Author: LANKA24X7

මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත්කළ එම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහ මහතා ඇප මත මුදාහැර තිබේ. ඒ අනුව සැකකාර සභාපතිවරයා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදාහැරීමට මතුගම වැඩබලන මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත. සමගි ජන බලවේගයට බලය හිමි මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අද (31) පෙරවරුවේ මතුගම සහකාර පොලිස් අධිකාරි කාර්යාලයට පැමිණ භාරවිය. එහිදී අත්අඩංගුවට ගැණුනු ඔහු මතුගම පොලීසියට භාර කිරීමෙන් පසු මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. සභාපති කසුන් මුණසිංහ මහතා තමන්ට තර්ජන කළ බවට එහි ලේකම් නෙලූ නිශාන්ති ඉද්දගොඩ මහත්මිය මතුගම පොලීසියට පැමිණිල්ලක් කර තිබූ අතර, පසුව ඇය මතුගම වෑත්තෑව…

Read More

අසත්‍ය AI වීඩියෝවක් TikTok තුළ සංසරණය වීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස පෝලන්තය යුරෝපා සංගමයෙන් ඉල්ලීමක් සිදුකර තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පෝලන්තය සඳහන් කරන්නේ, මෙම වීඩියෝව රුසියාව විසින් පෝලන්තය සම්බන්ධයෙන් සිදුකරනු ලබන දුර්මත ප්‍රචාරණයක් බවය. පසුගිය සති කිහිපය තුළ, පෝලන්ත ජාතික වර්ණිත ඇඳුම් ඇඳගත් තරුණියන් පෙනී සිටින වීඩියෝ මාලාවක් TikTok ගිණුමක් හරහා පළ කරමින්, එතුළ පෝලන්තය යුරෝපා කොමිසමෙන් ඉවත් විය යුතු බවට ප්‍රකාශ කර ඇති අතර, එම ගිණුම විශාල ජනප්‍රියත්වයක් ලබාගෙන තිබුණි. කෙසේ වෙතත්, අද වන විට එම වීඩියෝව පළ කරනු ලැබූ TikTok ගිණුම අතුරුදහන් වී ඇති බව වාර්තා වේ. පෝලන්තය පෙන්වා දෙන්නේ, මෙවැනි AI-නිර්මාණ යුරෝපයේ ප්‍රජාතන්ත්‍රවාදයට හා…

Read More

ඉන්දීය රජයේ වසර අවසාන ආර්ථික සමාලෝචනයේ ගණනය කිරීම්වලට අනුව, ජපානය අභිබවා ඉන්දියාව ලොව සිව්වන විශාලතම ආර්ථිකය බවට පත්ව ඇති බව වාර්තා වෙයි. 2030 වන විට ජර්මනිය අභිබවා ලොව තුන්වන විශාලතම ආර්ථිකය බවට ඉන්දියාව පත්වීමට අපේක්ෂා කරන බව සඳහන් වෙයි. ඉන්දීය දළ දේශීය නිෂ්පාදිතය වර්තමානය වන විට ඩොලර් ට්‍රිලියන 4.18 දක්වා ළඟා වී ඇති අතර 2030 වන විට එය ඩොලර් ට්‍රිලියන 7.3 දක්වා ළඟා වනු ඇතැයි පුරෝකථනය කර ඇති බව ඉන්දියාව පවසයි. මේ අතර වර්තමාන ප්‍රවණතා අනුව ආර්ථික දියුණුව ගත්කළ ඉන්දියාව එක්සත් ජනපදය හා චීනයට පමණක් පසුපසින් සිටින බව වාර්තා වෙයි. ඉන්දියාව ලොව වේගයෙන්ම වර්ධනය වන ප්‍රධාන ආර්ථිකය ලෙස ද පුරෝකතනය…

Read More

කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලේ සිදුකළ වෙඩිතැබීමෙන් තුවා ලබා ඇත්තේ, නාරායනගේ දිලිප් චතුරංග නොහොත් “රජවත්තේ චතුවා” නැමැත්තා බව පොලීසිය පවසයි. ඔහු දෙසැම්බර් 13 වනදා මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් කළුතර දකුණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අයෙකු බව වාර්තා වෙයි. ඔහු බන්ධනාගාර ගතව සිටියදී ඉකුත් 29 දා බන්ධනාගාර රැඳවියන් පිරිසකගේ පහරදීමකට ලක්ව රෝහල් ගතකර ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය. බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලේ 14 වාට්ටුවේ පාදයටද මාංචු යොදා නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදැසන 6.15ට පමණ මෙම පුද්ගලයා වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණි. නාඳුනන තුවක්කුකරුවෙකු විසින් රොවෝල්වර් වර්ගයේ ගිනිඅවියකින් වෙඩි…

