Author: LANKA24X7

අන්තරායකර අපද්‍රව්‍ය රැගෙන පැමිණෙන නෞකාව සම්බන්ධයෙන් කිසිදු දැනුම් දීමක් කර නොතිබූ බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වෙනුර ප්‍රනාන්දු මහතා පැවසීය. මෙම ජාවාරමට සම්බන්ධ අයට එරෙහිව ගත හැකි සෑම නීතිමය පියවරක්ම ගන්නා බවද ඔහු සඳහන් කළේය. මෙම නැව සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය වෙනම විමර්ශනයක් ආරම්භ කළේය.

Read More

රටේ පවතින ගැටලු සම්බන්ධයෙන් තමන් ඕනෑම පුද්ගලයකු සමග ඕනෑම විවාදයකට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. මේ මොහොත වන විට රටේ ප්‍රශ්න ගැන විවාදයක් අවශ්‍ය බවට සමාජයේ කතාවක් යන බවත් එවැනි විවාදයක් සිදු විය යුතු බවට තමා පිළිගන්නා බවත් විවාද පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක උසස් ගුණාංගයක් නිසා තමා ඕනෑම විවාදයකට සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය. ආර්ථික, සමාජයීය, දේශපාලන, ජාත්‍යන්තර ආදී ඕනෑම ක්ෂේත්‍රයක් ඕනෑම මාතෘකාවක් ගැන වාද විවාද කිරීමට තමා සූදානම් බවත් ඔහු සඳහන් කළේය. වාද විවාද කිරීම මෙන්ම ඒ හරහා රටටත් ජනතාවටත් අගයක් එකතු විය යුතු බවත් විපක්ෂයේ සිටින කාලය වාද විවාදවලට පමණක් සීමා නොකර ජනතාවට සේවයක් අගයක්…

Read More

නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරු අද( 03)කොළඹට කැඳවා තිබේ අද සිට තෙදින වැඩමුළුවක් සඳහා ඔවුන් කැඳවු බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම් එල් රත්නායක මහතා පැවසීය . මෙම වසරේ සැප්තැම්බර් 15 සහ ඔක්තෝබර් 15 කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්විමට නියමිත නිසා මෙම වැඩමුළුව පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය .

Read More

පවතින නියං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පානීය ජලය නොමැතිව පවුල් 2927කට අයත් පුද්ගලයන් 9866ක් පීඩාවට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. ඉන් වැඩිම බලපෑමක් ගම්පහ දිස්ත්‍රික්කයට සිදුව ඇති බවත් එම මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 2351ක 7053ක පිරිසක් පානීය ජලය නොමැතිව නියඟයෙන් පීඩාවට පත්ව සිටින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. මෙයට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 576ක 2813ක පිරිසක් පානීය ජලය නොමැතිව පීඩාවට පත්ව සිටිති. එම පිරිස වරකාපොල, රුවන්වැල්ල, යටියන්තොට, දැරණියගල, දෙහිඕවිට, ගලිගමුව යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් බවත් එම මධ්‍යස්ථනය තවදුරටත් ප්‍රකාශ කරයි.

Read More

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 9 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල අද (2) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පැවසීය. ලොකු ලූනු (පාකිස්තාන්)) කිලෝවක් රුපියල් 55 කින්, රතු ලූනු කිලෝවක මිල රුපියල් 30 කින්, කඩල (ජම්බෝ) කිලෝවක මිල රුපියල් 16 කින්, අර්තාපල් (පාකිස්තාන්) කිලෝවක මිල රුපියල් 15 කින්, කිරිපිටි ග්‍රෑම් 400 මිල රුපියල් 10 කින්, පාන්පිටි කිලෝවක මිල රුපියල් 8 කින්, ආනයනික බිත්තරයක මිල රුපියල් 7 කින් සහ සුදු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 3 කින් සහ සෝයා මීට් කිලෝවක මිල රුපියල් 2 කින් මිල අඩු කළ බව සතොස සඳහන් කරයි. ලොකු ලූනු (පාකිස්තාන්)) කිලෝවක වන…

Read More

එකතු කළ අගය මත බදු (වැට්) සියයට 15 සිට 18 දක්වා වැඩි කිරීමට අදාල එකතු කල අගය මත බදු පනත යටතේ නියෝගය වැඩි ඡන්ද 36කින් පාර්ලිමේන්තුවේදී ඊයේ (2) පස්වරුවේ සම්මතවිය. එම නියෝගයට පක්ෂව ඡන්ද 55ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 19ක් පමණි. එම නියෝගය අනුමත කිරීමට සලකා බැලුණු අවස්ථාවේදී ඊට විරුද්ධ යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මුලසුනට දැනුම් දුන්නේය. නියෝගය සම්බන්ධයෙන් ඡන්ද විමසීම පැවැත්වුණේ ඒ අනුවය. මෙයට අමතරව බැංකු සංශෝධන පනත් කෙටුම්පත සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත යටතේ නියෝගද මෙහිදී සම්මත විය.

