Author: LANKA24X7

විපක්ෂය පස්සේ පන්නන්නේ නැතුව කන්ටේනර් පන්නපු හොරු ටික මුලින්ම අල්ලලා ඉන්නැයි තමා රජයට අභියෝග කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය. රජය මුලින්ම කළයුත්තේ ඒ කටයුත්ත බවද ඔහු සඳහන් කළේය. විපක්ෂය මර්දනය කර ගොඩ ගිය ආණ්ඩුවක් නැතැයිද නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

Read More

රඹුක්කන පොලිස් වසමේ තිස්මල්පොල දුම්රිය ස්ථානයේදී බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 14ක් වූ මැදගම ප්‍රදේශයේ පදිංචි දරුවෙකි. මියගිය දරුවා තවත් මිතුරන් කිහිපදෙනෙකු සමඟ රඹුක්කන සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක තිස්මල්පොල දුම්රිය ස්ථානය දක්වා ගොස් ඇති අතර දුම්රියෙන් බැසීමේදී ඔහු දුම්රිය වේදිකාවට නොබැස දුම්රිය මාර්ගයට බැස තිබේ. එම අවස්ථාවේ දී බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය පැමිණ ඇති අතර එහිදී ඔහු එම දුම්රියේ ගැටී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. රඹුක්කන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read More

ගණේමුල්ල පොලිස් වසමේදී පුද්ගලයෙකුට පහරදී රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා රන් ආභරණ කොල්ලකෑම සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයට අදාළව සැකකරුවන් දෙදෙනෙකු කිරිබත්ගොඩදී අත්අඩංගුවට ගෙන ඇත. බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද විශේෂ විමර්ශනයක් ඔස්සේ මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 17ක සහ 20ක තරුණයින් දෙදෙනෙක් වන අතර ඔවුන් කැන්දලියද්දපාලුව හා ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වේ. සැකකරුවන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදි මොවුන් විසින් කොල්ලකන ලද රන් භාණ්ඩ උණු කර සකස් කරන ලද ග්‍රෑම් 121 මිලිග්‍රෑම් 350ක් සහ ග්‍රෑම් 17 මිලිග්‍රෑම් 15ක් බර රන් කැබලි දෙකක් ද සොයාගෙන ඇත.…

Read More

රාජ්‍ය ආයතන 450ක කාර්ය සාධනය පුළුල්ව පරීක්ෂා කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත. මේ අනුව විගණන වාර්තාවල නිර්දේශ ක්‍රියාත්මක කර ඇති ආකාරය සම්බන්ධයෙන් තොරතුරු විස්තරාත්මකව ලබා ගැනීම සඳහා ඒ ආයතන හාරසිය පනහෙන්ම ලිඛිත වාර්තා කැඳවීමට කෝප් කමිටුව කටයුතු කරමින් සිටි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පවසන්නේ දූෂණ වංචා සහ අක්‍රමිකතා වැඩිම ආයතන විමර්ශන සඳහා තෝරාගැනීමට මේ ආකාරයට කටයුතු කරන බවයි. දූෂණ වංචා සහ අක්‍රමිකතා වැඩි ආයතන වල ප්‍රධානීන් ඉතාම ඉක්මනින්ම කමිටුව හමුවට කැඳවා ඒවායේ දූෂණ පිළිබඳව විමර්ශනය කිරීමට බලාපොරොත්තු වන බවත් එම විමර්ශනවලදී පැහැදිලි වශයෙන්ම අනාවරණය වන දූෂණ…

Read More

එක්සත් ජනපද වාණිජ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (දකුණු ආසියාව) අතුල් කේෂප් (Atul Keshap) මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ඇමරිකාවේදී සිදු විය. මෙම හමුව සිදු වූයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය අතරතුරදීය. මෙහිදී මෙහිදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ අතුල් කේෂප් මහතා අතර කෙටි සාකච්ඡාවක් ද පැවැත්විණි.