Read More

07.31 am – නාගොඩ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර රැඳවියෙකු අද (31) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ අදාළ රැඳවියා කළුතර බන්ධනාගාරයේ සිටි අයෙකු බවය. මෙම වෙඩිතැබීම අද උදෑසන 6.00ට පමණ සිදුකර ඇති බවත්, ශල්‍ය වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි අදාළ රැඳවියාගේ උදරය ප්‍රදේශයට වෙඩි වැදී ඇති බවත් රෝහල් අධ්‍යක්ෂවරිය අප කළ විමසීමකදී සඳහන් කළේය. ඒ අනුව ඔහු මේ වනවිට ශල්‍යකර්මයකට භාජනය කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි. ——————————————– 07:15 am – නාගොඩ රෝහල තුළ වෙඩිතැබීමක් අද (31) උදෑසන බන්ධනාගාර රැඳවියෙකු ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වෙයි. රෝහලේ 14 වෙනි වාට්ටුවේ ප්‍රතිකාර…

Read More

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත්ව රුපියල් විසි පන්දහසක දීමනාව ලැබීමට සුදුසුකම් ලැබූවන්ගෙන් සියයට 87කට වැඩි පවුල් ප්‍රමාණයකට දැනටමත් දීමනා ගෙවා අවසන් බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි. එම අමාත්‍යංශය පවසන්නේ දෙසැම්බර් 31 වැනිදා වනවිට දීමනා ගෙවීම් කිහිපයක් නිම කිරීමට බලාපොරොත්තු වන බවය. දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවටපත්වූවන් සඳහා වන්දි ලබාදීමේ ක්‍රමවේදය යටතේ රුපියල් 25,000ක (විසි පන්දහසක) දීමනාව ලබාගැනීමට සුදුසුකම් ලැබූ පවුල් 450,225ක ප්‍රමාණයෙන් 87.4%ක පිරිසකට එම මුදල ගෙවා අවසන් බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි. එමෙන්ම රුපියල් 50,000ක දීමනාව සඳහා සුදුසුකම්ලබා ඇති පවුල් 153,593ක ප්‍රමාණයෙන් 8.63%ක් සඳහා අදාළ දීමනාව ගෙවා අවසන්ය. එසේම පීඩාවටපත් පාසල් දරුවන් වෙනුවෙන් ලබාදෙන රුපියල් 15,000ක දීමනාව ලබාගැනීමට සුදුසුකම් ලැබූ දරුවන් 216,142ක…

Read More

දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් මෙරට සෞඛ්‍ය පද්ධතියට රුපියල් බිලියන 21ක අලාභයක් සිදුව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ඔහු පවසන්නේ රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතන 8ක් ප්‍රතිස්ථාපනය කිරීමට ද සිදුව ඇති බවය. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවති පත්වීම් ලිපි ලබාදීමේ උත්සවයකට එක්වෙමින් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Read More

මෙරට තුළ මෙතම්ෆෙටමීන් (methamphetamine) හෙවත් අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයින්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි. එහි පර්යේෂණ අංශයේ සහකාර අධ්‍යක්ෂ තමර දර්ශන මහතා සඳහන් කළේ, මේ වසරේ පළමු මාස 10 තුළ පමණක් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වු පුද්ගලයින් 60,000කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවය. කොළඹ, ගම්පහ, කළුතර සහ මහනුවර යන දිස්ත්‍රික්කවල මත්ද්‍රව්‍ය භාවිතයේ වැඩි ව්‍යාප්තියක් දක්නට ලැබෙන බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් තමර දර්ශන මහතා සඳහන් ක‍ළේය. “මෙතම්ෆෙටමීන් කියන මත්ද්‍රව්‍යයේ ක්‍රමික වැඩිවීමක් හඳුනාගන්න පුළුවන් පහුගිය අවුරුදු කිහිපය තුළ අත්අඩංගුවට පත්වීමේ සංඛ්‍යා ලේඛන අනුව. ගංජා සම්බන්ධයෙනුත් යම් ප්‍රවණතාවයක් හඳුනාගන්න පුළුවන්. හැබැයි…

Read More

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර 2ක් අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මේ වන විට අක්‍රීය තත්ත්වයේ පවතින බව ලංකා විදුලි බලමණ්ඩලය පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මේ හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 600ක විදුලි ධාරිතාවක් මේ වන විට අහිමි වී ඇති බවය. නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් පමණක් සක්‍රීය තත්ත්වයේ පවතින අතර එමඟින් මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක්කර තිබේ. සාමාන්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් පසුගිය නොවැම්බර් මස 3 වන දින ලක්විජය බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රීය කිරීමට පියවර ගෙන තිබු අතර දෙසැම්බර් මස 20 වන දින තවත් ජනන යන්ත්‍රයක් ඇති වූ දෝෂයක් හේතුවෙන් අක්‍රීය කිරීමට…

Read More

උතුර, නැගෙනහිර, සහ ඌව පළාත්වලත්, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මහනුවර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකිය. සබරගමුව සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් පස්වරු 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, හම්බන්තොට, මොනරාගල සහ අම්පාර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණ තරමක තද සුළං ඇති වේ. සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම්…

Read More