Author: LANKA24X7

මේ වසර සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව වසරේ පළමු කාර්තුවේ දී 11.57%ක විදුලි ගාස්තු වැඩිකිරීමක් අවශ්‍ය බව එහිදී ඔවුන් සඳහන් කර ඇත.

Read More

මෙම මාසය තුළ ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොවන බවට වාර්තා වේ. ලෝක වෙළෙඳපොළේ පවතින තත්ත්වය අනුව ගෑස් මිලෙහි වැඩිවීමක් අවශ්‍ය වුවද රට තුළ පවතින තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම අවස්ථාවේ මිල සංශෝධනයක් සිදුනොකරන බව එම සමාගමේ ප්‍රකාශයෙකු පැවසීය. ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 3,690ක් වන අතර කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 1,482කි. කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රු. 694ක් ලෙස පවතී එහෙත් ඊයේ (01) සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ගණන් සංශෝධනය කර තිබුණි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 4,250කි. එමෙන්ම කිලෝග්‍රෑම්…

Read More

2026 වර්ෂය තුළ පාසල් පවත්වන වේලාව දීර්ඝ නොකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත්කරමින් එම අමාත්‍යාංශය මේ බව පැවසීය. රට තුළ උද්ගත වූ ආපදා තත්ත්වය සහ පළාත් කිහිපයක පාසල් පද්ධතියට සහ ප්‍රවාහන පද්ධතියට සිදුව ඇති අලාභ හානි සැලකිල්ලට ගනිමින්, පාසල් පද්ධතිය සහ ප්‍රවාහන පද්ධතිය යථා තත්ත්වයට පත් වන තුරු මෙය ක්‍රියාත්මක නොකරන බව අදාළ නිවේදනයේ දැක්වේ. එමෙන්ම මේ සම්බන්ධයෙන් වන සවිස්තරාත්මක චක්‍රලේඛය (2) දින නිකුත් කරන බවද සඳහන්. ඒ අනුව, – 2026 වසර තුළ 5 -13 ශ්‍රේණි සඳහා පාසල් කාලය පෙ.ව 7.30 – ප.ව 1.30 ලෙස නොවෙනස්ව පවතියි. – රජයේ, රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් 2026 වර්ෂයේ පළමු…

Read More

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බැවින් ඉදිරි දිනවලදී දිවයිනේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (02) අලුයම නිකුත් කළ නවතම නිවේදනයේ සඳහන් වෙයි. අද දිනයේ නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවිය හැකිය. මධ්‍යම සහ ඌව පළාත්වලත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති වෙයි. උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවද එම නිවේදනයේ දැක්වෙයි. සෙසු ප්‍රදේශවල පස්වරු 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…

Read More

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ කරවනැල්ල මුලික රෝහලට රු. ලක්ෂ 28ක් වටිනා රෝහල් උපකරණ ලබා දීමේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (01) එක්විය. මෙහි දී Patient Monitor 5ක්, Syringe Pump 1ක් හා Infusion Pump 1ක් පරිත්‍යාග කෙරිණි. දිට්වා සුළි කුණාටුව නිසා ඇති වූ ආපදා තත්ත්වය නිසා හානි වූ ප්‍රදේශවල සෞඛ්‍ය පහසුකම් දියුණු කිරීමේ අරමුණින් සහන වැඩසටහනක් ලෙස මෙම රෝහල් උපකරණ පරිත්‍යාග කිරීම සිදු විය. ඔස්ට්‍රේලියානු මොනැෂ් සරසවිය 2000-2019 කාලයේ රටවල් 9ක සුළි කුණාටු 217ක් සහ මරණ මිලියන 15ක් පිළිබඳ සිදු කළ පරීක්ෂණවල ප්‍රතිඵල අනුව සුළි කුණාටුව අවස්ථාවේ මරණයට පත්වූ ප්‍රමාණයට වඩා පසු ආපදා සමයේ නිර්මාණය…

Read More

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ විවිධ අපරාධ සිද්ධීන්වලට සෘජුව සම්බන්ධ පුද්ගලයින් 15දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම් ඊයේ (31) දිනයේ දී සිදුකර ඇති අතර එහිදී පුද්ගලයින් 30,676දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය. විවිධ සිද්ධීන්වලට සැකපිට පුද්ගලයින් 460දෙනෙකු සහ වරෙන්තුකරුවන් 191දෙනෙකු එහිදී අත්අඩංගුවට ගෙන ඇත. ඊට අමතරව බීමත්ව රිය ධාවනය සම්බන්ධයෙන් පුද්ගලයින් 591දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසීය.

Read More

නව වසර උදාවත් සමඟ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දුරකථන ඇමතුමක් ලබාදී සුබ පැතුම් එක්කර තිබේ. එහිදී රනිල් වික්‍රමසිංහ මහතා ද උණුසුම් සුබ පැතුම් එක්කර ඇති අතර සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි වැඩපිළිවෙල ගැන සාකච්ඡා කර ඇත. මෙම සුබ පැතුම නව වසරේ අලුත් ආරම්භයක් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.

Read More

ගන්දර – දෙවිනුවර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 115 මිලිග්‍රෑම් 200 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 23 මිලිග්‍රෑම් 700 ක් හා ජාවාරමෙන් උපයාගත් බවට සැක කරන රුපියල් ලක්ෂ 05 ක් පමණ වූ මුදල් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (31) පස්වරුවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. සැකකරු වයස අවුරුදු 38 ක් වන දෙවිනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම සැකකරු විදේශ ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතමයෙකු වන බවට හා මොහු විසින් එම ජාවාරම්කරුගේ ජාවාරම් වලින් උපයන මුදල් සම්බන්ධව කටයුතු කරන අයෙකු බවටද අනාවරණය වී ඇත. සැකකරු අද (01) මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර…

Read More

2026 නව වසර වෙනුවෙන් සුභාසිංශන පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ, අන්ධකාරය පළවා හරින රිදී රේඛාවන් සොයා තිර අදිටනින් ජයග්‍රහණයෙන් යශෝරාවය නැගෙනතුරු ගිරි දුර්ගය තරණය කරමු යන්නයි. සාමූහික ප්‍රයත්නයෙන් යුතුව විජයග්‍රහණය වෙනුවෙන් මව්බිම ඔසවා තැබිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය සුබපැතුම් පණිවිඩයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

Read More

2026 නව වසර පා තබන්නේ රටක් ලෙස එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ රට යළි ගොඩනැගීමේ දැවැන්ත කාර්යභාරය දෙවුර දරාගත් ජාතියක් ලෙස බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. උදා වූ නව වසර වෙනුවෙන් සුභාශිංසන පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ අභියෝග රැසක් මධ්‍යයේ වුව ද ගත වු වසර ජාතික අභිලාශ මත පදනම් වූ තිරසාර සංවර්ධනයේ අඩිතාලම සකස් කළ වසරක් බවය. 1977වසරෙන් පසු අඩුම අයවැය හිඟය වාර්තා කිරීම, 2007 වසරට පසු මෙරට වැඩිම රාජ්‍ය ආදායම වාර්තා කිරීම, ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් තබා ගැනිම, භාණ්ඩ සහ සේවා අපනයන ආදායම ඩොලර් බිලියන 17 ඉක්මවීම, සහ මෑත කාලයේ වාර්තා වූ වැඩිම…

Read More