Read More

අනුරාධපුර ජේතවනාරාම ස්තූපයේ ඇති වී තිබෙන පිපිරුම් ප්‍රසාරණය වීම මැඩපැවැත්වීම සඳහා කෙටි හා දීර්ඝ කාලීන විසඳුම් මේ වන විට ගෙන ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය. පිපිරුම් තවදුරටත් වර්ධනය නොවන ආකාරයට සිදු කළ හැකි තාක්ෂණික ක්‍රමවේදයන් ඉදිරියටත් අනුගමනය කර පිපිරුම් පාලනය කිරීමට කටයුතු සිදු කරන බව ද අමාත්‍යවරයා කීය. ජේතවනාරාම ස්තූපයේ පිපිරුම්වල වර්තමාන තත්ත්වය පිළිබඳව ජේතවනාරාම ස්තූපයේ සලපතල මළුවේ අද (02) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙහිදී අදහස් දැක්වූ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් මහතා කීවෙි මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් සකස් කළ වාර්තාවලට අනුව ස්තූපයේ පෙර පැවති පිපිරුම්වල අගයන් හා…

Read More

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා සූදානම් බව ජාජබ ජාතික සංවිධායක සුනිල් හඳුන්නෙත්ති මහතා මාධ්‍ය හමුවකදී ඊයේ (2)පැවසීය. රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විවාදයකට එන්නැයි සමගි ජන බලවේගයේ කීපදෙනෙක් ආරාධනා කර තිබූ බව කී සුනිල් හඳුන්නෙත්ති මහතා එම ආරාධනාව සතුටින් පිළිගන්නා බවද සඳහන් කළේය. එම විවාදය වඩා ප්‍රතිඵලදායක වන්නට නම් මාධ්‍යවල කියවන්නේ නැතිව ලිඛිතව ආරාධනාවක් කරන්නැයි ඉල්ලා සිටින බවද හඳුන්නෙත්ති මහතා කීය. ජාතික ජන බලවේගයට විවාදයකට ආරාධනා කරන හර්ෂ,එරාන්,කබීර් වැනි අය කලින් කලට තැනින් තැන සිටින හෙයින් පක්ෂ දෙකේ නායකයන් වන අනුර සහ සජිත් සෘජුව විවාද කිරීම වඩා…

Read More

ආර්ථික අර්බුදය හමුවේ කඩා වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය බලාපොරොත්තු වූවාට වඩා ඉක්මණින් යථා තත්ත්වයට පත් වීම හේතුවෙන් ලෝක බැංකුව මෙරට ආරථික පුරෝකථනය පදනම් අංක 50 කින් ඉහළ දමා තිබේ. ඒ අනුව මෙම වසරේදී සියයට 2.2 ධනාත්මක ආර්ථික වර්ධන වේගයක් ශ්‍රී ලංකාව ළඟා කරගනු ඇතැයි ලෝක බැංකුව දකුණු ආසියාවේ ආර්ථිකය සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව මගින් පුරෝකථනය කර ඇත.එසේම ශ්‍රී ලංකාව මෙම වසරේදී ළඟ කර ගන්නා ආර්ථික වර්ධන වේගය තවත් වර්ධනය කර ගනිමින් ලබන වසරේදී සියයට 2.5 සීමාවට පැමිණෙනු ඇති බවද ලෝක බැංකුව නිකුත් කළ එම වාර්තාවේ දැක්වේ. එසේම ශ්‍රී ලංකාව සිය නිල සංචිත ඉදිරියේදී තවත් වර්ධනය කර ගනු ඇති බවත් මෙරටට…

Read More

තිස්සමහරාම රන්මුදුගම ප්‍රදේශයේ දැඩි ආර්ථික අපහසු තා මැද ජීවත් වූ දෙදරු පියකු වසක් ශරීරගත වීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි. තම පවුලට ආහාර සපයා ගැනීමට නොහැකිව සිටි බව කියන මෙම දෙදරුපියා වස පානය කරන්නට ඇතැයි සැක කෙරේ. තම පවුල දින කිහිපයක් වේලක් ඇර වේලක් මඤ්ඤොක්කා ආහාරයට ගත් බවත් දරුවන්ට කන්න දෙන්න විදියක් නැතුව මට ජීවත් වෙලා වැඩක් නෑ යනුවෙන් හඬමින් සිට ඇති බවත් ඔහුගේ කීය. එකවරම බිම ඇදගෙන වැටි වමන කරමින් සිටි තම සාම්පුරුෂයා වස පානය කරන්නට ඇති කියන සැකය මත සුවසැරිය ගිලන් රථය ගෙන්වා රෝහල්ගත කිරීමට කටයුතු කර බවද ඇය සඳහන් කළේය. මේ පිළිබඳව සොයා බැලීම සඳහා අපේ ගිය අවස්ථාවේ…

Read More