Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ජාඇල මිනුවන්ගොඩ මාර්ගයේ මොන්ටා හන්දිය අසලදී ජාඇල දෙස සිට මිනුවන්ගොඩ දෙසට ධාවනය වූ කාර් රථයක් මාර්ගය හරහා ගමන් කළ පදික පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබේ. අනතුරින් පදික පුද්ගලයා බරපතළ තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇත. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 60ක් වූ කණුවන, ජා ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එමෙන්ම දෙනියාය අකුරැස්ස මාර්ගයේ 61 වන කිලෝ මීටර් කනුව ආසන්නයේදී දෙනියාය දෙසට ධාවනය වූ යතුරු පැදියක් ඉදිරියෙන් ධාවනය වූ කැබ් රථයකට හා බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී බස් රථයේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් පැදිකරු හා පසුපැදිකරු බරපතළ තුවාල ලබා කොස්නිල්ගොඩ රෝහලට ඇතුලත් කිරීමේදී පැදිකරු මියගොස්…
මෙවර අයවැය ලේඛනයෙන් අලුත් කිසිදු බද්දක් හඳුන්වා නොදී ඉන්නට උත්සාහ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානයේ දී ඊයේ (28)පැවසීය. තවත් ඉදිරියට යාමේදී පවතින බදු ප්‍රතිශතයන් අඩු කිරීමටද කටයුතු කරන බව ජනාධිපතිවරයා කීය. ජනාධිපති අනුර දිසානායක මහතා මේ බව කීවේ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ ටෝකියෝහිදී පැවැති රැස්වීමකදීය. බදු බර වැඩි යැයි ඇතැමුන් කියන බව කී ජනාධිපතිවරයා එලෙස බදු බර වැඩි වන්නේ ඇයි දැයි සලකා බැලිය යුතු බව කීය. මෙලෙස රජයට ආදායම් උපයා ගන්නට සිදුවී ඇත්තේ එළියේ ආර්ථිකය කුඩා නිසා යැයි ද එළියේ ආර්ථිකය විශාල වුණොත් බදු ප්‍රමාණය අඩු කරන්න පුළුවන් කම ඇතැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.රජයට එවැනි…
ලංකාවේ විදුලි ජනනය සඳහා අවශ්‍ය ගල් අඟුරු ආනයනය කිරීමේ ටෙන්ඩරය සුදුසුකම් නැති සමාගමකට දීමෙන් බරපතළ දූෂණයකට පාර කැපි ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය. ඔහු මෙසේ පැවසුවේ “උත්තරය අපි” තේමාව යටතේ පොළොන්නරුව, බැඳිවැව සුජා හෝටල් ශාලාවේ ඊයේ (28) පැවති සම්මන්ත්‍රණයේදීය. පුබුදු ජයගොඩ මහතා මෙසේද ප්‍රකාශ කළේය. පසුගියදා සැප්තැම්බර් 15 වැනිදා විදුලි ජනනයට අදාල ගල් අඟුරු සැපයිමේ ටෙන්ඩරය විවෘත කළා. ටෙන්ඩරය අවම ලංසුව ඉදිරිපත් කළ ට්‍රයිඩන්ට් චෙම්පර් නම් සමාගමට හිමිවුණා. ඒ ටෙන්ඩරය මේ සමාගමටම දීමේ අරමුණෙන් ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කළාද කියන සැකය මතුවෙනවා. ලංකා ගල් අඟුරු ලියාපදිංචි කිරීමේ ලේඛනයට අනුව ගල් අඟුරු සඳහා අවම සුදුසුකම් නිර්ණායක…
රුපියල් කෝටි 6 කට අධික වෙළඳ වටිනාකමක් ඇති ලෑන්ඩ් රෝවර් සහ මිට්සු බිසී වර්ගයේ ජීප් රථ තුනක් කූට ලේඛන භාවිතා කරමින් ව්‍යාජ අංක යටතේ ලියාපදිංචි කර ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දෙහිවල ගල්කිස්ස මහ නගර සභා හිටපු නාගරික මන්ත්‍රී සහ බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අමල් සිල්වා අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය කියයි. ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතා ලද තොරතුරකට අනුව පොලිස් අධිකාරි උදය කුමාර මහතා විසින් කරන ලද සැලසුමකට අනුව ඉකුත් දෙසැම්බර් 31ක් වෙනි දින සහ ජනවාරි එක් වෙනිදින එම ජීප් රථ අත්අඩංගුවට ගෙන පින් අත පොලිස් ස්ථානය වෙත…
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) රජයේ ආයතන 457 ක ප්‍රධානීන් ලබන 2 වැනිදා පාර්ලිමේන්තුවට කැඳවා ඇත. පාර්ලිමේන්තුවේ කමිටුවක් හමුවට ආයතන ප්‍රධානීන් එකවර වැඩිම ප්‍රමාණයක් කැඳවෙන පළමු අවස්ථාව මෙයයි. කෝප් කමිටුවේ කාර්යභාරය සහ එහි කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑමේදී මතුව ඇති ගැටලු මෙන්ම ආයතනවල කාර්ය සාධනය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මෙම ආයතන මෙසේ කැඳවා ඇතැයි කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා ලංකාදීපයට පැවසීය. ආයතනවල විගණනයන් පිළිබඳව සහ ඒවායේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මූලික තොරතුරු ලබාගැනීමද මෙහිදී සිදුකෙරේ. සෑම ආයතනයකම සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරියා මෙම සාකච්ඡාවට සහභාගි වීමට නියමිතය.
පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ (28)කල්පිටිය, නොරොච්චෝල ඉලන්තිඅඩියේදී ධීවර ප්‍රජාව හමු විය. එසේම මන්නාරම සිට නොරොච්චෝල දක්වා මුහුදු සීමාවේ විදේශීය ධීවරයන් විසින් ‘බොටම් ටෝලිම්’ ඇදීම හේතුවෙන් සාගර පරිසරයට කරන හානිය සම්බන්ධයෙන් ධීවර ප්‍රජාව මෙහිදී නාමල් රාජපක්ෂ මහතා දැනුවත් කළේය. විදෙස් ධීවරයන් ලාංකික ධීවරයින්ට කරන තර්ජන හා බලපැම් මෙන්ම දැල් හා ආම්පන්න වලට කරන හානි සම්බන්ධවත් ලාංකික ධීවර ප්‍රජාවට සාධාරණයක් ඉටු කර ගැනීමේ වැඩපිළිවෙල පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. වයඹ පළාතේ ද අද(29) වැසි ස්වල්පයක් ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතේත් අම්පාර දිස්ත්‍රික්කයේත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටි
කොට්ටාව රුක්මලේ පාර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී හොරයින් මත්ද්‍රව‍්‍ය ජීව උණ්ඩ සහ වාහන අංක තහඩු සහ ඊට අදාළ ලිපි ලේඛන තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. එම සැකකරු සන්තකයේ තිබී හොරෙයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 75 යි මිලිගෑම් 400 ක් විවිධ වර්ගයේ ජීව උණ්ඩ 458 ක් , ටි 56 පතොරොම් ගැබ් එකක් , ව්‍යාජව සකස් කළ වාහනයක් අංක තහඩු 30 ක් , ආදායම් බලපත්‍ර සහ රක්ෂණ සහතික 30 හා ජංගම දුරකථන දෙකක් පොලිස් භාරයට ගෙන ඇත. පොලිස් විශේෂ කාර්ය බළකා ශ්‍රී ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 24…
සපුගස්කන්ද මාකොළ රැදවුම් නිවාසයේ විවිධ අපරාධ වලට අදාලව රඳවා සිටි ළමුන්15 කු එම නිවාසයෙන් පලා ගොස් ඇතැයි සපුගස්කන්ද පොලිසිය කියයි. මෙලෙස පලා ගොස් ඇත්තේ වයස අවුරුදු14/17 පසුවන ළමුන් ය. මෙම ළමුන් ට මත්ද්‍රව්‍ය චෝදනා මනුෂ්‍ය ඝාතන වලට අනුබලදීම කොල්ලකෑම් සොරකම් හා කෝලාහල කිරීම් ආදි වැරදි සම්බන්ධයෙන් බස්නාහිර පළාතේ විවිධ අධිකරණවලට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැඳිවුම් නිවාසයට යොමු කළ තැනැත්තන් බව පොලිසිය සඳහන් කරයි. එම ළමුන් බොරැල්ල, බණ්ඩාරගම, මාලිගාකන්ද, මට්ටක්කුලිය,වැල්ලම්පිටිය, අගුලාන,බෙම්මුල්ල ,කොළඹ 14,ආදී ප්‍රදේශවල පදිංචිකරුවන්ය. ළමුන් පලායාම සම්බන්ධයෙන් එම නිවාසයේ ළමා රැකවරණ නිලධාරිනිය විසින් පැමිණිල්ල සිදුකර ඇත.
රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී සේවයේ III ශ්‍රේණියට අලුතින් 2000 ක් බඳවා ගැනීමට රජය තීරණය කර තිබේ. ඔවුන් නිල වශයෙන් රාජ්‍ය සේවයට එක් කෙරෙන “පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය” අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී හෙට (29) පැවැත්වේ. 2018 වර්ෂයෙන් පසු උසස් පෙළ සුදුසුකම් මත තරඟ විභාගයකින් රාජ්‍ය සේවයට ඇතුළත් වන වැඩිම පිරිස මොවුන් බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි. රාජ්‍ය අංශයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු සඳහා 30,000 ක් බඳවා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අයවැයෙන් සැලැස්මක් යෝජනා කළ අතර වරින් වර එම බඳවා ගැනීම් සිදු කරමින් සිටින බවද අමාත්‍යාංශය කියයි.
