Author: LANKA24X7

ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථාන මැද මළුවේදී අද උදෑසන පැවති 2024 ප්‍රථම පොසොන් කමිටු රැස්වීම ආරම්භයේදී මිහින්තලා රජමහා විහාරාධිපති වලවා හැංගුණවැවේ ධම්මරතන නා හිමිපාණන් රැස්වීම් භූමියෙන් නැගිට යාමත් සමග පොසොන් කමිටුවේ සභාපති අනුරාධපුර මහා දිසාපති ජනක ජයසුන්දර මහතාට එම රැස්වීම නතර කර දැමීමට සිදු වීමෙන් පැමිණ සිටි රාජ්‍ය නිලධාරීන් ඇතුළු සිවිල් ක්‍රියා කාරිහු සියලු දෙනා රැස්වීම් භූමියෙන් පිටව ගියහ. මෙහිදී උන්වහන්සේ පැවසුවේ අක්කර දහස් ගණනක රජමහා විහාරස්ථාන භූමියේ සුද්ද පවිත්‍ර කිරීම් කටයුතු සිදු කළ සිවිල් ආරක්ෂක බළකාය , විහාරස්ථානයේ තේවාව සිදු කළ, මිහිඳු සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරත වූ, යුද හමුදා සාමාජිකයන් ඉවත් කිරීමට රජය ගත් තීරණය සහ යළ එම ආරක්ෂක අංශ…

Read More

පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ශ්‍රී ලංකාවේ සමස්ත ශිෂ්‍ය ජනගහනය මිලියන 04ක් පමණ වන අතර ඒ තුළ වැඩිවියට පත් ශිෂ්‍යාවන් මිලියන 1.2ක් පමණ වන බවට ගණනය කරනු ලැබ ඇත. එම ශිෂ්‍යාවන් අතුරින් අති දුෂ්කර පාසල්, දුෂ්කර පාසල්, හුදෙකලා පාසල්, වතු පාසල් හා දරිද්‍රතා සිසු සිසුවියන් සහිත නාගරික පාසල්වල ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් 800,000කට මෙම වසරේ අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි වාර්ෂිකව සනීපාරක්ෂක තුවා නොමිලේ ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජය්න්ත් මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මීට පෙර අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, රුපියල් 1,200ක…

Read More

මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනය ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමව පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටි පූබාලසිංහම් තවකුමාර් නැමැත්තා හදිසි රෝගී තත්ත්වයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. එම තැනැත්තාට ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මාර්තු 31 වන දින මහනුවර රෝහලට ඇතුළත් කර ඇති අතර, ඊට සුළු වේලාවකට පසු ඔහු ජීවිතක්ෂයට පත්වූ බව රෝහල් පොලීසිය සඳහන් කළේය. මෙලෙස මියගිය පූබාලසිංහම් 39 වැනි වියේ පසුවන අතර ඔහු මරණ දණ්ඩනය සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කර තිබූ බවද පොලීසිය පවසයි. මරණීය දණ්ඩනය නියම වීමෙන් පසු පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයට යොමු කර සිටි මොහු විටින් විට රෝගාතුර වීම හේතුවෙන් බන්ධනාගාර රෝහලට සහ මහනුවර ජාතික රෝහලට ඇතුළත්…

Read More

පොලිස්පතිවරයා වශයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (02) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් සලකා බැලීමට නියමිතව තිබේ. කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන්, මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිණි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත. අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කථානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින්, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, නීතිපති ඇතුළු පිරිසක් නම් කර තිබේ. පෙත්සම්කරුවන් කියා සිටින්නේ, පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලැබූ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නාම යෝජනාව ආණ්ඩුක්‍රම…

Read More

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඩබ්ලිව්.කේ.ඩී. විජේරත්න මහතා පත්කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම පත්කිරීම සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය. නව දූෂණ විරෝධී පනතේ විධිවිධානවලට අනුව ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.

Read More

යාපනය පොලිස් වසමේ කොළොම්බුතුරෙයි ප්‍රදේශයේ මුහුදු වෙරළේ ධීවර කටයුතු සඳහා ගිය තරුණයෙක් දියේ ගිලී අතුරුදන්ව තිබේ. යාපනය පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් මෘත ශරීරය සොයාගෙන තිබිණි. එලෙස දියේ ගිලී මියගොස් ඇත්තේ, 19 හැවිරිදි පෙරියකල්ලාරු ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. තරුණයා මුහුදේ මාළු අල්ලමින් සිටිය දී මෙලෙස අනතුරට ලක්ව ඇති බව විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.

