකු පත්කිරීම වළක්වාලමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර ට එරෙහිව කොළඹ දිසා අධිකරණයෙන් අද (21) අතුරු තහනම් නියෝගයක් ලබාදුන්නේය. කිසිදු විනය ක්‍රියාමාර්ගයකින් තොරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනිව අයුක්ති සහගත ආකාරයට තමන්ගේ මන්ත්‍රී ධුරය ඉවත් කිරීමට කටයුතු කොට ඒ වෙනුවට වෙනත් පුද්ගලයකු පත්කිරීමට සූදානම් වන බවටත් පෙත්සම්කාරිය සිය පෙත්සම මගින් දන්වා තිබේ. පෙත්සම්කරු වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගමගේ මහත්මිය විසින් මාර්තු තුන්වන දින දක්වා මෙම අතුරු තහනම් නියෝගය…

Read More

පළාත් පාලන මැතිවරණය මාර්තු මස 09 වනදා පැවැත්වීමට හැකියාවක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබුණ ද ඇප මුදල් නැවත නිකුත් කිරීමට මේ දක්වාත් හැකියාවක් නොමැති බව ‍මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඇප මුදල් යළි නිකුත් කළ හැකි වන්නේ නාමයෝජනා අවලංගු කිරීමකදී පමණක් බව මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමින් එහි සභාපති නීතීඥ නිමල් ජී.පුංචිහේවා මහතා සඳහන් කළේය. නාමයෝජනා අවලංගු කිරීමට නම් ආණ්ඩුව පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කළ යුතු අතර, එසේ නොවන්නේ නම් සීමා නිර්ණ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කළහොත් පමණක් නාමයෝජනා අවලංගු වන බව සඳහන් වේ. කෙසේවෙතත් පළාත් පාලන ආයතන මැතිවරණය නොපවත්වන බවට මේ දක්වාත් නිශ්චිත ප්‍රකාශයක් සිදුකර නොමැති අතර ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්…

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයන් සමග සාකච්ඡාවක් ජනතා විමුක්ති පෙරමුණට හා සමගි ජනබලවේගයට ලබාදීමට තමා සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ව්‍යාපාරිකයන් අතර පැවැති හමුවකදී ජනාධිපතිවරයා පැවසුවේ, අදාළ පක්ෂ දෙකෙහි ඇති යහපත් යෝජනා ක්‍රියාත්මක කිරීමට තමන් සූදානම් බවය.

Read More

රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් නීතිවිරෝධී අයුරින් එකලස් කර සකස් කරන ලද සුඛෝපභෝගී රථයක් හලාවත මැරවල ප්‍රදේශයේදී පොලිස් භාරයට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බළකාය පවසයි. චැසි හා එන්ජින් අංක නීතිවිරෝධී අයුරින් ඇතුළත් කළ සුඛෝපභෝගී ජීප් රථයක් තිබෙන බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරි උදය කුමාර මහතා ලද තොරතුරක් අනුව වැටලීම කළ බව පොලීසිය කියයි. ජීප් රථය පොලිස් භාරයට ගන්නා අවස්ථාවේදී එය පරිහරණය කළ බව කියන පුද්ගලයා සතුව කිසිදු ලිපි ලේඛනයක් නොතිබූ බවත් පොලීසිය කියයි. ජීප් රථය පරිහරණය කළ පුද්ගලයාගෙන් ඒ පිළිබඳව විමසීමේදී ඔහු පවසා ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් මෙම ජීප්…

Read More

දළදා වහන්සේට අපහාස කිරීම සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බවට සමාජ මාධ්‍ය ක්‍රියාකාරි සේපාල් අමරසිංහ මහතා විසින් දැනුම් දීමෙන් අනතුරුව ඔහුගේ නඩු කටයුතු අවසන් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය තීන්දු කළේය. එම පැමිණිල්ල අද (21) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී සැකකාර සේපාල් අමරසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා මහනායක හිමිවරුන් ගෙන් හා බෞද්ධ ප්‍රජාවගෙන් කොන්දෙසි විරහිතව සමාව අයැඳ සිටින බව දන්වා සිටියේය. එවැනි කොන්දේසි විරහිතව සමාවක් අයැඳ සිටින්නේ නම් නඩු කටයුතු අවසන් කිරීමට සූදානම් බවත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා දන්වා සිටියේය. එමෙන්ම අධිකරණය…

Read More

මාලි රාජ්‍යයේ සාම සාධක හමුදා රාජකාරී වල නිරතව සිටි ශ්‍රී ලාංකික යුධ හමුදා නිලධාරීවරයෙකු හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මිය ගොස් ඇති බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවි හේරත් පවසනවා. අනුරාධපුර, විහාරමැදවච්චිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි විවාහක දෙදරු පියෙකු වන ශ්‍රී ලංකා යුධ හමුදා සේවා බළකායේ ලාන්ස් කෝප්‍රල් දේශප්‍රිය එම්.ජී.එල්. මහතා ඉකුත් පෙබරවාරි මස 11 වන දින පස්වරු 01.56 ට හදිසි හෘදයාබාධයක් වැළදීමෙන් අනතුරුව මාලි රාජ්‍යයේ බනාකෝ නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවත්වා ගෙන යනු ලබන තුන් වන මට්ටමේ රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව අභාවප්‍රාප්ත වී තිබේ. ශ්‍රී ලංකා යුධ හමුදාවේ වසර 14 ක සේවා කාළයක් සම්පූර්ණ කර ඇති මෙම ලාන්ස් කෝප්‍රල්වරයා…

Read More

මුහුණු පොතෙන් හඳුනා ගත් අනියම් සැමියාට සිය හත් හැවිරිදි දියණිය අපයෝජනය කිරිම සඳහා අනුබල දුන්බව කියන මවක් සහ අනියම් සැමියා අත් අඩංගුවට ගත් බව කටුගස්තොට පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය කියයි. කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාවගේ සැමියා වසර දෙකකට පමණ පෙර මිය ගොස් ඇති අතර කාන්තාව මුහුණු පොත හරහා විවිධ පුද්ගලයන් හඳුනා ගෙන ඇසුරු කරන්නට පටන් ගෙන තිබේ. මෙම පුද්ගලයන් අතර එක් පුද්ගලයෙකු සිය අනියම් සැමියා ලෙස යොදා ගෙන තිබේ. ඒ අනුව එම පුද්ගලයා නිරන්තරයෙන් ඇයගේ නිවසට පැමිණෙමින් ඇය සමඟ අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් තිබේ. මේ අතරතුර එක් දිනක ඇයගේ හත් හැවිරිදි දැරිය අපයෝජනය කිරීමට අනියම් සැමියා පෙළඹි…

Read More