Read More

පාර්ලිමේන්තු මුළුතැන්ගෙයි ( කුස්සිය) සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් පවතින බව ප්‍රකාශ කර ඇති හෙයින් එය තාවකාලිකව වසා දමා එම වැරදි වහාම නිවැරදි කරන්නැයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී කරුණු දක්වා ඇති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවෙන් සැපයෙන ආහාර සඳහා මන්ත්‍රීවරුන් සහ සේවකයන් සැලකිය යුතු මුදලක් ගෙවන හෙයින් පිරිසිදු කෑම වේලක් සැපයීමේ වගකීමක් පාලනාධිකාරියට තිබෙන බවයි. මෙහිදී අදහස් දක්වා ඇති කතානායකවරයා පවසා ඇත්තේ පාර්ලිමේන්තු මුළුතැන් ගෙයි වැරදි සියල්ල නිවැරදි කිරීමට ඉදිරියේදී අවශ්‍ය සියලු කටයුතු කරන බවයි. පාර්ලිමේන්තු මුළුතැන්ගෙයි අඩුපාඩු සොයා බැලීම සඳහා කතානායකවරයා විසින් විශේෂ…

Read More

“Clean Sri Lanka” සමගාමී ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක “Dream Destination” වැඩසටහන යටතේ නාරාහේන්පිට දුම්රිය ස්ථානය නවීකරණය කිරීම ඊයේ (27) ආරම්භ කෙරිණි. කැලණි වැලි මාර්ගයේ තවත් එක් සුවිශේෂී දුම්රිය ස්ථානයක් සේ සලකන නාරාහේන්පිට දුම්රිය ස්ථානය කොටා පාර දුම්රිය ස්ථානයට හා කිරුලපන දුම්රිය ස්ථානයට මැදිව පිහිටා ඇත. කොළඹ සිට 5.06km දුරක් හා මුහුදු මට්ටමේ සිට උස 3.72mකින් පිහිටා ඇති මෙම දුම්රිය ස්ථානය ප්‍රධාන වේදිකා දෙකකින් හා එක් ටිකට් කවුන්ටරයකින් සමන්විත වෙයි. කම්කරු දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, මිනින්දෝරු දෙපාර්තමේන්තුව, ඇතුළු රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික ආයතනය රැසකට යාබඳව පිහිටා ඇති මෙම දුම්රිය ස්ථානය එදිනෙදා රාජකාරී කටයුතු සඳහා පැමිණෙන මගී ජනතාව විශාල පිරිසක් භාවිතා…

Read More

භික්ෂූන් වහන්සේලා අනතුරට ලක් වූ මැල්සිරිපුර නා උයනේ ඩක්කුව විද්‍යාත්මකව පිළිසකර කර දෙන බවට නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පොරොන්දුවක් දුන්නේය. මේ සිද්ධියට වගකිව යුත්තේ මොන ස්වාමීන් වහන්සේ ද මොන දායකයා ද කියා සොය සොයා ඉදීමට ආණ්ඩුවට අවශ්‍යතාවක් නැතැයි ද ඔහු සඳහන් කළේය. නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ එම අනතුරින් අපවත් වූ භික්ෂූන් වහන්සේලාගේ ආදාහන පූජෝත්සවයට සහභාගි වෙමිනි.

Read More

සියලුම දෙනාට බැබලෙන්නට හැකි ලෝකයක් නිර්මාණය කිරීමට එක්ව කටයුතු කරන ලෙස ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානයේදී පැවසීය. අඛණ්ඩ අභියෝග වලට මුහුණ දුන් ශ්‍රී ලංකාව මේ වන විට තිරසාර සහ සහභාගීත්ව ආර්ථිකයක් නැවත ගොඩනඟමින් සිටින බවද ජනාධිපතිවරයා කීය. ජනාධිපතිවරයා මේ බව කීවේ එක්ස්පෝ 2025 ඔසාකා” (EXPO 2025 Osaka) ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දින සැමරුම් උත්සවයේදීය. ජනාධිපතිවරයා ජපාන සංචාරයේ පළමු කටයුත්ත ලෙස ඔසාකා නුවර පැවැත්වෙන “එක්ස්පෝ 2025” ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දින සැමරුම් උත්සවය සඳහා සහභාගි විය. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සංවිධානය කළ ශ්‍රී ලංකා දින උත්සවය, ශ්‍රී ලාංකීය අනන්‍යතාව පිළිඹිබු කරන…

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (28) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඌව පළාතේත් අම්පාර දිස්ත්‍රික්කයේත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකිය. ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ හලාවත සිට මන්නාරම, කන්කසන්තුරය සහ මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී.…

Read More