Read More

ප්‍රථම වතාවට චීනයෙන් ආනයනය කළ ලොකු ලූණු මේ දිනවල පිටකොටුව තොග වෙළෙදපොළෙන් මිලදී ගත හැකි බව ආනයනකරුවෝ හා තොග වෙළෙන්දෝ පවසති. මෙම චීන ලොකු ලූණු කිලෝවක තොග මිල රුපියල් 320 ක් පමණ වන බවත් එම ලූණු හොද තත්වයේ පවතින බවත් ඔවුහු කියා සිටිති. ඉන්දියාව හා පකිස්ථානය ලොකු ලූණු අපනයනය තහනම් කිරීමෙන් පසුව මෙරට ආනයනකරුවන් හා තොග වෙළෙන්දන් බලවත් අසීරුතාවකට පත් වූ බව ද ඔවුහු පවසති. පසුව ආනයනකරුවන් හා තොග වෙළෙදුන් චීනයෙන් ලොකු ලූණු ආනයනය කිරීම ආරම්භ කළ අතර එම චීන ලොකු ලූණු ඊයේ (1) සිට පිටකොටුව තොග වෙළෙදපොළේ අලෙවි කරන බවද ඔවුහු පැවැසූහ. මේ අනුව උත්සව සමයේ ලොකු ලූණු හිගයක්…

Read More

මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩපැවැත්වීමේ වැඩසටහනට සමගාමීව උප පොලිස් පරීක්ෂකවරුන් 100ක් ඇතුළු නිලධාරීන් 500ක් පොලිස් සේවයට බදවාගැනීමට ගැසට් පත්‍ර නිකුත් කර තිබේ. ඒ අනුව උප පොලිස් පරීක්ෂකවරුන් 100 ක්, කොස්තාපල්වරුන් 370 ක් සහ කොස්තාපල් රියැදුරන් 30ක් බදවා ගැනීමට නියමිතය. සම්මුඛ පරීක්ෂණවලින් තෝරාගන්නා අපේක්ෂකයන් නොවැම්බර් මාසයේ සිට පුහුණු කිරීම් සදහා යොමු කෙරන අතර උප පොලිස් පරීක්ෂකවරයකු වසර පුහුණු කාලයකට යටත් වන අතර කොස්තාපල්වරුන් මාස 8ක පමණ කාලයක් පුහුණු කෙරේ. පුහුණු හා උසස් පුහුණු කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, නියෝජ්‍ය පොලිස්පති එච්.සී.ඒ. පුෂ්පකුමාර යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි බදවාගැනීම් බාර අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ස්ථානාධිපති ප්‍රසන්න වැලිකල…

Read More

ගාලු මුවදොර අසල මුහුදේ ගිලෙමින් සිටි කාන්තාවක් බේරා ගැනීමට ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීහු අද (01) සමත් වූහ . ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරින් උදෑසන කොළඹ ගාලු මුවදොර පිටියේ ශාරිරික අභ්‍යාසවල නිරතව සිටියදී ගාලු මුවදොර පිටියේ කොඩි කණුව අසළින් එක්වරම කාන්තාවක් මුහුදට පැන තිබේ. එහිදී ක්ෂණිකව ක්‍රියාත්මක වූ ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක ඒ.එච්.පී.එස්. අධිකාරී නිලධාරියා ඇතුළු කණ්ඩායම එම කාන්තාව නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත් වූ අතර කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගනු ලැබීය. දැනට එම කාන්තාව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ජීවිත අවදානමක් නැති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. තම දිවි පරදුවට තබා මෙම නිර්භීත…

Read More

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර චැටෝග්‍රෑම් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වන ඊයේ (1) පස්වරුවේ ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 6ක් දැවී ලකුණු 102ක් රැස්කරමින් ලකුණු 455 ක් ඉදිරියෙන් සිටියේය. තරගයේ දෙවැනි දිනය පස්වරුවේ ක්‍රීඩාව අවසන් කරන විට කඩුල්ලක් දැවී ලකුණු 55 ක් රැස්කර සිටි බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 178 කට සීමාකිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. ශ්‍රී ලංකා පිල පළමු ඉනිම ඕවර 159 කදී සියලු දෙනා දැවී 531 (නිෂාන් මධුෂ්ක 57, දිමුත් කරුණාරත්න 86, කුසල් මෙන්ඩිස් 93, ඇන්ජලෝ මැතිව්ස් 23, දිනේෂ් චන්දිමාල් 59, ධනංජය ද සිල්වා…

Read More